Re: Biyagulu Chandiya Champika Ranawaka – this is a big talker who says “api chandi”
Posted on November 20th, 2018

ටී. මුදලි

සිසිර වේරගොඩ නමින් එවූ පණිවිඩය  සබැඳේ.

(ඉංග්‍රීසියෙන් එවූ දෙයට සිංහලෙන් ලියන්නේ එය මටත් වැඩි දෙනෙකුටත් පහසු නිසයි)

කෙටියෙන් නම්, එතුමා කියනවා රණවක ඇමතිතුමා බියගුල්ලෙකුයි. ඉතින්, මොවුන් තමන්ට පිටුපෑවා ආදී දෙයයි. ඉන් පසු කියනවා අලුතින් සංවිධානයක් හැදීගෙන එනවා කියා.

බලය ඇත්තන් හෝ ඔවුන්ගේ නෑ-මිතුරන් හෝ ඔවුන්ගෙන් වාසි නොලැබී ගියවුන්ගෙන් හෝ මේ කිසිවෙකුගෙන්වත් රටට හෝ ජාතියට හොඳක් ගෙනෙයිද කියන්න අමාරුයි. ඔවුන් දන්නා දේශපාලනය තමන්ගේ හා තමන්ගේ නෑ මිතුරන්ගේ අභ්වෘද්ධිය පමණයි.

යමකට පිලියමක් කරන්න නම් එය සූක්‍ෂ්මව විග්‍රහ කළ යුතුවේ.

ගැටළුවේ මූලය ආණ්ඩු ක්‍රමයයි. මනාප ක්‍රමය කියා කිවුවාට මනාපය දිය හැක්කේ තමන්ට ඉදිරිපත්කරන නම් පේලියේ අයට පමණයි. ඒ මදිවට මනාප දෙන්න එක පක්‍ෂ ලැයිස්තුවක් තෝරාගත යුතුයි. මේ ඡ්න්ද ක්‍රමයෙන් මුලින්ම කරන හානිය පක්‍ෂයකට හෝ යම් කෙනෙකුට ඇල්මක් බැඳීමක් නැති අය ඡන්දය භාවිත කිරීමෙන් වැලකීමයි. එය ප්‍රජාවගේ බල හීන කිරීමකුයි.

Democracy නොහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම ඡන්ද්දායකයින්ට තමන්ගේ නියෝජිතයෙක් තෝරාගැනීමේ හැකියාවයි. අද පවතින ක්‍රමය Oligarchy නොහොත් කුඩා කණ්ඩායම් විසින් රජය කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අපට තිබුනා. ඒක හොඳින් පැවතුනා. ජේ. ආර්. විසින් මේ නව සමූහ ආධිපත්‍ය ක්‍රමය ඇති කළා. එහි කිසිවක් ප්‍රජාතන්ත්‍රවදී නොවන්නේ පත්කරන මන්ත්‍රීවරු ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පත් නොවෙන නිසා ය. මේ එතරම් පරිදෘෂ්ට,කෙලින්ම පෙනෙන දෙය පණ්ඩිතයන් නොදකින්නේ ඇයිද කියා පැනයක් නගිනවා. මොවුනුත් අර ඉහත කී තුන් වර්‍ගයන්ට අයිති නිසා වත්ද?

ඡන්ද කොට්ඨාශ ක්‍රමය දින 100ක් ඇතුලත යෝජනා කරනවා කියා සිරිසේන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15 වෙනි පිටුවේ ප්‍රතිඥා දී ඇති වගවත් කිසිවෙකුත් නොදන්නවා සේ ය.
http://ahangama.com/sirisena/
ඒ නිසයි මට හැඟෙන්නේ මේ සද්ද කරන සියල්ලන්ම එක්කෝ බලැත්තෝ, නැත්නම් ඔවුන්ගේ නෑ-මිතුරන්, එහෙමත් නොවේ නම් ලාභ බලාපොරොත්තුවෙන් සිට නොලැබුන නිසා බලය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය විය යුතුය කියා. ඊට පුවත් විකාශන අංශයන්ද ඇතුලත් වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress