ඩීසල් විදුලි මාෆියාව යහපාලනය ඉහගෙනම කයි!
Posted on February 9th, 2017

Rajith Keerthi Tennakoon Executive Director/CaFFE

ඩීසල් මාෆියාව නැවතත්.  රු. 10 ඒකකය රු. 40 ට ගන්න යයි.  කැබිනට් අනුමැතිය ලැබෙන විට ජෙනරේටර් මහ මුහුදේ ලංකාවට පා වෙනවා!!!

විදුලි පාරිභෝගිකයාත්, මේ රටේ ධනයත් විනාශ කරමින් දේශපාලනඥයින්-නිලධාරීන් පොහොසත්වීම ඩීසල් විදුලි මාෆියාවයි.  විදුලි හිගයක් ඇතැයි පවසමින් සාමාන්‍ය මිල මෙන් සිව් ගුණයක මිලකට විදුලිය ගැනීමත් ලාභය ඉංජිනේරු මාෆියාව, ලේකම්වරුන් හා දේශපාලනඥයින් අතර බෙදාගැනීමත් සිදුවේ.

දින දෙකකට පෙර රුපියල් මිලියන 5000 කට වැඩි මුදලක් වැය කර ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වමින් රු. 40 බැගින් විදුලි ඒකකයක් මිල දී ගැනීම මේ වන විට සිදුවේ. 
2016.12.29 දින ඩීසල් විදුලිය මිල දී ගැනීම සදහා පුවත්පත් වල දැන්වීමක් පළ කරයි. ඉන් දවසකට පසුව,

දෙසැම්බර් 30 දින අමාත්‍ය රංජිත් සියඹලාපිටිය 2016.12.30 දින අංක 16/2774/727/056 දරණ කැබිනට් පත්‍රිකාවක් මගින් ඉල්ලා සිටිනේනේ ‘විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීම මගින් තෝරා ගැනීමට’ හා විදුලි බලය මිලදී ගැනීම සදහා හදිසි අවශ්‍යතාවයක් ඇති බව ප්‍රකාශයට පත් කිරීම සදහාය.

මෙම කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය චම්පික රණවක ඇතුළු පිරිසක් විරෝධය පළ කරන බව ද ,  මුදල් අමාත්‍යාංශය සිය විරෝධයෙන් දක්වන්නේ ‘හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම ආයෝජන විශ්වාසය කෙරෙහි ද අයහපත් බලපෑමක් සිදු කරනු ඇති බව දක්වමිනි.  සියඹලාපිටිය-බටගොඩ සුසංයෝගයේ අභිලාශය වන්නේ මේ වන විට වසා දමා ඇති ඩීසල් බලාගාර නැවත වීවෘත කොට මහ දවල් රටේ ධනය මංකොල්ලකෑමය.

දෙසැම්බර් 29 පුවත්පත් දැන්වීමට අනුව සැකසූ ටෙන්ඩර් 2017 ජනවාරි 16 පෙ.ව. 10 දක්වා බාර ගනු ලබයි. පැය කිහිපයකින් ලේඛන සකස් වෙයි. 

2017 ජනවාරි 16 උදේ 10 ට දක්වා ටෙන්ඩරය බාර ගැනිම සිදු කොට එදිනම මෙය ඇගයීමකට ලක් කොට, 2017 ජනවාරි 17 ප්‍රසම්පාදන මණ්ඩලය (කුප්‍රකට ගල් අගුරු ගනුදෙණුවේ කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් සමග)  ටෙන්ඩරය හිමිවන සමාගම මේ පිරිස තෝරලා අවසන් කරනවා.

2017 ජනවාරි 18 විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විදුලිබල මන්ඩලයට දැනුම් දෙනවා පෙබරවාරි 06 ට කලින් ඇග්රිකෝ ඉන්ටර්නැෂල් සමාගම හරහා විදුලිය ජනනය ආරම්භ කිරීමට උපදෙස් ලබා දෙයි.

මේ වංචාවේ මහ මොළකරුවන් වන්නේ ගල් අගුරු වංචාවේ පාර්ශවකරුවන්මය.

අමාත්‍යාංශ ලේකම් ආචර්ය සුරේන් බටගොඩ මේ වන විටත් මිල දී ගැනීම අවසන් කොට ඇති දුෂිත, ක්‍රම විරෝධී ගණුදෙනුව සදහා කැබිනට් අනුමැතිය ව්‍යාජ කරුණු මත පදනම්ව ලබාගන්නේ 2017 ජනවාරි 26 දිනයි.

මේ වන විට ලංකාවට ගෙන්වා ඇති ඩීසල් ජෙනරේටරය කැබිනට් අනුමැතිය ලැබූ දා තිබී ඇත්තේ මහා සාගරයේ ය. 

විදුලිබල අමාත්‍යාංශය මේ වන විට මේ රටේ ඉහ මොළ සූරා කමින් එළිපිට හොරකං කරන තැනකට ගොස් ඇතිවා පමණක් නොව එම හොරුන්ට එරෙහිවන්නන් මර්ධනය කරන තැනකට ගොස් තිබේ.  එයට සෘජු අනුග්‍රහය ලැබෙමින් ඇතතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළම නිලධාරියෙකුගෙනි. 

අර්ජන් මහෙන්ද්‍රන්ගේ කෙඩිට් කාඩ් එකෙන් අවුරුදු දෙකටම රටට අහිමි වූවේ කෝටි 6.6 කි.  නමුත් විදුලි මාෆියාව අද එක් ගල් අගුරු නැවකින් කෝටි 12 ක් වංචා කරයි. යහපාලනයේ හොරකං කරන්නේ එක් පාර්ශවයක් පමණක් නොවේ!

 

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.

One Response to “ඩීසල් විදුලි මාෆියාව යහපාලනය ඉහගෙනම කයි!”

  1. Christie Says:

    බන්ඩගෙ දුව ඉස්සර ගහපු ගැහිල්ලම නේද මේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress