අසම්මතයෝ
Posted on August 19th, 2016
ධර්මන් වික්‍රමරත්න
ඉකුත් 2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා දැන් වසරකි. ‘යහපාලන’ ආණ්ඩුව සම්මතයද නොසලකමින් පිහිටවූයේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙනි. ඒ අනුව දැන් ආණ්ඩුවේ වයස මාස 19කි. අලුත් රටක් කෙසේ වෙතත් ගමන නම් අවුලකි. වසර පහක පළමු සැමරුම මෙසේනම් ඉදිරි වසර 4 ගැන කවර කථාද?
ඩී.එස් සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ(එජාප) ක්‍රියාකාරිත්වය ආරම්භ වූයේ 1946 සැප්තැම්බර් 6වැනිදාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) පිහිටුවා ගැනීම 1951 සැප්තැම්බර් 2වැනිදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. මංගල රැස්වීමේදී බණ්ඩාරනායක අදහස් දක්වමින් කියා සිටියේ අද ආරම්භ කල ශ්‍රිලනිප වාමාංශිකයන්ද ඇතුළුව සියළු එජාප විරෝධීන් එක්තැන් කරන වේදිකාවක් බවට පත්කල යුුතු බවය. ශ්‍රී නිශ්ශංක එහිදී ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදීන්ට සහ ලංකාවේ සිටින ඔවුන්ගේ ආධාරකරුවන්ටද එරෙහිව පක්ෂය සටන් කරන බවකි. ශ්‍රිලනිප පක්ෂ ප්‍රතිපත්තිය වූයේ වාම සහ දක්ෂිනාංශික අන්තවාදයෙන් බැහැරව මැද පිළිවෙතකට අනුකූලව පීඩිත පන්තියේ සුවසෙත උදෙසා කටයුතු කිරීමය.
බොරැල්ල කැම්බල් පිටියේදී සැප්තැම්බර් 10 පැවැත්වෙන එජාපයේ 70වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයාද ශ්‍රිලනිප නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ශ්‍රිලනිප 65 වන සංවත්සරයද සැප්තැම්බර් 4වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. එජාපය විසින් ශ්‍රිලනිප ගිල ගැනීම ගැන පුදුමයක් නැත. එජාප විරෝධී ප්‍රගතිශීලි ජනයාට දුක ශ්‍රිලනිපයට වූ නස්පැත්තිය ගැනය. ඉකුත් ජනාධිපතිවරණය පැවති ජනවාරි 8වැනිදාද ප්‍රගතිශීලි ජනයාගේ හද බැදගත් ශ්‍රිලනිපය වර්තමානයේ එජාපයේ වලිගයක්ය. සම්මුති ආණ්ඩුව හෝ හවුල් ආණ්ඩුව කියා භාෂා ප්‍රයෝග පරිහරණය කලද එය වරදාන සඳහා එකගෙයි කෑමේ ඩයට් එකකි.
ශ්‍රිලනිප නෛතික පාර්ශවය තුළ දැන් සිදුවන්නේ හැමලින් නුවර නලා කාරයා පසුපස මීයෝ ටික ඔහේ ගියා වගේ ඇමති වරදාන තකා එජාප පසුපස යෑමකි. සියල්ලටම වඩා දුක නෛතික ශ්‍රිලනිපයේ නායකයා විසින්ම ශ්‍රිලනිප ගමනක අවසානය කරා ගෙනයෑමය. එදා රෝහණ විජේවීරට පවා රටවටා සම්මන්ත්‍රණ තියාගෙන ගියාට ශ්‍රිලනිප වැනසිය නොහැකි විය. මෙදා සිදුවන්නේ සියතින්ම සියදිවි නසා ගැනීමකි. ආචාර්ය එන්.එම් පෙරේරා සිය භාරයට ගෙන රජයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් බදුල්ල උසාවියේ නඩුකරය විභාග වූ අවස්ථාවේදී ඔහු විනිසුරුවරයාට කියා සිටියේ තමන් ඇතුළු පිරිසට සිරභාරයට ගන්නට රාජ්‍ය නියෝගයට අත්සන් කල දෑතම අද දවසේ රුවන්වැලිසෑයට කොත පළඳවන බවකි. එසේ කීවේ සිවිල් ආරක්ෂක කොමසාරිස්වූ ඩී.බී ජයතිලක එම නියෝග අත්සන් කිරීමත් ඔහු විසින්ම රුවන්වැලිසෑයේ කොත පැලදීමත් හේතුවෙනි. ශ්‍රිලනිපය නග්ගලා ආණ්ඩු බලය ගන්නට ක්‍රියා කරන්නේයැයි කියන ශ්‍රිලනිප නායකයා ප්‍රධාන ප්‍රතිවිරුද්ධ පක්ෂය සමඟ සන්ධානගතව හවුල් දීගයකට යෑමද ඒහා සමානය.
ශ්‍රිලනිපයේ ජනප්‍රියතම ප්‍රබලයින් රැසක් ආසන සංවිධායක තනතුරු වලින් ඉවත්කර නව ආසන සංවිධායකවරු 16ක් පෙරේදා පත්කළේය. බෙලිඅත්තට පත්කල හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට එරෙහිව මත්තල ගුවන්තොටුපොල නිරීක්ෂණයට ආ එජාප මන්ත්‍රීවරුන් සහ මාධ්‍යවේදීන් ‘හඹායෑම’ පිළිබඳව චෝදනාවක් තිබිණි. චන්ද්‍රිකා ජනාධිපතිනියව සිටි කාලයේ වයඹ ඡන්දයේදී මැරක්‍රියා සිදුකල බවටද විපක්ෂය එදා චෝදනා කළේද ඔහුටය. කැස්බෑවේ චන්දන කත්‍රිආරච්චි, මීරිගම චන්දන සිරිවර්ධන, වැලිගම හේමාල් ගුණසේකර ඇතුළු කිහිපදෙනෙකුටම බරපතල චෝදනා විය. එජාප ප්‍රවර්ධනයට ශ්‍රිලනිප නෛතික පාර්ශවයෙන් මෙම දෙන තල්ලුව සාර්ථකය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51දෙනා අතර සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 37දෙනාගෙන් කිහිපදෙනෙකු සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම එක් අතකින් රටේ ජනතාව වෙනුවෙන් වැඩකිරීමට ඔවුනට තිබූ බාධාවන් ඉවත් කිරිමකි. සෘජු විපක්ෂයේ කාර්යභාරය කරමින් ‘යහපාලන’ ආණ්ඩුවේ ලැජ්ජාසහගත කටයුතු සහ නින්දිත කටයුතු වලට එරෙහිව දැන් ඔවුනට නොබියව හඬ නැගිය හැකිය.
ශ්‍රී ලංකා දේශපාලනයේද සම්මත පීඩනයටන්ට එරෙහිව යමින් නව දේශපාලන මතවාදයක් සමාජයට හඳුන්වාදීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය සමත් විය. එය හරියට උඩුගම් බලා පිහිනීමක් වාගේය. නමුත් ලෝක ඉතිහාසය දෙස බලනකල මේ මොහොත දක්වාම සමාජ ප්‍රගමනයේ ගාමක බලවේගයන්වූයේ මේ අසම්මත චින්තනයයි. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ඔහු මතට පීඩනය එල්ල කරනු ලබයි. ඔහුගේ පුතුන් සහ සහෝදරයින් කොමිසම් ලවා නීතිය නවා වරදක් මවා නිරන්තරයෙන් දඬු වැටට ලක් කරනුයේ ඒ අනුවය.
ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන්ද ඉදහිට හාස්‍යජනක වැඩ නොකලා නොවේ. ඉන් එකක් වූයේ ෂැඩෝ කැබිනට් එකක් කියා නර නාටකයක් රඟ දැක්වීමය. එහි අගමැතිකම භාරදුන් මහින්ද රාජපක්ෂ එයට අනුමැතිය පළනොකර භාරනොගත් බැවින් එය වාෂ්ප වුවද ඉන් ගත හැකි පාඩම් බොහෝය. මෙයට පෙර 1989 පෙබරවාරි මහා මැතිවරයෙන් පත්වූ ශ්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රථම රැස්වීම නිට්ටඹුවේ පැරණි සංඝබෝධි විදුහලේදී 1989 මාර්තු 11 පැවැත්වූ අවස්ථාවේදීද පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක විසින් අමාත්‍යාංශ භාර කමිටු 22ක් නම් කල අතර එහි සම්බන්ධීකාරකවරුන් වශයෙන් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 23ක්ද පත්කළහ. අමාත්‍යාංශවල පවතින කටයුතු සොයා බැලීම, දුර්වලතා ජනතාවට හෙළිකිරීමට සහ පාර්ලිමේන්තුවේ අදාළ විවේචනයන් සිදුකිරීම එහි අරමුණ විය. ඉංග්‍රීසියෙන් එය ෂැඩෝ කැබිනට් කියා හැදින්වූවද සිංහලෙන් එය හැදින්විය යුත්තේ අමාත්‍යාංශ කමිටු භාර සම්බන්ධීකාරකවරුන් කියාය. මහ බැංකුවේ අලුත් අධිපතිවරයා පත්වූ සැනින් ඔහුට චරිත සහතිකයක් නිකුත් කිරීමද තවත් අපරිණත වැඩකි. අතුරුදහන්වීමේ කාර්යාලය ස්ථාපිත කිරීමේදි අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට හෝ ගියේ නැත. වැට් බද්දට එරෙහි සටන තාවකාලිකව ජයගත්තේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී විමල් වීරවංශගේ මැදිහත්වීමෙනි.
අද ආණ්ඩුවට එරෙහිව රටපුරා ප්‍රබල ජනතා විරෝධයක් ඇත. එහෙත් වේදිකාවක් නැත. එම කණ්ඩායම් එකතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයට විධිමත් යාන්ත්‍රණයක්ද නැත. ආණ්ඩු විරෝධී ගාමක බලවේගයට මැදි දිනය සහ පාද යාත්‍රා වලින් යම් ජවයක් ලැබුණද එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. යන්නේ කොහේටදැයි දිශාන්තයක් ආණ්ඩු විරෝධී ජනතාවට තිබිය යුතුය. නිහඬතාවය තුළ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් රැසකගේ පක්ෂ සංවිධායක තනතුරුද අහෝසි වී ඇත. එජාපය ආණ්ඩුව සමඟ වරදාන සඳහා එක්වූ ශ්‍රිලනිප නෛතික පාර්ශවයට එරෙහිව සිටින ජනතාවට ධජයක්ද නැත. පක්ෂයක්ද නැත. මෙය තවදුරටත් සිදුවිය යුතුද?
කිසිසේත්ම නැත. ආණ්ඩු විරෝධී ජනතාව ඉල්ලා සිටිනුයේ එයට නායකත්වය දිය හැකි පක්ෂයකි. එක ධජයකි. රට පෙරට ගෙනයන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරවන එජාපයට එරෙහි ජනතා බලවේගයකි. තවදුරටත් ශ්‍රිලනිප පළුවක එල්ලී සිටීමෙන් කාලය ගතවී, ජවය වැනසී, ක්‍රියාකාරිකයින් දංගෙඩියට යනු ඇත. අලුත් පක්ෂයට නායකයා ලෙස පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ අසුන් ගනිමින්ම මහින්ද රාජපක්ෂට නායකත්වය දිය හැකිය. එසේ නොමැතිව මොන බලය හෝ බලවේගය කියා කීවද පක්ෂයක් හෝ ධජයක් නොමැතිව ගමේ පාක්ෂිකයාට බිම් මට්ටමින් පෙනී සිටිය නොහැක. දොං සිමං දෙකක් අසීරුය. පැහැදිලි බෙදුනු රේඛාවකින් වෙන්කර ගත යුතුය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපාය මාර්ගික වැඩපිළිවෙලක් යටතේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයකින් යුත් නව පක්ෂයකට ක්‍රියාකාරිව එක්විය හැක. රටපුරා සිටින ශ්‍රිලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන් තවදුරටත් අසරණ කල යුතු නොවේ. එම පළාත් පාලන මන්ත්‍රීවරුන් ‘යහපාලන’ ආණ්ඩුවට සහාය දුන්නේ නම් තවත් වසරක් තනතුර දැරීමට ඔවුනට හැකිවනු ඇත. එමෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ද අතරමං කල යුතුද නොවේ. ලබන ජනවාරි 10 සහ අප්‍රේල් 10 අතර පළාත් පාලන ඡන්ද පැවැත්වෙනු ඇතැයි කියති. සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිලකාලය ලබන සැප්තැම්බර් මස අවසන් වන හෙයින් ඒවායේ සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්ටද නව පක්ෂයකට එලිපිටම එක්විය හැකිය. සෙසු පළාත් සභාවල මන්ත්‍රීවරුන්ට වෙනත් සැලසුම් අනුව ක්‍රියාත්මක විය හැකිය. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව බලවේගයකට රටපුරා ඇති ජවය නව පක්ෂයකට වහා වහා ගොනු කල යුතුය. ශ්‍රිලනිපය තුළ තවදුරටත් සිටීමෙන් පලක් නැත. ශ්‍රිලනිප නිර්මාතෘ බණ්ඩාරනායක පවා එජාපය තුළ සිටියේනම් කිසිදා ශ්‍රිලනිපක් බිහි නොවනු ඇත.
ගාල්ලේ අජිත් කුමාර ජවිපෙන් ඉවත්ව පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූවද පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ජවිපෙ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේය. ශ්‍රිලනිපයෙන් ඉවත්ව මාතර මංගල සමරවීර සහ ගම්පහ ශ්‍රීපති සූරියආරච්චි දෙපල විසින් ශ්‍රිලනිප (ම-පිල) තුළ ක්‍රියාකාරි වුවද පාර්ලිමේන්තුව විසුරුවන තෙක් මංගලද, මියයන තෙක් ශ්‍රීපතිද එම මන්ත්‍රීධූරය දැරීය. සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභාවේ ගම්පහ පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි ඇතුළු කිහිපදෙනෙක්ද දැන් ස්වාධීනව කටයුතු කරන්නේ නෛතික තත්ත්වයන් යටතේය.
වර්තමානයේ රටේ ආණ්ඩු විරෝධී අරගලය යන්නේ ඉබාගාතේය. ශ්‍රිලනිප නෛතික පාර්ශවය හරහා එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන අයගේ අත්තටු කපමින් නිහඬ කරයි. විවිධාකාර ක්‍රියාමාර්ග හරහා බිය ඇති කරනු ලබයි. පහර දෙන්නේ එකට නොව වෙන් වෙන්ව තනි තනිවය. පාද යාත්‍රාවට ඒකාබද්ධ විපක්ෂයේ 51දෙනෙකු ගියද සාමාජිකත්වය අත්හිටවූයේ සනත් නිශාන්තගේ පමණි. මෙවර සංවිධායකකම් අහිමිවූයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 6දෙනෙකුගේ පමණි. එදා ගිලටිනයට අසුවූයේ ප්‍රසන්න රණතුංග, සාලින්ද දිසානායක, දිලුම් අමුණුගම ඇතුළු කිහිපදෙනෙකි. මෙදා කැස්බෑවේ ගාමිණී ලොකුගේ, කළුතර රෝහිත අබේගුණවර්ධන, වැලිගම මහින්ද යාපා අබේවර්ධන, කුණ්ඩසාලේ කෙහෙලිය රඹුක්වැල්ල, වලපනේ සී.බි රත්නායක, ඇහැලියගොඩ පවිත්‍රා වන්නිආරච්චිගේද සංවිධායකකම අහෝසි විය.
වාද විවාද වලින් වැඩක් නැත. ශ්‍රිලනිපය කොහොමටත් දෙකට බෙදිලාය. දැන් කල යුත්තේ අළුත් පක්ෂයකින් පැහැදිලි බෙදුම් රේඛාවක් වෙන්කරගෙන ජාතික මට්ටමේ වැඩපිළිවෙලකට කාලයේ තාලයට අත ගැසීමය. සංවිධාන ව්‍යූහයක් බිම් මට්ටම තෙක් ඇති කිරීමය. සිවිල් සංවිධාන සමඟ ලොකු ගනුදෙනුවකට යෑමය. ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ දැන් සිදුකරනුයේ බෙදීමෙන්ද බෙදීමකි. එය තුන්වන බෙදීමකි. ඒ අනුව දොළ පිදේනි, පෙරේත තටු දසත පාවේ. අනතුර භයානකය. අලුත් පක්ෂයක් තැනීම යනු ශ්‍රිලනිපයට දෝහිවීමක් නොවේ. එය නැවත ශ්‍රිලනිපයේම බලය ලබාගැනිමේ ආරම්භයකි. තවදුරටත් සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ට මෙම කෙනෙහිලිකම් ඉවසිය නොහැකි බව දැන් පසක් වී ඇත. ආණ්ඩු විරෝධී බලවේගයට නායකත්වය දිය හැක්කේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව පක්ෂයකට පමණි. ශ්‍රිලනිප බෙදුනද ශ්‍රිලනිප වටා එක්වූ ආණ්ඩු විරෝධී බලවේගයට බෙදිමට ඉඩදිය යුතු නැත.
දිවයිනේ ශ්‍රිලනිප හිටපු පළාත් පාලන නියෝජිතයින් 2450ක් අතරින් 1965ක් සිටිනුයේ ඒකාබද්ධ විපක්ෂය සමඟය. ශ්‍රිලනිප නෛතික පාර්ශවය ඇඹිලිපිටියේදී රත්නපුර දිස්ත්‍රික්කයන්යේ ශ්‍රිලනිප හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට රැස්වීමක් පවත්වන විට එයට විකල්පයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයද එදිනම හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා රැස්වීමක් පැවැත්වීය. රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්වූ 147දෙනාගෙන් 102ක් ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවට එක්ව සිටියහ. ඔවුහු රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 14ක, නගරසභා 2ක සහ මහනගර සභාවක හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් වූහ.
වර්තමාන සමාජය ඉදිරියේ නිදහසේ වේදිකාවට දැන් තැනක් නැත. සාධු ජනරාව උඩුකුරුංඥය. පුරවැසි පෙරමුණට හතේ හතය. අලුත් පරපුරට වැලේ වැල් නැත. සාධාරණ සමාජයක් වූ ජනතා ව්‍යාපාරය හත්පොලේ ගාගෙන ඇත. එයට විකල්පයක් ලෙස අලුත් එන්.ජී.ඕ කිහිපයක් ඇමරිකන් ආධාර මත අරඹා ඇත. එකම ලේද එවැනි උපරවැට්ටියකි. සෙනඟ 25ක් බෝඩ් ලෑලි 25ක් සමඟ ප්‍රසිද්ධ ස්ථානයක පිකටින් එකක් කරනවානම් ඇමරිකන් ඩොලර් පිදේනියක් ගත හැකිය. පිස්සු පූසෝ ටිකක් පැමිණ එයට ගෝරි දමන්නේනම් ඊළඟ ව්‍යාපෘතියට තවත් කල්ල මරේය. පිකට් කරන අයගේ සංකර ඇදුම් බැලූ විට මෝස්තර නිරූපන තරඟයකට වුවද පංකාදුය. දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් ත්‍රස්තවාදී ක්‍රියා කරමින් කොළඹ ඇතුළු රට පුරාම බෝමබ පුපුරුවමින් අහිංසකයින් දහස් ගණනක් මරාදමන විට දකුණු වින්දිතයන් වෙනුවෙන් මේ එකම ලේ කාරයෙක් හෝ ඔවුන්ගේ මව්වරුන් හෝ පෙනී සිටියේ නැත. එකම ලේ වූවාට වැඩ වෙනස්ය. කෑම වෙනස්ය. නීති වෙනස්ය. ඇදුම් වෙනස්ය. බැංකු වෙනස්ය. මේවාට පිකට්කාරයෝ නෝ කතාය. සාධාරණ පොරක් වෙන්නට ගිය ඇත්තන් දැන් ගැලරිය පිනවන කථා කියනු ඇසෙන්නේ ජාම බේරගැනීමටය.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මේ දිනවල සෙල්ෆිවල ඇමති මනෝ ගනේෂන් සමඟ හැසිරෙන්නේ මයි කාර් මයි ප්‍රෙට්ට්‍රල් කීවාක් මෙනි. එල්ලෙන්නට වැලේ වැල් නැති අම්බරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ කට වැරැද්ද රස බොජුනකි. ජනමතයට පිටුපා හවුල් ආණ්ඩුවට එක්වූයේ නම් ඇයද අද නියෝජ්‍ය ඇමතිනියකි. රතු පක්ෂයක නායකයෙක් ජර්මනියේ හේග් නුවරක් ගැන වරෙක කීවේය. කොල පක්ෂයේ නායකයෙක් පස්දුන් කථා කියන්නට ගොස් ඇන ගත්තේය. ඇනකොන්ඩලාගේ ලැයිස්තුව කියන්නට ගියහොත් තව දිගය.
පෝට් සිටිය දැන් ෆිනෑන්ස් සිටිය වී ඇත. නම වෙනස් කිරීමෙන් චෝදනා කල සියළු තර්ක බිඳ වැටී ඇත. එදා හෙක්ටයාර් 223ක් ගොඩකිරීමට ලංකාවේම කළුගල් අවශ්‍යවී දැරුණු පරිසර විනාශයක් වනු ඇතැයි තර්ක කළේය. මෙදා එම ව්‍යාපෘතිය සඳහාම හෙක්ටයාර් 269ක් ගොඩකිරීමට තීරණය කල විට එදා හඬ නැගූ අය අද නිහඬය. චීන කොළණිය දැන් වචන හරඹයකි. සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නඟනවායැයි කීවද ඹෟෂධ මිල ඉහළ ගියේ රොකට් වේගයෙනි. යුධ හමුදාවේ ඉහළ නිලධාරියෙකුවූ මානවඩු මිය යන්නේ හිසට පරාලයක් වැටීමෙනි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුවූ සරත් ආබෲ මිය යන්නේ නිවසේ උඩුමහළින් බිමට වැටීය.
‘යහපාලන’ ආණ්ඩුව හරියට ඉලාස්ටික් නැති කලිසමක් වගේය. ‘යහපාලන’ වෙනුවෙන් ඡන්දය දුන් බොහෝ දෙනා දැන් තක්කු මුක්කු වී ඇත. කුම්බලා මාළු කෑවානම් දුක්විදපන් බළලෝ කියා ප්‍රස්ථා පිරුලක් ඇත්තේ ඈන්නෑවකට නොවේය. මීළඟට පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් සැබෑ ජනමතය කුමක්දැයි රටට පසක් වනු ඇත. සීමා නිර්ණයට මුවාවී පුංචි ඡන්දය කල් දමන්නේ ජන මතයට ඇති බිය නිසාය.(The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)
ධර්මන් වික්‍රමරත්න
August 20th, 2016 at 3:00 am
Apart from highly commending those who are taking legal action against the treacherous CBK (Chaura Rejina) regarding the defamatory and utter lies she keeps repeating to defame her rivals, legal action should be taken against her for stating that she will definitely devolve more powers to provincial Councils within the new constitution. Does this evil woman CBK think she owns Sri Lanka and that she is the one who is going to draw up the new constitution of Sri Lanka (according to the wishes of the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists)? The constitution of Sri Lanka should satisfy first and foremost the majority of people of this island i.e. the Sinhala people and the Sinhala people firstly do not want to draw up a new constitution nor do they want any more powers whatsoever be provided to the provincial councils.
Someone has to go to the supreme court and take action against treacherous CBK for suggesting that she will definitely devolve more powers to provincial councils within the yet to be drawn up constitution since this means the treacherous Ranil, Sirisena, CBK and Mangala have already drawn up a constitution to satisfy the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists which is illegal.
Beyond this, this yahapalanaya government, CBK, Sirisena, the JVP, the JHU, Sarath Fonseka and the like are extremely corrupt and are enjoying perks. Rajitha using nine large industrial scale fishing trawlers has made large amounts of money while he was fisheries minister when he should have been improving the state fisheries cooperation not making large amounts of money for himself. P. Harrison has taken a 800 lakhs bribe in a deal selling at a very low price excess rice as chicken feed to India. Yahapalanaya government, CBK, Sirisena, the JVP, the JHU, Sarath Fonseka and the like are extremely corrupt and are enjoying perks such as Pajeros, official vehicles, official residences, Rs.200 lakhs loans, doing deals such as renting buildings for example to house the agricultural ministry at very high rents, two bond scams, paying supporters very high salaries and hiring them as ‘consultants’ who are not really consultants such as at the RDA, the rice mafia of Sirisena brother making massive amounts of money at the expense of poor rice farmers, the coal deals of Champika making yet more massive amounts of money, karunka and copper being imported by UNP ministers without paying any taxes, Pajeros and other vehicles being imported by Ranil and Sirisena without paying any taxes in order to bribe MPs, all these corrupt deals are being done and the country is being betrayed in this way by collecting the required two thirds majority in parliament to ensure that treacherous acts such as the missing persons act are approved by parliament.
All the while valuable infrastructure that should be marketed all over the world such as the Mattala Airport was used for storing rice rather than enticing airlines all over the world to use this airport or at least divert half the airplanes which use Katunayake to Mattala, especially tourist planes.