ජන්ද නැති ‘ලිච්චවී’ රට
Posted on September 5th, 2017

ආචාර්ය චරිත හේරත් උපුටාගැණීම ලංකාදීප

මේ දිනවල අපේ රටේ දේශපාලනයේ එක් ප‍්‍රධාන මාතෘකාවක් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර හෝ එසේත් නැතිනම් පනත් සංශෝධනය කර හෝ මැතිවරණ කල් දන්නේ කේසේද කියා හොයන එකය. මේ සමහර ඒවා දැනටමත් කාලය නිමා වී ඇති පලාත් පාලන ආයතනය. සමහර ඒවා ඉදිරියේ විසිරෙන්නට තිබෙන පලාත් සභාය. මේ වැඬේ ට ගොස් ආණ්ඩුවම ඉන්නේ යම් ආකාරයක අවුල් සහගත තත්වයකය. ජන්ද කල් දමන එකත් යහපාලනයටම අයිති දෙයක් යැයි හිතෙන තරමට මේ තත්වය කිසිදු හිරිකිතයකින් තොරව අගේට කර ගෙන යන්නට තරම් ආණ්ඩුවේ සමහරු නිර්භීත වීම පුදුම සහගතය. අනෙක් අතට එමගින් පෙන්නුම් කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගොඩ නැගෙන අතිශයෙන්ම භයානක අනතුරක්ය. ‘අපිට හිතුනොත් ජන්ද තියන්නෙම නැහැ’ වැනි ප‍්‍රකාශ පවා කියන්නට සමහර අය භය නැත්තේ මේ හේතුව නිසාය. මේ සටහනින් බලාපොරොත්තු වන්නේ මැතිවරණ කල් දමන අරමුනින් ව්‍යවස්ථාව හෝ මැතිවරණ පනත් සමග කරන භයානක ගනු දෙනුව ගැන කරුණු කීපයක් සාකච්චජා කරන්නටය.

නිශ්චිත මැතිවරණ පොරොන්දුවක් ලෙසින් පුර්ණ ව්‍යවස්ථා වෙනසක් පිළිබද අදහස මේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වුනේ 1970 මැතිවරණයත් සමගය. ඊට පෙර තිබූ 1948 1952 සහ 1956 මැතිවරණ වල මේ කාරණය ආවේ භාෂා ගැටලූවට විසදුමක් ලෙසින් ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධන මිස පුර්න ව්‍යවස්ථා වෙනසක් ලෙසින් නොවන බව මගේ පිළි ගැනීමය. රටක් සංවර්ධනය කිරීම කියන්නේ ඒ රටේ නිති රීති හා ව්‍යවස්ථාමය ක්ේෂත‍්‍රය වෙනස් කිරීම් ද ඇතුලත් කලාපයක් බව සැබෑය. එහෙත් නිදහසින් පසු අපේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන ම වැඬේ වන්නේ අලුතින් ව්‍යවස්ථාවක් ලියන එක කියා හිතන්නට පටන් ගත්තේ 70 මැතිවරණයත් සමගය” එතනින් පසුව පැවති හැම මැතිවරණයකම පාහේ පළමු පොරොන්දුව වූයේ ‘අපි ආවොත් අලූත් ව්‍යවස්ථාවක් හදනවා’ කියන කාරණයය. එද සිට හැම ආණුඩුවක්ම පාහේ තමන්ගේ වසර පහක පාලන කාලයේ වැඩි හරියක් ගත කරන්නේ මේ අලූත් ව්‍යවස්ථා හැදිමේ ක‍්‍රියාදමයටය.

1977 ජන්දය සදහා එජාපය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශයෙන් තර්ක කළේ රටේ ප‍්‍රශ්නවලට ප‍්‍රධාන හේතුව වන්නේ ඊට අවුරුදු පහකට පෙර (1972) හදපු අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව බවය. ඒ නිසා ඒ අය කීවේ තමන් බලයට පැමිනිය හොත් කරන පළමු වැඬේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන බව කියාය. ජයවර්ධන මහතා බලය ගෙන වසරක් ඇතුලත බරපතල ආකාරයකින් සිදු කළේ අලූත් ව්‍යවස්ථාවක් හදන වැඬේය. පක්ෂයේ ව්‍යවස්ථාව හදනවාටත් වඩා වේගයෙන් තමන්ටම ගැලපෙන්න රටේ ව්‍යවස්ථාව ඔහු හැදුවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරු හය හත් දෙනා තඹ සතේකට මායිම් කරන්නේ නැතිවය. 1978 ව්‍යවසථාව කියන්නේ එහෙම කළඹලයෙන් හදපු ඒ ව්‍යවස්ථාටය. ඒ ව්‍යවස්ථාවේ කෙටුම්පත පාරලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ජා කර අවසන් කිරීමෙන් පසුව කාරක සභා අවස්ථාවේ තිබෙද්දි පවා හදිසියේ එයට එකතු කරපු දේවල් පවා රටේ නීති බවට පත් වූ ආකාරය ඒ කාලයේ දේශපාලනය ගැන දන්නා අයට මතකය. උදහරණයක් වශයෙන් හදිසියේ ව්‍යවස්ථා කෙටුම්පතට එබ්බවූ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබද වූ අන්තර්වාර ක‍්‍රියාදමය සැලකිය හැකිය. එතෙක් සිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ නියුතු විනිසුරුවරුන් නැවත පත් කරන බවට අන්තර් ක‍්‍රියාකාරීත්ව නීතියක් 78 ව්‍යවස්ථාවට දැම්මේ එය අනුමත වෙන්නට ඔන්න-මෙන්න කියා තිබෙද්දි කාගෙත් ඇස් වසාය. කාටත් හොරෙන්ය. එතෙක් සිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා එම තනතුරුවලින් ඉවත් කෙරෙන බව සහ අලූතින් විනිසුරුවරුන් යලිත් පත් කරන බව ව්‍යවස්ථාවට ඇතුලත් වී ඇති බව සමහර විනිසුරු වරුන් පවා දැනගත්තේ ඒ ව්‍යවස්ථාව සම්මත වීමෙනුත් පසුවය. 1994 මැතිවරණයේ පොදු ජන පෙරමුනේ මැතිවරන පොරොන්දුව වූයේ විධායක ජනාධිපතිධුරය ඉවත් කරමින් අලූත් වයවස්ථාවක් ගෙනෙන බවය. ජ. එල්. පීරිස් මහතා වැනි ඒ කාලයේ සිටි නීති විශාරධයින් කැබිනට් මණ්ඩලයට ගත්තේ ඒ වැඬේ කරන්නටය. ‘සුදු නෙලූම්’ ‘තවලම්’ වැනි වැඩසටහන් හරහා ඒ ආණ්ඩුව තමන්ගේ මුලූ කාලය පුරාම මහන්සි ගත්තේ ත් අලූත් ව්‍යවස්ථාවක් ගේන්නටය. ඒත් එජාපය එද හැසුරුනේ විධායක ජනාධිපති ධුරය තියාගන්නට නිසා 2000 ව්‍යවස්ථාව සම්මත කරන්නට පොදු පෙරමුනේ ආන්ඩුවට හැකියාවක් ලැබුනේ නැත.

දැන් පසුගිය 2015 ජනාධිපතිවරණය පුරාම මේ රටේ දේශපාලන භුමියේ සාකච්ජා කළ මාතෘකාව වූයේ විධායක ජනාධිපති ධුරයේ බලතල පාරලිමේන්තුවට හිමි වන පරිදි හදන අලූත් ව්‍යවස්ථාවක් ගැනය. ඒ සිහිනය සැබෑ කරන්නට කියා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදයක සභාවක් බවටද මේ වන විට පත් කර හමාරය. මේ ආන්ඩුව යන්නේ ලිච්චවී ක‍්‍රමයට බවත් එයත් පළල් ප‍්‍රජාතන්න‍්‍රවාදි රාමුවක් බවත් නිතර නිතර කියන්නේ අගමැති තුමා ය. ඒ සියල්ල එහෙම කියන ගමන් පලාත් පාලන ජන්දය හැකිතාක් දුරට කල් යන පරිදි මැතිවරන පනත මළානික අයුරින් සංශෝධනය කළේත් අනික් අතින් පළාත් සභාවල පාලන කාලය ජනතා වරමකින් තොරව තව ටිකක් කල් අල්ලාගෙන සිටීම සදහා 20 සංශෝධනය ගෙනෙන්නේ ඒ යහපාලන රජය විසින් මය. ලිච්චවී වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි වන්නට කථා කරන ගමන් සිම්බාබ්වේ වගේ මැතිවරනයක් පේන්න බැරි තැනකට ගමන් කිරීම තේරුම් ගන්නේ කුමන දේශපාලන විද්‍යාවකින් දැයි අපට තෙරෙන්නේ නැත.

මේ රටේ දේශපාලනයේ ජන්ද කල් දමන්නට නියමින් හෝ අනියමින් වැඩ කළ ආණ්ඩු වලට අත් වුන බරපතල ඉරනම සමහරුන්ට දැන් මතක නැති ගානය. 1975 පවත්වන්නට තිබු මැතිවරණය අවුරුදු දෙකකනික් කල් දමන්නට ගොස් සිරිමා බණ්ඩාරනායක මැතිනියට ඊට පසු පැමිනි මැතිවරණ ගනනාවක්ම එක දිගට පරදින්නට වූ බව අපේ මතකයට ගැනීම වැදගත්ය. මැතිනියට විධායක ජනාධිපති වෙන්නට කවමදවත් හැකි වුනේ නැත. ශ‍්‍රීලනීපයට ආන්ඩුවක් ආවේ අවුරුදු 17 පසුව 1994 ය. අනෙක් අතට 1982 පවත්වන්නට තිබුනු මහ මැතිවරණය කල් දමමින් ජනමත විචාරණ සෙල්ලමක් දමන්නට ගොස් රටටත් එජාපටයත් මුහුන දෙන්නට වුනේ බරපතල ප‍්‍රති විපාක වලට බව අපගේ මතකයට ගැනීම වැදගත්ය. ඒ ජනමත විචාරණය නිසා ප‍්‍රජාතන්‍්‍රවාදයෙන් පිටමන් වු තරුණයින් ආපසු ආවේ ටී පනස් හය අතේ තියාගෙනය. අනෙක් අතට එජාපයට ඒදයින් පසුව අද දක්වාම තනියෙන් ආණ්ඩුවක් හෝ තමන්ගේ පකෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගන්නට නොහැකි වී තිබෙන්නේ ඒ මැතිවරණ සිතියම හැකීලීමේ ජනමත විචාරන මෙහෙයුම නිසා බව සිහියට ගැනීම ඉතාමත් වැදගත්ය.

පලාත් පාලන මැතිවරණ පනත සංශෝධනය මන්දගාමීව කරන්නට ගොස් සිදුකර ගත්තේ යලිත් පිරිසිදු කරගත නොහැකි ගානට දේශපාලනයේ ක්ෂේත‍්‍රයේ අපවිත‍්‍ර වීමය. පලාත් පාලන ආයතන නැති නිසා නගර අපවිත‍්‍ර වුවාට වඩා කුණු ගොඩක් මේ මැතිවරන පනත සමග සෙල්ලම් කරන්නට ගොස් ආණ්ඩුව ගා ගත්තේය. ඊට අමතරව ඒ ජන්දය කල් දැමීමෙන් තවත් පැත්තකින් සිදු වුනේ නාගරික හා ග‍්‍රාමීය ක්ෂේත‍්‍රයේ පරිපාලනය කඩා වැටීමය. අනෙක් අතට මේ නිසා පලාත් පාලන අමාත්‍යංශය හිමි පක්ෂය ලෙසින් ශ‍්‍රීලනීපයට වැදුනේත් නරක පහරකි. මට හිතෙන හැටියට පළාත් පාලන ඇමතිතුමා කොච්චර විශාලෙට කටවුට් ගැසුවත් දැන වැටී තියෙන්නේ කවමදවත් ම ජනතාවගේ ජන්දයකින් දිනන්නට බැරි තරම් අගාධයකට ය.

දැන් අගමැති තුමා විසින් 20 සංශෝධනය ගෙනත් ඇත්තේ මෙවැනි පරිසරයකටය. මේ සංශෝධනයෙන් කියන්නේ එකකි. කෙරෙන්නේ තවත් එකකි. මේ මගින් බලාපොරොත්තු වනවා යැයි කියන්නේ සියලූ පලාත් සභාවල ජන්දය එක දිනක තියන්ටය. ලිච්චවී පන්නයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් යෝජනා කරන නිසා එසේ එක දිනක ජන්දය තියන එක හොද දෙයක් යැයි මොහොතකට සිතුවත් එසේ ජන්දය එකට පැවැත්විය යුත්තේ පලමුවෙන්ම කාලය නිමා වෙන පලාත් සභාවේ දිනයට මිස අවසාන පලාත් සභාව දක්වා අනෙක් ඒවා ජනතාවගෙන් අහන්නේ නැතිව අල්ලාගෙන සිටීමෙන් නොවන බව සාමාන්‍යයෙන් තේරෙන අයගේ මතයය. ජනතාවගේ බලයක් ඔවුන්ගේ අනුමැතියකින් තොරව අල්ලගෙන ඉන්නවා යනුම කිසිම ලිච්චවී ධර්මයකට අයිති එකක් නොව මහ දවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කරන ක‍්‍රියාවක් බව අපි තේරුම් ගත යුතුය. 1975 මැතිවරණය පවත්විය යුතු දිනට වඩා එක දිනයක් වත් පාර්ලිමේන්තුවේ සිටීමට තමන්ට වරමක් නැතැයි කියා දකුනු කොළඹ ආසනයෙන් ඉල්ලා අස් වූනේ ජෙ ආර් ජයවර්ධන මහතාය. ඒ මහතාගේ පක්ෂයේ අද සිටින නායකයෝ කියන්නේ එද ජයවර්ධන මහතා කළ වැඬේ වැරදි වැඩක් කියා දැයි මා දන්නේ නැත.

මේ 20 සංශෝධනයට විරුද්ධ බව එළිපිටම කීවේ නිල ශ‍්‍රීලනීපයත් එකාබද්ධ විපක්ධයක් ජෙවිපෙත් පමණය. අද සමහර පලාත් සභාවල ශ‍්‍රීලනීපයේ හා ඒකාබද්ධයේ පලාත් සභා මන්ත‍්‍රීවරු 20 සංශෝධනයට පක්ෂව ජන්දය දෙන්නේ තම තමන්ගේ පක්ෂවල තීරණවලට විරුද්ධවය. මේ පලාත් සභා මන්තී‍්‍රවරුන් 20 සංශෝධනයට පක්ෂවීමෙන් කියන්නේ ජනතාවගේ ජන්ද අයිතිය නියමිත දිනයට පසුව අල්ලාගෙන සිටිම නිවැදියි ඔවුන සිතන බවය. ජනතාවගේ නියෝජතයෝ මේ කොකා පෙන්වන්නේ ජනතාවටය. මේ කාරණය ජන්ද දයකයින් හරියටම තේරුම් ගත යුතුය. තමන්ගේ ජන්ද අයිතිය නියෝජනය කරන්නට පලාත් සභාවලට යැවු නියෝජතයින් ජනතාවගේ ඒ අයිතිය යලිත් ජනතාවට ලබාදිමට එරෙහි වන්නේ නම් ඒ කිසිම සභිකයෙක් අපි නැවත පලාත් සභාවලට පත් කර යැවිය යුතු නැත. මේ රටේ මාධ්‍ය සිවිල් සංවිධාන හා බුද්ධිමතුන් මේ ගැන අවධියෙන් සිටිය යුතුය. 20 කණ්ඩායම ලෙසින් නම් කළ හැකි මෙ පිරිස හැර ඕනැම අයෙක් ඒ ඒ පක්ෂවලින් පලාත් සභාවලට යැවීම සදහා ජාතිකමය වූ කථිකාවක් ඇති කර ගත යුතු බව මගේ අදහසය.

අනෙක් අතට ශ‍්‍රීලනීපයේ හා ඒකාබද්ධයේ නායකයින් සිතිය යුත්තේ එජාපයේ මේ ගුග්ලි පන්දුවට නිපරාදේ දැවී නොයා යුතු බවය. මේ සියල්ල මැද පක්ෂයේ හා ජනතාවගේ තීරණය තමන්ගේ තීරණය කරගෙන 20 වන සංශෝධනය පරාජයට පත් කළ ඌවේ ප‍්‍රධාන ඇමතිතුමා ඇතුලූ ශ‍්‍රීලනීප හා ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරුන්ට අපගේ ප‍්‍රනාමය හිමි විය යුතුය.

ආචාර්ය චරිත හේරත්
01 -09- 2017 – Lankadeepa

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress