පිරිවෙන් ක්ෂේත්රයේ පැනනැගී ඇති ප්රධාන ගැටලූ 10 ක් විසඳා ගැනීම සඳහා ඉක්මන් සාකච්ඡාවක් ලබා ගැනීම
Posted on February 28th, 2017

වකමුල්ලේ උදිත හිමි සභාපතිලංකා පිිරිවෙන් ගුරුසේවා සංගමය.

අධ්‍යාප ලේකම්
සුනිල් හෙට්ටිආරච්චි මහතා
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය, බත්තරමුල්ල.

අධ්‍යාපන ලේකම් තුමනි,

පිරිවෙන් ක්‍ෂේත‍්‍රයේ පැනනැගී ඇති ප‍්‍රධාන ගැටලූ 10 ක් විසඳා ගැනීම සඳහා ඉක්මන් සාකච්ඡාවක් ලබා ගැනීම

පිරිවෙන් ක්‍ෂේත‍්‍රයේ මේ වන විට පැන නැගී ඇති ප‍්‍රධාන ගැටලූ රාශියක් පිළිබඳව ඔබතුමා ඇතුළු අදාළ බලධාරීන් සමග ඉක්මන් සාකච්ඡාවක් කොට විසඳා ගැනිමට අපි අපේක්‍ෂා කරන්නෙමු.

පිරිවෙන් ගුරුවරයාට හා පිරිවෙන් ආයතන වලටත්, පොදුවේ පිරිවෙන් ක්‍ෂේත‍්‍රයටත් බලපාන ගැටලූ විසඳා ගැනීම වෙනුවෙන් පිරිවෙන් ගුරුවරුන් විසින් ගොඩනගා ගත් පිරිවෙන් ක්‍ෂේත‍්‍රයේ එකම වෘත්තීය සමිතිය ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමයයි.

අපි සෑම විටම තනි තනිව ගැටලූ විසඳා ගන්නවා වෙනුවට පොදු ප‍්‍රශ්න පොදුවේ සාකච්ඡාකොට නිරාකරණය කරගැනීම වඩා ඵලදායී ක‍්‍රමය ලෙස විශ්වාස කරන්නෙමු. එබැවින් අභිනවයෙන් පත් වූ අධ්‍යාපන ලේකම්වරයා ලෙස ඔබතුමා සමගද වර්තමානයේ පිරිවෙන් ක්‍ෂේත‍්‍රයේ පැනනැගී ඇති ගැටලූ රාශියක් පිළිබඳව මෙසේ සාකච්ඡාකොට විසඳුම් ලබා ගැනීමට අපේක්‍ෂා කළෙමු. මින් සමහරක් ගැටලූ ඔබතුමාට පෙර සිටි ලේකම්වරුන්ටද ඉදිරිපත් කළ ඒවා බැවින් ඒවායේ ප‍්‍රගතිය පිළිබඳවද විමසාගත යුතුව ඇත. පොදුවේ සාකච්ඡාවේ පහසුව සඳහා පවත්නා ගැටලූ මෙසේ අංකනය කර දක්වන්නෙමු.

  1. විශ‍්‍රාම වැටුප සඳහා පරිවේණාචාර්ය මූලික වැටුපෙන් 12%ක් අයකර ගැනීම

(මෙය අද වන විට පිිරිවෙන් ගුරුවරයාට බලපා ඇති ප‍්‍රධාන ගැටලූවකි. ගුරුසේවයට සමාන්තර සේවයක් ලෙස පරිවේණාචාර්ය සේවය තහවුරු කර ඇතත් විශ‍්‍රාම වැටුප් හිමිකර දීමේදී දෙ ආකාරයකට කටයුතු කරයි. මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී හිටපු ලේකම්වරු සමග මෙන්ම අමාත්‍යවරු සමගද සාකච්ඡාකර ඇත. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කොට තීන්දුවක් ලබාදිමට එකඟ වුණි.)

  1. පරිවේණාධිපති සේවය ස්ථාපිත නොකිරීම

(පරිවේණාචාර්ය සේවය කි‍්‍රයාත්මක වීමත් සමග කි‍්‍රයාත්මක කරනවා යැයි කියූ පරිවේණාධිපති සේවය මේ දක්වා ස්ථාපිත කොට නැත. විදුහල්පති සේවයට සමාන්තර ලෙස පරිවේණාධිපති සේවය ස්ථාපිත කරන බව පූර්ව බලධාරීන් කොතෙකුත් කියා සිටියද පරිවේණාචාර්ය සේවයට අදාළ පරිවේණාධිපති සේවය වසර 19 ක් තිස්සේ මේ දක්වා ස්ථාපිතකොට නැත.)

  1. පාරිවේණාචාර්යවරුන්ගේ හිඟ වැටුප් ගැටලූව
  1. පිරිවෙන් පනත නොසලකා කැබිනට් පති‍්‍රකා හා ඇමති බලතල පදනම් කරගත් ක‍්‍රමේද අනුගමනය කිරීම විසින් ඇතිවී තිබෙන ගැටලූ
  1. 2016 අය වැය තුළින් ලබාදීමට පොරොන්දු වූ ශිෂ්‍ය දීමනා පිළිබඳ ගැටලූව
  1. වෘත්තීය සමිති කි‍්‍රයාකාරිත්වය සඳහා ආයතන සංග‍්‍රහයේ ඇති ප‍්‍රතිපාදන නොසලකා පිිරිවෙන් බලධාරීන් කටයුතු කිරීම
  1. පිරිවෙන් අධ්‍යක්‍ෂවරයාගේ අනුමැතියෙන් තොරව විවිධ සංවිධාන පුහුණු වැඩමුළු හා රැස්වීම් පැවැත්වීම හා ඒවාට නිවාඩු අනුමත කරගැනීමේදි පැන නැගී ඇති ගැටලූ
  1. පිරිවෙන් ඒකකයේ බලතල විවිධ පුද්ගලයින් විසින් අක‍්‍රමවත් ලෙස භාවිතා කිරීම මගින් අණකිරීම් හා නියෝග නිකුත්කිරීම
  1. 4/5 ශ්‍රේණි සඳහා අලූතින් හඳුන්වා දී ඇති විභාග ක‍්‍රමය පදනම් කරගත් ගැටලූ
  1. වෙනත්

මෙම ගැටලූ කඩිනමින් විසඳා ගතයුතු බැවින් නොපමාව දිනයක් ලබාදී ප‍්‍රතිඵලදායක සාකච්ඡාවක් සඳහා පහසුකම් සලසනු ඇතැයි උදක් අපේක්‍ෂා කරන්නෙම

මෙයට,

වකමුල්ලේ උදිත හිමි

සභාපතිලංකා පිිරිවෙන් ගුරුසේවා සංගමය

One Response to “පිරිවෙන් ක්ෂේත්රයේ පැනනැගී ඇති ප්රධාන ගැටලූ 10 ක් විසඳා ගැනීම සඳහා ඉක්මන් සාකච්ඡාවක් ලබා ගැනීම”

  1. AnuD Says:

    All these problems are materialistic. People have problems only when there are material needs.

    Even in the west, employee has to pay a certain amount to the person’s pension.

    It is unfair monks asking this many things when in Sri lanka, lay people help monks.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress