GMOAට වචනයක්‌
Posted on September 10th, 2017

මහාචාර්ය චූලා ගුණසේකර හිටපු පීඨාධිපති පේරාදෙණිය විශ්වවිද්‍යාලය උපුටා ගැන්ම දිවයින

දේශපාලකයන්ට විවිධ අදහස්‌ ඇත. ඒවා බොහෝ විට තම පටු පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට උපකාරී වන ඒවාය. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ආයතනයක්‌ මෙවැනි පටු සිතුවිලිවලට ඉහළින් සිටිය යුතුය. නමුත් ඔබ කොතරම් දෛනික යුක්‌ති සාධනය කළත් ඔබ සංගමය දේශපාලනීකරණය වී ඇති බව දැන් පැහැදිලිය. එසේ කියන්නේ ඔබගේ ක්‍රියාදාමයන් රටේ පුරවැසියන්ගේ හෝ ඔබ සමාජිකයන්ගේ යහපතක්‌ නොවන නිසාය. පසුගිය දශක කිහිපය තුළ ඔබ සංගමය රටේ සංවර්ධනයට දැක්‌වූ දායකත්වය ගැන සිතන්න.

නිදහස ලබා වසර 70 ක්‌ ගතවුවද ශ්‍රී ලංකාව තවම දුප්පත් රටකි. එය, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි අතීතයේදී අපට සමාන රටවල් සමඟ සැසඳීමේදී පසුබැස ඇත. රටේ ප්‍රභූ පිරිසක්‌ නියෝජනය කරන වෘත්තීය සමිතියක්‌ වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකාව ආර්ථික සහ සමාජ ප්‍රගමනය හරි මඟ ගෙන යැමට කටයුතු කළ යුතුය. අවාසනාවට මෑත කාලයේ එම සංගමය ගත් ක්‍රියාමාර්ග රටට සුබදායක ඒවා නොවේ. එය රට දිළිඳුකම, ව්‍යාකූලභාවය, අසමානතාවය සහ දූෂණය වෙත රට ගෙන යැමේ ගමනක්‌ අරඹා ඇත.

සංවර්ධිත රටවල් මුලින්ම සමාජ සම්මතයක්‌ සකස්‌ කළහ. එය එම රටවල ආර්ථික වර්ධනයේ අඩිතාලම විය. සිවිල් සමාජය එම රටේ පිටත තත්ත්වය පහත් කරන ක්‍රියාවලට විරුද්ධව දේශපාලනික පක්‌ෂග්‍රාහීතාවය තීරණ ගන්නා අතර රටේ ජීවන තත්ත්වය වර්ධනය කරන කටයුතු ඇති කිරීමට උත්සුක වෙයි. සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය, නීතිය සහ සාමය, පර්යේෂණ සහ නවෝත්පාදනය වැනි සංවර්ධනයේ කුලුනු ආරක්‌ෂා කිරීමට උත්සුක වෙයි.

රටේ පරිපාලන පද්ධතිය සකස්‌ව ඇත්තේ ඉහත දැක්‌වූ ප්‍රතිමානවලට උපකාරී වීමට, ආදරය කිරීමට සහ ඒවාට ආදරය කරන්නට සහ ආධාරවලට අනුබල දීමටය. නමුත් වෘත්තිය සමිති කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටට වැඩක්‌ කරන තම සාමාජිකයන්ට පවා ජීවිතයට අත්‍යවශ්‍ය ලෙස සලකන සුඛෝපභෝගී භාණ්‌ඩ වන දුම්රිය,අහස්‌ යාත්‍රා සහ මෝටර් රථ, විදුලිය, ස්‌මාට්‌ පෝන්, පරිගණක, වායුසමන යන්ත්‍ර ශීතකරණ, රූපවාහීනි සහ රේඩියෝ මේ සියල්ලම වෙනත් රටවල නිෂ්පාදනය කරන අප ආනයනය කරන භාණ්‌ඩ වේ. මේවා අප ආනයනය කරන්නේ දුප්පතුන් ගැන කොසලකාය. එලෙසම අප අධ්‍යාපනයට ඇති සහ නවෝත්පාදනයට ඇති සියලුම මාවත් අහුරා අහිංසකයන් තවදුරටත් දුකට පත්කිරීම යුක්‌ති සහගත නොවේ. ඉහත දැක්‌වූ රටේ අධ්‍යාපනය ස්‌ථාවර ලෙස පවත්වාගෙන යැම ස්‌ථාවර රජයන් පැවතීමත් අදහස්‌ වේ. ඉහත දැක්‌වූ කාරණා පිළිබඳව ස්‌ථාවරත්වයක්‌ නැත්නම් අපගේ අනාගතය අඳුරුය. එම නිසා මම මෙම ආයාචනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සහ එහි සමාජිකත්වයෙන් ඉල්ලමි. සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යැම සහ අධ්‍යාපනය රටේ දියුණුවට අත්‍යවශ්‍යයය. ලන්ඩන් සහ පැරිස්‌ යන නගරවල වාසය කිරීමට සහ දැකබලා ගැනීමට බොහෝ දෙනෙක්‌ කැමතිය. මෙම නගරවල පමණක්‌ ලංකාවේ ජනගහණයට සමාන පිරිසක්‌ වාසය කරයි. නමුත් අපගේ සහ ඔවුන්ගේ ජීවන මට්‌ටම්වල විශාල වෙනසක්‌ ඇත. ඔවුන්ගේ රහස නම් ඔවුන් නිපුණතා යාවත්කාලීන කර ගැනීමයි. අපටත් එවැනි ඉහළ ජීවන තත්වයක්‌ ඇති කර ගැනීමට නම් අපගේ ඊළඟ පරම්පරාවටවත් නිසි අධ්‍යාපනයක්‌ සහ නිපුණතා ලබාදිය යුතුයි.

දේශපාලකයන්ට විවිධ අදහස්‌ ඇත. ඒවා බොහෝ විට තම පටු පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට උපකාරී වන ඒවාය. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ආයතනයක්‌ මෙවැනි පටු සිතුවිලිවලට ඉහළින් සිටිය යුතුය. නමුත් ඔබ කොතරම් දෛනික යුක්‌ති සාධනය කළත් ඔබ සංගමය දේශපාලනීකරණය වී ඇති බව දැන් පැහැදිලිය. එසේ කියන්නේ ඔබගේ ක්‍රියාදාමයන් රටේ පුරවැසියන්ගේ හෝ ඔබ සමාජිකයන්ගේ යහපතක්‌ නොවන නිසාය. පසුගිය දශක කිහිපය තුළ ඔබ සංගමය රටේ සංවර්ධනයට දැක්‌වූ දායකත්වය ගැන සිතන්න. මා මේ කතාකරන්නේ සංගමයේ සාමාජිකයන් පෞද්ගලිකව, ස්‌වේච්ඡාවෙන් හෝ තනි ධෛර්යයෙන් සිදුකළ දේවල් පිළිබඳව නෙවෙයි. මට නම් මතක තිබෙන්නේ විවිධ ධනාත්මක කටයුතුවලට විවධාකාරයෙන් ඔබ සංගමය දැක්‌වූ විරුද්ධතා පමණි. සමහර විට ඔබ සංගමයේ සාමාජිකයන් පවා ගත් පියවරයන්වලට මම විරුද්ධව අකුල් හෙලා ඇත. ඔබ සාමාජිකයන් විවිධ මට්‌ටමින් අධ්‍යාපනයට විශාල දායකත්වයක්‌ දැක්‌වුවද සංගමයක්‌ ලෙස ඔබ අධ්‍යාපනයේ මිතුරෙක්‌ නොවෙයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 80 දශකයේදී වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයට (PGIM) වලට විරුද්ධ වූ අතර එම ආයතනයේ ආරම්භක සම්මන්ත්‍රණවලට සහභාගී වූ සිසුන්ට මරන තර්ජන පවා එල්ල කරන ලදී. එය අතිරේක වෛද්‍ය වෘත්තික අධ්‍යාපනයට විරුද්ධ වූ අතර අප විශාල වෛද්‍ය හිඟයකට මුහුණ දී ඇති අවස්‌ථාවක පවා මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කළේය. නිසි මාර්ග අනුගමනය කළේ නම් අපට මෙම වෘත්තිකයන් මනා ලෙස ක්‍රියාවේ යෙදවීමට හැකියාවක්‌ තිබුණු අතර හොර වෙදුන්ට ග්‍රාමීය සහ දිළිඳු පළාත්වල කටයුතු කිරීම වළක්‌වාලිය හැකිව තිබුණි. නුවර සහ පේරාදේණිය රෝහල්වල වකුගඩු බද්ධ කිරීමට වෛද්‍ය සංගමය විරුද්ධ වූ ආකාරය තවම මට මතකය. වකුගඩු බද්ධ කිරීමේ වැඩපිළිවෙළ කොතරම් සාර්ථක වුණාද යත් දැන් එම රෝහල්වල හදවත් බද්ධ කිරීම්ද සිදු කරයි. වෛද්‍ය සංගමය හෙදියන්ට සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන්ට උපාධි ලබාදීමට 2006 ගත් උත්සහයට විරුද්ධ විය. එම ශිෂ්‍යයන්ට ඉගෙනීමට අවසර ලබාදුන්නේ 2007 වසරේදී ශේෂ්ඨාධිකරණයෙනි. මෙම උපාධිධාරීන් රජයේ වෛද්‍ය සේවාවේ අත්‍යවශ්‍ය අංශයක්‌ව ඇත. වෛද්‍ය සංගමයේ (PGIM) ආයතනය පිළියෙළ කළ බරපතළ ලෙඩුන් බලාගැනීමේ අධ්‍යාපන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමටද උත්සුක විය. මෙය 2010 පිළියෙළ කළේ ආධුනික වෛද්‍යවරුන්ටය. මේ නිසා අපට තවමත් මෙම සේවාව අහිමිය. එතෙක්‌ අපට අවදානම් රෝගීන් බලාගැනීමේ නිපුණත්වයක්‌ ඇති වෛද්‍යවරුන් සිටියා නම් බේරාගත හැකිව තිබුණු ඩෙංගු රෝගීන් ගණන විශාලය. අදත් වෛද්‍ය සංගමය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය යොදාගෙන මාස හයකට වඩා වැඩි කාලයක්‌ වෛද්‍ය ශිෂ්‍යයන් තම අධ්‍යාපන කටයුතුවලින් ඉවත් කර ඇත.

මෙවැනි ක්‍රියාමර්ගයන් 2006 වසරේදී එම සෞඛ්‍ය සිසුන්ට එරෙහිව ගනු ලැබිණි. මෙම උත්සාහය ඉදිරි මාස කිහිපය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යසනයක්‌ ඇති කිරීමයි. මෙම සියලු කටයුතු වල පව් ගෙවීමට සිදුවන්නේ පුරවැසියන්ට, ලෙඩුන්ට සහ වෛද්‍ය ශිෂ්‍යයන්ටයි. වෛද්‍ය නිලධාරී සංගමයට කිසිම ප්‍රශ්නයක්‌ වන්නේ නැත.

1990 දශකයේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සේවාවන් දියුණු කිරීමට විරුද්ධ වූහ. ක්‌ෂණිකමය තත්වයේ සිටින බරපතළ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සැලසුම් කර තිබූ වාට්‌ටු සාමාන්‍ය වාට්‌ටු බවට පත්විය. එම නිසා රෝගීන් බලන කාමරවලටද පොම්ප කළ ඔක්‌සිජන් ලැබුණි. සිරිමාවෝ බණ්‌ඩාරනායක ළමා රෝහල, මධ්‍යම පළාත් වැසියන් මුදල් එකතුකර සාදන ලද මෙයට වෛද්‍ය ශිෂ්‍යයන්ට ළඟාවීමටවත් ඉඩ ලබා දුන්නේ නැත. එය විශේඥ නොවන ළමා වෛද්‍ය සේවයක්‌ දක්‌වා පසුපසට රැගෙන ගියේ විශාල චෝදනා ගොන්නක්‌ ද සමඟය. විශ්මයජනක කාරණය වන්නේ එකල වෛද්‍ය බලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා දැන් සයිටම් ආයතනයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කිරීමය.

සෞඛ්‍ය රටක සම්පතයි. අපගේ නිදහස්‌ සෞඛ්‍ය සේවය අපරට වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට විශාල මෙහෙවරක්‌ කර ඇත. නමුත් අධ්‍යාපනයට පසුගිය දශක දෙක තුළ අඛණ්‌ඩ වැඩ වර්ජන නිසා මහජනයා තුළ සෞඛ්‍ය සේවය ගැන තිබූ විශ්වාසය ද බිඳ වැටී ඇත. එම නිසා පෞද්ගලික සෞඛ්‍ය සේවය දියුණු වූ අතර දැන් රෝගීන් 50% ප්‍රතිකාර ගන්නේ පෞද්ගලික රෝහල් වලිනි. රජයේ රෝහලේ සේවාව දැන් වෘත්තීය සාධකය මූලික වන අතර රෝගියා මූලික නොවේ. එය අප රජයේ සෞඛ්‍ය සේවය ඉන්දියාවේ තත්ත්වයට පසු බසිමින් පවතී. මෙම රාජ්‍ය සෞඛ්‍ය සේවය ව්‍යාපාරයක්‌ වෙමින් පවතී. ඉහළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහල් වෙත යැමට රෝගීන්ට සිදුවනු ඇත. ඔබගේ සංගමයේ සියලුම සාමාජිකයන් රටේ පුරවැසියන්ගේ මුදලින් ඉගෙනුම ලබා ඇත. තවද රජය ඔවුන්ට විශාල සහනාධාර ලබාදේ. නමුත් දිගින් දිගටම වන වැරදීම් නරක සේවය සහ අමිත්‍රශිලී සැලකිලි නිසා රටේ පුරවැසියන් වෛද්‍ය සේවය නඩත්තු කිරීම ප්‍රතික්‌ෂේප කරනු ඇත. අන් සියලු දෙනාම අපට විශාල පිටිවහලක්‌ වූ රජයේ රෝහල් සහ වෛද්‍ය සේවය රැකගත යුතුය.

අපගේ නිදහස්‌ අධ්‍යාපනය ද දැන් අවුල් ජාලාවක ගිලී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තමන්ට අදාළ නොවන බොහෝ කාරණා පිළිබඳව විරෝධතා දක්‌වමින් තම කාලය නාස්‌ති කරති. ශිෂ්‍යයන් ද තම අනාගතය පිළිබඳ අඳුරු චිත්‍රයක්‌ නිර්මාණය කර ඇත. ඔවුන් ශිෂ්‍ය සංගම් සමඟ කටයුතු නොකරයි නම් ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය පීඩාකාරී වෙයි. දැන් පවතින වෛද්‍ය ශිෂ්‍ය වර්ජනය ද එලෙසමය. අපගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය අඩාල කිරීමේ ප්‍රතිඵලය කුමක්‌ද? වෛද්‍ය ක්‌ෂේත්‍රයේ නව සොයාගැනීම් බහුලය. අප දන්නා කාරණාවලින් 50% වසර 5 කදී වෙනස්‌ වෙයි. එම නිසා අධ්‍යාපනයෙන් විවේක ගැනීමට නොහැකිය.

අප සෞඛ්‍ය සේවය සතුව විශාල තොරතුරු පර්යේෂණ සහ නවෝත්පාදන ඇත. නමුත් ඒවා රටේ යහපතට නොයෙදේ. වෛද්‍ය සංගමය එම සමාජිකයන්ට පර්යේෂණ කිරීමට අනුබල නොදෙයි. තම සාමාජිකයන්ගේ අධ්‍යාපන හෝ සමුළු සඳහා නිවාඩු ලබා ගැනීමට උනන්දු නොවේ.

ඔබගේ ක්‍රියාමාර්ගය දේශපාලනික මිස වෘත්තිය නොවන බව පැහැදිලිය. උදාහරණ ලෙස ලංකා වෛද්‍ය සභාව ( Sri Lanka Medical Council) වෛද්‍යවරුන්ගේ හික්‌මීම සහ අධ්‍යාපනය දියුණු කිරීම භාරව ඇති ආයතනයයි. එහි සභාපතිවරයා හමුවීමට මාධ්‍ය සමඟ යැම එම ආයතනයේ සභාපතිවරයාට කරන නොසැලකීමකි.

වෛද්‍ය උපාධිය දැන් ලොව අනෙකුත් රටවල්වල ලබා දෙන්නේ විවිධ විද්‍යාවන් පිළිබඳව දැනුම දෙන උපාධියක්‌ ලෙසයි. එසේ කිරීමට හේතුව වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමට අනෙක්‌ විද්‍යාවන් පිළිබඳව අවබෝධයක්‌ තිබිය යුතු නිසාය. වෛද්‍ය සංගමය උත්සාහ කරන්නේ රටේ වෛද්‍ය හිඟයක්‌ තිබියදීත් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යයන්ට ඇති ඉඩකඩ නැති කිරීමටයි. වෛද්‍ය විද්‍යාලවලට පශ්චාත් උපාධි පාඨමාලාවලට දොර විවෘත කළොත් ඇතිවන උද්ඝෝෂණ ගැන මට හිතා ගැනීමටවත් නොහැක.

ශ්‍රී ලංකාව තම අධ්‍යාපනය ලොව අනෙක්‌ රටවල් සමඟ තරගකාරී ලෙස පවත්වාගෙන යැමට අසමත් වී ඇත. සෞඛ්‍ය සේවා සපයන්නන්ට රටේ විශාල ඉල්ලුමක්‌ ඇත. එම නිසා රජයට බදු ගෙවන ජනතාවට අවශ්‍ය සේවාව සැපයීමට නොහැකි වී ඇත.

රටකට පර්යේෂණ හා නවෝත්පාදන අවශ්‍ය වේ. අප උද්ඝෝෂණ සංවිධානය කිරීමට නම් අති දක්‌ෂය. අපට වඩා හොඳ ජීවන තත්ත්වයක්‌ ලබාදෙන ලෙස අප රජයට නිතර බලකරන්නේ රජයට වියදම් කළ හැක්‌කේ අප උපයාදෙන මුදල පමණක්‌ ය යන කාරණාව නොසලකා ය. අප වැඩ කරන්නේ නැති නම් රජයට ආදායමක්‌ නැත. ලංකාවට විශාල දුරක්‌ යැමට ඇත. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ රටේ ජනතාවගෙන් 5%කි. දියුණු රටවල 40%ක්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වේ. උපාධියත් තුළත් අදායම් නොලැබෙන අතර අදායම් ලැබෙන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලැබෙන දැනුම මනා සේ යෙදවීමෙනි. විශ්වවිද්‍යාල උපාධිය යාවත්කාලීන විය යුතුය. මෙය සිදු කළ හැක්‌කේ ගුරුවරු සහ ශිෂ්‍යයන් ජනතාවට වගවීමෙන් පමණි. නිදහස්‌ අධ්‍යාපනය වගකීමෙන් නිදහස්‌ වන්නක්‌ නොවේ. ශිෂ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය රජයට විරුද්ධ උද්ඝෝෂණ කළ තරමට ලබාදුන් බලපත්‍රක්‌ නොවේ.

වැඩි වන වෘත්තීය ක්‍රියාමාර්ග වලින් සිදුවන්නේ ජනතාවට කරදර ඇතිවීම ය. ජනතාව නිදහස්‌ සෞඛ්‍ය සේවයට අරමුදල් ලබාදීම අනාගතයේ දී ප්‍රතික්‍ෂ්ප කරනු ඇත. විශ්වවිද්‍යාලවල සිදුවන ක්‍රියාමාර්ග නිසා මෙම ආයතන ගැන ඇති ආකර්ෂණය ගිලිහෙමින් පවතී. මෙය නිදහස්‌ අධ්‍යාපනයේ අවසානය සනිටුහන් කරනු ඇත.

වෛද්‍ය සංගමය මෙම තත්ත්වය දැන් නොදකිනු ඇත. නමුත් ඔවුන් විශ්‍රාම යන වයසේදී මෙය සිදු වනු ඇත. වෛද්‍ය සංගමයේ කටයුතු නිසා නිදහස්‌ අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ අවසානය සිදුවන බව මාගේ අදහසයි.

මහාචාර්ය චූලා ගුණසේකර
හිටපු පීඨාධිපති
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

One Response to “GMOAට වචනයක්‌”

  1. Christie Says:

    Thanks Professor.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress