විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ මියන්මාර තානාපති හමුවී සහාය පළකරති.
Posted on September 14th, 2017

වෛද්‍ය චන්න ජයසුමන 

මියන්මාරයේ (බුරුමයේ)  රඛිනේ පළාතේ ඇතිව ඇති තත්වය පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිලිබඳ කණගාටු වන බව අද සවස ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම් දුන්හ. මේ අවස්ථාවේ මියන්මාර බෞද්ධ ජනතාව සමග ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අත්වැල් බැඳ ගන්නා බව ද ඔවුහු පැවසුහ. පසුගියදා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තවාදී කණ්ඩායමකගේ අශෝභන හැසිරීම පිලිබඳ ශ්‍රී  ලාංකිකයන් ලෙස තමන් ලජ්ජාවට පත්වන බව නියෝජිත කණ්ඩායම දැනුම් දුන්හ. 

මේ අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩ බලන  මියන්මාර තානාපතිතුමා පැවසුවේ අන්තර්ජාතික මාධ්‍ය සහ  සමාජ ජාලාවල පළ වූ ඇතැම් ජායාරුප මීට දශයකට පමණ පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ දී  ලබාගත් ඒවා බවත් මෙය බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් බවත් ය. මියන්මාර ජනාධිපතිතුමාට යැවීම සඳහා විශේෂ ලිපියක් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තානාපතිවරයාට බාර දුන්නේය (ලිපිය අමුණා ඇත). මාදුරුඔය ධම්මිස්සර හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, ශ්‍රී ලංකා මියන්මාර මිත්‍රත්ව සංගමයේ සභාපති කුමාර සේමගේ  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2 Responses to “විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ මියන්මාර තානාපති හමුවී සහාය පළකරති.”

  1. Ratanapala Says:

    We applaud your just action to shed light on the real situation regarding the Rohingya Muslims. It is no doubt another attempt by Jihadist nations and the Christian West to destabilize the Buddhist nation of Myanmar – not very different to what they did in Sri Lanka with the Racist Tamil Tiger Terrorists – the LTTE!

    We know it is a sin to kill. It has its consequences. The point is there are Buddhists in Sri Lanka and in Myanmar who will go through the four hells to safeguard Buddhism if need be. Let the Jihadist Muslims know this and remember the treatment the LTTE was given.

  2. Lorenzo Says:

    As I said before SARATH W FOR PRESIDENT!

    We need MEN WITH A POLICY.

    We are tired of POLITICIANS talking POLITICALLY CORRECT nonsense.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress