තිළිණ සල්ගාදුට ආරක්‌ෂාව 
Posted on September 6th, 2017

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන උපුටා ගැන්ම දිවයින

ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට සහ එහි නිලධාරීන්ට අදාළ තොරතුරු රැසක්‌ හෙළි කළ එම සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් තිළිණ සල්ගාදු මහතාට සහ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන්ට ආරක්‌ෂාව ලබාදෙන ලෙස බැඳුම්කර කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (06 දා) නියෝග කළේය.

තිළිණ සල්ගාදු මහතාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස නියම කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කොමිසමෙන් කරන ලද ඉල්ලීමට අනුව කොමිසම එම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress