ශී‍්‍ර ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ ජාතික අපරාධය වැලැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම
Posted on October 2nd, 2016

සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

ගරු ජනාධිපති,
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමණි,

ශී ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ ජාතික අපරාධය වැලැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම – CTB – 2016.10.02

ශී‍්‍ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ කුමන්ත‍්‍රණයක් මේ මොහොතේ කි‍්‍රයාත්මක වෙමින් පවතී. ශී‍්‍ලංගමය දුර්වල කර විනාශ කිරීමේ කි‍්‍රයාවලියට අනුගතව මෙම ඩිපෝව වසාදමා එහි සේවකයන් මොණරාගල ඩිපෝවට අනුයුක්ත කිරීමට බලධාරීන් සැලසුම් සාදා ඇත. මෙම ඩිපෝව වසා දැමීමෙන් ප‍්‍රදේශ වාසීන්ට ඉමහත් පීඩාවන්ට, ඉමහත් අසීරුතාවයන්ට මුහුණ දීමට අනිවර්යයයෙන්ම සිදුවේ.

 ශී‍්‍ලංගම සියඹලාණ්ඩුව ඩිපෝවේ සේවකයින් 40 ක් පමණ සේවය කරන අතර බස් රථ 12 ක් දිනපතා ධාවනය වේ. එම ඩිපෝවට ලබාදී ඇති ආදායම් ඉලක්කය කිලෝ මීටරයකට රුපියල් 40/= ක් පමණ වුවත්, එම ඉලක්කය අභිබවා මේ මොහොත වන විට කිලෝමීටරයකට රුපියල් 73 ආදායමක් උපයා ගනී. අනුව දිනකට එම ඩිපෝවේ ආදායම රුපියල් 237000/= කට අධික වේ. බලධාරීන් සිදු කළ යුත්තේ මෙම ඩිපෝවට තව තවත් සේවකයින් සහ නව බස්රථ ලබාදී ඩිපෝව ශක්තිමත් කිරීමයි. නමුත් මුදල් අමාත්‍යංශයේ අවශ්‍යතාවය මත ශී‍්‍ලංගමය දුර්වල කර විනාශ කිරීමේ ප‍්‍රථිව්‍යුහගත කිරීමේ සැලැස්මට යටවී බලධාරීන් විසින් ඉහළම සේවාවක් සපයන, ඉහළම ආදායමක් ලබන මෙම ඩිපෝව වසා දැමීමේ ජාතික අපරාධය සිදු කිරීමට සැදී පැහැදී සිටී. 

ශී‍්‍ලංගම මොණරාගල ඩිපොවේ සේවකයන් 300 ක් පමණ සේවය කරන අතර එම ඩිපෝව කිලෝ මීටරයක ආදායම රුපියල් 40/= අඩු මුදලකි. මෙම සේවකයින් 300 අතරින් කිසිදු කාර්යයක් නැති අතිරික්ත සේවකයින් 50 ක් පමණ සිටින බව අප සංගමයට තොරතුරු ලැබී ඇත. දිනකට බස්රථ 36 කට ආසන්න ප‍්‍රමාණයක් ධාවනය කරන අතර මොණරාගල ඩිපෝවේ දිනක ආදායම ලක්ෂ 04 කට ආසන්න වේ. ඉහත තොරතුරු අනුව බලධාරීන් කළ යුත්තේ සියඹලාණ්ඩුව ඩිපෝවට වැඩි වැඩියෙන් සම්පත් ලබාදී එම ඩිපෝව දියුණු කරනවා මිස එම වසා දැමීමේ ජාතික අපරාධය නොවේ.

 ගරු ජනාධිපතිතුමනි, ශ‍්‍රී ලංගම ශක්තිමත් වීමට නම් ශ‍්‍රී ලංගම සේවක ප‍්‍රමානය, ඩිපෝ ප‍්‍රමානය, ආයතන ප‍්‍රමානය වාඩිවිය යුතුය. අනුව ජනතාවට ඉහළම සේවාවක් සපයන, ඉහළම ආදායමක් උපයන ශී‍්‍ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව වසා දැමීමේ ජාතික අපරාධය වැලක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙසත්, ශී‍්‍ලංගමය දුර්වල කර විනාශ කිරීමේ ප‍්‍රතිව්‍යුහගත  කිරීමේ කි‍්‍රයාවලිය නතර කිරීමට මැදිහත් වන ලෙසත්, ශී‍්‍ලංගම සියඹලාණ්ඩුව ඩිපෝව ශක්තිමත් කිරීමට නව බස්රථ හා සේවකයින් ලබා දීමට මැදිහත් වන ලෙසත් අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තුතියි,

මෙයට විශ්වාශී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය
සම්බන්ධීකරණය  – 071-5152319

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress