පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය සම්බන්ධව අද (16) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා පළ කළ අදහස්
Posted on September 16th, 2018

පෙරටුගාමී සමාජවාදී පක්ෂය முன்னிலை சோசலிசக் கட்சி Front Line Socialist Party

පහුගිය දවසක චම්පික රණවක ඇමතිවරයා හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය ගැන ප්‍රදේශයේ ජනතාවට කරුනු පැහැදිලි කරන්න ගිය වෙලාවෙ  ඒ ජනතාව ඇහුව දේවල්වලට හරි උත්තරයක් නොලැබුණු නිසා ඔවුන් විරෝධය පළ කිරීමෙන් පසුව ඔහු එතැනින් ඉවත්ව ගිය බව මාධ්‍ය මගින් වාර්තා කළා. මේ ව්‍යාපෘතියේ ඇත්ත කතාව මොකක්ද?

මේ රටේ ජනතාව එය දැනගත යුතුයි. සංවර්ධනයේ නමින් මහනගර හා බස්නාගිර සංවර්ධන අමාත්‍යංශය සහ කොරියානු ඉඩම්, ප්‍රවාහන හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය එක්ව අත්සන් කළ ගිවිසුමක් හරහා ආරම්භ කරපු විශාල ව්‍යාපෘතියක්. දැනට ප්‍රකාශ කලාප 4ක මේක ක්‍රියාත්මක වෙනවා. මහේනවත්ත, මීගොඩ, දියයගම, මාලබේ සහ කඩුවෙල යන ප්‍රදේශවල මේක ක්‍රියාත්මක කරන්න යන්නෙ. මුලින්ම මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එක් එක් අවස්ථාවල විවිධ ආයතනවලින් වෙනස් ආකාරයේ තොරතුරු නිකුත් කර තිබෙනවා. නමුත් ඇත්ත නිල වාර්තාවක් කිසිම අවස්ථාවක මහජනයාට ලබා දීලා නෑ. අපි ඇමතිවරයට කියනවා මිනිස්සු ඉදිරියට ගිහින් එක එක පැහැදිලි කිරීම් කරන්න අවශ්‍ය නෑ. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිල හා විධිමත් වාර්තා ප්‍රසිද්ධ කරන්න. ඒ ගිවිසුම කෝ කියලා අපි අහන්නෙ. ඒවා හෙළි නොකර එක එක සුරංගනා කතා කියන්න එපා. මේ ව්‍යාපෘතිය ගැන අහන කොට මේකෙන් අහවල් එක ලැබෙනවා, අහවල් එක ලැබෙනවා, ඔයාගෙ ඉඩම අතඅරිනවා වගේ කතා කියන්න එපා. ඒ ජාතියේ පැනලා යන උත්තර නොදී මේකට අදාළ ව්‍යාපෘති වාර්තාව දෙන්න. මේ ව්‍යාපෘතියට අදාළව කොරියාව සමග අත්සන් කළ ගිවිසුම පෙන්වන්නකො. ඒක බැලුවම කාටත් පැහැදිලි වෙනවා මොකක්ද වෙන්න යන්නෙ කියලා. 

ඒ නිසා මේ ගැන තියෙන පළ වෙනි කාරණාව තවම මේ ව්‍යාපෘතිය ගැන නිසි තොරතුරු ප්‍රසිද්ධ කරලා නෑ. මේක අපි අවධාරනය කරන්නෙ, මේ යහපාලන ආණ්ඩුව හදාගත්තෙ පාරදෘෂ්‍යභාවය ගැන ගොඩක් කතා කරපු පිරිසක් නිසා. 

දෙවැනි කාරණය මේ ව්‍යාපෘතියට අදාලව පරිසර ඇගයුම් වාර්තා සකස් කරලා නෑ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල ජනතාව එක්ක අපි මධ්‍යම පරිසර අධිකාරියට ඉල්ලීමක් ඉදිරිපත් කළා මේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය සම්බන්ධව පාරිසරික වාර්තා දැනගන්න අපට දෙන්න කියන්න. අප්‍රේල් මාසෙ අපට මධ්‍යම පරිසර අධිකාරිය පිළිතුරු දෙනවා  මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධව කිසිදු තොරතුරක්, අදහසක් මධ්‍යම පරිසර අධිකාරියේ නෑ කියලා. ඒ කියන්නෙ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නෙ කිසිදු පරිසර ඇගයීම් වාර්තාවක් නැතිව. 

ඉන්පසුව පසුගිය ජූලි මාසෙ ප්‍රෙද්ශයේ ජනතාව මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිල්ලක් කළා මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා, කිසිදු පරිසර ඇගයීමක් නැතිව කියන කාරණය දක්වලා. ජූලි 10 වැනිදා කරපු පැමිණිල්ලට 14 වැනිදා මධ්‍යම පරිසර අධිකාරිය පිළිතුරක් එවනවා තාක්ෂණ නගර ව්‍යාපෘතිය සදහා පරිසර ඇගයුම් වාර්තා ලබාගන්න නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බව සදහන් කරලා. එහෙම පරිසර ඇගයීම් කරන්න සූදානම් වෙද්දි මේ අය අක්කර 240ක් අත්පත් කරගැනීම කරලා ඉවරයි, තවත් ඉඩම් අක්කර 250ක් අත්පත් කරගන්න බවට දැන්වීම් නිකුත් කරලා තිබෙනවා. 

ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන අතරෙ, ඉඩම් පවරා ගෙන යද්දි පාරවල් හදද්දි තමයි පරිසර ඇගයිම් වාර්තා නෑ. එහෙම පරිසරයට මොකද වෙන්නෙ කියලා හොයන්නෙ නැතිව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? 

අපි මේ අහන්නෙ මෙවැනි ව්‍යාපෘතියක් කරන්න බලයක් ලැබුණෙ කොහොමද? කාගෙ අවසරයකින්ද මේක පටන් ගත්තෙ කියලා ඇමතිවරයා කිව යුතුයි. මේ ගොල්ලා මේ සංවර්ධන ව්‍යාපෘතියක් මේ සංවර්ධනයට විරුද්ධ වෙනවා, රට ආපස්සට අදින්න හදනවා වගේ කතා කියනවනෙ. අපි අහන්නෙ මේ ආණ්ඩුව උමා ඔය ව්‍යාපෘතියට විරුද්ධ වුණේ ඇයි? මහින්ද රාජපක්ෂ පටන් ගත්ත නිසාද විරුද්ධ වුණේ?  පාරිසරික විනාශ සිදුවෙලා  නිවාස ගිලා බැහැලා ජල මූලාශ්‍ර හිදිලා, ඒක වෙද්දි පාරිසරික ඇගයුම් වාර්තා නැතිව ඒක කරද්දි විරුද්ධ වුණා. දැන් ඒ ඛේදවාචකය ඒ ජනතාව අත්විදිනවා. ඒ ප්‍රෙද්ශයෙ ජනතාවගෙ ඉඩම් අහිමි වෙලා, නිවාස ගිලා බැහැලා ජීවිතේ ඛේදවාචකයක් බවට පත් වුණ සමාජයක තමයි පරිසර ඇගයුම් වාර්තා නැතිව, ව්‍යාපෘති වාර්තාව එළියට දෙන්නෙ නැතිව මිනිසුන්ගෙ ඉඩම් අත්පත් කරගන්නෙ. ඒ නිසා මේ ව්‍යාපෘතිය සම්බන්ධ  විරෝධයක් එන්නෙ ඒ නිසයි. 

අනෙක් අතට මේ ව්‍යාපෘතිය සදහා බහුජාතික සමාගම් 20ක් ආයෝජන සදහා කැදවන බව ප්‍රකාශ කර තිබෙනවා. දැන් කියයි, මේ සමාගම් එන එක හොදයිනෙ, සංවර්ධනය වෙනවනෙ කියලා. අපි කියනවා ඒ මුලාවට වැටෙන්න එපා. මේ වෙනකොට චීනය වැනි රටක සමාගම් ආයෝජනයට කැදවා ගෙන සිදුව පාරිසරික හානිය අති විශාලයි. ඒ හානිය දරාගන්න බැරිව සමහර නාගරික ප්‍රදේශ විෂවායු නිසා සති ගණන් වසා දමනවා. ජන ජීවතය දින ගණනක් අක්‍රිය වෙනවා, ජනතාව බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා. මේ කියන සංවර්ධනය නිසා ආසියානු කලාපයට අත්වෙමින් තියෙන ඉරණම ඒකයි. සමහර රටවල මේ විනාශයට විරෝධය එද්දි ඒ කම්හල් අප වැනි රටවලට අරගෙන එනවා. ඒ නිසා මේ විනාශය කැන්දන සංවර්ධනයක් ගැනයි මේ සුරංගනා කතා කියන්නෙ. බහුජාතික සමාගම් ඇවිත් විවිධ රටවල සම්පත් සූරාකෑම කළ, පාරිසරික විනාශයන් කරලා ලාභ කොල්ල කාපු අත්දැකීම් මිස ජනජීවිතයට යහපතක් වුණු තැනක් අපි දන්නෙ නෑ. දන්නවා නම් එවැනි බහුජාතික සමාගම් ජනතාවගේ ජීවිතය සංවර්ධනය කරපු තැනක් අපිට කියන්න. එවැනි සමාගම් 20ක් කැදවන බවයි මේ අය කියන්නෙ. 

ඊළගට මේ ප්‍රෙද්ශවල මංතීරු 4 සහ 6 විශාල මාර්ග ඉදිකරන්නෙ මේ ජනතාවගේ ගෙවල්, ගොවිබිම් සහ ඉඩම් ඉවත් කරලා. අඩි 70 සසිට 120 දක්වා පළල මාර්ග 10ක පද්ධතියක් ඇතිකරන්න යනවා. දැන් තියෙන පාරවල් නෙවෙයි මේ අලුතින්ම හදන මාර්ග පද්ධතියක්. මේක ප්‍රශ්න කළාම කියන්නෙ මාර්ග 10 නෙවෙයි, 4ක්ලු හදන්නෙ. එක එක වෙලාවට උත්තර වෙනස් කරනවා. මේ මිනිස්සුන්ට ඇත්ත කියන්නෙ නැතිව ව්‍යාපෘති තොරතුරු හංගන්නෙ ඇයි කියන ප්‍රශ්නය ජනතාවට තියෙනවා. ඒ බිය ජනතාව තුළ ඇති වීම අතිශය සාධාරණයි. දැනට ග්‍රාම සේවා කොට්ඨාස 8ක පවුල් 10,000කට මේ ප්‍රශ්නය බලපානවා. මේ කියන්නෙ මාහේන්වත්ත කොටසෙන් විතරයි. නමුත් මේ ව්‍යාපෘතියෙ කියැවෙනවා එක්ලක්ෂ එකොළොස් දාහක් ජනතාව, පවුල් 28,500ක් යළි පදිංචි කිරීම් කරනවා කියලා. අපි අහන්නෙ මේ ආකාරයට යළි පදිංචි කරන්නෙ කොහේ ඉන්න අයද? යළි පදිංචි කරන්නෙ කවුද? මේ නිසා මේ මිනිස්සුන්ට තියෙන්නෙ සරල ප්‍රශ්නයක් නෙවෙයි. ජනයාගෙ ගෙවල් ඉවත් කරලා ඉඩම් උදුරාගෙන ගම්බිම් සමතලා කරන එක සරල කාරණයක් නෙවෙයි. මේ නිසා මිනිසුන්ගෙ අයිතිවාසිකම් අහිමි කිරීමේ සංකීර්ණ ගැටලුවක් තියෙනවා. පහුගිය කාලෙ ක්‍රියාත්මක වුණු හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම ජනතාවගේ අදහස් නොතකා පරිසරය විනාශ කරමින් විශාල විනාශයක් ඇති කළා. ජනතාව විරෝධය දක්වන වෙලාවට ලිස්සලා යන උත්තර දුන්නත් අවසානෙදි එහි ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නෙ ජනතාව. 

ඒ ජනතාව විරෝධය පළ කළ අවස්ථාවෙදි මොනවා හරි කියලා පැනලා ගිහින් හරි යන්නෙ නෑ. පසුගිය දවසක අපි දැක්කා, මහනගර හා බස්නාගිර සංවර්ධන විෂය භාර චම්පික රණවක ඇමතිවරයාට ජනතාව විරෝධය දක්වන අවස්ථාවෙ කෙටියෙන් උත්තර දීලා යනව. ඇමතිවරයට හූවක් කිව්වම හරිම අමාරුයි. ජනාධිපතිට මුල්ගලක් තියන්න බැරිවුණාම, පීත්ත පටියක් කපන්න බැරි වුණාම අමාරුයි. 

මොනවා හරි දේකට ජනතාව විරෝධය දක්වන කොට ආණ්ඩුව උත්තර දෙන්නෙ බැටන් පොලු වලින්. වෙඩි තියනවා, කදුලු ගෑස් ගහනවා, ජනතාවට උත්තර දෙන්නෙ එහෙම. දැන් මේ හූවක් ආවම තමයි ඇමතිවරයට අමාරු. මෙවැනි සංවර්ධන ව්‍යාපෘති නිසා ගෙවල් ගිලා බැහැලා, කදු නාය ගිහින් මිනිස්සු පණ පිටින් වැලලෙනවා. මීතොටමුල්ලෙ මිනිස්සු පණපිටින් වැළලුණා. ඒ වැලලෙන එකට වඩා මේ පොඩි හූවක් ආවම ඇමතිවරයට අමාරුයි. අපි කියන්නෙ ඒ හූව එක්ක එල්ලෙන්න එපා.  මේ වෙන්න යන විනාශය මොකක්ද කියන එකයි වගකමෙන් මැදිහත් වෙන්න ඕන, කලබල වෙන්න ඕන කාරණය. ඇමතිවරුන්ට එහෙම උවමනාවක්, කැක්කුමක් නෑ කියලා අපි දන්නවා. පාලකයෝ මාළිගවල ඉන්න අතරෙ මේ අහිංසක මිනිස්සුන්ගෙ පැල්පත් කඩා බිද දාලා, ජීවිත කාලෙම හදා වඩා ගත්ත ගෙවල් දොරවල් සමතලා කරලා තමයි මේ ව්‍යාපෘති හදන්නෙ. ඒ නිසා තමයි මේ අයට මේක අමාරු වෙන්නෙ. අපි කියන්නෙ අඩුම තරමෙන් මේ තාක්ෂන නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තිබෙන ව්‍යාපෘති වාර්තාව එළියට දාන්න, ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න. ඊට පස්සෙ ඒ ගැන කතා කරමු. 

අපි කියනවා එක එක තැන්වල අවලාද කියන්න, පාලු ගේ වළං බිදින්න එපා. අපි දැක්කා පහුගිය දවස්වල එක එක ආකාරයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කරලා අවලාද කියනවා. අපි ඒ මහත්වරු හැමෝටම කියනවා මුහුණට මුහුණ කතා කරමු. අපි මොනවා හරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පෙනී සිටිනවා නම් අපි ලෑස්තියි කතා කරන්න. අපි කියන දේවල් යම් කිසි හේතු සහිතව තාර්කික පදනමක් සහිතව කියන්නෙ. අපි යමක් වෙනුවෙන් පෙනී ඉන්නෙ ඒ වෙනුවෙන් අපට පෙනී සිටින්න කරුණු තියෙන නිසයි. ඒ නිසා ඒ භාෂාවෙන් කතා කරන්න ලෑස්ති වෙන්න. ඔය එක එක තැන්වල පාලු ගේ වළං බිදින්නෙ නැතිව, මාධය ඉදිරියට ඇවිත් එක එක චෝදනා, අවලාද ඉදිරිපත් කරන්නෙ නැතිව මහත්තුරු වගේ සාකච්ඡා කරන්න අපි ලෑස්තියි. ඔය මහත්තුරුන්ට පුලුවන් නම් ඒ අයගෙ වැඩ වෙනුවෙන් පෙනී ඉන්න අපිත් ලෑස්තියි මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. 

මේ අපි කතා කරන වෙලාවෙ දිස්ත්‍රික්ක 12කට නියගයක් බලපා තිබෙනවා. ලක්ෂ 6ක් ජනයා පානීය ජලය නැතිව දුෂ්කරතාවට පත් වෙලා. මේ සියවසේ දරුණුම මුදල් ඇමතිවරයා කියනවා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක් ස්වභාවික ආපදාවලට ලක්වූවන්ට සහන දෙන්න වැය කරන්න වෙලාකියලා. 

මේ මොකක්ද වෙන්නෙ? මේ තමයි නව  ලිබරල් ධනවාදය විසින් නැතිනම් මේ අය කියන මේ ‘ව්‍යාජ සංවර්ධනය‘ විසින් පරිසරයට හානිකරලා තැබිලා තියෙන ප්‍රතිඵලය. ඒ නිසා මේ සංවර්ධනය කියලා ගේන ඒවා එක පැත්තකින් ගෙවල් දොරවල් නැතිකරනවා, මිනිසාට හිතකර නෑ. අනික් පැත්තෙන් සොබා දහම විනාශ කරන නිසා නැවත වරක් මිනිසා ඇතුලු ස්වභාවික පරිසරය වනසනවා. ඒ නිසා අපි කැමතියි මේ ගැන සාකච්ඡා කරන්න. මහජන විරෝධතාවලට එක එක අවලාද නගලා බලහත්කාරයෙන් ඒවා ක්‍රියාත්මක කරන්න එපා. මහජනයා ඒකට එකග වෙන්නෙ නැති වෙයි. මේ ජනතාව විරෝධය දක්වන්නෙ ඔය පාලකයන් 1977 ඉදලා ගෙනා මේ වගේ ව්‍යාපෘති ගැන කිව්ව කතා සහ ඇත්තටම වෙච්ච දේ දැකලා, ඒ විනාශය විදින නිසා. කවුරු හරි විරෝධය දැක්වුවාම ඒක අල්ලගෙන ප්‍රතිචාර දක්වන්න එපා, ප්‍රශ්නය වටහා ගෙන කටයුතු කරන්න කියලා අපි කියනවා.

2 Responses to “පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය සම්බන්ධව අද (16) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා පළ කළ අදහස්”

  1. Christie Says:

    මෙන්න යකෝ පෙරටු ගාමි නොයෙල් මුදලිගේ කියන ඉන්දියානු පරපෝසිතයයි චම්පක රනවක කියන හෙලයයි දෙන්න දෙපැත්තට වලියක් අල්ලල සින්හල අපිට කෙල්ලින්නයි එන්නෙ.

    මුන් දෙගොල්ලම ඉන්දියන් පරපෝසිතයන්ගෙන් යැපෙන සින්හලයන් මරා දමපු ජෙප්පො.

  2. ranjit Says:

    Those who helped the current yamapalakayo to come to power has to answer sooner or later for the sufferings of the people in this country. They damn care or even listen to the peoples voices. They acts like a underworld Mafia gang. Two stupid leaders going in two different ways and take decisions on their own without consulting the parliament even in some cases. What a disgraceful government is this. Today Diaspora is making unjust, ungrateful accusations against our war heroes and past presidents in Geneva but what is our ungrateful yamaballo doing to stop them? Why no representation from the government on this so vital issue? They are afraid of whom? Who is responsible of our government and what is the action they are going to take against Tamil diaspora who were tarnishing our image in the world stage? If these yamaballo in yamapalanaya cannot do anything on behalf of our motherland get lost and give to govern for someone else who can do it. Time is running out we need action to save our country from evil conspirators and saboteurs before they erase our history, culture and religion. Patriots come together at this hour of need more than before to save the Sinhala Buddhists and sinhalayas only home called Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress