ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය.
Posted on May 22nd, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)


1.)  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල් වරට වර්ෂ 2002 දීපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූණි.

2)  එකී 2002 ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙක් ඒකමතිකව “තීරණයක්”

(Determination)  ලබා දෙමින්, එකී සංශෝධනය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට අවශ්‍යනම්, ඒ සදහා ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බව දක්වා තිබුණි.


එකී තීරණයේ අවසන් ඡේද මෙසේය,


(3)    The  inconsistency  with  Article  3  read  with  the  relevantprovisions  of  Article  4  would  cease  if  clauses  2,  3,  4  and5 are deleted and substituted with an appropriate amendmentto proviso  (a)  to Article 70 (1) of the Constitution by removingthe  period  of  one  year  in  the  proviso  and  substituting  thatwith  a  period  not  exceeding  three  years.


SARATH  N.  SILVA,  CJ.

S.  W.  B.  WADUGODAPITIYA,  J.

DR.  SHIRANI  A.  BANDARANAYAKE,  J.

A.  ISMAIL,  J.

P.  EDUSSURIYA,  J.

H.  S.  YAPA,  J.

J.  A.  N.  DE  SILVA,  J.

Nineteenth Amendment to the Constitution unconstitutional and requiresto  be passed by  the  special majority and approved by the  peopleat a  referendum  subject  to  item  3  of the  determination.)

3. එකී 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යන www.lawnet.gov.lk වෙබ් අඩවියේ පහත සැබැදිය මගින් දක්වා ඇත.

(මේ ලියුම්කරු විසින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉදිරියේදී සිංහල භාෂාවෙන් ලබා දීමට ක්‍රියා කරනු ඇත.)

4. 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා තිබූ හෙයින් එකී 19යේ කටයුතු ඒ අවස්ථාවේදී නතර විය.

5. නැවත 2015දී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් විධිවිධාන 16 ක්  සංශෝධනය කිරීම සදහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2වන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

( 2002 ගෙනා වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමේ  විධිවිධානය සහ තවත් අලුත් විධිවිධාන 16ක් එනම් එකතුව 17ක්)

6. එකී 2වන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පතේ විධිවිධාන 17න් 16ක් සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 3දෙනෙකු විසින් 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දී තිබුණි.

7.). එකී 2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවේ www.parliament.lk වෙබ් අඩවියේ පහත සැබැදිය මගින් දක්වා ඇත.

https://www.parliament.lk/si/business-of-parliament/sc-decisions-on-bills

(මේ ලියුම්කරු විසින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉදිරියේදී සිංහල භාෂාවෙන් ලබා දීමට ක්‍රියා කරනු ඇත.)

8.) වර්ෂ 2002 දී ඉදිරිපත් කළ 19යේ තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට අදාල විධිවිධානය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරයේ විනිසුරුවරු 7දෙනෙක් තීරණයක් ලබා දී තිබූ හෙයින් ඒ විධිවිධානය හැර අනෙක් ව්ධිවිධාන 16 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2015දී තීරණය කර ඇත.

9.) වර්ෂ 2002 දී සහ වර්ෂ 2015 දී  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් තීරණ 2කම (විධිවිධාන 17ම) සළකාබලා ක්‍රියා කිරීම නීතිමය ලෙස අවශ්‍ය වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානයත්, 80.2 ව්‍යවස්ථාවත්, 2002 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයත් උල්ලංඝනය කරමින් 2015 පාර්ලිමේන්තුවේ සිටි කථානායකවරයා ක්‍රියා කර ඇත.

10.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී ජනමතය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ විධානය කථානායකවරයා විසින් උල්ලංඝනය කිරීමෙන් ජනාධිපතිවරයාගේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අනෙකුත් සියලු විනිසුරුවරුන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, ගුරුවරුන්, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුලු ඡන්ද බලය හිමි සෑම පුරවැසියෙකුගේම ඡන්ද බලය අහිමි කර ඇත.

11.) ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද අයිතිය ආරක්ෂා කරමින් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ඒකමතික තීරණයට පටහැණිව 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා ක්‍රියා කර

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් විධායකය සහ අධිකරණය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට අයත් ඡන්ද අයිතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද බලවත් සැකයක් ඇති කරයි.

12.) වර්ෂ 2002 දී 19යේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද බලය ඉංග්‍රීසි කුමන්ත්‍රණයකින් 2015 දී අහිමි කළ (මහා) ප්‍රජාතන්ත්‍රවාදියෝ යැයි කියන අය කවුද? ඒ ඇයි.?

(2020.05.17)


නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress