ETCA සහ ආර්තික ඝාතක භූමිකාව පිළිබඳව මාධ්‍ය සාකච්ඡාව
Posted on March 23rd, 2017

මාධ්‍ය සාකච්ඡාව

අද (23) දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගරයේදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP) විසින් මාධ්‍ය හමුවක් කැදවා තිබිනි. එහිදී එට්කා ගිවිසුම පිටුපස ඇති ආර්ථික ඝාතක භූමිකාව, ලෝකයේ වෙළද ගිවිසුම් පිළිබදව ඇති අත්දැකීම් සහ මහජන අදහස් ලබා ගනිමින් වෙළදාම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නට පිහිටවූ මහජන කොමිසම පිළිබඳව අදහස් දැක්වුනි.

ලේකම්, ලසන්ත වික්‍රමසිංහ මහතා..

අපි දැක්කා ඊයේ ජාතික සම්පතක් වන හම්බන්තොට වරාය විකුණා දමන්න කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වෙලා තියෙනවා. අපි දැක්කා මීට කළින් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරලා තිබ්බා විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ ලංකාවේ විදෙස් සංචිත අඩුවීම නිසා මේ ජාතික සම්පත් විකුණන්න වෙන බව.

තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන් විදියට අපිත් නියෝජනය කරන්නේ විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක්. මාධ්‍ය වාර්තා කරලා තිබුනා මේ වරාය විකුණන්න යන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයක වගේ මුදලකට බව. තොරතුරු තාක්ෂ්ණ ක්ෂේත්‍රය ගත්තොත් එම වර්ෂයකට විතරක් ඇමරිකානු ඩොලර් බිලියනකට ආසන්න මුදලක් උපයනවා. මේ රටේ මිනිස්සු විදේශීය රැකියා කරලා ඒ වගේ හත් ගුණයක් මුදල් ලංකාවට එවනවා. අපේ දුප්පත් අම්මාවරුන් ළමයින් මෙහේ දාලා එක අවුරුද්දකට විතරක් ඇමරිකානු ඩොලර් බිලියන තුනහමාරක් විතර ලංකාවට එවනවා. ඒ වෙනුවෙට විදේශ විනිමය හොයන්න තියෙන්න ස්ථානයක් වන හම්බන්තොට වරාය සදාකාලිකවම විකුණලා දැමෙන්නේ බිලියන එකක් වගේ මුදලකට.

මේකට එතුව ලෙස දක්වන විදෙස් සංචිත පහළ යාම ගැට ගැසී තිබෙන්නේ අන්තර්ජාතික වෙළදාමත් එක්ක. 2015 වසර සැළකුවොත් අපේ වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක්. අපට ඉන්දියාව එක්ක විතරක් එම වසරේ වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක්.  මේ ඉන්දියාවත් එක්ක තිබෙන වෙළඳ හිඟය මේ රටට විශාල ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නයට අවධානය යොමු වීම න්‍යායාත්මකව වළක්වන විශේෂ පුද්ගලයෙකු ඉන්නවා. ඔහු තමයි ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම. 

මොහුගේ තර්ක තමයි අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු ලංකාවේ ජාත්‍යන්තර ජාත්‍යන්තර වෙළදාම පිළිබද අමාත්‍යාංශයේ නිලධාරීන් පුනරුච්චාණය කරන්නේ. මේ පුද්ගලය කියලා දෙන්නේ රටවල් දෙකක් අතර වෙළද හිඟය නොතැකිය යුතුයි කියලා. හැබැයි ඉන්දියාවේ අගමැතිතුමා චීන ජනාධිපතිගෙන් විශේෂ ඉල්ලිමක කළා ඉන්දියාවට චීනය එක්ක වෙළඳ පරතරය අඩු කරන්න උදව් කරන්න කියලා. ඒ වෙගේම ඉන්දියානු වෙළද කටයුතු ඇමතිනී නිර්මලා සීතාරමන් මහත්මිය නිතර නිතර මේ ද්විපාර්ශවික වෙළද හිඟය පිළිබඳව, විශේෂයෙන්ම චීනයත් එක්ක ඉන්දියාවට තියෙන වෙළද හිඟය පිළිබදව ඉතා උනන්දුවෙන් ක්‍රියා කරනවා. එහෙම තියෙද්ද සමන් කැලේගම ලංකාවට උගන්වනවා රටවල් දෙකක් අතර වෙලද හිඟය නොතැකිය යුතු බව.

ඉන්දියාවත් එක්ක තියෙන වෙළද හිඟය ගැටළුවක් විදියට හදුනා ගත්තොත් එතනින් එහාට බැරි වෙනවා එට්කා ගිවිසුම සාධාරණීකරනය කරන්න. මොකද එට්කා ගිවිසුමෙන් මේ වෙළද හිඟය තවත් වැඩි වෙනවා. ඒ වගේම මේ වෙළද හිහයට යම් සහනයක් ලැබුනේ අපේ රටේ ශ්‍රමිකයන් විදේශ රැකියාවල නියැලිලා වාර්ෂිකව මේ රටට එවන ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදල. දැනට අපේ රටේ රැකියා කරන විදේශීය ශ්‍රමිකයන් රටින් පිටට යවන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණයි. එට්කා ගිවිසුම හරහා මේ රටට එන ඉන්දියනු වෘත්තිකයන් විශාල වශයෙන් මුදල් පිට රට යවන්න ගත්තහම රටෙන් පිටට යන මුදල ඉහළ ගිහින් ගෙවුම් තුලන අර්බුදය තවත් දරුණු වෙනවා. 

ඒ තුළ අප මුහුණ පාන විදේශ සංචිත පහළ යාම, රුපියල අවප්‍රමාණය වීම, ණය බර සහ දේශීය ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නට සිදු වීම යනාදි ආර්ථික ගැටළු තවත් උත්සන්න වෙනවා.

අපි කියනවාට පිළිගන්න එපා මේ පුද්ගලයෝ ආර්තික ඝාතකයෝ කියලා. ඒක ඔබටම හොයා ගන්න පුළුවන්. සමන් කැලේගම ගෙන් සම්මුඛ සාකච්ඡාවක් අරන් අහන්න “ඇයි ඉන්දියාව චීනය එක්ක කිසිම ගිවිසුමකට එළඹෙන්නේ නැත්තේ?” කියලා

මේ අය කියන්නේ මේ ගිවිසුම් ගහන්නේ රටවල දෙකක් අතර වෙළදම කාර්යක්ෂම කරන්න කියලා. ඉන්දියාව වැඩියෙන්ම ගනුදෙනු කරන්නේ චීනය එක්ක. එහෙනම් ඉන්දියාව කරන්න ඕනා චීනය එක්ක වෙළද ගිවිසුමකට යන එක. හැබැයි ඉන්දියාව චීනය එක්ක සේවා සදහා තබා භාණ්ඩ සඳහාවත් කිසිම වෙළද ගිවිසුමක් නෑ. ආර්තික ඝාතකයෙකුගේ කාර්යය තමයි වැරදි න්‍යාය සකස් කරලා රටක් නොමඟ යවන එක. 

සභාපති, කපිල පෙරේරා මහතා

මීට පෙර ඇත්ත බොරුව කිරීම සහ බොරුව ඇත්ත කිරීම දේශපාලකයන්ගේ පුරුද්දක් වූවත් දැන් සිටින මේ  ආර්ථික ඔස්තාර්ලා යයි කියාගත් අය ලංකාවේ රජයට උපදෙස් දෙන්නේ මෙසේ ඇත්ත බොරුව කරමින්  සහ බොරුව ඇත්ත කරමිනි. ආර්ථික ඝාතකයන්ගේ ක්‍රියාදාමය මෙසේ සිදු  කෙරෙද්දී අපේ රජයද මේ මුසාව අන්දගනිමින් සිටිති. වෘත්තීයවේදීන් හට තම වෘත්තීයට අදාල ආචාර ධර්ම පද්ධතියක් පවතී. ඒ සියලුම ආචාර ධර්ම පද්ධති තුල තම සේවාදායකයා රැවටිය නොහැකි බවට එක් වගන්තියක් හෝ පවතී. එහෙයින්ම තම වෘත්තියෙන්ම සත්‍ය කීමට බැඳුනු මේ වෘත්තිකයෝ සියලු දෙන ඇත්ත පවසමින් මේ ETCA ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් වල විනාශකාරී බවත් මෙවැනි කාර්යයන් සඳහා අදාලවන අන්තර්ජාතික වෙළෙඳාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවත් පෙන්නුම් කරත්දී, තවත් පට්ටපල් බොරු කාරයෙක් දෙන්නෙක් ඊට හාත්පසින්ම වෙනස් අදහස් දක්වයි. මෙය අසා සිටින ජනතාව සිතන්නේ අපි කියන ඇත්තත් ඔවුන්ගේ බොරුවත් අතර  සත්‍යය ඇතැයි සිතා සමහරෙක් බොරු බාගයකට රැවටෙයි. මේ නිසාම අදටත් මේ කපටි ගිවිසුම් සහමුලින්ම පරාජය කර ඉවත දැමීමට අපටත් රජයටත් නොහැකි විය.

රජය අපේ ක්ෂේත්‍රයන් දියුණු කිරීමට කටයුතු කරන්නේද, ඒ සම්බන්ධයෙන් උත්සාහයක් දරන්නේද යන්න පිළිබඳව අපට මහත් සැකයක් උපදී. ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය දියුණුකිරීමට බදු නොමැතිව ඉන්දියන් සහ වෙනත් රටවලින් සේවා සපයා ගතයුතු බව රජය එක් පසෙකින් පවසන අතර, අනෙක් අතින් VAT බද්ද ලංකාවේ ජාල පහසුකම් (Networking) සපයනන් ටද ඇතුල් කරමින් මේ කුඩා දේශීය සමාගම් පවා අමාරුවේ දමයි. ඉතින් රජය අවංක ලෙසම අඩු මිලට තොරතුරු තාක්ෂණ සේවා ලබා දීමට අපේක්ෂා කරන්නේ නම් මෙලෙස කටයුතු කරාවිද?

මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, විද්වතුන් ඇතුළු සියලු ජනතාව ඉල්ලාසිට අනතර්ජාතික වෙළෙදාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා දැන් මහජන කොමිෂන් සභාවක් පත්කොට තිබෙයි. තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංසදය වන අපද පාර්ශවකරුවන් වන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙහි මූලිකත්වයෙන් පිහිටුවාගත් මේ මෙම කොමිෂන් සභාවේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ලංකාවේ ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රභලයා ලෙස සැලකෙන හසල දැනුමකින් යුතු මහාචාර්ය W D ලක්ෂ්මන් මහතායි. එවැනිම වූ විශිෂ්ඨයින් සමුහයකින් සැදී මේ කමිෂන් සභාව වෙත අදහස්, යෝජනා භාර දෙන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. අපිද ඉදිරියේ අප සංගමයේ යෝජනා ඔවුනට භාර දීමට කටයුතු කරමු.

විධායක සභික, ලහිරු කරුණාසිරි

අද ලෝකයෙ අත්සන් කරපු මෙවැනි ගිවිසුම් මගින් ලැබෙන අත්දැකීම් පවසන්නේ මේ ගිඩිසුම් මගින් කුඩා රට සූරා කෑමකට ලක්වෙන එකයි. උදාහරණයක් විදියට කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය අතර සැදුනු NAFTA ගිවිසුම සලකා බලන්න පුලුවන්. මේ මගින් මෙක්සිකෝවේ හිටපු අපනයනකරුවන් ආනයනකරුවන් බවට පත්වුනා. රටේ වෙළද හිඟය උත්සන්න උනා. වසර් තුනක් ඇතුළත් ආර්ථික වර්ධන වේගය ඉතා කුඩා අගයක් බවට පත් වුනා.

 

 

One Response to “ETCA සහ ආර්තික ඝාතක භූමිකාව පිළිබඳව මාධ්‍ය සාකච්ඡාව”

  1. Christie Says:

    1840 සිට අපේ රට ඇතුලේ වෙලහෙලඳාම ඉන්දියානු පරපෝසිතයන් අතේය.1960 ගනන්වල සිට ඉන්දියාවට අප බැරය.
    දැනටමත් අපි ඉන්දියානු පෙදෙසක් වෙලා ඉවරයි වගේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress