දේශපාලන සහරාන් ලා ගෝඨාභය රාජපක්ෂට එරෙහි අවසන් සටනට පැමිණේ
Posted on August 12th, 2019

මාධ්‍ය නිවේදනය සුදත් රෝහණ සභාපති නිදහස් කලා සන්ධානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිදහස් කලා සන්ධානය දේශමාමක සියලූ‍ කලාකරුවන් වෙනුවෙන් සුභාශිංසන පළකර සිටී.

ගෝඨාභය රාජපක්ෂ යනු මේ මොහොතේ රට ඉල්ලා සිටින නායකත්වය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් ව පසු එතුමා කළ කතාව මගින් නැවත තහවුරු විය.

ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජිවත්වන පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීම ස්වකිය අරමුණ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ගැන සමස්ත සමාජයම විශේෂ අවධානයක් යොමුකළ යුතුය. පවුල් ඒකකය පදනම් කරගනිමින් ආර්ථීක සංවර්ධනය හා සමගාමී සමාජ සංවර්ධනයක් ඇතිකිරීමේ අවශ්‍යතාව එතුමා විසින් හඳුනා ගෙන තිඛෙන බව එයින් පැහැදිලිය. කලාව ආදී සංස්කෘතික සාධක රඳා පවතින්නේත් සමස්ත සමාජයේම ස්ථාවරත්වය රඳා පවතින්නේත් සතුටින් ජිවත්වන විනයගරුක පවුල් සංස්ථාවක් මත පදනම් වූ සමාජයක ය. එය වටහාගත් නායකයකු පහළවීම පිළිබඳ කලාකරුවන් වශයෙන් අපි සැබවින්ම සතුටට පත්වන්නෙමු.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්‍රකාශවීමත් සමඟ ඇතැමෙක් කලබල වී සිටිති. ඒ කවුරුන්ද යන්න ජනතාව විමසිල්ලෙන් බැලිය යුතුය. මේ කලබල වී සිටින්නේ අසාර්ථක දේශපාලකයන්, විජාතික කොන්ත්‍රාත්කරුවන්, ඛෙදුම්වාදීන්, දුරාචාර චින්තකයන්, එන් ජී ඕ කුලී කාරයන්ය. ස්ථාවර ව තිබු රට අස්ථාවර කර විනාශකළේ ඔවුන්ය. නැවත රට ගොඩනැගෙන්නට වෙරදරන මොහොතේ එයට අකුල් හෙලන්නේ ඔවුන්ය.
මේ පිරිස කලබල වී සිටින්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා වීම නිසැක බව ඔවුන් දන්නා නිසාය. ගෝඨාභය රාජපක්ෂ වැනි දේශ ප්‍රේමයක් සහ නව දැක්මක් සහිත කාර්යශ=ර නායකයකු ගේ පාලනයක් තුළ නැවත ඛෙදුම්වාදයට, පරගැතිභාවයට, දුරාචාරවාදයට හා දුගී දුප්පත් භාවයට ඉඩක් නොමැති බව දන්නා නිසයි. ඒ නිසා මේ දේශපාලන සහරාන් ලා තමන් ගේ දේශපාලන අනාගත පැවැත්ම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ට එරෙහිව අවසන් සටනටය මේ සැරසී සිටින්නේ. ඒ බව ජනතාව වටහාගෙන සිටි.

සුදත් රෝහණ සභාපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress