ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය
Posted on May 4th, 2016

ගොනු කළේ – කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ, කොරිඩෝවේ, සහ ලොබියේ දී ඇති වූ ගුටි බැට හුවරමාර් පිළිබද කෙටි ඉතිහාසය අද (මැයි 4) සවස මරදාන සීඑස්ආර් හි පැවති පුවත්පත් සාකච්ඡාවක දී කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ලංකා ඉතිහාසයේ පළමුවරට සැලසුම් සහගතව, මන්ත්‍රීවරයෙකුට එරෙහිව තවත් මන්ත්‍රීවරුන් ප්‍ර‍චණ්ඩත්වය වැපිරවූ සහ සභාගර්භය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකුගේ ලේ සෙලවූ පළමු අවස්ථාව මෙය ප්‍ර‍සන්න රණතුංග, සන්දිත් සමරසිංහ, පාලිත තෙවරප්පෙරුම සිදුවීමයි.

 

  1. පිලිප් ගුණවර්ධන මහතා විසින් සර් ජෝන් කොතලාවල මහතා ට පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දී සිදු කළ පහරදීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදු වූ පළමු ගුටි බැට හුවමාරුවයි.
  1. 1956 ආණ්ඩුවේ මැද කොළඹ තුන්වන මන්ත්‍රී ඇම්.අස්.තේමිස් සර් ජොන් කොතලාව ට ‘හලෝ ජෝන්‘ යැයි ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තුකොට ඇත. මේ ගැන බණ්ඩාරනායක මහතා පවසා ඇත්තේ මමත් ජොන් ට කථා කරන්නේ සර් ජොන් කියාල යි. හලෝ ජොන් කිව්වාම නොගහ ඉදීද?” (කෙසේ නමුත් තමන්ට සර් ජෝන් පහර නොදුන් බව තේමිස් මහතා ඉතා මෑතක දී පුවත්පතකට ප්‍ර‍කාශ කොට තිබුණි)
  1. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වෙන අතර තුර ඩඩ්ලි සේනානායක සහ මෛත්‍රීපාල සේනානායක මහතා ට පහරදීමට උත්සහ දැරීය. ඩඩ්ලි සේනානායක මහතා කථා කරමින් සිටින අතර මෛත්‍රීපාල සේනානායක මහතා අසා ඇත්තේ How? (ඒ කවුද?) කියා ය. නමුත් එය ඩඩ්ලිට ඇසී ඇත්තේ YOU (ඔබ) කියාය. සාමාන්‍යයෙන් ඉතා නිහඩ පුද්ගයෙකු වූ ඩඩ්ලි තමන්ට ඇසුණු දේ වැරදියට වටහා ගැනීමෙන් කෝප වූ නිසා මෙම සිදුවීම සිදුවූ අතර ඉලංගරත්න මහතා වැනි කිහිප දෙනෙකු සිද්ධිය වළවක්වා ගෙන ඇත.
  1. 1965-70 ආණ්ඩු සමයේ වලපනේ මන්ත්‍රී පී.බී.එම්.හේරත් හා රඹුක්කන මන්ත්‍රී සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න අතර කුල ප්‍ර‍ශ්ණයක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදු විය. සභා ගර්භයෙන් පිටතට පැමිණෙන තෙක් රැක සිටි හැඩි දැඩි අශෝක කරුණාරත්න ශරීර ප්‍ර‍මාණයෙන් කුඩා මිනිසෙකු වූ හේරත් මහතාට සැගවෙන තෙක් පන්න පන්නා පහර දුන්නේය.
  1. 1974 දී සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. පී.ජී. ආරියදාස මහතාට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ.සුරිආරච්චි විසින් සිදු කළ පහරදීක් සිදු විය. එකම ආණ්ඩුවේ අමත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත් පළමු අවස්ථාව මෙය යි.
  1. වාසුදේව නානායක්කාර මහතා ට ගාමිණී ලොකුගේ අතුළු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේ දී පහරදෙනු ලැබූවේ වාසුදේව සොන්කෝලය ඔසවාගෙන යාමට උත්සහ දැරීමේ දී ය. 2003-2004 දී එම ප්‍ර‍හාරයට සම්බන්ධ වූ කිහිප දෙනෙකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
  1. මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාතික හෙළ උරුමය කොළාන්නාවේ සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකා පහර දෙනු ලැබූවේ ය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වු බලවත්ම ප්‍ර‍චණ්ඩක්‍රියාව එය විය.
  1. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතාට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍ර‍සන්න රණවීර විසින් 2016 මැයි 3 දින පහරදීම හා පාලිත තෙවරප්පෙරුම සම්බන්ධ වූ ගුටි හුවමාරුව ලංකාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකු ගේ ලේ සෙලවීම සිදු කළ පළමු අවස්ථාව යි.

 

One Response to “ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය”

  1. Raj Says:

    මෙහි එක තැනක වැරදීමකින් ප්‍රසන්න රණවීර වෙනුවට ප්‍රසන්න රණතුංග යැයි ලියවී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress