මහින්ද යුගයට වඩා 75%ක් වැඩි ගිනි පොලියක් බැදුම්කර සඳහා ආණ්ඩුව ගෙවයි… රටේ උග්‍ර මුදල් හිගයක්…
Posted on February 14th, 2017

ලංකා සී නිවුස්

රජයේ සංවර්ධනයට මෙන්ම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාර බිල් පත් සහ බැදුම්කර දේශිය වෙළෙඳපොළට අලෙවි කිරීමෙන් ණය වශයෙන් රජය මුදල් ලබා ගනියි.එහෙත් වර්තමානයේ රටේ විශාල මුදල් අර්බුදයක් පවතින බැවින් රජයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාර බැදුම්කර හරහා ලබාදිමේදි විශාල පොලියක් අයකිරීමට ප්‍රාථමික වෙළෙන්දෝ විසින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වි ඇත.

මේ අනුව පසුගිය 2017 ජනවාරි 27 වෙනිදා භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේ දි අලෙවි වුයේ සීයයට 12.39% වාර්ෂික පොලියටයි. ( මහා බැංකුවේ නිල නිවේදනය පහතින් ඇත.)

මහින්ද රාජපක්ෂ යුගයේ එනම් 2014 දෙසැම්බර් මස 30 වෙනිදා භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේ දි අලෙවි වුයේ සීයයට 7.1% වාර්ෂික පොලිය මතයි. ( මහා බැංකුවේ නිල නිවේදනය පහතින් ඇත.)මේ රජය ආර්ථිකය නිසියාකාරව පාලනය කොට රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කොට ඇත්නම් අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂ යුගයට වඩා වර්තමානයේ රජය ගන්නා ණය සඳහා ගෙවිය යුතු පොලිය අනුපාතය අඩු විය යුතුය. එහෙත් වසර දෙකක් තුල පොලි අනුපාතයේ ප්‍රතිශතය සීයයට75% වැඩි වී ඇති අතර දිනපතා තවදුරටත් එය වැඩි වෙමින් පවති.

එසේ නම් මෙම සීඝ්‍ර පොලි වැඩිවීම අනුව රටේ ආර්ථිකය ගමන් කරන දීශාව ඉතාම භායනකය. මෙසා විශාල වැඩි පොලියක් රජයට ලබා ගන්නා ණය සඳහා ගෙවීමට සිදු වීම හරහා ඉතා පැහැදිලිව ඔප්පු වනුයේ මහින්ද රාජපක්ෂ යුගයේ රජයේ ආර්ථිකය කලමණාකරනය තුල මුල්‍යය පාලනය ඉතා ඉහළ තත්ත්වය තිබී ඇති අතර එය නිසියාකාරව පාලනය කොට ඇති බැවින් පොලි අනුපාතය ඉතා අඩු මට්ටමක පැවති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress