“රට අරාජික වෙලා. පාලනයක් නැහැ. මේ සිද්ධියේදි අපි සංවේදීව රජයට සහාය ලබා දෙන්න සූදානම්” -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
Posted on April 23rd, 2019

මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ‌ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණපක්ෂ කාර්යාලයේදී

ඇත්තටම රටේ ආරක්ෂාවක් නැහැ. රට අරාජික වෙලා. පාලනයක් නැහැ. එහෙ මෙහෙ බෝම්බ පුපුරනවා.මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කරන්න වෙනවා යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවුසවේ අද :23*උදේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදින් රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විමසන අවස්ථාවේදිය.
එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වු ඒ මහතා
මාධ්‍ය – එජාප මන්ත‍්‍රීවරු ජනාධිපතිිවරයාට චෝදනා කරනවා මේ සම්බන්ධයෙන්
මහින්ද රාජපක්ෂ මහතා – ඒක ඒ අයගේ වැඩක්නේ.
මාධ්‍ය – පොලිස්පතිතුමා ගැන ඔබගේ අදහස
මහින්ද රාජපක්ෂ මහතා – පොලිස්පතිතුමා වැඩ කරන්නේ රජය කියන විදියටනේ. මේකේ වගකිම රජය භාර ගන්න වෙනවා.
මාධ්‍ය – පොලිස්පතිතුමාටයි වරද පටවන්නේ
මහින්ද රාජපක්ෂ මහතා – පුද්ගලයෙකුට වරද පටවනවන එක නෙවෙයිි කළ යුතුව තිබෙන්නේ්. ඔහුට දෙන උපදෙස් අනුවනේ කටයුතු කරන්නේ. ඔහුව ආරක්ෂක මණ්ඩලයට මාස ගානක් කැදවලාත් නැහැලූනේ.මේ රජයයි මේකට වගකිව යුතු
මාධ්‍ය- ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය ගැන මොකද කියන්නේ
මහින්ද රාජපක්ෂ මහතා – හරිම කණගාටුයි. මම කතාකරලා කිව්වා මේ වගේ ප‍්‍රකාශ කරන්න එපා කියලා.මේ සිද්ධියේදි අපි සංවේදීව රජයට සහාය ලබා දෙන්න සූදානම්. රජය අඩුපාඩු පෙන්වාදිම අපේ වගකීමක්.
මාධ්‍ය – බුද්ධි අංශය ගැන මොකද හිතන්නේ.
මහින්ද රාජපක්ෂ මහතා – බුද්ධි අංශයේ ක‍්‍රියාත්මක වීම අඩපන කළා. විශේසයෙන් යුද හමුදාවෙයි පලපුරුදු බුද්ධි අංශයක් ක‍්‍රියාත්මක වුනේ. 600ක් විතර හිටියා. නමුත් ඒ අය අද වෙනතුරු පාවිච්චි කළාද. සියලූ බුද්ධි අංශ එකතු වෙලයි එදා තින්දු ගත්තේ. එදා හැම අගහරුවාදාම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ අයව කැදෙව්වා. තොරතුරු හුවමාරු කර ගත්තා. අද එවැනි තත්ත්වයක් නැහැ. බුද්ධි අංශය විනාශ කලා. භාගයක් එළියේ. ගෝඨාගේ මිනිස්සු, මහින්ද ගේ මිනිස්සු කියලා ඒ අයව මාරු කළා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ. මේ ගැන අහන්න හොදම කෙනා සරත් පොන්සේකා මහත්තයා. එතුමාගේ යටතෙයි හමුදාව තිබුනේ. හමුදාවේ බුද්ධි අංශය ගැන එතුමාගෙන් ඇහුවොත් කියයි.
මාධ්‍ය – මේ සිද්ධිය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා නේද
මහින්ද රාජපක්ෂ මහතා – අනිවාර්යයෙන්ම. හොටල් ඉලක්ක කිරීමෙන්ම පේනවා ගැහුවේ රටේ ආර්ථිකයට කියලා. කවුද කලේ කියලා තාම කියන්නේ නැහැ. අද වෙනතුරු හමුදාව පාවිච්චා කළාද. බෝම්බයක් පුපුරන කොට හමුදාව ගෙන්වා ගන්නවාට වඩා බුද්ධිමත්ව මෙහි අභ්‍යන්තරයට ගිහින් මේ ගැන හොයන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress