නලින් ද සිල්ව නැමති පුහු චින්තකයා.
Posted on September 7th, 2017

බෝධි ධනපාල, කිබෙක්,  කැනඩාව

නලින් ද සිල්වා මයා ගැන ලංකාවෙබ් ප්ත්‍රයෙහි පලවෙන ලිපි බලා ඔහු පිලිබඳව මගේ අත් දැකීම් ද  සටහන් කිරීමට සිතුනි. සිල්වා මහතා කොලඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය සඳහා බී එස් සී උපාධියක් ලබා ගත්තේය. එය ගැන ලියමින් සිල්වා මහතා කිව්වේ ඔහු සිංහල බෞධ ආචාර්ය වරුන්ගෙන් කිසිවක් උගත්තේ නැති බවය. එදාත්, (අදත්) ඔහුට සිංහල බෞද්ධයන්ට අපහාස කිරීමට අවශ්‍ය තාවයක් තුබුනි. පසුව මහා සිංහල බෞධයෙකු ලෙස පෙනී සිටමින් බුද්ධාගම ගැනත්, ඕල්කොට තුමා සහ අනගාරික තුමා ද ඉක්මවා යමින් තමන්ගේ බෞධත්වය නැගවීමට තැත් කරන මුත්, මුලදී ඔහු අමු මාක්ස්වාදියෙක් විය. අරමුන හොඳ නම් එය දිනා ගැනීමට හැකිනම්  කුමන ක්‍රමයක් යොදාගත්තත් කමක් නැත (end justifies the means) යන අබෞද්ධ තිරිසන් දර්ශණය සිසුන් අතර  පතුරව්මින් සිට ආචාර්ය උපාධියක් කරන්නට යයි සසෙක්ස් නැමැති එංගලන්ත සරසවියට සිල්වා මහතා ගියේය.

නමුත් සසෙක්ස් සරසවියේදී සිල්වා මහතා ඔහුට අදාල කෘතිය වෙනුවට වෙන මගඩි වල නියලුනේය. ඔහු විසින් ම ඉතාම පුරජේරිවෙන් කියා ඇත්තේ රට ගිය වහාම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සටන්කාමික සගයෙකු වශයෙන් වැඩ කල බවය. ලංකාවේ පුර වැසියාගේ සල්ලි වලින් ඉගෙනගන්න යැයි රට ගොස් සිල්වා මහතා ඒකයි කලේ. ආචාර්ය උපාධියකට සාමාන්‍යයෙන් අවුරුදු 4ක් වත් ඉගෙනීම් සහ පර්යේෂණ කල යුතුය. නුමුත්, අවුරුද්දක් වත් යන්නට පෙර සිල්වා මහතා තමාගේ උපාධියට අනුසාසනා කරන මහාචාර්යයාට  කිව්වේ තමාට මෙම අන්දමේ “පට්ට පල් බොරු  බටහිර විද්‍යාව” ඉගෙනීමට නොහැකි බවත්, අප්‍රිය බවත්, ආපසු යෑමට අවශ්‍ය බවත් ය. මිදි වල්ල තිත්ත වූ නරියාගේ කතාව කවුරුත් දනී. තවද, සිල්වා මහත ගැට කාරයෙක් බවද, පෙරලිකාරයෙක් බවද එම දෙපාර්තමේන්තුවේ කවුරුත් මෙවකට තේරුම් ගෙන තුබුනි. එහෙයින් මහාචාර්ය වරයා මෙම ඉල්ලීමට ඉතා කැමති විය. නුමුත්, උපාධියක් නැතිව සිසුවෙක් යෑම දෙපාර්තමේන්තුවට පමනක් නොව, සරසවියට ද පාඩුවකි. එනම්, එංගලන්තයේ යම් සරසවියකට  දෙන මුදල් ප්‍රතිපාදනය එම සරසවියෙන් පිටකෙරෙන උපාදිධරී සංඛ්‍යාවට අනුපාතික වෙන හෙයිනි. එහෙයින් මහාචාර්ය වරයාට උවමනා උනේ සිල්වා මහතාව හනික ලංකාවට ආපසු යැවීම පමනක් නොව, ඔහුගේ නාමයෙන් දෙපාර්තමේන්තුවට ලැබෙන දීමනාවද බේරාගැනීමය. එහෙයින් ඔහු සිල්වා මහතාට කිව්වේ තම   කණ්ඩායම කරන පර්යේෂණයකට ඔහු ද සම්මදම් වී තව හය මාසයක් වත් ඇත්තට වැඩ කරමින්  රැංදී හිටියොත් උපාධියත් ලාබෙට අරගෙන ලංකාවට යා හැකි බවය. එනම්, ඩිංගක් හෝ වැඩ කොලොත් සිල්වා මහතාගේ නාමයද ලාබෙටම අර කන්ඩායමෙන් ලියන ලිපියක කතෘ නාම පෙලට දාන්න හැකි බවය.   එම විධියට සිල්වා මහතා උපාධි කොලයද පෙරලියෙන් සහ ලාබෙන් ලබාගෙන ලංකාවට ඇවිත් කිව්වේ කුමක්ද? ඔහු කිව්වේ තමා ඉතාම දක්ෂ හෙයින් තමාට මාස 18කින් ආචාර්ය උපාධියක් ප්‍රධානය කෙරුනු බවය!

සිල්වා මහතා සසෙක්ස් සරසවියට  ගියේ සාපේක්ෂතා වාදය ඉගෙනීමටය. නුමුත් වැඩි කලක් එහි නොසිටි හෙයින් ද, එයින්ද  වැඩි කොටසක  බ්‍රිතාන්‍ය දෙශපාලන පක්ෂ වැඩ වලට ගත කල හෙයින් ද, සිල්වා මහතා ලංකාවට පැමිනියේ ගණිතය හෝ සාපේක්ෂ තා වාදය හෝ කිසිසේත් හදාරා නොවේ. නුමුත් ඔහු ලංකාවේ පෙනී සිටියේ තමා ගණිතයත්, සාපේක්ෂතා වාදයත්, භෞතික විද්‍යාවත්  ගැන හසල දැනීමක් ඇති අසහාය චින්තකයෙක් ලෙස පෙන්වමින්ය. හිස් කලය හය්යෙන්ම සද්ද කරන බව කවුරුත් දන්නා නුමුත් සිල්වා මහතාගේ ඒ හිස් බව, පුහු බව කෙලින්ම නොපෙනෙන්නට හේතුවක් විය. විද්‍යඥයෙක් නොවූ වත්, පෙරලිකාරී දේශපාලනයට සහ අන්‍ය්යන්ට පහර ගැනීම අතින් සිල්වා මතාට උපරිම ශක්තියක් තුබුනි.

බොරු ආචර්ය කොලයද ගෙන ලංකාවට පැමිනි සිල්වා මහතා සරසවිය තුල කල පෙරලි ගැන, සිසුන් සංවිදානය කරමින්, නොමග යවමින්, පාඩම් කරනවා වෙනුවට සටන්කාමීත්වය පුහුනු කරමින් කල මගඩි අන්තිම උනේ කොලඹ ගණිත දෙපර්තමේන්තුවේ ප්‍රධාන ආචාර්ය වී කේ සමරනායක මහතා ට අඩන්තේට්ටම් කරමිනි, මහචාර්ය ඈපාසිංහ මහතාට තර්ජනය කරමිනි. අන්තිමේදී සිල්ව මහතා කොලඹ සරසවියෙන් නෙරපා දැමුනි. ටිකක් කලක් රස්සවක් නොමැතිව සිටි සිල්වා මහතා ඔහිගේ මිතුරෙකු කැලනි සරසවියේ ඉහල තැනකට එනකන් සිට, අලුතෙන් පත් වූ ආණ්ඩුවක සහායද ලබාගෙන කැලනිය ගණිත අංශයට කථිකාචාර්ය වරයෙක් ලෙස පත්විය. එදා සිට කැලනිය විද්යා පීඨය විකාර පීඨයක් බවට පත්කර මහා පෙරලියක් කිරීමට සිල්වා මහතා පටන් ගත්තේය.

නුමුත් සිල්වා මහතාගේ පුහු බව වැසී ගියේ එකල ප්‍රබාකරන් නැගී සිට ඊලම් යුද්ධ පටන් ගත් හෙයිනි. ඔහු ඊලම් වාදයට සහ දෙමල ජාති වාදයට දක්ෂ ලෙස පුවත් පත් ලියුම් ලියමින් උද්ඝොෂන කරන්නට පටන් ගත්තේ ත්‍රස්තයන් සමඟ සාම සාකච්චා කිරීම නියම ක්‍රමය යැයි කිව් මැති ඇමති වරු සිටි අවිචාර සමයකය දීය.  එහෙයින් සිල්වා මහතා ඉහලම පෙලේ දෙශ ප්‍රේමීයෙක් ලෙස නමක් ලබාගැනීමට ප්‍රමුඛ විය. නුමුත් ඔහුගේ ඊලම් විරෝධී ලිපි වල පවා තුබුනු පුහු ලක්ෂණයක් වූයේ, එහි ද තමා සාපේක්ෂතා වාදය සහ අයින්ස්ටයින් ගේ මත දන්නා බවද, නුමුත් “බටහිර විද්‍යාව” පට්ට පල් බොරුවක් බවද නිතොරවම, අනවශ්‍ය තැන් වලද,  සඳහන් කිරීමය. මීට හේතුව මේ හිවලා තවමත් මිදි වැල තිත්තයැයි කියමින් තමාගේ අසාථකත්වය වසා ගැනීමට තැත් කරන  බව බොහෝ දෙනා නොදැන සිටියේ ඔහු ගේ ආචාර්ය උපාධිය සැබෑ ලෙස අවුරුදු 4ක් පර්යේෂණ කොට ලබා ගත්  උපාධියක් යැයි මහ ජනයා සිතූ හෙයින් ය.

 සිල්වා මහතාගේ විද්‍යා නූගත් කම මට පැහැදිලි වූයේ දන්ත වෛද්‍ය මහාචාර්ය  අසෝක අමරසිංහ මහතා විදුසරට ලිව් ලිපි වලට සහාසික ලෙස පහර ගහමින් නලින් ද සිල්වා මහතා ලියන්නට පටන් ගත් අමූලික බොරු වලින් පූර්ණ ලිපි මා දුටු විට ය. තව්ද, ඔහු අයිලන්ඩ් පත්‍රයට ඉංග්‍රීසියෙන් ද විද්‍යාව “පට්ට පල් බොරුවක්” යැයි කියමින් විකාර ලිපි පල කලේය. මහාචාර්ය කර්ලො ෆොන්සෙකා වනි කිහිප දෙනෙක් හැර, සිල්වා මහතාට විරුද්ධව ඇත්තක් කීමට කිසි කෙනෙක් ඉදිරි පත් වූයේ නැත. ඊට හේතුව, “ලංකා විත්ති”,  රංජිත් සොයිසා යනාදී සිල්වා මහතාගේ බොහෝ ඇම්බැට්ටයො ද සිටියේ කිතුල් පොලු දරාගෙන සිල්වා මහතා කියන ඕනෑ බොරුවක් සනාථ කිරීමටය.   ඔවුන්ගේ ඉතා පටු මතය වූවේ  සිල්වා මහතා ගේ වැරදි දැක්වීම සිංහල රටට පාඩු වන, ඊලම් සටනට ලාභ වෙන කතාවක් ලෙසය!  

සිල්වා මහතා දක්වන විද්‍යා මත සාවද්‍ය බව මම මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතාගෙන් ද, මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන මහතා ගෙන් ද විමසා තහුවරු කර ගත්තෙමි. ඉන් පසු සිල්වා මහතාගේ බොරු විද්‍යා ප්‍රකාශ හෙලි කිරීමට මම පටන්ගත්තෙමි. එකල විදුසර සඟරාව නලින් සිල්වා නැමති පුහු “චින්තකයට”, “බොරු විද්‍යාඥයා” ට සින්නක්කාර ලෙස දී තුබුනු කාලයක් හෙයින් සිල්වා මහතා ගේ යතා තත්ත්වය හෙලි කිරීමට අපට ඉඩක් ලබා ගැනීමට මහාචර්ය ධර්මවර්ධන සහ මහාචාර්ය තෙන්නකෝන් ද සහාය යොමු කිරීමට අවශ්ය වි. මෙහිදී ලංකාවෙබ් කතුවරයාගේ පිහිට සහ විද්‍යා නිපුනත්වය ඉතාම ප්‍රොයෝජනවත්  විය.

සාපේක්ෂතා වාදය තබා E=MC2 යන සූත්‍රය වත් පැහදිලි ලෙස සිල්වා මහතා නොදන්නා බව ලෝකයාට දැක්වීමට අපට හැකි විය. ස්කන්ධයක් නැති ෆෝටොනයට ස්කන්ධයක් ඇතැයි කීමට තරම් සිල්වා මහතා නූගත් විය, සහාසික විය. එය වසා ගැනීමට බුද්ධගෝෂ හිමියන් පටලවා බුදු දහමටත් වින කිරීමට සිල්වා මහතා තැත් කලේය. එක ආලෝක ධාරවක් හරහා  තවක් ආලෝක ධාරවකට යන්නට හැකි බව අපි කවුරුත් දනිමු, සාමාන්‍ය පොදු පෙල සිසුවෙක් පමණක් නොව, ටෝච් එලි දෙකක් යොදා බැලූ ඕනා කෙනෙක් දනී. නුමුත් භෞතික විද්‍යාවෙහි හසලයෙක් මෙන් පෙන්නමින් සිටි සිල්වා මහතා මෙය නොදැන සිටියේය. අලෝක ධාර දෙක ඇට බෝල ප්‍රහාර දෙකක් මෙන් විසිරී යන බව ඔප්පු කිරීමට ද මෙම පුහු චින්තකයා ඉදිරිපත් ව  විදුරැස ට ලිපියක් ද ලිව්වේය – එවැනි අවිචාර  ලිපි විදුරැස පල කෙලේය! සිල්වා මහතා ගේ පුහු ලිපි තවම්ත් විදුරැස සඟරාවෙහි පූර්වස්ථව, කැපී පෙනෙන ලෙස  දක්වා ඇත!

මෙම විවාදය යන කාලයේ දී සිල්වා මහතා අපට කදිම අභියෝගයක් කලේය. තමාට ගුරුත්වාකර්ෂණයක්  නොදැනෙන බවද, ගුරුත්වාකර්ෂණයක් යන්නක් නොමැති බවද, එවන්නක් බෝධි ධනපල විද්‍යා මාන කරන්නේ නම් නලින් ද සිල්වා මහතා නාථ දෙවියන් විද්‍යාමාන කරන බව ද, එය සඳහා මට ලංකාවට පැමිනීමට ගුවන් ටිකට් එකක පවා දෙන්න සූදානම් බහව ද කීය. අහිකුන්ටිකයා නයා පෙන්න ගණනට නාථ දෙවියන් සිල්වා මහතාට වෙන්වීමට නොහැක. ඔහු විකාර දොඩවන බව පැහැදිලි මුත් මෙය ට දල වශයෙන් එකඟ වූ විට සිල්වා මහතා වහා අභියෝගය වෙනස් කලේය. ගුරුත්ව ආකර්ෂණයක් නොව, ව්‍යුක්ක්ත (abstract) ගුරුත්ව ආකර්ෂණ බලයක් දැකිවිය යුතු යැයි සිල්වා මහතා අලුතෙන් කීය. තවද, මගේ ලිපියෙහි සිල්වා වෙනුවට සිවලා යැයි යම් තැනක සඳහන් වී ඇතැයි ද, එහෙයින් ම ඔහු වැනි උත්තරීතර පුද්ගලයෙකුට අපහාස කෙලේ යැයි ද, කපටි සිවලෙකුට සමාන කලේ යැයි ද  චොදනා කලේය! අභියෝගය එතැනින්ම එවර විය. අපි අභියෝගය නොගෙන, ඔහුට අපහාස කොට පලා ගියේ යැයි චෝදනා කලේය!  

නිව්ටන් ආකර්ෂණ බලයක් ඇති බව දැක්වූ මුත්, එය ඇතිවන්නේ කෙසේ දැයි පැහැදිලි කලේ නැත. ගුරුත්ව ආකර්ෂණය මෙන් විද්‍යා මාන වන්නෙ අවකාශ-කාලයේ වක්‍රාතාවය බව අයින්ස්ට්යින් යෝජනා කලේය. මෙයින් ගුර්ත්ව ආකර්ෂණයක් නැතැයි තීරණය කිරීම වැරදි බව අයින්ස්ටයින් ම පැහැදිලිවම ඔහු ගේ පොතෙහි දක්වා ඇති බව්ට පිටු පවා දක්වමින් සිල්වා මහතාට කරුණු හුවා දැක්කූවෙමු. නුමුත් සිල්වා ට හෝ සිවලා ට හෝ, එයින් වැඩැක් ලැබුනේ  නැත!

සිල්වා මහතා දන්නා බුදු දහමක් නැත. ඔහු කාලාම සූත්‍රයට විරුද්ධ වන්නේ එහි ඇති විද්‍යානුකූල ක්‍රමය නිසාය. එහෙයින් එයට අලුත් තේරුමක් දී තිරශ්චීන (ගුප්ත ) විද්‍යා වලට ඉඩක් දීමය. නැකැත් බැලීම, පේන ඇහීම වැනි දේට, යකුන් භූතයන් ඇදහීමට  සිල්වා මහතා ඉඩක් සොයයි.

නවීන ව්ද්‍යාව ඒබ්‍රහමික ආගම් වලින් එන්නක් යැයි ඔහු කියන්නේ නවීන විද්‍යාවේ ග්‍රීක් පදනම, හෙරක්ලීටස්, සොක්‍රටීස්, ප්ලේටො, අර්කිමෙඩිස්, ආදීන් අමතක කරමිනි. ග්‍රීක චින්තනය ට පසු බිම් වූයේ ඊට ස්වල්ප කලක් ප්‍රථමයෙන් වූ ඉන්දීය බෞද්ධ චින්තනයයි. මෙය සේද මාර්ගයේ (silk road) තවලම් වලින් ග්‍රීකයට ද පැමිනියේය. විද්‍යාවේ ක්‍රමය කාලම සූත්‍රයෙහි, ඥන සූත්‍රයෙහි, සහ “එහි පස්සිකො” ධර්මයෙහි ප්‍රථමයෙන්ම ප්‍රකාශ කොට ඇත.

පුහු චින්තනය අත හැර දමා සිල්වා මහතා ලංකාවේ දරුවන් නොමග යැවීම නතර කොට, නිකන් ඉන්න බැරි නම්  නැවතත් එංගලන්තයට ගොස් කම්කරු පක්ෂයේ සටන්කාමියෙක්  ලෙස කටයුතු කිරීමට හෝ, නාථ දෙවියන් පෙන්නමින් නගරයෙන් නගරයට යමින් සිටීම්ට ද හැකි බව සලකන්න.

4 Responses to “නලින් ද සිල්ව නැමති පුහු චින්තකයා.”

  1. Senerath Says:

    If these alegations are true, it is extremely dissapointing to all patriots.

  2. NAK Says:

    Are those attacking Dr.Nalin Silva now were defenders of Glyphosate in the recent past?

    It looks as if ‘when you can’t win the argument try and destroy the arguer’.

    This article contains a lot of allegation but nothing to substantiate them just like the ‘Jahapalana’ campaign did before 8th Jan 2015.

  3. NeelaMahaYoda Says:

    He is not a patriot, but an opportunist.
    Read this and read his posts on Kalaya, and draw you own conclusions
    ඔහු සිංහල බෞධ ආචාර්ය වරුන්ගෙන් කිසිවක් උගත්තේ නැති බවය. එදාත්, (අදත්) ඔහුට සිංහල බෞද්ධයන්ට අපහාස කිරීමට අවශ්‍ය තාවයක් තුබුනි. පසුව මහා සිංහල බෞධයෙකු ලෙස පෙනී සිටමින් බුද්ධාගම ගැනත්, ඕල්කොට තුමා සහ අනගාරික තුමා ද ඉක්මවා යමින් තමන්ගේ බෞධත්වය නැගවීමට තැත් කරන මුත්, මුලදී ඔහු අමු මාක්ස්වාදියෙක් විය. අරමුන හොඳ නම් එය දිනා ගැනීමට හැකිනම් කුමන ක්‍රමයක් යොදාගත්තත් කමක් නැත (end justifies the means) යන අබෞද්ධ තිරිසන් දර්ශණය සිසුන් අතර පතුරව්මින් සිට ….

  4. Senerath Says:

    Neither Naliln nor any other fool should assume readers are fools. They are able to read between lines. They have eyes, brains as you do. They don’t trust every word written in Internet. When looked at carefully, people will surely see the inconsistencies.
    I got to know about this person called Nalin through this web site. Reading his articles, comments, I came to a conclusion that he is a supporter of Sinhala Buddhist “nationalism”. I never agreed with his other ideas but he is someone who is able to show his arguments with evidence ( it is up to the reader to veryfy this evidence).

    “අරමුන හොඳ නම් එය දිනා ගැනීමට හැකිනම් කුමන ක්‍රමයක් යොදාගත්තත් කමක් නැත” is the same as survival of the fittest concept of Darwin and the west and I do agree with Dhanapala that it is a “තිරිසන් දර්ශණය” based on Darwin’s evolution “concept”, not a theory. “IF” Nalins has spread that concept he too in not a patriot but a තිරිසන් දර්ශණ spreader !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress