කෝමාරිකා (Aloe Vera) වගාව පරිසරය සහ ඉඩම් ගැටළුව
Posted on July 19th, 2020

මතුගම සෙනෙවිරුවන්

කුමරි නැතිනම් කෝමාරිකා යන නාමයෙන් හඳුන්වන පලෑටිය දේශීය ඛෙහෙත් හේත් වලට යොදා ගැනෙන බලගතු ඖෂධයකි.පිලිස්සුම් තුවාල සඳහා සම මතු පිට ගෑම ට මෙන්ම තෙල් ඛෙහෙත් සිඳ ගැනීමටද යොදා ගන්නා කෝමාරිකා ඌව පළාතේ ජනප්‍රිය ඖසධීය ආහාරයකි.සිංහල ජනතාව මෙම අගනා ඔෂධ පැලෑටිය සිය ගෙවතු වල වගා කොට රැක බලාගන්නේ ඉතාමත් ආදරයෙනි.මෑත කාලයේ දී කෝමාරිකා පැලෑටිය විවිධ රූඵලාවන්‍ය අලේප වලට යොදා ගැනීමට කරන ලද පර්යේෂණ නිසා ලෝකයේ ජනප්‍රියතම ආර්ථීක භෝගයක් බවට පත් වී තිබේ.කෝමාරිකා වගාවට අවශ්‍ය පස දේශගුණය ආදිය තීරණයකරනු ලබන්නේ ද ස්වභාව ධර්මය විසිනි.එයට හේතුව ඖෂධයක් වශයෙන් එහි පවතින ගුණ ඉස්මතු වීමට මේ පරිසර සාධක උපයෝගී වන බැවිනි.ඖෂධයක් වහයෙන් වගා කරන වෙද කෝමාරිකා ඇරුණු කොට මස් කෝමාරිකා සහ මල් කෝමාරිකා නමින්ද තවත් වර්ග දෙකක් තිබේ. කෙසේ වෙතත් ගෙවත්තට නැතිවම බැරි පැලෑටීයක් වන කෝමාරිකා වානිජ වගාවක් ලෙසට පැතිරවීමේ ව්‍යාපෘතියක් නිසා බරපතල පාරිසරික ගැටළු කීපයක් මතු වී තිඛෙන ආකාරය වර්තමානයේ දී සාකච්ඡාවට ගෙන තිබේ.

See the source image


2019 වසරේ සිට විල්පත්තු වන රක්ෂිතය ආසන්නයේ රාජාංගනය යාය 18 මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිඳුණු වැව කැබිතිගොල්ලෑව සහ තවත් ගම්වල මෙම ව්‍යාපෘතිය මහා පරිමාණයෙන් ආරම්භ කිරීමට තැත් කරන බව දැන ගන්නට තිබේ. මේ වගාව පරිපාලන කරනු ලබන සමාගම් අටක් පමණ මේ වන විට සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඇත. ප්‍රසිද්ධ ආයුර්වේද සමාගමක් කතරගම ප්‍රදෙශයේ ඔවුන්ට අයත් අක්කර 80 ක පමණ වපසරියකද මෙම වගාව සාර්ථක ලෙසට පවත්වාගෙන යයි. මෙකී සමාගම් ගොවීන් ගේ ඉඩම් යායවල් පිටින් ලබා ගෙන ගිවිසුම් ගතව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරමුණු වශයෙන් තබා ගෙන ඇත. ඇතැම් පිරිස් පවසනුයේ ගොවීන් ගේ ඉඩම් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට තබා ණය ලබාගෙන සමාගම සන්තකයේ තබාගෙන වගාවට වියදම් කරන බවයි. නමුත් දැනට භූමියේ ගනුදෙනු කරන සමාගම් කීපය එලෙස කරන බවට තහවුරු වූ තොරතුරු නැත. එහෙත් කෝමාරිකා වෙළඳ පළ සක්‍රීය වන විට ජාවාරම් කාරයන් එවැනි තැනකට තල්ලූ වීමට තිඛෙන ඉඩකඩද නැතිවා නොවේ. කෙසේ වෙතත් සමාගම විසින් වගාව පිළිබඳව අනුගමනය කළ යුතු කොන්දෙසි ලබා දෙන අතර අක්කර කාලේ සිට වැඩි ප්‍රමාණයකට යෑමට ගොවීන්ට නිදහස හිමිවේ. ගොවියා විසින් කල යුතු වන්නේ සමාගම විසින් දෙන උපදෙස් මත වගාව නඩත්තු කිරීම සහ පවත්වාගෙන යෑමයි.එA සඳහා ඉඩම් යාය ඩෝසර කොට සමතලා කරන අතර වගාව ලොකු මහත් වූ පසු මාස අටක සිට වසර දොළහක් දක්වා කාලයක් තුළ ලක්ෂ දෙකක පමණ ආදායමක් ගොවීන් හට ලබා ගත හැකි බවද දක්වා ඇත.
හරි හමන් ආදායමක් නොමැතිව අතැම් විට ජලය ද නොමැතිව ණය වී ගොවිතැන් කරන ගොවීන් සමාගමේ පැකේජය ඉදිරියේ දණ නමන්නේ තමන්ට ලැඛෙන ආර්ථීක ප්‍රතිලාභ නමැති මස්කට්ටට ලොබ කරමිනි.ගොවියාගේ ඉඩම බැංකුවට ඇපයට තබා සමාගම සූදූකෙළීමට සැරසෙන්නේනම් එය ෙඛදවාචකයකි. සමාගම වෙත තැන්පත් කරනු ලබන මුදල වෙනත් දේට ආයෝජනය කිරීම මහා පරිමාණ සමාගකට එතරම් කජ්ජක් නොවේ.පැළ පොහොර සහ වතුර සහ ගොවියාගේ ශ්‍රමයට වෙන්

කරන ලක්ෂ විස්ස ට වඩා මුදලක් ඉතාමත් ලස්සනට සමාගමට හරි හම්බ කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීමට කැස කවනුයේ වර්තමාන ඉඩම් ඇමතිවරයා බවද දැන ගන්නට ඇත. රජරට බොහොමයක්ම ඉඩම් බලපත්‍ර ඉඩම්ය. පරවේŒ ඉඩම්ද මේ අතර තැනින් තැන තිබේ.මේඉඩම් වලට අදාල නීති සමාගම් වලට මහත් හිස රදයකි. විශේෂයෙන්ම 2001 වසරේ දී ගැසට් කරන ලද අවශේෂ කැලෑ යනුවෙන් තිබූ වන ලැහැබ් වන සංරක්ෂණයට ගැසට් කිරීම මහත් හිසරදයකි.එA නිසාම ඉඩම් ඇමතිවරයා විසින් 2001 චක්‍රලේඛනය අවලංගු වන ලෙස කැබිනට් අනුමැතියක් ලබා ගන්නට උත්සාහ කරතිබේ..වන සංරක්ෂණ නීති ලිහිල් වූ කල්හි සුපුරුදු පරිදි ඉඩම් මංකොල්ල කෑමට ලැඛෙන ඉඩ ප්‍රස්ථා සීඝ්‍රයෙන් විවර වන බව ඇමතිවරයා හොඳින් දනී.මීට පෙර ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ රණ විරු ගම්මානයක් සෑදීම සඳහා විශාල වන විනාශයකට මුල පිරීය.අවසානයේ එම ගම්මානයද සැදුණේ නැත.
2001 චක්‍රලේඛනය අනුව වන ලැහැබ් පවරා ගැනීම තුළ ප්‍රායෝගික ගැටළු තිඛෙන බව ඇත්තකි. මේ පවරා ගැනීමේ දී කිසිම වග විභාගයක් කර නොමැත. ජල පෝෂක ප්‍රදේශ වැව් කුඹූරු මෙන්ම ජල උල්පත් සහිත ප්‍රදේශ ගැන අවබෝධයක් නොමැතිව සියල්ල ඇතුලත් කොට ගැසට් කිරීම ඊට හේතුවයි. රජරට පාරම්පරික ගැමියන් සතුව තිබූ පරව්‚ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත මගින් බොහෝ කාලයකට පෙර ඉංග්‍රීසීන් අතින් රජසන්තක වූවා සේම 1968 අංක 30 නින්දගම් ආඥාපනත යටතේ ද රාජසන්තක කරගෙන තිබේ. හේන් ඉඩම් වැව් පිටි පිල්ලෑවන් ආදී සියල්ලම එA නම් වලින්ම ගැසට්ටුවට ඇතුලත් වී තිඛෙන්නේ එA නිසාය.මේ ඉඩම් වල පරිසර විවිධත්වය ගැන කිසිම සැලකීමක් නොමැතිව වන සංරක්ෂණය විසින්ම සමාගම් වලට බැහැර කළ අවස්ථා බොහොමයකි. වර්තමාන කෝමාරිකා ව්‍යාපෘතිය මගින් මුල් අවස්ථාවේ ලබා ගනු ඇත්තේ ගොවීන් ගේ ඉඩම් වුවද අවසානයේ සිදු වන්නේ වනයට යට කර ඇති ළඳු කැලෑද ලබා ගන්නට කැස කැවීමයි.ඉන් පසු සිදු වන්නේ මෙම ඉඩ කඩම් එක යායට තබා ඩෝසර කිරීමයි. කෝමාරිකා වගාවේ නිර්දේශ වල තිඛෙන අහිතකර පැත්ත එයයි.බිංදු ජල සම්පාදන කිරීමට මෙන්ම එAකාකාර වගාවක් නඩත්තු කිරීමට මෙවැනි දේ කරන බව සමාගම් පැවසුවද ඩෝසර කිරීම මහා විනාශයක ඇරඹුමකි.මින් පෙර බඩ ඉරිඟ= සඳහා සමාගම් විසින් කළ විනාශයට එය දෙවනි නැත. මෙයින් අහිමි වන්නේ වනය පමණක් නොව ජල පෝෂක වැව් පිටි සහ වන ජීවීන් ගේ බිම්කඩවල්ය.කොළඹ සිට කාරිය කරවන නිළධාරීන්ද දේශපාලකයන්ද මහා අන්ද මන්ද ගමනක් යන අතර ගොවීන් සිය දරිද්‍රතාවය මත තමා ගේ සන්තකය උගස් කරති.වත්ත බද්දට දී ඇස්සට දත නියවන ජාතියක් ඉදිරියේ දී නිර්මාණය වීමට තිඛෙන ඉඩකඩ බොහෝ වන්නේ එහෙයිනි.
ලෝක වෙළඳ පලේ කෝමාරිකා නිෂ්පාදන වලින් සියයට පහළොවක් දැනට අත්පත් කරගෙන තිඛෙන්නේ ඉන්දියාව හා චීනයයි.විදේශ විනිමය උපයන හොඳ වගාවක් ලෙසට එයට අනාගතයක් හිමිය.නමුත් ගැටළුව පවතින්නේ කෝමාරිකා වගාව ලංකාවේ පාරිසරික තත්වයන් යටතේ හැඩ ගස්වා ගැනීමට තිඛෙන අභියෝගයයි.සැබවින්ම මේ ශාකය ගෙවතු මට්ටමින් වුවද වගා කළ හැකිය.මෙහි පිති කිලෝවක් රුපියල් 35 සිට 70 දක්වා මිලකට අලෙවි වන අතර සමාගම් වල ප්‍රමිතිය අනුව ලබා දිය හැකි වුවහොත් ගෘහ ආර්ථීකය නන්වා ගැනීමේ හැකියාව වැඩි වන බව කිව යුතුය. යායන් වශයෙන් වානිජ මට්ටමින් කරන වගාවකදී පොළව ඩෝසර නොකොට අඹ නෙල්ලි කොච්චි ආදී ආර්ථීක වටිනාකමින් යුතු භෝග සමග මිශ්‍ර වගාවක් ලෙසට පවත්වාගෙන යෑමේ දී ගොවියාට ලැඛෙන ප්‍රතිලාභ ඉහළය.යම්කිසි වගා හානියකදී වුව ආරක්ෂණයක් ලැඛෙන්නේ එවිටය.එසේම2001 වන ලැහැබ් පිළිබඳ චක්‍රලේඛනය අවලංගු කිරීම මෙවැනි ඉලක්ක මත නොකළ යුතු බව මගේ හැඟීමයි. චක්‍රලේඛනය මගින් ඇති කර

තිඛෙන ප්‍රායෝගික ගැටළු විසඳීමට අන්තර් අමාත්‍යංශ කමිටුවක් පරිසරවේදීන් ගේ සාභාගිත්වය ඇතිව පත් කොට මෙම ගැටළු විසඳා ගැනීමට කාලය ලබා දිය යුතුය.මැතිවරණයෙන් පසුව එට ඉඩකඩ විවෘත වනු ඇත.
මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress