පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම ගැටළුවක් – අගමැති
Posted on January 27th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම හේතුවෙන් රටට හිතකර අණපනත් අනුමත කර ගැනීමේ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේබව සඳහන් කළා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට වසර 9ක් සපිරීමට සමගාමීව සංවිධාන කර තිබූ අපොස උසස් පෙළ සිසු ඇගයීම් උත්සවය එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, ආන්දෝලනයට තුඩුදුන් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව අධ්‍යයනය කිරීමට පත්කළ විද්වත් කමිටුව ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුවයි.

ගිවිසුමේ අන්තර්ගතය සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් යම් ආයතනයකට සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස් හා යෝජනා මෙම විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කළ හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ඒ අනුව ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර අදාළ අදහස් හා යෝජනා එම විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress