ඊයේ දිනය දක්වා පාස්කු දින ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ද දේශපාලඥයින් පිළිබඳව පැමි‚ලි ඉදිරිපත් කිරීමට කාලය ලබාදීමේන් සිදුවුනේ තවත් කල් මැරීමක් පමණයි.
Posted on June 13th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්
• පාර්ලිමේන්තු මන්තී්‍ර රොෂාන් රණසිංහ මහතා
• පාර්ලිමේන්තු මන්තී්‍රනි පියල් නිශාන්ත මහතා
• පාර්ලිමේන්තු මන්තී්‍ර අනුරාධ ජයරත්න මහතා

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා
ඊයේ දිනය දක්වා පාස්කු දින ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ද දේශපාලඥයින් පිළිබඳව පැමි‚ලි ඉදිරිපත් කිරීමට කාලය ලබාදීමේන් සිදුවුනේ තවත් කල් මැරීමක් පමණයි. මේ ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අය සුද්ද කිරීමේ උපායක් ලෙස ආණAඩුව පොලිසිය මගින් කමිටුවක් පත්කරලා පැමි‚ලි බාරගැනීම සිද්ද වුනා. අපේ විස්වාසය නම් මේ ප්‍රහාරයට සම්බන්ද පිරිස පිළිබඳව පොලීසිය පැහැදිලි සාධාරන පරීක්ෂණයක් සිදුකරාවිය යන්නයි. මම මේ විශේෂ පොලිස් කමිටුවට පැමි‚ල්ලක් ඉදිරිපත් කලා. පසුගිය සමයේ මේ රටට අයතා ලෙස ආපු මුදල් ත්‍රස්ත ක්‍රියාව සඳහා යොදාගත් බවට පැහැදිලි වෙලා තිඛෙනවා ඒ පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍ය බවටයි මම පැමි‚ලි කලේ. එතැනදී ගත්ත කාරණය තමයි යාපනේ ඉඳල ෂොපින් බැග් එකක සරමයි කමිසෙයි ගෙන කොළඹ ආපු රිෂාඩ් බදුර්දීන් සහ එතුමාගේ නෑයින් එතුමාගේ හිත මිත්‍රයින් පුදුම සහගත ලෙස ධනවතුන් උනේ කොහොමද කියන එක. ලෝකයේ බොහෝ රටවල දේශපාලඥයා සහ ඒ අයගේ පවුලේ වත්කම් පවා ප්‍රසිද්ද කල යුතුයි. මම කෝටිපතියෙක් උනේ රේගුවට වෙට්ටු දාල කියල ජනාදිපතිවරයාගේ සහෝදර ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය කාලේ කිව්වා. රිෂාඩ් බදුර්දීන් සහ එතුමාගේ සහචරයින් පෙන්නන්න ඕනේ, ඔප්පු කරන්න ඕනේ වේගයෙන් අති විශාල ධනස්කන්දයක් හොයාගත්තේ කොහොමද කියන එක. රිෂාඩ් බදුර්දීන්ග්ගේ නමට මොනවත් නෑ කියලා, එයාට ගැලවෙන්න බෑ. බදුර්දීන් පාර්ලිමේන්තුවට දුන්න පළමු වත්කම් බැරකම් ප්‍රකාශය මුලික කරගෙන සම්පුර්ණයෙන් එතුමාගේ පවුලේ වත්කම් බැරකම් පිළිබඳව පරීක්ෂණ කල යුතුයි. අල්ලස් හා දුෂණ විමර්ශන පනත යටතේ නියම පරීක්ෂණයක් සිදුවෙයි කියල විශ්වාස කරන්න බෑ. මුදල් විශ=ද්ධිකරන පනත යටතේ මේ අය වහාම නීතිය හමුවට ගෙන ආ යුතයි .මේ තරම් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙලා තිබියදී ඒවාට සල්ලි ආපු විදිහ ගැන සාක්ෂි පොලීසිය අපෙන් අහනවනම් මේ රටට පොලීසියක් අවශ්‍ය නෑනේ. අපේ කාර්ය බාරය උනේ මේ දේශපාලනඥයින් අත්අඩංගුවට ගන්න මොකක් හරි බාධාවක් තියෙනවානම් එය නිරවුල් කිරීමයි. ඒ සඳහා පැහැදිලි වගකීම් සහගත පැමි‚ල්ලක් අපි ඉදිරිපත් කලා. යුරෝපා සංගමය මුදල් විශ=ද්දීකරනය පිළිබඳව අපේ රට බ්ලැක් ලිස්ට් කරලා 2019.01.09 වැනිද නිකුත් කල නිවේදනය මම මේ වෙලාවේ මාද්‍යට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය රජය යටතේ මෙලෙස අයතා මුදල් එන ආයතන 600 වැඩ තහනම් කලා. සාමාන්‍ය ජනතාවගේ මුදල් නම් ඩොලර් 10000 විතර ගෙනාවොත් බැංකුව ප්‍රශ්න රැසක් අහනවා. එතකොට මේ තරම් මුදල් ගෙනාවේ කොහොමද? ඒ පිලිබඳ පැහැදිලි විමර්ශනයක් කරන්න කියල අපි රහස් පොලිසියෙන් ඉල්ලනවා. මේ මුදල් නැව් මාර්ගයෙන් ගෙනාවද නැත්නම් ගුවන් මගින් ගෙනාවද බැංකු මාර්ගයෙන් ගෙනාවද ලක්ෂ පහළොවට වඩා ආපු ගිණුම් මොනවද ලියල පරීක්ෂා කරපුවාම හොරුත් එක්කම බදු අහුවෙයි ත්‍රස්ත වාදය හොයාගන්න පහසුම ක්‍රමය තමයි මේ බැංකු ගිණුම් ටික පරීක්ෂා කිරීම. මේ ආණ්ඩුව මොලේ පාවිච්චි කරලා හරි ක්‍රියාමාර්ග ගත්ත නම් මේ අමානුෂික ප්‍රහාරය වලක්වා ගන්න තිබුනා. හොඳම දේ තමයි ජනාධිපතිවරයාගේ ගෞරවය ආරක්ෂා කරගෙන සෘජු තීරණයකට එලබිය යුතුයි. මේ රට රාවන රජතුමා දුටුගැමුණු රජතුමා වගේ සෘජු නායකයෝ පාලනය කරපු රටක් ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් නායකයෙක් මේ රටට අවශ්‍යයි හොඳට සෘජු මේ රටට වැඩදායි රට නැවත ගොඩගන්න පුළුවන් කෙලින් නායකයෙක් මේ රටේ නායකයා කරන්න ඔනෑ. ඒ සඳහා මෛත්‍රීපාල ජනාදිපතිවරයා තමන්ගේ දුරයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයකට යාම තමයි ඉතාමත්ම කාලොචිත කියල මම සිහිපත් කරනවා.

පාර්ලිමේන්තු මන්තී්‍රනි පියල් නිශාන්ත මහතා
අද මේ රටත් ජනතාවත් දැවැන්ත අර්බුදයකට මුහුන දෙනවා. මේ අර්බුදය මුහුණ දෙන්න හොද වැඩපිළීවෙලක් අවහ්‍යයි. සමාජයීය ආර්ථීක, දේශපාලන වශයෙන් අර්බුදය නිසා කැප්ටන් නැති නැති නැවක් වගේ. තමන්ගේ වගකීම්වලින් බැහැරවිම නිසා අගමැති පුද්ගලික සංචාරයක. ජනාධිපති තවත් සංචාරයක. රටටත් ජනතාවටත් වගකිය යුතු නායකයෙක් පැය 48ට නැහැ. කැබිනෙට්ටුව පවත්වා ගන්න බැරි තත්ත්වයක් අගමැති හා ජනාධිපති අතර ප්‍රශ්න ඔඩු දුවලා. දැනටත් ඉස්ලිම් ත්‍රස්තවාදිය කි්‍රයාත්මකයි. තේරීම් කාරක සබාවත් කරන්නේ එකිනෙකාගේ ප්‍රතිරූප ගොඩ නැගීම හා චෝදනා ඉදිරිපත් කිරීමයි. දැන් කැප්ටන් නැති නැවට රිංගන ජාත්‍යන්තරය උත්සාහ කරන්නේ මුහුදු මංකොල්ලකාරයින් නැවට පනින්න සූදානම් වෙලා ඉන්නවා වගෙයි. එජාපය ආණ්ඩුව ගන්නා හැම මොහොතකදිම කියන්නේ නැති බැරි අය ඇති හැකි අය කරන්නයි කියනවා. එජාපයේ ඇති හැකි අයටනම් දැන් සමෘද්දිය දෙන්න අරන් ඒ ව්‍යාපාරයේ නොතිබුණු ගැටලූවකට පටලවලා.
ලක්ෂ 6ට සමෘද්දිය දෙනකොට බැංකුවල තියෙන මුදල් වලින් මිලියන 400ක් විතර එජාපයේ ප්‍රචාරණය සදහා යොදා ගෙන. මේ විදියට බලද්දි මිලියන 400ට ආසන්න මුදලක් නාස්ති කරලා කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය හදාගන්නයි. දිලිදුකම පිටුදැකිම කියලා ඇති හැකි අයටයි සමෘද්ධිය දෙන්නේ. ගමේ නිලධාරීන් එකතු වෙලයි සැබෑ දුප්පත් ජනතාවට සමෘද්දිය දෙන්නේ. ආර්ථීකයේ ශක්තිමත් තමන්ගේ පාක්ෂිකයින්ටයි මේ අය සමෘද්ධිය දෙන්නේ.වඩා සුදුස්සා වෙනුවට තමන්ගේ අයට සහනාදාරය දෙන්න ගිහින් මේ අර්බුදය රට පුරාම පැතිරිලා. අද සමෘද්ධි නිලධාරින්ට ස්ථීරපත්විම් දෙනවා කිව්වාට දිලා නැහැ. මිය ගිය අයට විශ්‍රාම වැටපු නැහැ. වැන්දඹු අනත්දරු අරමුදල් ලැබිලා නැහැ. රාජ්‍ය සේවයේ ඉන්න මේ නිලධාරින්ට කුඩම්මාගේ සැලකිලියි දෙන්නේ. තමන්ගේ පාක්ෂිකයින්ට සමෘද්ධි සහනාධෘරය දෙනවායි කී කියමන සනාථ කරමින් සමෘද්ධිය වලපල්ලට යැවීමයි ආණ්ඩුව කරන්නේ.
දැන් ජවිපේ ආණAඩුව ගෙදර යවන්න වැඩ කරනවාලූ. ජනතා විමුක්ති පෙරමුණයි මේ ආණAඩුව ගෙනාවේ. මහින්දගේ කඩේ බඩු හොද නැහැ කියලායි ඔවුන් එදා කිව්වේ. අනුර කුමාර දිසානායකලාට මේ ආණ්ඩුව ගෙදර යවන්න උත්සාහ කරන්න දෙයක් නැහැ. ජනතාව ඒකට පෙළ ගැහිලයි ඉන්නේ. නැවත කඩේ යන්න ජවිපේ ලෑස්ති වෙන්න ඕනේ නැහැ. ජනතාව එළ්ල කරන චෝදනාවලින් බේරෙන්න රනිල් හාමු ගෙදර යවනවා කියන සටන් පාඨය ඉදිරියට අරන්. හාමු ගෙදර යවන වැඩේ අපි කරන්නම්. රටේ මේ වෙද්දි විවිධ ප්‍රශ්න ඇති වෙමින් තිඛෙනවා.පාස්කු දා ත්‍රස්තවාදී බෝම්බවලින් මිය ගිය අයට සාධාරණත්වය ඉටු නොකළාට මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ විපක්ෂයට චෝදනා කිරීම නම් අරඹලා. ආටක නාටක පෙන්වන්නේ නැතිව තමන්ට ආණAඩුව කරන්න බැරිනම් කරන්න පුලූවන් කෙනෙකුට ඉඩ දීලා ගෙදර යන්න කියන පණීවිඩයයි ආණAඩුවට දෙන්න තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්තී්‍ර අනුරාධ ජයරත්න මහතා
පුද්ගලික ආරවුලක් මුල් කරගෙන ජනතාව විනාශකාරී තත්ත්වයකට පත්වෙලා. පහුගිය 10 වැනිදා ඉන්දියන් ඔත්තු සේවය පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කරලා තිබුණත් රජය නිවැරදිව කි්‍රයාත්මක නොවීම නිසයි ජනතාව ප්‍රහාරයට පක්වුනේ නැහැ. පහුගිය 10 වැනිදා තවත් පස්දෙනෙකුගේ නාමලේඛණයක් බුද්ධී අංශවලට දුන්නා කියනවා. මේ කාරණය සුලූවට තකන්න එපා. ජිවිත අහිමි වුනාට පස්සේ මොනවා කළත් වැඩක් නැහැ. පොලිස්පති ඇතුලූ බුද්ධි අංශ නිලධාරීන් මේ වෙද්දි ඉවත් වෙලා තියෙනවා. වැඩ බලන පොලිස්පතිවරයෙක් ඉන්නේ. ඒ නිසා මේවා සම්බන්ධයෙන් නිවරදිව සොයා බැලීමක් වෙයිද කියන්න බැහැ. මාධ්‍ය මේ සිද්ධිය සම්බන්ධයෙන් පියවර ගත්තේ නැත්නම් ජනතාවට නිවැරදි තොරතුරු ලැඛෙන්නේත් නැහැ. අඩුම තරමේ ඉන්දියන් ඔත්තු සේවා දුන්න තොරතුරු මාධ්‍යයට ලැබුණා නම් එදා ජනතාව පල්ලි යන එක හරි නතර කරනවා.
කරූ ජයසූරිය මහතා ජනාධිපති වෙන්න වෙනම ගමනක් යනවා. රටේ වැදගත් කාර්යයක් ඉටු කරපු නිලධාරීන් අද මුහුණ දීලා ඉන්න තත්ත්වය බලන්න. අධිකරණයේ තියෙන කාරණයක් ගැන සාකච්ඡා කරන්නෙත් නැහැ. කතානායකවරයා ඒ කිසිවක් නොසලකා කටයුතු කරනවා. කතානායකතුමායි රට පාලනය කරන්නේ කියලා කතානායකවරයා පෙන්වන්න උත්සාහ ගනිද්දි ජනාධීපතිතුමාත් ඒ උත්සාහයම ගන්නවා. අනිත් පැත්තෙන් අගමැතිවරයාත් උත්සාහ කරනවා.
අසාත් සාලිගේ ප්‍රකාශය ඇතුලේ තියෙන සහරාන් ගැන පැමිණිලි කළාම පොලිස් ස්ථානාධිපතිවරයාව මාරු කරනවාලූ. එදා සහරාන්ව අත් අඩංගුවට ගන්න ගිය ස්ථානාධිපතිවරයාට වුනේ මොකක්ද කියලා එදා හිටපු පොලිසිය බාර ඇමැති සාගල රත්නායක මහතා ප්‍රකාශයක් කළ යුතුයි. 21 වැනිදා ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා එදා සහරාන්ව අත් අඩංගුවට ගෙන තිබුණානම්.
අපි පාර්ලිමේන්තුවට විශAවාසභංගය භාරදිලා චෝදනාකලේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විතරයි. ඔහුව ඇමැතිධූරයෙන් ඉවත් කරලා නිවැරදි පරීක්ෂණයක් කරන එකයි පාර්ලිමේන්තුවට කරන්න තිබුනේ. රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට එරෙහිව පැමිණීලි 21ක් ලැබුලා. ඔහු වැරදිකාරයෙක් කියලා ඔප්පු වුනොත් එදාට රාවුෆ් හකිම්, කබීර් ඇතුලු ඇමැතිවරුන් වගකිම ගන්නවාද කියලා අපි ප්‍රශ්න කරනවා. මේ මොහොතේ සිට ඇමැතිකම්වලින් අයින් වෙලා බාධාකරන සියලූ දෙනා මෙහි වගකිම් භාරගන්න ඕනේ.
රටේ ජාතික ආරක්ෂාව පිළීබදව අපි කතාකරන්නේ අපි්‍රයෙල් 21 වැනිදා ඉදලයි. මුස්ලිම් ඇමැතිවරු ඉවත් වෙද්දි ඔවුන්ට තිබුණූ විෂය පඨ ටික බලන්න. මේවාට අද ඉන්නේ වැඩ බලන ඇමැතිවරු. සහරාන් ගහනකල් බුද්ධි අංශ කියන දේවල් ගණන් ගත්තේ නැහැ. ජල සම්පත් හා ජලාප්‍රවාහන මණAඩලය වැනි අමාත්‍යංශයලට වැඩ බලන ඇමැතිවරු දාලා කොළඹ ඇතුලූ ප්‍රධාන නගර ටිකට වතුර නැති වුනාමයි මේ අයට තේරෙන්නේ. මේ ආණAඩුවට ප්‍රශ්නයක් ඇති වෙනකල් රටේ ප්‍රශ්න ගැන තැකීමක් කරන්නේ නැහැ. රටේම ජනතාවට ප්‍රශ්නයක් වුනාමයි පිළීයම් යොදන්නේ. අගමැති කියන ලයිස්තුවට නෙවෙයි ජනාධීපති ඇමැතිධූර දෙන්නේ. ජනාධිපතිතුමා වගේ වගක් නැති අයව ඒ ඇමැතිධූරවලට පත්කරනවා. හෙට දවස වෙද්දි රටට වතුර නැති වෙන එකත් අපිට අහඹු සිද්ධීයක් නෙවෙයි.
පාඨලී චම්පික කියනවා අපියි ආන්ඩු හදන්නේ කියලා. ඒක ඇත්ත. මේ රටට හානි කරන ආන්ඩුව හැදුවේ, සහරාන් අතුලූ පිරිස මිනිස්සු මරාදාන විදියේ ආන්ඩුවක් හැදුවේ ඔවුන්. මහා බෞද්ධ නායකයෝ කියලා රට පරිහානියට පත්කරන ආන්ඩු හදන්න එපා.

One Response to “ඊයේ දිනය දක්වා පාස්කු දින ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ද දේශපාලඥයින් පිළිබඳව පැමි‚ලි ඉදිරිපත් කිරීමට කාලය ලබාදීමේන් සිදුවුනේ තවත් කල් මැරීමක් පමණයි.”

  1. Ratanapala Says:

    ටේ ඉන්න සමහර මූග්ධ ජනතාවට, එයටත් වඩා අවස්ථාවාදී දේශපාලුවන්ට අප්‍රේල් 21 මතකය සීඝ්‍රයෙන් අමතකවී යනවා, විහින් අමතක කරනවා!

    සැමදා බොරු කියන රජය කියනවා 253 මැරුනා කියා. එය අවම ගනන කියා සිතනවා. බෝම්බ පුස් වී ත්‍රස්තයින් පමණක් විනාශවුනානම් තමයි අපට සතුට. එහෙත් රජයෙන් වසන් කල ඇත්ත සංඛ්‍යාව මෙයිට වැඩියි කියලා සිතනවා.

    අවමංගල ජඩපාලන මැතියා කියනවා සිදුවූ විනාශය ජඩපාලනයට රිදී රේඛාවක් කියා! මේ අදහාගත නොහැකි මලේඡ ප්‍රහාරය නිසා ලංකාවට $350 මිලියනයක් ඇමරිකාවෙන් ලැබෙනවා කියා. මේ අයට මේසා ඛේදවාචකයක් පෙනෙන්නේ තවත් අපයෝජනය කල හැකි මුදල් සම්භාරයක් කියා.

    සමහර මුසල්මානු නායකයන් සහ මවුලාවිවරු කියනවා ඒ අයට තියෙන චෝදනා ගැන ඒ අයගේ අමිල සිත් තදබල ලෙස පැහැරී තියෙනවා කියා. ඒ ගැන කතා. කරනකොට ඔවුන්ගේ ඇස්වලට කඳුලු එනවා කියලා. අපි ඇත්තටම ඒ කඳුළු TV එකේ දැකලත් තියෙනවා! කුරාණයේ කියනවා ශුද්ධවූ මාස අවසානයේ සියලු අල්ලා අවිශ්වාසවන්තයින් සමූලඝාතනය කරන්න කියලා. එහෙත් තව තැනක කියනවලු එක ජීවිතයක් නැසුවොත් එය මුලු මිනිස් වර්ගයාම නැසුවාසේ කියා. සරල බෞද්ධ අපට මේවා සියල්ල නිකම්ම නිකම් විලම්බීත!

    මේවාට Hadith වල කියනවා Taqiyya කියල – මූසොල්මානු ‘බොරුකීමේ කලාව!

    ඇමරිකාවේ ලංකා ඒජන්ත රනිල් කියනවා ත්‍රස්ත ප්‍රහාරය, ISIS කියලා. නමුත් අපි නම් දන්නවා මෙතෙන්ට කවදාහරි එනවා කියා. 1976 නොබැඳි සමුළුවට ආ ගඩාෆි කිව්වා – ජනගහනය වැඩිකරගන්න, පාරවල් අයිනේ ඇති ඉඩම් මිලදීගන්න, එක පල්ලියක සිට අඳෝනා දෙනකොට අනික් පල්ලියට ඇහෙන තරමට පල්ලි හදන්න කියා. මේ සියල්ල අද සිරිලක මහපොලොවේ යථාර්ථයන්!

    එහෙත් අපි කිසි දිනක සිතුවේ නැහැ නානාලා එක්වෙලා සමූලඝාතනයකට අර අඳියි, සමූලඝාතනයක් කරයි කියලා.

    තේරීම් කාරක සභාව වෙහෙසෙනවා මේ සියල්ල සරල සිරිසේනගේ සරල නොසැලකිල්ල නිසා කියා. දැන් වැඩිපුරම විභාග වන්නේ මුස්ලිම් අයට සිදුවී ඇති ආතතිය ගැනයි. ඒ අයට මුහුණ වසාගෙන විභාග වලට ලිවීමේ අයිතිය, එසේ කාර්යාල සහ අනෙකුත් රක්ෂිත ස්ථාන වලට ඇතුල්වීමේ අයිතිය සහ ඒවාගේ ශිෂ්ට සමාජයේ නොපිළිගන්නා අයිතීන් ගැනයි.

    අද වනතෙක් මුසල්මානු ප්‍රජාව එකාමෙන් කියා සිටියේ නැහැ – සිංහලෙන් බැරිනම් ඉංග්‍රීසියෙන් වත් ඔවුන්ගේ සමාජ මාධ්‍යයෙන් පැමිණි සමූලඝාතනය ගැන සමාවෙන්න හෝ SORRY කියලා. එහෙත් තම සගයන්ට චෝදනා එල්ල වනවිට සියලු දෙනාම එකාමෙන් තනතුරුවලින් අස්වුනා.

    කව්රු කොහොම කිව්වත් සිදුවූ විනාශයේ මතකය තව ශතකයකටවත් අමතක වන්නේ නැත, කලයුතු නැත. අවුරුද්දේ සෑම දිනකම දිනකට එකක්වත් නැසීගිය හෝ විපතටපත් අහිංසකයන් මෙසේ සිහිපත් කළ යුතුය. ඒ දේ අමතක කලොත් ඒ සිදුවූ දෙය හෝ ඊටත් එහාගිය මහා ව්‍යසනයක් විය හැක.

    ලෝකයේ ශිෂ්ට යයි කියාගන්නා රටවල් තමාට සිදුවූ ඛේදවාචකයක් සහ එවායින් ජයගත් සැටි අවුරුදු පතා අනුස්මරණය කරනවා. එසේ කිරීමෙන් ඒ මතකය ජන මානසිකත්වයෙන් ගිලිහී යන්නට ඉඩදෙන්නේ නැහැ.

    Once President Kennedy said ” Forgive your enemies, but remember their names”

    එසේ නොකලොත් අපි කරන්නේ ඒ සියලු අහිංසක ජීවිතයන්ට මහත් නින්දාවක් අපහාසයක් සහ අගෞරවයක්! නැවත අනාගත ඛේදවාචකයන්ට ඇරයුමක්!

    WE SHALL NEVER, NEVER FOGET TO REMEMBER THIS UNCALLED FOR PREMEDITATED AND DASTARDLY CRIME BY A COMMUNITY WE CAME TO TRUST AS OUR FRIENDS AND NEXTDOOR NEIGHBORS!

    WE NOW KNOW THAT IF YOU DIDN’T ACTIVELY PROMOTE THIS GENOCIDE, ATLEAST YOU SECRETLY WISHED WELL FOR THE TERRORISTS. THIS IS THE REASON FOR UNITED PARLIAMENTARY ACTION.

    THIS IS WHY YOU STILL WANT SHARIA, UNDERAGE MARRIAGES AND MADRASAS WHERE YOU BRAINWASH YOUNG CHILDREN N READY THEM FOR FUTURE TERRORISM AND GENOCIDE!

    IF GENUINELY WANT TO REPENT, ENTER MAINSTREAM HUMANITY AND ABIDE BY ITS MORES N LAWS! THIS IS 21ST CENTURY NOT 600 AD

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress