ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජනබල වේගයට ඔවුන්ගේම රජයක් කවරදාකවත් පිහිටුවාගත නොහැකියි.
Posted on July 26th, 2020

චාර්ල්ස්  එස් පෙරේරා  විසින් 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානයක  ස්වර්ණවාහිනී නාලිකාව ඉදිරිපත් කල  Sri Lanka Next  වැඩසටහනේ පෙනීසිට ඉදිරිපත්කල ඔහුගේ තර්ක  ජනතා විමුක්තිපෙරමුනේ තවත්  දේශපාලන අසරණ බවක් පෙන්නුම්කරන  ලංකාවේ දෙසපාලනයට ඇතුලත් වීමට තාමත්  අපහසු  නොමේරු  ගැටවර බවක් පෙන්නුම්කලා.  ඔහු කියනවා   ජනතාවට  දේශපාලනය  තිත්තවෙලාලු . 

ඔහු  කියන ආකාරයට ලංකාවේ කාටද දේශපාලනය තිත්තවෙලා තියෙන්නේ ? 

ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනය නොවේ තිත්තවෙලා තියෙන්නේ, නමුත් දේශපාලකයයි කියාගන්න සමහරක් ඊනියා දේශපාලකයොයි තිත්තවෙලා  තියෙන්න. ඒ ගනයට ජනතාවිමුක්තිපෙරමුනේ දේශපාලකයොත්  වැටී තියෙනබව ඔවුන්ට නොපෙනෙන එක කනගාටුදායකයි. එකට හේතුව ඕනාවට වැඩිය ඔවුන්ගේ ඔළුගෙඩි ඉදිමුවාගෙන තියෙන එකයි.

2004 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමජිකයන්වශයෙන්  පාර්ලිමේන්තු චන්ද සටනින් ආසන 39 දිනාගත් ඔවුන්ට හොඳට ඒත්තු ගන්න තිබුනා ඔවුන්ට දේශපාලන අනාගතයක් තියෙන්නේ  ලංකාවේ සමාජවාදී වාමාංශික දේශපාලනයත් සමග එක්ව සිටීමෙන් බව. 

නමුත් එයින් ඔවුන්ට ඇතිවුයේ තනියම ආණ්ඩුවක් පිහිටුවන්නට හැකිවේයයි අසීමිත දේශපාලන බල ලෝභයක්. ඒ බල ලෝභය නිසාම   ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වූ රෝහණ විජේවීර අමු අමුවේ පුළුස්ස මරා දැමු   හා  රෝහණ විජේවීරගේ   කොමියුනිස්ට් පක්ෂයේ සමජිකයෙක්වසිට එක්සත්ජාතික පක්ෂයේ මැරවරයන් විසින්  තලා පෙලා ජීවිතකාලයටම අංගවිකලයකු කල,  එක්සත් ජාතිකපක්ෂය සමගම  2010 සමගි ගිවිසුම් අත්සන්කලා   මහින්ද රාජපක්ෂ  ජනාධිපති තුමා  පරාජය කිරීම සඳහා සරත් ෆොන්සේකා ජනාධිපතිකිරීමට. 

ඒ  එක්වීමත් සමග  ජනතාවිමුක්ති පෙරමුණ ජනතාවගේ අප්‍රන්සන්නතාවයට භාජනය වුවා. එපමනක් නොව  ඒ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන අවසානයද වීය.. 

දැන් ඉඳ හිට තරුණයන් හා දේශපාලන අනාගතයක් නැති වෘතිකයන් හා කථිකාචාර්යවරුන්  දේශපාලනයට ඇතුලත්වීමේ හීනමවමින්  ජනතා විමුක්ති පෙර්මුනේ ජාතික  ජනබල වේගයට එක උනාට ඒ ජනතා විමුක්තිපෙරමුන වටා  රොක්වන  ජනතා රැල්ලක් නම් නොවේ. 

ඊටත් පෙර 2008 විමල් වීරවංස ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් වී වෙනම  දේශපාලන පක්ෂයක් පිහිටුවීමෙන් පසුව  ජනතා විමුක්තිපෙරමුන ජනතාවගෙන් සම්පුර්ණයෙන්ම වෙන්විය

ඒ වෙන්වීමේ ප්‍රතිපලයක් නිසාදෝ දැන් ජනතාවිමුක්තිපෙරමුන ජනතාවගෙන් තවතවත් ඈත්වෙමින්  වුර්තිකයන්, විශවවිද්‍යාල ආචාර්යවරුන්, හා නීතීන්ඥයන්ගේ  පක්ෂයක් වී ජාතික ජනබල වේගයක්  බවට පරිවර්තනය වී තිබෙන්නේ.

අනුර දිසානායක ජනතා  විමුක්ති පෙරමුන ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවෙන් අතුගා  යැවීමේ පොරෝගාමියා ලෙස සැලකිය හැක. පසුගිය අවුරුදු හතරක්ම ඔවුන් පාරලිමේන්තුවේ පුහුණුව ලැබුවේ විවෙචන, හොරුඅල්ලීමට වාරතා සැපයීම, අල්ලස් කොමිසමට වාර්තා සැපයීම, සමාජවාදී වාමාංශික පක්ෂවලට විරුද්ධව ධනේෂ්වර අධිරාජ්‍යවාදී එක්සත් ජාතික පක්ෂය හා ජාතිවාදී  දෙමල එක්සත් සන්ධානය සමග එක්ව කටයුතු කිරීම . 

ගොටාබය රාජපක්ස ජනාධිපතිතිමා,  මහින්ද,  බැසිල් ආදී රාජපක්සවරුන්ට  විරෝධීව  කටුයුතු රාශියක් ඔවුන් ගෙන යන්නේ  දෙකඩ වූ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට දේශපාලන බලයට පැමිණීමේ කාර්යට  ප්‍රතිවිරෝධී පක්ෂයක් නොවිය හැකිබැවින්  රාජපක්ෂ වරුන් දේශපාලන බල හීනයන් කලොත් ඔවුන්ට ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවිය හැකියයි මතයක සිටගෙන බව පෙනේ.  

ඒ බව Sri Lanka Next  වැඩසටහනේ අනුර දිසානායක ඉදිරිපත්කල සමහරක් තර්කයන්ගෙන් පෙනීගියා.ඔවුන් දැන් ගෙනියන අල්පේච්ච ජීවිතය ජනතාවට දෙන්න අදහස් කරන්නේ නැතිලු, බලය ලබාගත්තොත් වෙනත් විධියේ  දැන් ජනාතා විමුක්ති පෙරමුණට  අනන්‍ය ජීවිත ගෙවන්නේ නැතිලු.  ඔවුන් රුවන්වැලිසෑය ගඩොල්මොඩයන්ගේ  සන්කෙතකයක්යයි  නොසිතන බවත්  සිංහල බෞද්ධ අද්යාත්මිකත්වය මංකොල්ල නොකන බවත් කියයි. 

මොවුන් කෙසේකීවත්  මොවුන්ගේ ඉතිහාසය ඔවුන් අමතක කරන්න උත්සාහ කලත්  ජනතාව ඔවුන් 1971  කල 30000ක් පමණ ජීවිත විනාශයත් 1987 දකුණේ දහස්ගණන තරුණ ජීවිත විනාශකිරීමවත්  අමතක කර නෑ.

ලංකාවේ සිංහල බෞද්ධයෙකුට තමන්ගේ සිංහල  බෞද්ධකම නොබියව කිය නොහැකි යුගයක් පැවතියා. ජනතාවිමුක්තිපෙරමුන ඊනියා ජාතික එකමුතුවේ සංහිඳියාව නිසා තමන්ගේ බෞද්ධකම කොන්දෙසිවිරහිතව ප්‍රකාෂනොකරයි. රුවන්වැලි  සමිදුන්නගැන  කතා කරදදී  ගඩොල් මෝඩ කතාවක් කීවත්  දේශපාලන  වාසි බලාගෙන කුරුණෑගල භුවනෙක ස්මාරකය බුල්ඩෝසර කිරීම ගැන කතාකරද්දී මහත් සන්වේදීව  වේදනාවකින් යුතුව කතාකලා.

ජනතා විමුකිති පෙරමුණ නමවෙනස්කරගෙන ආවත් ඔවුන්ගේ මාක්ස්වාදීත්වය හොදාහරින්න බැරි නිසා  කවදාවත්  තනිව පාලන තන්ත්‍රයක් පිහිටුවීමට  ජනතාව චන්දයනම් දෙන්නෙම නෑ. 

ජනතා විමුක්ති පෙරමුණේ   මුහුකුරාගිය  ජනතා හිතවාදීන්  නොසිටියේය , අද  ජනතා විමුක්ති පෙරමුණ පරිවර්තනය වී තිබෙන ජාතික ජනබල වේගයේ  දකින්න ලැබෙන මුහුණු සාමාන්‍ය ජනතාව පිළිගන්න තරම්  මිනිසත්කම සුන්දරකම විදහාපාන  ජනතා සිත් දිනාගත හැකි මුහුණු නොවේ. සිංහල බෞද්ධජනතාව මාර්කස් වාදය ගෑවුණු කෙනෙකුටවත් චන්දයදීමෙන් වැලකී සිටියේය. එදා   ලංකා සමසමාජ   කොමියුනිස්ට් පක්ෂද මේ බෞද්ධ සිංහල මාක්ස්වාදී අකමැත්තට බිලිවුයේය. 

මහින්ද රාජපක්ෂ මැතිතුමා වයස්ගත දේශපාලකයෙක් විය හැකියි. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා  නිහතමානි ජාති හිතෛෂී  තාමත්  පිරිසිඳුව  සිතිය හැකි අභිමානවත් සිංහල බෞද්ධ නායකයෙකි. එබැවින් එතුමා ජනාදරය හිමි කරගත්  ජනතාවගේ ගෞරවාදර නායකයෙකි.

අපේ බෞද්ධ සංස්කෘතියේ අනන්‍ය තාවය වැඩිහිටියන් කෙරෙහි විෂවාශය තැබීමයි. එබැවින් වයසක් ගැන නොතකා අපේ සිංහල බෞද්ධ ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමා  කෙරෙහි තබා ඇති  විශ්වාශය කඩ නොකරයි.   

අනුරකුමාර දිසානයක කීවා ඔහු  මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා 2014 හමුවී  එතුමාට  ජනාධිපති  තේරීමේ චන්දයට නොපැමිනේන්නයි කී බව. එකයි අනුර කුමාර දිසානායක  කල වරද.

ජනතා විමුක්ති පෙරමුණට හෝ  ජාතික ජනබල වේගයට  ඔවුන්ගේම රජයක් කවරදාකවත්  පිහිටුවාගත නොහැකියි. ගොටාබය,මහින්ද රාජපක්ස ආදී නම්  සිංහල බෞද්ධ ජනතා හදවත් වල කෙටී තිබෙන නම්ය. ජනතා විමුක්ති පෙරමුනේ  නායකයින් මිනිස් කම ගැන තවත් බොහෝ දේ ඉගෙන ගත යුතුව  ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress