අස්ගිරියෙන් ‘ජනප‍්‍රසාදිනී’ පිදුම් ලද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ‘පල යකෝ යන්න.. පර බල්ලා’ කියා භික්‍ෂුණ් වහන්සේ නමකට බැණ බදී…[Video]
Posted on April 3rd, 2019

 lanka C news

අස්ගිරියෙන් ‘ජනප‍්‍රසාදිනී’ පිදුම් ලද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ‘පල යකෝ යන්න.. පර බල්ලා’ කියා භික්‍ෂුණ් වහන්සේ නමකට බැණ බදී…[Video]

‘නිකන් පලයන් යකෝ යන්න පර බල්ලා’ යැයි කියමින් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් භික්ෂූන් වහන්සේ නමකට ඉතා පහත් ලෙස බැණ වැදීමක් සිදු කර තිබේ.

මෙම බැනවැදීම් සිදුකරන ලද්දේ ගම්පොල නාවලපිටිය මාර්ගය අවහිර කරමින් සිදුකරන ලද උද්ඝෝෂණයකදී එහි සිටි භික්ෂුන් වහන්සේ නමක් ඇමතිවරයාට ගත් දුරකථන ඇමතුමක දීය.

මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර ඊට විශාල සංඛ්‍යාවක් ජනතාව ද එක්ව සිටිය අතර භික්ෂූන් වහන්සේලාද පිරිසක් එක්ව සිටියහ.

ඉන් එක් භික්ෂූන් වහන්සේ නමකට ඇමතිවරයා විසින් මෙසේ බැණ වැදුණේය.

ඇමතිවරයා විසින් මෙසේ බැන වැදීමෙන් පසු එහි සිටි සෙසු භික්ෂූන් වහන්සේලා මෙන්ම ජනතාව ද කෝපයට පත්ව ඊට ප්‍රතිචාර දක්වනු ලැබීය.

‘ජනප‍්‍රසාදිනී’ යන ගෞරව නාමය ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දුන්නේ මහා සංඝ රත්නය විසින් බවද ‘පර බල්ලා’ යයි ඇමතිවරයාගෙන් බැනුම් ඇසූ භික්ෂූන් වහන්සේ විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.

One Response to “අස්ගිරියෙන් ‘ජනප‍්‍රසාදිනී’ පිදුම් ලද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ‘පල යකෝ යන්න.. පර බල්ලා’ කියා භික්‍ෂුණ් වහන්සේ නමකට බැණ බදී…[Video]”

  1. Charles Says:

    අපේ බෞද්ධ ස්වාමීන්වහන්සේලත් කතාකරනකොට සංවරව බුද්ධපුත්රයෙක් වශයෙන් කතාකරන්න උත්සහකරන්න ඕනේ. දුරකතනයකින් උවත් කථාකරන පිළිවෙලින් අහනකෙනාට හඳුනාගන්න පුළුවන් වෙන්න ඕනේ මේ කතාකරන්නේ ධම්මධර විනයධර වන්දනීය පුජනීය සඟරුවනක් බව. ඒ නිසා කිරිඇල්ල මහත්තයත් මහජන සේවකයකු වශයෙන් ඔහු කතාකල පිළිවෙල කිසිසේත්ම අනුමැති නොකරන අතර අද රට වැටී තියෙන ආගම ධර්මයගැන වත් මිනිසුන්ගේ ගෞරවයක් නැති තත්වයකදී අපි සන්ඝයාවහන්සේලාගෙන් මීට වැඩය හෝද හික්මීමක් හා කතාකළ යුතු පිළිවෙලක් බලාපොරෝත්තුවෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress