සිංහල හා හින්දු උත්සව අත්තිකාරම් මුදල් ගෙවීම් නොකර සමෘද්ධිලාභීන් ගෙන්වීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් යෙදවීම අප සංගමය තරයේ හෙලා දකිතන්නෙමු,
Posted on March 30th, 2017

ප‍්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක සංගමය

සිංහල හා හින්දු උත්සව අත්තිකාරම්

සිංහල හා හින්දු උත්සව අත්තිකාරම් මුදල් නොගෙවා අපේ‍්‍රල් 01 දා පැවැත්වීමට නියමිත, තිරසර යුගයක්, ජාතික මංගල්‍ය – 2017 සදහා සමෘද්ධි සං, දෙපාර්තමේන්තුවේ මුදල් යෙදවීම තරයේ හෙලා දකිමු,

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව එළඹෙන අප්‍රෙල් 01 දින කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්න්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත තිරසර යුගයක් – ජාතික මංගල්‍ය – 2017 යන උත්සවයෙහි සමාරම්භක අවස්ථාවට සමෘද්ධි සේවකයින් හට ගමන් වියදම් දීමන හා උත්සව අත්තිකාරමි මුදල් ගෙවීම් නොකර සමෘද්ධිලාභීන් ගෙන්වීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් යෙදවීම අප සංගමය තරයේ හෙලා දකිතන්නෙමු,

උක්ත වැඩසටහන වෙනුවෙන් 4000 පිරිසක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් එදිනට සහභාගී කරවීමට නියමිත බව වාර්ථා වෙයි, ඒ සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අත්සනින් යුතු 2017,03,23 දිනැති DDD/Ho/06/M/2/11 යන ලිපිය මගීන් කොළඹණිගම්පහ හා කළුතර යන දිස්ත්‍රික් අධ්‍යක්ෂවරු වෙත උපදෙස් ලබා දී ඇත, තවද එදිනට බත්තරමුල්ල ප‍්‍රධාන කාර්යාලයේ නිලධාරීන් 300 ද සහභාගී විය යුතු අතර එක් අයෙකු සදහා අහාර සදහා රු,350,00 බැගින් මුදලක් දරණ බව එහි සදහාන් කර ඇත, තවද අමතරව ප‍්‍රවාහණය වෙනුවෙන් විශාල මුදලක් දැරීමට සිදුව ඇති අතර මෙම සියළු මුදල් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් යෙදවීමට අදාල වියදම් ඇස්තමේන්තු ලබා ගනිමින් ඇත,

සෙසු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල සේවය කරන රාජ්‍ය සේවකයින් වෙත සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ලබා දෙන රු,10,000,00 උත්සව අත්තිකාරම් මුදල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිසිදු සේවකයෙකු හට මෙතෙක් ලබා දී නොමැති අතර 2016 වසරට අදාලව සේවකයින් හට ගෙවීම් කල යුතු ගමන් දීමනාව නොගෙවා අතිවිශාල මුදලක් මෙසේ උත්සව වෙනුවෙන් යෙදවීම සේවක සැමගේ අප‍්‍රසාදය මෙයින් ප‍්‍රකාශ කරමු,

උත්සව අත්තිකාරම් මුදල් හා ගමන් වියදම් දීමනා නොලැබීමෙන් අසීරුතාවයට පත්ව ඇති සේවකයින් වෙනුවෙන් අදාල මුදල් කඩිනම්න් ගෙවීමට ආණ්ඩුව කටයුතු කල යතු බව අප සංගමය බලධාරීන් වෙත මෙයින් අවධාරණය කරන්නෙමු, තවද හිටපු ආණ්ඩුව සිය දේශපාලන අභිමතාර්තයන් වෙනුවෙන් පැවැත්වු උත්සව වෙනුවෙන් දෙපාර්තමේන්තුව සතු මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්දව අප තුල වු කල කිරීම වෙනස් කිරීමට පැමිණි වත්මන් යහපාලන ආණ්ඩුව සේවක අයිතිවාසිකම්ද කප්පාදු කරමින් මුදල් නාස්ති කිරීම යහපාලනය නමට පමණක් සීමා වී ඇති බව මෙයින් අවධාරණය කරන්නෙමු,

ස්තුතියි.

ප‍්‍රධාන ලේකම්

චාමර මද්දුමකළුගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress