විරැකියාවට සහ සමාජ රැකවරණය සඳහා ස්ථාවර විසඳුම් ඉල්ලා සිටීමේ යෝජනා
Posted on July 3rd, 2020

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

2020 ජූලි 02 වන දින

ප්‍රධාන ධාරාවේ සියලූ දේශපාලන පක්ෂ වෙත

නායකතුමා,
ප්‍රධාන ලේකම් තුමා,

විරැකියාවට සහ සමාජ රැකවරණය සඳහා ස්ථාවර විසඳුම් ඉල්ලා සිටීමේ යෝජනා

ඔබ අප කවුරුත් පසුගිය මාස 03 ට වැඩි කලක් බිඳ වැටුණු ආර්ථීක කි්‍රයාවලියක, සුපුරුදු දෛනික ජීවිතය සඳහා අවකාශයක් නොලැබුණු කෝවිඩ්-19 වසංගතය පැතිරීම වළක්වා ගැනීම වෙනුවෙන් නිවෙස් තුල කොටු වූ කාලයක් ගත කළෙමු. කෝවිඩ්-19 පැතිරීම පාලනය කිරීමේදී එය සැළකිය යුතු ආකාරයකින් සාර්ථක වූ බැව් පිළිගත යුත්තෙමු.

එසේ වූවත් මේ රට කෝවිඩ්-19 හේතුවෙන් බරපතල ආර්ථීක අර්බූදයකට තල්ලූ වූ බැව් අද විවෘතව කතා කෙරෙන්නකි. එහි බර විශාල වශයෙන් කර ගැසීමට සිදුව ඇත්තේ පොදුවේ රජයේ, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවක සේවිකාවන්ටය. විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ටය. මේ වන විට දළ වශයෙන් 30,000 ට වැඩි එවන් පිරිසකගේ රැකියා අහෝසි කර ඇත. ඉදිරියේ තවත් පිරිස් රැකියා අහිමි වීමේ අනතුරට මුහුණ දෙනු ඇත.

දැනට මේ මට්ටමින් හෝ රැකියා ආරක්ෂා වන්නේ කම්කරු ඇමති දිනේශ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කෝවිඩ්-19 බලපෑම් හා රැකියා සම්බන්ධ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකාය සහ ජාතික කම්කරු උපදේශක සභාව මැදිහත්වීමෙන් පැමිණි තෙමසකට වලංගු සම්මුතිය හේතුවෙනි. ඒ සමග කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් කිසිදු සේවකයෙකු වැටුප් ලේඛනයෙන් ඉවත් නොකළ යුතු යැයි ආණ්ඩුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ස්ථාවරයද විය.

රැකියා අහිමිවීමේ අවදානම යනු අලූත් රැකියා උත්පාදනය වන්නේ නැති බව සහතික කිරීමකි. එබැවින් ඉදිරි විරැකියාවද අප දැඩි සේ අවධාරණය කරන්නකි. එය අමතක කර යා නොහැක.

එවගේම, කෝවිඩ්-19 වසංගතයෙන් ලොවට ඉගැන්වූ වැදගත්ම පාඩම ලෙස අප දකින්නේ, ගෝලීය හා දේශීය නිෂ්පාදනයට හවුල්වන සියල්ලන්ගේ ජීවිත සුරක්ෂාව සහතික කිරීමේ ස්ථීර සමාජ රැකවරණ ක්‍රම තිබිය යුතු බවත්, විරැකියාව සඳහා මාසික දීමනාවක් සමග ඔවුන්ට රැකියා ලබා ගැනීමේ අවකාශ පුළුල් කිරීමේ වෘත්තීය පුහුණුවීම් පාඨමාලා සකසා දිය යුතුය යන කාරණාවත් ය.

ඒ අනුව, කෝවිඩ්-19 පාලනය කර ගැනීමෙන් පසු එළැඹෙන ඊළග යුගයේ රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සියලූ සේවක සේවිකාවන් සඳහාත් විරැකියාවට හසුවන සියල්ලන් සඳහාත් සමාජ රක්ෂණය හා රැකවරණය සඳහා අපි මෙලෙසින් යෝජනා ඉදිරපත් කරමු.

  1. පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ශ්‍රම බලකායට එකතුවන සියල්ලන්ටරැකියාවක් ලැඛෙන තුරු ඔවුන්ගේ යැපීම වෙනුවෙන් මාසික විරැකියා දීමනාවක් සහ ඔවුන්ගේ තේරීම අනුව කුසලතා වර්ධන ශිල්පීය පුහුණුවීම් පාඨමාලා ආණ්ඩුව විසින් ලබා දිය යුතු ය. zzවිරැකියා දීමනාවZZ, ඉදිරි උද්ධමන තත්ත්වයන්ද සළකා වර්තමාන මාසික අවම වැටුපට සරිලන ලෙස රුපියල් 15,000 ක් විය යුතු යැයි අපි යෝජනා කරමු.
  2. පෞද්ගලික ක්ෂේත්‍රයෙහි සේවක සේවිකාවන් ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් මුහුණ දෙන නුදුරු අනාගත අවදානම සමග මේ සමාජයේ ඇතිවන බරපතල අවිනිශ්චිතය වැඩිමනත් බලපාන්නේ විශ්‍රාම යෑමත් සමගින්ය. ඔවුන්ගේ විශ්‍රාමික ජීවිතය රැකගෙන යාම සඳහා ඔවුන්ට එකවර ලැඛෙන සේවක අර්ථසාධක අරමුදලේ ඔවුන්ගේ සාමාජික තැන්පතු මුදලට අමතරව මාසික zzසමාජ රැකවරණයක්ZZ තිබිය යුතුය. ඒ සඳහා ඔවුන්ට මාසිකව රුපියල් 15,000 ක zzසමාජ රැකවරණZZ දීමනාවක් ලබා දිය යුතු යැයි අපි යෝජනා කරමු.
  3. සමාජ රැකවරණ දීමනාවන් ලබා දීම සඳහා නිත්‍ය අරමුදලක් පාර්ලිමේන්තු පනතකින් පිහිටු විය යුතු යැයිද, ඒ සඳහා සථාවර අරමුදලක් වෙනුවෙන් වාර්ෂිකව අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා දෙනු ලබන විවිධ බදු සහන මගින් ආණ්ඩුව අත හැර දමන ආදායමින් අවම සියයට 05 ක ප්‍රතිශතයක් නැවත සමාජ රැකවරණ අරමුදල සඳහා ලබා ගන්නා මෙන්ද අපි යෝජනා කරමු.

මෙම යෝජනා ඔබගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන පොරොන්දු ලෙස වහා ප්‍රකාශයට පත් කරන මෙන් අපි මෙයින් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට විශ්වාසි

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress