සිරිසේන ශ්‍රිලනීපය දෙකඩ කර එජාපයට විකුණා අවසන් …සාමාජිකයන් තින්දුවක් ගනු! Causing a split in the SLFP through the removal of electoral organizers
Posted on August 21st, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදුකරමින්  ශ්‍රීලනිපය දෙකඩ  කිරීම සදහා බෙදුම්වාදී සිරිසේන කටයුතු කර ඇති බව මනාව පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Causing a split in the SLFP through the removal of electoral organizers

Several SLFP electoral organisers including Mahinda Yapa Abeywardena, Pavithra Wanniarachchi,  Rohitha Abeygunawardena,  C.B. Ratnayake, Gamini Lokuge, , Keheliya Rambukwella , and others have been removed from their electoral organiserships by the president. This is the latest round of reprisals against SLFP members associated with the Joint Opposition. On earlier occasions, Dilum Amunugama, Salinda Dissanayake, S.M.Chandrasena, Geetha Kumarasinghe and Prasanna Ranatunga were similarly removed from their organiserships. Puttlam district parliamentarian Sanath Nishantha has been suspended from the party. This persecution has effectively caused a split in the SLFP.

Popular organisers of the SLFP are being removed and replaced with less popular politicians in order to weaken the SLFP and to confer an advantage on the UNP. Parliamentarian Sanath Nishantha whose party membership has been suspended got the highest preference votes among all political parties in the Puttlam district. Many of the electoral organisers who have been removed are among the top two or three in their respective districts. For example,  Prasanna Ranatunga got the highest preference votes in the Gampaha district. S.M.Chandrasena came first in the Anuradhapura district,  Dilum Amunugama came third in the Kandy district. Rohitha Abeygunawardena, came second in the Kalutara district, C.B. Ratnayake, came second in the Nuwara Eliya district after Armugugam Thondaman, and Pavithra Wanniarachchi came third in the Ratnapura district.

These are all very popular politicians in their districts and stalwarts of the SLFP. Since the last parliamentary election 17 members of the SLFP central committee have been sacked. Nationally known figures have been replaced with individuals who are either defeated candidates, or politicians who have got much fewer preference votes even at the provincial council level. Such changes are designed to weaken the SLFP and to give the UNP the upper hand when it comes to an election. The responsibility for splitting the SLFP by removing its most popular electoral organisers will finally have to be borne by the President who is the leader of the party.

What we are now seeing is the second phase in the plan to destroy the SLFP. The first was the dissolving of the local government institutions the vast majority of which were controlled by the SLFP. These local government institutions would have been immensely helpful to the party in the event of any election. Yet all these were dissolved, giving a clear advantage to the UNP. The coalition between the UNP and the SLFP was extended from two years to five years without seeking the views of the SLFP central committee, the executive committee or even the SLFP government parliamentary group. I call upon all members of the SLFP to carefully observe these moves that are being made to weaken the party and give the UNP the upper hand.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කිරීම තුළින් ශ්‍රීලනිපය දෙකඩ කිරීම

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් වූ මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී.රත්නායක, ගාමිණි ලොකුගේ හා කහෙලිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් කීපදෙනෙකුම එම තනතුරු වලින් ඉවත් කර තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර මෙයයි. මීට පෙර අවස්ථාවලදී දිලුම් අමුණුගම, එස්.එම්. චන්ද්‍රෙස්න, සාලින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, කංචන විජේසේකර හා ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද තම ආසන සංවිධායක ධූර වලින් නෙරපා හරිනු ලැබීය. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පක්‍ෂ සාමාජිකත්වය පවා අත්හිටුවා ඇත. මේ දඩයම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වේ. පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලන පක්‍ෂ අතරින් වැඩිම මනාප ලබාගත් දේශපාලඥයායි. ඉවත් කොට තිබෙන ආසන සංවිධායකවරුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ දිස්ත්‍රික්කවල වැඩියෙන්ම මනාප ඡන්ද ලබාගත් කීප දෙනා අතර සිටි. උදාහරණයක් වශයෙන් ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේ පලවෙනියා විය. දිලුම් අමුණුගම මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය.

එස්.එම්. චන්ද්‍රෙස්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවෙනියා විය. රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රික්කයේ දෙවෙනියා විය. මහින්ද යාපා අබේවර්ධන මාතර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය. සී.බී. රත්නායක නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරුමුගන් තොන්ඩමන්ට පසු දෙවෙනියා විය. පවිත්‍රා වන්නිආරච්චි රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය.  මේ  සියළු  දෙනාම  තම  දිස්ත්‍රික්කවල  ජනප්‍රිය දේශපාලඥයින් වෙනවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බල කණුද වේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අද දක්වා පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ද 17 දෙනෙකු නෙරපා හැර තිබේ.

මුළු රටම හඳුනන මෙවැනි පුද්ගලයින් වෙනුවට නව ආසන සංවිධායකවරුන් හැටියට පත් කොට තිබෙන්නේ එක්කො පරාජිත අපේක්‍ෂකයන් නැත්නම් පලාත් සභා මට්ටමින් පවා අඩු මනාප සංඛ්‍යාවක් ලබා ගත් අපේක්‍ෂකයන්ය. මේ ආකාරයට ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමේ වගකීම අවසානයේදී පක්‍ෂ නායකයා වන ජනාධිපතිවරයාට බාර ගැනීමට සිදු වනු ඇත. අපි මේ දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමේ දෙවෙනි අදියරයි. පළමු අදියර වූයේ ශ්‍රීලනිපය විසින් පාලනය කරනු ලබන සියළුම පලාත් පාලන ආයතන විසුරුවා හැරීමයි. මේ පලාත් පාලන ආයතන තිබුණේ නම් ඕනෑම මැතිවරණයකදී ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල පිටුවහලක් වනු ඇත.

පලාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පැහැදිලි වාසියක් එජාපයට අත් වූ බව අවිවාදාත්මකය. එජාපය හා ශ්‍රිලනිපය අතර හවුල් ආණ්ඩුවේ කාලය අවුරුදු දෙකේ සිට පහ දක්වා වැඩි කරනු ලැබුවේද පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හෝ විධායක සභාවෙන් හෝ අඩුම වශයෙන් ආණ්ඩුව සමඟ සිටින ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමෙන්වත් නොවිමසාය. එජාපයට වාසිය ලබා දීම සඳහා ගන්නා මේ පියවරයන් ඉතා සාවධානව නිරීක්‍ෂණය කරන මෙන් මම සියළුම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති

 

One Response to “සිරිසේන ශ්‍රිලනීපය දෙකඩ කර එජාපයට විකුණා අවසන් …සාමාජිකයන් තින්දුවක් ගනු! Causing a split in the SLFP through the removal of electoral organizers”

  1. plumblossom Says:

    It is high time that a new political party is created. The symbol can be the ‘mal pohottuwa’ as just prior to the general election, a new political party was registered under this symbol. All those SLFPers who are totally fed up with this treacherous yahapalayana government can then join this new political party.

    It is best to do this as soon as possible in order to get ready for the local government elections, to counter the treacherous OMP Act, to counter VAT increases, to counter the low prices offered to rice farmers, tea growers, rubber growers, to counter any attempt to provide any more powers to provincial councils than they have at present especially police, land or fiscal powers and any attempt to change the unitary status of the country via unwanted constitutional changes, to counter the signing of ETCA, to counter the building of the Hanuman Bridge, to ensure that no Sri Lankan Forces member is harassed by setting up of hybrid courts or even domestic courts etc.

    Unless a new party is formed now, all those people opposed to this treacherous yahapalanaya government will have nowhere to turn and nowhere to go and if the disaffected SLFPers do not take up this opportunity to form a new party, others definitely will.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress