6,924,255ක්වූ දේශප්‍රේමී ජන බලවේගයට උපහාරයකි.
Posted on November 14th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඉතිහාසය විසින් බාධක රාශියක් පසුකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස බලයට පත්කර හරියටම මේ වනවිට වසරක කාලයක් නිමකර ඇත.මෙම කාර්යයේදී, මෙරට සිටි හා විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් 6,924,255 එම කටයුත්තේදී, පෙරමුණු බල ඇණියක්සේ අභිතව ඉදිරිපත්ව කටයුතුකර, මේ රට ගමන්කරමින් තිබු විනාශකාරී තත්වය නවතාලීමට සමත්විය.එසේ කිරීමට දායකවූ මේ මහා බලසේනාව මෙවැනි කටයුතු වලට දායකවූ ප්‍රථම අවස්ථාවද නොවේ.  එම බලවේගයට සම්බන්ධ සියලුම ජනතාවට ගෞරවයක් වශයෙන් මෙම කරුණු සමුදාය ඉදිරිපත් කරමු.

අපි මෙලොව ඉපදෙන කොට මොනවා හරි අරගෙන ආවේ නැද්ද?
ඒ වගේම අපි මරණයත් සමග කිසිවක් අරගෙන යන්නේ නැද්ද?
මේක අප අතර තියෙන ප්‍රශ්නයක්.

.ඇත්තටම අපි මෙහි එනවිට ගොඩාක් දේවල් අරගෙන එනවා. ඒ වගේම මෙලොව හැර යනවිට ගොඩාක් දේවල් අරගෙන යනවා.මේ සිදුවීම, සිදුවෙන වෙන ආකාරය, විද්‍යාත්මකව කතා කරන්න ඕනි. පුංචි දරුවන්ට පවා තේරෙන ආකාරයට එය කල යුතුයි. මේ උත්සහ කරන්නේ එම කටයුත්තට අවතීර්ණ වෙන්නයි. මේ කියන්න යන කතාව හුඟ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. අඩුම තරමින් පස්දෙනෙකුට මේ කතාව දෙරුණොත් ඒක ලොකුම ජග්‍රහණයක්.

ඔබ, මම, අපි හැම උපතේ සිට මේ වනවිට එක්තරා ගමනක් ඇවිත් තියෙනවා.සමහර විට ඔබ  මරණයේ ආසන්නයට පැමිණ සිටින ස්වභාවය විසින් ලබාදී ඇති විශාල දැනුම් සම්භාරයක් ලබාගෙන සිටින පුදගලයෙක් විය හැකිය. එසේ නොවන්නේ නම් වයස 75 සිමාවේ පසුවෙන මනා දැනුමකින් සපිරි පුද්ගලයෙක් විය හැක. එහෙමත් නැත්නම තාරුණ්‍යයේ, අවසාන කඩඉම වන වයස අවුරුදු 50 සිමාවේ පසු වෙන්නෙක්ද විය හැක.සමහරවිට භද්‍ර යව්වනයේ පසුවෙන තරුණයෙකු හෝ ගැටවර අවදියේ පසුවෙන්නෙක් හෝ ළමයෙක් විය හැක.

ඔබ කුමන අවදියක පසුවුනද ඔබ නිරන්තරයෙන් කෙළවරක් නොදකින මහා ගමනක් යමින් සිටින්නෙකි.මේ ගමන ඔබ යන්නේ, සෞර්යග්‍රහ මණ්ඩලය නමැති විශ්වීය යාන්ත්‍රනය මගින්ය.ඔබේ උපත, මේ ගමන් කරන යාන්ත්‍රණයට ගොඩවිම ලෙස ගත්විට ඔබේ මරණය මේ යාන්ත්රණයෙන් ඉවත්ව යාමක් සේ අපට සැලකිය හැක.,මේ ගමනේ වේගය පැයකට කිලෝ මීටර් 7,20,000කට ආසන්නවේ. ඒ ඔබත් මමත් විශ්වාස කරන නවීන විද්‍යාවට අනුව සෞර්යක්ග්‍රහ මණ්ඩලයේ ප්‍රවෙගයයි. ඔබ විශ්වය හරහා ගමන් කර ඇති දුර තීරණය වන්නේ ඔබ මෙහි ගත කර ඇති කාලයට අනුවය.ඔබේ දැනුම හා බුද්ධිය තීරණය වන්නේද ඔබ මෙහි ගත කරන කාලයයි..

මෙහි,උපන් නිසා ඔහේ ජීවත්වෙන මිනිසුන් මෙන්ම දැනුම හඹා ගොස් ඉගෙන ගන්නා මිනිසුන්ද සිටී. ඔවුන් කොතරම් වේගයකින් හඹා ගියද මේ විශ්වය තුල අන්තර්ගත ඒ දැනුම් කන්දරාව ඉගෙන ගැනීමට මේ ලබාදී ඇති ජිවිත කාලය ප්‍රමාණවත් නොවේ. එහෙම නම් විශ්වීය සාධාරණත්වය විය යුත්තේ, මේ මිනිසාට මේ දැනුම ලබා ගැනීමට තව තවත් අවස්තාව ලබාදීමයි.එය විශ්වීය සාධාරණත්වය ඉටුකරණ ස්වභාවය මගින්, සියලු සත්වයන්ට ලබාදෙනවාද? නැත්නම මරණයත් සමග ලබාගත් සියලුම දැනුමට වැළලී යන්න ඉඩ දෙනවාද? යන්න අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය.

ස්වභාවයට ඉලක්කයක් ඇත.ඒ ඉලක්කය කුමක්දැයි සෙවීම ආරම්භකළ මිනිසුන්ගේ ගණන මේ යයි කිව නොහැක. බුදු දහම, කිතුනු දහම, හින්දු දහම, ඩාවින්ගේ පරිනාම වාදය, මාක්ස්වාදය යන සියලුම දර්ශනයන්ගෙන් වෙන්වෙන්ව උත්සහ දරන්නේ, එම කටයුත්ත යම් තරමකින් ඉටුකිරීමටයි.මේවා එකිනෙකට සම්බන්ධතාවයක් නැතිව සිදුවෙන දේවල බැවින් ඒවායේ ඇති, සාරය එක්කරගෙන බැලීමක් ලොවතුල සිදු නොවේ. එබැවින් මේවා එකිනෙකට පරස්පර දර්ශනයන්සේ මිනිසුන්ව විවිධ කණ්ඩායම් වලට බෙදන මෙවලම් බවට පත්ව ඇත.

ඉතා පැරණි දර්ශනයන් හා පැරණි විද්‍යාව සහිත හින්දු දර්ශනය, බුද්ධ දර්ශනය හා කිතුනු දහම, නවීන දර්ශනයන් හා නවීන විද්‍යාව මුසුව ගොඩනැගුන පරිනාමවාදය හා මාක්ස්වාදය එකට කැටිකොට බලන විට අපට පෙනෙන චිත්ත රුප පරම්පරාව අලුත්ම දර්ශන පෙළක් අපි ඉදිරියේ මවාපායි. එම දර්ශන පෙළ මෙවැන්නක් ගෙනහැර පායි.

මිනිසා වදුරාගෙන් පරිනාමය වූ බව අපි පිළිගන්නෙමු. මුලින්ම
1. රිලවෙක්,
2.වදුරෙක්
3.ඔරන් ඔටාන් වැනි වානරයෙක්.
4.ගොරිල්ලා හා
5.චින්පන්සි අවදියට පසු
6.මිනිසෙක් ගේ තත්වයට අනුවර්තනය වූ පරිනාමිය ක්‍රියාවලියක් අපිට නුතන විද්‍යාව උගන්වයි.

මෙහිදී රිලා අවදියට සපැමිණි සත්වයා, රිලා අවදියෙන් මිදී සාමාන්‍ය වඳුරෙක්ගේ අවදියට අවතීර්ණවීමට වසර මිලියන් 12ක් පමණ කාලයක් ගතකර ඇති බව නුතන විද්‍යාව මත පලකරයි. අප මෙහිදී තේරුම් ගත යුත්තේ, රිලවා මෙලොවට සපැමිනිමත්  සමගම රිලවා මෙලොව වාසය කල දියුණුම සත්වයා බවට පත්වූ බවයි. රිලවා පරිනාමයවී වඳුරා සමාජගත වෙන තෙක්, එනම් වසර මිලියන 12ක්ම මෙහි පැවතී ඇත්තේ රිලා අධිරාජයක් බවයි. අප දකින රිලවාගේ වයස අවුරුදු 12ක් වුවද, එය සැබෑවක් නොවන බවක් මේ ක්‍රියාදාමය අපට පෙන්වා දෙයි. රිලවාගේ සැබෑ වයස වන්නේ, අවුරුදු මිලියන 12ක් වන අතර, ඔහුට වයස අවුරුදු මිලියන 12ක් ගතවූ තැන ඔහු රිලවෙකුට ලැබිය හැකි උපරිම පලය වන වඳුරෙක් බවට පරිවර්තනය වීම සිදුවේ.

රිලවෙක්ගේ වයස අවුරුදු මිලියන 12ක් බව අප පවසන විට, එහෙනම් අපි වසර 12න 12ට මියැදෙනවා දකින රිලවා කවරෙක්ද? යන ප්‍රශ්නය ඉස්මතුවේ..

අපි අපිම ගැන කල්පනා කරන විට අපේ උපතේ සිටි ළදරුවා, අද නැත. ඉන්පසුව ආ ළමයාද නැත. අප ගත කල ඒ ගැටවරයාද අද නැත, ඉන් නොනැවතී බලන විට අර සුන්දර තරුණයා හෝ තරුණියද නැත.අද අපි පරිනතව දැනුම් කන්දරාවක්ද  සහිතව වයෝවෘද තත්වයට පත්ව මරණය අපේක්ෂාවෙන් පසු වෙන්නෝ වෙමු. අපට මරණය මංගල කරුණක් වුවද, හැමෝටම එය මංගල කරුණාසේ දැනෙන්නේ නැත. ඒ ඔවුන් යලි ඉපදීමක් සම්බන්ධව සැක මුසුව බලන බැවිණි.අප උපදින අවස්ථාවේ අපේ ශරිරයේ තිබුන එකද සෛලයක්වත් මරණය අවස්ථාවේ නැතිනම්, මේ මියැදෙන්නේ, ඒ උපත ලද තැනැත්තාමද? ඒ ඉපදෙන කොට තිබුන සෛල වලට මොකද උනේ? කියන ප්‍රශ්නය පැන නැගී. මේ මියැදෙන්නේ ඒ තනත්තාමයයි කීමට භෞතික දකින කිසිම දෙයක් නැති වුනද මේ මියැදෙන්නේ ඒ තැනැත්තාමය.එසේ කීමට ඇති එකම සළකුණ වන්නේ, එක දිගට පෙළගැසී ගලා එන මතකයන් කන්දරාවක් පමණි.ඒ මතකයන් හැරුන විට ඒ ගමන් මගේදී අප සතුව තිබුන කිසිවක් මේ වනවිට අප සතුව නැත.

අවුරුදු මිලියන 12ක සැබෑ වයසක් උරුම රිලවාගේ,ඒ ගමනේදී, අවුරුදු 12න් 12ට සිදුවනු දුටුව, මරණයම, අපේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලුම සෛල වලට උරුම වී ඇත.වයස අවුරුදු මිලියන 12ක ආයු කාලයක් උරුම රිලවා ඒ කාලය නිමකොට වඳුරු අවධියට ප්‍රවිෂ්ඨ වෙනවිට ඒ අවුරුදු මිලියන 12ක කාලය තුලදී,මිලියනයක් වාර ගණනක් ඉපදී මිලියනයක් වාර ගණනක් මියැදී වදුරෙක් බවට පත්ව නව ජීවනයක් ලබයි. මෙය ස්වභාවයේ ධර්මතාවයයි.

අප ළදරුවෙක්, ළමයෙක්, ගැටවරයෙක්, තරුණයෙක්, වැඩිහිටියෙක් මහල්ලෙක් හා මළකඳක් බවට පත්වෙන ජිවිත කාලයට සමාන ක්‍රියාවක්, වසර මිලියන 12ක ජිවිතයක් ආරම්භ කරන රිලවාගේ ජිවන ක්‍රියාවලිය තුලදීද සිදුවේ. මේ භාවතරණයේ යෙදෙන රිලවා තම තාරුණ්‍ය නිම කරන්නේ වසර මිලියන 6කට පසුවය. පළමු වසර මිලියනය ළදරු අවදියෙද, ඊළඟ වසර මිලියනය ළමා අවදියෙද,ඉතිරි වසර මිලියන 4ක කාලය ගැටවර අවධිය හා තාරුණ්‍ය නිම කොට අවසාන වසර මිලියන 6ක කාලය තව තව දැනුම ලබමින් දැනුම බෙදමින්, සිට පසුව වදුරෙක්ගේ තත්වයට පරිවර්තනය වන බව පැහැදිලිය.



මේ අනුව රිලවාගේ අවසන් ඉලක්කය වඳුරෙක් බවට පත්වීම වේ. රිලවෙකුටම,මේ ඉලක්කයට ලඟා වීමට වසර මිලියන 12ක් ගතවෙන බවද පැහැදිලිය.

මීළඟට  
ආරම්භක වඳුරාගේ සිට වසර මිලියන 12කක කාලයකට පසු ආරම්භක ඔරාන් ඔටාන් වානරයාත්.
ආරම්භක ඔරාන් ඔටාන් වානරයාගේ ආරම්භයෙන් වසර මිලියන 16කට පසු,ඊටවඩා දියුණු වානරයෙක්වූ ගෝරිල්ලාගේ ආරම්භක අවස්ථාවට පැමිණි බව පොසිල මාර්ගයෙන් පැහැදිලිව එලි දක්වා ඇත.
ආරම්භක ගෝරිල්ලාගේ සිට වසර මිලියන 11කට පසු ආරම්භක චින්පන්සියා නිර්මාණය වුන බවත්,
ආරම්භක චින්පන්සියාගේ සිට වසර මිලියන 11කට පසු නියන්ඩතාල් ආදී මානවකයා බිහිවූ බවත්,
ආරම්භක නියන්ඩතාල්  මානවකයා බිහිවී වසර මිලියනයකට පසු වර්තමාන මිනිස් පරපුර බිහිවුන බව ප්‍රකාශිතය.

මේ වනවිට මිනිසා බිහිවී වසර මිලියන 6ක් පමණ ගතව ඇති විශ්වාස කලද මිනිසා ගල් යුගයෙන් මිදීම ආරම්භකර වසර 90,000ක කාලයක් නිමකර ඇති බවද පැවසේ. 

දැන් අප සලකා බැලිය යුත්තේ, රිලවාට භාවතරණ කාලය වසර මිලියන 12ක් නියම කල ස්වභාව ධර්මය විසින් මිනිසාට උරුමකොට ඇති භවතරණ කාලය කොපමණද යන්නයි. ඇත්තටම්, රිලවා, වඳුරා, ඔරාන් ඔටාන්, ගොරිල්ලා, චින්පන්සියාගේ,භවතරණ කාලයන් සසඳා බලන විට මිනිසාටත් එවැනිම වූ භාවතරණ කාලයක් එනම් වසර මිලියන 12කවත් කාලයක් උරුම විය යුතුය. ඒ කාලය අවසානයේදී මිනිසා සඳහා, ස්වභාවය නිර්මාණය කර ඇති තත්වය කුමක්දැයි අප නිශ්චිතවම හඳුනන්නේ නැත. නමුත් එය ඉතා ඉහල තත්වයක් සහිත ඉහල තලයක තිබිය යුතුබව මානව පරිනාමය අපට පෙන්වා දෙයි.

මේ වනවිට මිනිසා මේ පොලොව මත ගතකර ඇත්තේ, වසර මිලියන 6.9ක කාලයකි. ඉන් අදහස් වන්නේ ආරම්භක මිනිස් පරපුර වසර මිලියන 6.9ක කාලයක් මේ පෘතුවියේ තම පරපුර වර්ධනය කරමින් ගමන්කරමින් සිටින බවයි. ඒ සමගම අද ඊයේ මිනිස් සමාජයට අවතිර්ණ වූ මිනිසුන්ද අප අතර සිටි.ස්වරුපය එකමය.නමුත් මිනිසත් බව ලබා වසර 40ක් පමණ ගත්වුවන් හා මිනිසත් බව ලබා වසර මිලියන 6,9ක්වුවන්ගේ  ස්වරුපයේ කිසිදු වෙනසක් නොපෙනේ. සමාජයේ ප්‍රබලම ගැටලුව ඇත්තේ එතනය. වසර මිලියන් 6,9ක මිනිස් පරපුර හා  දැනුම පළමු වරට මිනිසත්බව ලබා සිටින මිනිසෙකුගේ දැනුම සමාන නොවේ. මේ අනුව බලන විට පසුගිය වසරේදී මෙරට ජනතාව සිදුකලේ,

 “මානව සංහතිය තුලට මෑතකදී ඇතුළුවූ වානර සංහතියේ ග්‍රහණයෙන් මේ රට මුදවා ගැනීමයි.”  

සටනේ නිමාවක් නැත. එය ඉදිරියටත් එසේම පවතිනු ඇත.අපට යලි යලිත් ඉපදෙමින් මතුවටත් මේ සටන් දාමය කරගෙන යාමේ කටයුත්ත ස්වභාවය විසින් උරුම කොට ඇත. අපි එම කටයුත්ත සතුටින් ඉටුකරමු.

අපට එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සියලුම බලවේගවල උපකාරය ලැබෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress