විග්නේශ්වරන් අසත්‍ය දෙමළ ඉතිහාසයක් ගැන කියන්නේ පටු දේශපාලන වාසි ගන්නයි
Posted on August 8th, 2018

සකස්කලේ දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

ඉංග්‍රීසි පාලන කාලයේදී දෙමළ ජනපද ඇති කළ බව දැන දැනම උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් යළිත් අසත්‍ය දෙමළ ඉතිහාසයක් ගැන කියන්නේ පටු දේශපාලන වාසි ගැනීමට බව ආචාර්ය සූරිය ගුණසේකර පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ දෙමළ ජනතාවට සිංහල ජනතාවට වඩා ඉතිහාසයක් මෙරට තුළ ඇති බවට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පසුගිය දිනක කළ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ආචාර්ය සූරිය ගුණසේකර වැඩිදුරටත් මෙසේද පැවැසීය.

1966දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්තිගෝසු ඉන්ද්‍රපාල නමැති කථිකාචාර්යවරයා ආචාර්ය උපාධි නිබන්ධනය ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළා. ඒකෙන් බොරු ගොඩක් කියල තිබුණත් විශ්වවිද්‍යාලය ඒක පිළිගත්තා. ඒක නිසා දෙමළ මිනිසුන්ට හයියක් ආවා. ඉන් පසුවයි දෙමළ ඉතිහාසයක් ගැන කියන්න පටන් ගත්තෙ. 1947 දී තමිල් අරසුකච්චි නමැති දෙමළ දේශපාලන පක්ෂයවත් දෙමළ ඉතිහාසයක් ගැන කතා කළේ නැහැ.

කාර්තිගෝසු ඉන්ද්‍රපාල ඒ නිබන්ධනය මඟින් 1215ට පෙර යාපනයේ දෙමළ රාජ්‍යයක් තිබුණෙ නැහැ කියලා කියනවා. නමුත් කාලිංග මාඝ පහරදීමෙන් පොළොන්නරු යුගය වැටුණට පස්සේ ස්වාධීන දෙමළ රාජ්‍යයක් ගැන කතා කරමින් පාලක පරම්පරාවක් 1215 සිට 1619 වෙනතුරු හිටිය කියනවා. යාල්පනම් වෛපවමාලෙ නමැති පොතේ සඳහන් වූ මුදලි පරම්පරාව තමයි එහෙම පාලනය කළා කියන්නෙ. ඔහු ඊට ආර්ය චක්‍රවර්ති කියල නමක් සම්බන්ධ කළා.

එහෙත් 1736 ලියැවුණා කියන යාල්පානම් වෛපවමාලෙ කියවෙන්නෙ ‘සින්කෙයි ආර්ය’ කියන මුදලි පරම්පරාවක් යාපනයේ සිටියා කියලයි. සින්කෙයි කියන්නෙ ආර්ය සිංහල මුදලි පරම්පරාවක් සිටියා කියන එකයි. 1358 ගම්පළ මැදවල සෙල්ලිපියෙන් කියන්නේ ‘මාර්තන්ඩ්‍යය මුදලි’ කෙනෙක් එහි සිටිය කියලා. ඉන්ද්‍රපාල විසින් මාර්තන්ඩ්‍යය චක්‍රවර්ති ලෙස එම මුදලි හැඳින්වුවත් සෙල්ලිපිය අනුව ඔහු මුදලි කෙනෙක් බව සනාථ වෙනවා.

එමෙන්ම ක්වේරෝස්ගේ ග්‍රන්ථය මඟිනුත් යාපනය මුදලි කෙනෙක් පාලනය කළ බව අනාවරණය වෙනවා. එවැනි කරුණු අනුව ඉන්ද්‍රපාලගේ ඉතිහාසය ප්‍රලාපයක් බව සනාථ වුවත් ලන්ඩන් විශ්වවිද්‍යාලය ඒ නිබන්ධනය පිළිගැනීමත්, ලංකාවේ ඉතිහාසඥයො මේ කතාවට විරුද්ධ නොවීමත් නිසා දෙමළ ජනතාව ඒක ඉතිහාසය හැටියට පිළිගන්න පෙලඹුණා.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති පද්මනාදන් නැඟෙනහිර පළාතෙ දෙමළ නිජබිම පැතිරී තිබෙන බව තමන්ගෙ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් කියා සිටිනවා. ඒත් එවැනි සාක්ෂි කිසිවක් හමු වී නැහැ.

මෙවැනි කරුණු මත උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් තමන්ගේ දෙමළ මිනිස්සු සතුටු කිරීමට නිජබිම් කතා කියන්නෙ. ඒත් තමන් කියන දේ වැරැදි බව ඔහුත් දන්නවා.
උතුරු නැඟෙනහිර පළමු මහ ඇමැති වූ වර්ධරාජා පෙරුමාල් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසත් කටයුතු කළා. ඔහු තමන්ගෙ ඡන්ද දායකයන් සතුටු කරන්න තමන්ට අනතුරක් වෙන බව දැන දැනම ඊළාම් කොඩි එසෙව්වා. ඒකම තමයි අද විග්නේශ්වරන් කරන්නෙ.
1990 වන විට මම උතුරු නැඟෙනහිර පළාත් සභාවෙ අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස කටයුතු කළා. දෙමළ ජනතාව සතුටු කරන්න එම දේවල් කරන්න සිදු වූ බව මට වර්ධරාජා පෙරුමාල් කියා තිබෙනවා. ඒකම තමයි විග්නේශ්වරන්ටත් සිදු වෙලා තියෙන්නෙ.

ඉන්දියා ඉතිහාසඥයන්ට අනුව නිල්ගිරි කියන කඳුවලින් දකුණට ආපු ජනකොටසක් පෙන්නාර් සහ වෙල්ලාර් කියන කාවේරි ගඟේ අතු ගංගා දෙක අතර පදිංචි වුණා. ඒ වර්තමාන තාංජෝර් ප්‍රදේශයයි. සංස්කෘත භාෂාවෙන් දමිළ ලෙස ඔවුන් හඳුන්වනවා. කඳුකරයේ ම්ලේච්ඡයන් යන්න එහි අරුතයි. දෙමළ භාෂාවේ ‘ද’ යන්න නැති නිසා දමිළ කියන වචනය තමිල් ලෙස ව්‍යවහාර වුණා. අශෝක සෙල්ලිපිවලත් මේ ම්ලේච්ඡ ගෝත්‍රය අශෝක අධිරාජ්‍යයාට අවනත වූ බව කියැවෙනවා. කාරවේල රජුගේ පාතිගුම්ෆා සෙල්ලිපියෙත් සඳහන් වෙනවා. ගෝත්‍ර කියලා සඳහන් වුවත් දමිළ කියන වචනයක් ඔවුන් යොදා ගෙන නැහැ. ගංගා ආශ්‍රිතව ජනාවාස ඇති කරගත්ත දෙමළ ජනතාවගෙන් තමයි තමිල්නාඩුව ඇති වෙලා තියෙන්නෙ. දෙමළ මිනිස්සු එ‍ෙ¾ඩ්රුන් පිරිසක් නෙවෙයි, ගොවියො පිරිසක්.

වැව් ශිෂ්ටාචාරයක් තිබුණේ සිංහලයන්ට විතරයි. දෙමළ ජලසම්පාදනයක් උතුරු නැඟෙනහිර තිබුණෙ නැහැ. ඔවුන්ගේ නිජබිම එම ප්‍රදේශ නම් ජීවත් වුණේ කෙසේද? අනෙක දෙමළ ජනතාව තාංපෝර් ආදී ප්‍රදේශවල කරපු ගොඩනැඟිලි තියෙනවා. සංගම් සාහිත්‍ය යුගයක් තිබුණා. ලංකාවේ දෙමළ අය හිටියා නම් කෝ එවැනි සලකුණක්? මොකුත් නැහැ. උතුරු නැඟෙනහිර පවා හමුවෙන්නෙ බෞද්ධ නටබුන් විතරයි. දෙමළ ශිෂ්ටාචාරයක, සංස්කෘතියක නටබුන් හමුවන්නේ නැහැ. එවැනි කරුණු අනුව බැලුවත් දෙමළ නිජබිම් ඉතිහාසය මන–කල්පිතයක් විතරක්.

යාල්පානම් වෛපවමාලයට දෙමළ මිනිස්සු කියන්නේ දෙමළ මහා වංශය කියලා. ඒත් කුලක්කෝට්ටම් කියන දෙමළ රජ කෙනෙක් කන්තලේ වැව හැදුව කියල උතුරු නැඟෙනහිර ළමයින්ට උගන්වනවා. ඒත් කන්තලේ වැව හැදුවෙ මහසෙන් රජු බව වාර්තා වෙනවා. ඒ වගේ බොරු ඒ අය ඓතිහාසික ලෙස සලකනවා.

දේවානම්පියතිස්ස කියන්නෙත් දෙමළ කියල බොරු ඉතිහාසයක් ගොඩනඟනවා. එහෙම නැතිව ක්‍රි.ව. 6 වැනි සියවසට පෙර හෝ පසුව දෙමළ ශිෂ්ටාචාරයක් තිබූ බව ඓතිහාසිකව ඔප්පු වූ කාරණාවක් නෙවෙයි.

අනෙක් කාරණය අපේ ඉතිහාසඥයො ලොකු වරදක් කරල තියෙනවා. බුදුන් වහන්සේ ලංකාවට වඩින කාලයේ ලංකාවෙ තිබුණු අග්නිදිග හා වයඹදිග රාජධානි දෙක ඉතිහාසයෙන් කපා හැර තිබෙනවා. ඒ නිසා ‘ඒදජඪඥදබ බ්චටටදච’ නමැති පොත ලියපු රාසනායගම් මුදලිවරයා නාගයො කියන්නෙ දෙමළ ජනතාව කියන බොරුවක් ගෙතුවා. අපේ ඉතිහාසඥයො මහා වංශය අනුව ගිහින් කොඩ්රින්ටන් ලියාපු දේ පිළිගත්තා. මහා වංශයේ නැති නාග රාජධානි ඊට ඇතුළත් කෙළේ නැහැ. දැන් දෙමළ අය අයිතිවාසිකම් කියනව නාගයො කියන්නෙ තමන් කියලා.

සිංහල ඉතිහාසය අපි නෙවෙයි හොයල තියෙන්නෙ, ඇමෙරිකන් ඉතිහාසඥයො සහ මානව විද්‍යාඥයො. කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් ඔප්පු කර තිබෙනවා අවුරුදු ‍ෙදාළොස් දහස් පන්සියය දක්වා පැරැණි ඉතිහාසයක් හෙළයන්ට තිබුණා කියලා. හිරන් කසුප් නමැති හෙළ පාලකයාගේ අණසක යටතේ යුරෝපයේ කොකේස් කඳුකර ප්‍රදේශය පැවැතී තිබෙනවා. යුරෝපය වැසී තිබූ මහා විශාල අයිස් තට්ටුව වසර 12,000කට එපිට දිය වී තිබෙනවා. ඒක භූ විද්‍යා සාක්ෂියක්. ඉන්දියාවේ සංස්කෘත ග්‍රන්ථයක් වන ගරුඬ පුරාණයේ සඳහන් වෙනව හිරන් කසුප් රජු තම අධිරාජ්‍යය දියුණු කරන්න එම හිම තට්ටු දිය කළා කියලා. එදා කසුප් මුහුද තමයි කැස්පියන් මුහුද කියල හඳුන්වන්නෙ. ඒ දක්වා පැරැණි ඉතිහාසයක් හෙළයන්ට තිබෙනවා. ඒ වගේම රාවණාගේ වෛද්‍ය ක්‍රම, සටන් ක්‍රම ආදිය පවා තාම තියෙනවා. රාමායනයේ සඳහන් ‘ජනස්තාස’ නගරයක් මුහුදු පත්ලෙන් සොයාගෙන තිබෙනවා.

ඒත් වර්තමානයේ දෙමළ ජනයාගේ ඉතිහාසය එතරම් පැරැණි නැහැ. එක් දහස් හයසිය ගණන්වල ලියැවුණු ක්වේරෝස් කියනවා යාපනය මුස්ලිම් අයගෙ වෙළෙඳ මධ්‍යස්ථානයක් කියලා. ඒ වගේම එහි තිබූ කුඩා ධීවර ගම්මාන 4ක් යාපනේ වරාය හා රේගුව භාර මුදලි විසින් පාලනය කොට තිබෙනවා.

ඉංග්‍රීසීන්ගේ කොළඹ යුද හමුදා දේවස්ථානයේ ප්‍රධාන පූජක ජේම්ස් කෝඩිනර් තංගල්ලේ සිට නැඟෙනහිර පැත්තෙන් යාපනයට යනතුරු ගවේෂණය කළා. එකම දෙමළ ජනාවාසයක් හෝ තමන් නොදුටු බව ඔහු 1801දී ලියනවා.

විදේශිකයකු ලංකාවට ඇවිත් සිංහල කාන්තාවක් කසාද බැන්ද කියලා ළමයි දෙමළ වුණේ නැහැ. දෙවැනි පරම්පරාව සිංහල පරම්පරාව බවට පත්වුණා. ගජබා රජු සොලීන් 12,000ක් ගෙනාවත් මේ රටේ දෙමළ පරම්පරා ඇති නොවුණෙත් එම නිසයි.

යාපන අර්ධද්වීපය කටුපඳුරු සහිත කැලෑවක් බව ක්වේරෝස් කියනවා. 1832 කොල්බෘෘක් කොමිසම නිර්දේශයක් කළා කොළඹ – නුවර පාර හදන්න ගෙනාපු 60,000ක් පිරිස යාපන අර්ධද්වීපයේ පදිංචි කරන්න කියලා. දෙමළ ස්ථීර ජනගහනයක් ඇතිවූ බවට වාර්තාවක් තිබෙන්නේ එතැනයි.

ඒ වගේම 1830 ජනවාරි 29 කෝල්බෘෘක් කොමිසම් සාක්ෂි දෙමින් යාපනයේ සිටි රජයේ ඒජන්තවරයා කියනවා යාපනයේ පෞද්ගලික ඉඩම් හෝ රජයේ නැහැ. ගොවිතැන් නැහැ. ස්ථීර ජනගහනයක් නැහැ. තිබෙන්නෙ කැලෑවක් පමණයි කියලා. ක්වේරෝස් එම කතාව ඊට අවුරුදු 200කට පෙරත් කියා තිබුණා. ඒ නිසා ස්ථීර ජනාවාස ඇති වුණේ 1832න් පසුවයි.

එමෙන්ම නැඟෙනහිර සිටි එච්.ඩබ්ලිව්. හියුම් නමැති රජයේ දිසාපතිවරයාගේ 1872 පාලන වාර්තාව අනුව මඩකළපුව – බදුල්ල පාර හදන්න ගෙනාපු දෙමළ මිනිස්සු මඩකළපුව අවට පදිංචි කරවූ බව සඳහන් වෙනවා. හැත්තෑ දහසක් සිටි බව කියනවා. එලෙස පදිංචි කරලා තියෙන්නෙ මලබාර්වරු. එම පදිංචි කිරීම්වල 1865 සිට 1870 දක්වා ගම් 168ක් අතුරුදන් වී තිබෙනවා. එම ගම් අතුරුදන් කරන ක්‍රමයත් 1813දී ලෝනි නමැති විනිශ්චයකරුවා කියා තිබෙනවා. ඒ අනුව බි්‍රතාන්‍ය කාලයේදී වර්තමාන දෙමළ ජනතාව ආරම්භ වූ බව පැහැදිලිය.

One Response to “විග්නේශ්වරන් අසත්‍ය දෙමළ ඉතිහාසයක් ගැන කියන්නේ පටු දේශපාලන වාසි ගන්නයි”

  1. Christie Says:

    If Wigneswaran’s theory is correct we will have French colonies in UK. But instead we got Indian ghettos.

    All Indian Colonial Parasites in our country and in other countries like Guyana, Mauritius, Fiji, Malaya, Burma, Africa are Indian Colonial Parasites who had a free fare on the back of the British.

    Wignewaran is one of them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress