ඒකකයක් රු. 16 ට විකුණන්න පුද්ගලික ඩීසල් විදුලිය රු. 30 ට ගන්න සුදානම් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වසරේ මංකොල්ලයට සුදානම්
Posted on February 19th, 2017

කීර්ති තෙන්නකෝන්/උපදේශක දුෂණ විරෝධී පෙරමුණ

විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයාට රු. 16 ක සාමාන්‍ය අගයකට විකුණන ලබන විදුලි ඒකකයක් රු. 29 – 30 දක්වා මුදලකට පුද්ගලික ඩීසල් විදුලි ජනනය මගින් ලබා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ දී ආරම්භ කොට ඇත.  ඒ අනුව, පුද්ගලික අංශයෙන් මිලදී ගනු ලබන එක් විදුලි ඒකකයක් මගින් විදුලිබල මණ්ඩලයට රු. 14 ක් ශුද්ධ පාඩුවක් සිදුවන බව උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා විදුලබ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම ක්‍රියාවලිය ‘විදුලි ඉංජිනේරු මාෆියාව’ ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැදින්වේ.  හිටපු අමාත්‍ය අනුරුද්ධ රත්වත්ත මහතා ගේ යුගයේ ඇරඹි මෙම ව්‍යවහාරය යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව නවතා දමන ලදී. 

අන්ත දුෂිත ටෙන්ඩර් මගඩියක් ලෙසින් සිදු කළ ජෙනරේටර් මිලදී ගැනීමකින් මෙවර නව වටයකින් අරඹා ඇති ඩීසල් විදුලි මාෆියාව මෙගා වෝට් 60 ක විදුලි ජනනය යන්ත්‍රයක් මගින් උද්පාදනය කරන විදුලිය මිලදී ගැනීම සදහා පමණක් රුපියල් මිලියන 6100 ක මුදලක් මාස 6 ක් වැය කරනු ඇත.  අදාල මිලදී ගැනීමට ජාත්‍යන්තර මිලදී ගැනීම් සිදු කරන ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිය දී, කැබිනට් අනුමැතිය ලැබීමට පෙර අදාල ජෙනරේටරය පවා මිලදී ගෙන තිබුණි. 

එයට අමතරව හිටපු විදුලිබල අමාත්‍ය චම්පික රණවක මහතා විසින් නවතා දමනු ලැබූ පුත්තලම හා ඇඹිලිපිටිය මෙගා වෝට් 100 බලාගාර 2 ද,  මාතර, සපුගස්ගන්ද හා හොරණ මෙගාවෝට් 20 බැගින් වන බලාගාර 3 ද ඉදිරි සති කිහිපයේ දී නැවත අරඹනු ඇත. ඒ අනුව, යහපාලනය විසින් නවතා දමා තිබූ මොගා වෝට් 260 ක් එක් විදුලි ඒකකයට රු. 14 ක පාඩුවකට විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනු ඇත.

මේ අනුව ඉදිරි මාස 6 ක කාලය තුල විදුලිබල මණ්ඩලයේ ලේකම් සුරේන් බටගොඩ සහ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාව විසින් සැලසුම් කොට ඇති මිලදී ගැනීමේ මුළු වටිනාකම රුපියල් බිලියන 35 ඉක්මවනු ඇත.  ඒ අනුව, විදුලි බිල වැඩි කිරීම හෝ බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැතිවනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ තක්සේරුවක් අනුව පුද්ගලික අංශයෙන් නැවත ඩීසල් විදුලි මිලදී ගැනීම ඇරඹීමත් සමගම මෙරටට ආනයනය කළ යුතු ඩීසල් සදහා වැයවන විදේශ විනිමය හේතුවෙන් රටට මිලියන 650 ක අතිරේක ආර්ථික බරක් දැරීමට සිදුවනු ඇත.

දුෂණ විරෝධී පෙරමුණ අවස්ථා ගණනාවක දී විදුලිබල අමාත්‍යාංශයේ  ගල්අගුරු හා ඩීසල් විදුලි ජනනය පිළිබද දුෂණ ජනාධිපතිවරයා ගේ අවධානයට යොමු කරනු ලැබූ නමුත් මේ දක්වා  දුෂිත විදුලි මාෆියාවට එරෙහිව කිසිදු පියවරක් ජනාධිපතිවරා විසින් ගෙන නැත. ගල්අගුරු හා ඩීසල් විදුලි මාෆියාව  බැදුම්කර වංචාවට පමණක් දැනට දෙවනි වේ.

කීර්ති තෙන්නකෝන්/උපදේශක

දුෂණ විරෝධී පෙරමුණ

2017 පෙබරවාරි 19

2 Responses to “ඒකකයක් රු. 16 ට විකුණන්න පුද්ගලික ඩීසල් විදුලිය රු. 30 ට ගන්න සුදානම් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වසරේ මංකොල්ලයට සුදානම්”

  1. Christie Says:

    Make the poor poorer like in India. Then rich gets richer and richer. The only difference is the poor in the island are not classed as untouchables yet by the Indian Empire.

  2. Randeniyage Says:

    All tese Mafias are aiding Indian imposed Federalism in every way. Our people fail to realise this. By way of bribing politicians on both sides, federlism flourish. Christie is right.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress