ලංකාව බංකොලොත් රටකැයි ප‍්‍රකාශ කිරීම ආසන්නයි.. භාන්ඩාගරයේ බැංකු අයිරාව බිලියන 125 ආසන්නයේ.. හම්බන්තොට චීනයට විකුණන මුදලට සමානයි.. අළුත් අවුරුදු වැටුප් ගෙවීමත් දුෂ්කරයි..
Posted on February 13th, 2017

ලංකා සී නිවුස්

ආණ්ඩුව කිසිදා නොවු විරු තත්ත්වයකට ආර්ථික අර්බුදය පැමිණ ඇත. මේ වනවිට ආණ්ඩුවේ ගිණුම පවතින ලංකා බැංකුවේ බැංකු අයිරාව රුපියල් බිලියන 120 කි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු මුලු අමාත්‍ය මණ්ඩලයම මෙම අර්බුදය සම්බන්ධව කිසිවක් නොකියයි.

සමහරවිට ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥකු නොවන බැවින් එතුමාට රටේ සෑබෑ තත්ත්වය වසන් කොට ඇති බවක් පෙනේ.

එබැවින් ජනාධිපතිවරයා රජය පත්වී වසර දෙකක් ගතවීමෙන් පසුත් පසුගිය රජය ගත් සංවර්ධනය ණය ගැන කතා කරමින් සිටී. එතුමාට අද රටේ සැබෑ ආර්ථික අර්බුදය සම්බන්ධව මුදල් අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් දැනුවත් කොට නොමැති බැව් පෙනේ.

රටේ විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර එක්කොට ෆෙඩරල් විසඳුමක් සෙවීම හැර අද වනවිට රටේ තිබෙන ප්‍රධාන ගැටලු සියල්ලම ඔහු විසින් පාර්ලිමේන්තුව තුල යටපත් කොට ඇත.

සමහරවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන විපක්ෂයක් මෙන්ම බහුතර විපක්ෂයේ ජනතාව නියෝජනය කරන විපක්ෂ නායකයෙකු සිටියේ නම් ආණ්ඩුව මිට වඩා පරිස්සමින් රටේ මූල්‍ය පරිපාලනය කරනු ඇත.

මේ අනුව ජාත්‍යන්තරව ආයතනයන් විසින් ශ්‍රි ලංකාව ඉතා ඉක්මනින් තවත් පහළ ආර්ථික ශ්‍රෙණි ගත කිරිමට ලක් කොට ශ්‍රීලංකාව කිසිම අයුරකින් ණය ලබාදීමට සුදුසු රටක් නොවන බවට ප්‍රකාශ කිරීමට ආසන්න තත්ත්වයේ ඇත.

එනම් ඉදිරියේදී ශ්‍රීලංකාව බංකොලොත් රටක් ලෙස ජාත්‍යන්තරය ප්‍රකාශ කිරීම එලි පෙත්තටම පැමිණ ඇත.

– විශ්ලේෂක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress