ආනන්ද බෝඩිමේ ගෝඨා අයියා
Posted on November 21st, 2020

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පීී. හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි.

මා ගාලූ මහින්දයෙන් අස් වී ආනන්දයට ආ දිනය මට කිසිවිටක අමතක නොවේ. මගේ පියා ඞීගසී. හේවාවිදාන මහතා පරිපාලක වශයෙන් සේවය කළ ඉමදුව වව්ලගලවත්තේ නිලනිවාසයේ සිට අපි උදේ පාන්දර 4ට කොළඹ කරා ගමන් ඇරඹුවෙමු. මහින්දයේ පරණ යාළුවන් අත්හැර දමු සිදුවීම ගැන දුකක් සාංකාවක් තිබුණද අලූත් පාසැලේ අලූත් යාළුවන් පිරිසක් හමුවීමේ ආසාව හා උද්යෝගයට මගේ හිතේ නලියන්නට විය. පැය 4ක් තිස්සේ කොළඹ කරා ගමන් කරද්දී ජිවිතේ මුල් වතාවට තනියම තමන්ගේ වැඩ සියල්ල කරගැනීම සිදුවීම ගැන මගේ හිතේ තිබුණ බය දුරුකරමින් අම්මා හා තාත්තා මා සනසමින් අවවාද හා උපදෙස් දුන්නාය.

ආනන්ද බෝඩිමට දෙමාව්පියන් සමග එදා පැමිණි සියළුම ළමයි පඩිපෙළ මතදී ආදරයෙන් පිළිගත්තේ එවකට බෝඩිම් මාස්ටර් වු කර්නල් රාජපක්ෂ මහතාය. හැම දෙමාව්පියකු සමගම ඉතා හොඳින් කථා කරමින් රාජපක්ෂ මහතා  ඔවුන් අස් වසා ලීය. බයවෙන්න එපා ලංකාවේ හොඳම පාසැලට ආපු ඔබේ පුතා ඉතා වාසනාවන්තයෙක්. අපි එයාව හොදට බලාගන්නම් කියා එතුමා මාව කනිෂ්ඨ ඒ කාමරයේ ආයා ”පොඩි නෝනා” ආයාට බාර කළේයග

අම්මා තාත්තා මගේ ඔලූව සිඹ ආපහු මෝටර් රථයට නැගී ගියේ කඳුලූ පිරි මුහුණු වලිනි. මගේ අල්ලපු ඇඳේ සිටි යාලූවාට පමණක් එවැනි තනිකමක් නොතිබුණේ බෝඩිමේ උඩ සීනියර් ඩෝමැටි‍්‍රයක සිටි ඔහුගේ ලොකු අයියා තම  මල්ලීට අලූත් ජීවිතයට හැඩ ගැනීමට උදව් කරමින් සිටි නිසාය.  මල්ලී ඔයාගේ දත් බුරුසුව, සබන් කෑල්ල මෙතනින් තියන්න.  උදේට  ඕන වෙනවානේ ”. මම මේ ලොකු අයියා මල්ලීට දෙන උපදෙස් වලට හොරෙන් ඇහුම් කන් දුන්නෙමි.

”මල්ලී ගෙදර වගේ නෙවි.  උදේ නැගිට්ට ගමන් ඔයාගේ ඇඳ ලස්සනට හදන්න  ඕන.  නැතිනම් රූම් මාස්ටර්ගෙන් බැනුම් ” ලොකු අයියා මල්ලීට කියයි.  දවල්ට කෑමට පස්සේ ”රූම් ටයිම්” කියලා පැයක් තියනවා.  එතකොට ඇඳට වෙලා කිසිම සද්දයක් නැතුව පොතක් පතක් බලන් ඉන්න ඇදෙන් බැස්සොත් එහෙම රූම් මොනිටර් ඔයාව සර්ට අල්ලලා දෙයි.

සීනියර් රූම් එකේ අයියා මල්ලීට කියන දේවලින් ආනන්ද බොඩිමේ නීති රීති හා දෛනික චරියාව ගැන මම බොහොම දේවල් ඉගෙන ගතිමි. සීනියර් අයියා උඩ තට්ටුවේ පඩිපෙළින් නොපෙනී ගිය පසු  මම පුංචි මල්ලී ළ`ගට කිට්ටු වුයේ ආනන්දයේ පළමුවෙනි මිත‍්‍රයා බිහි කර ගැනීමේ අභිලාෂෙයෙනි.

 හලෝ මම දෙව්සිරි.  මම මහින්දයෙන් මෙහෙ ආවේ. ඔයත් ගාල්ලේද”   නැහැ මම බෙලිඅත්තෙන්.  මගේ නම රෝහණ” ඔහු මටද හිනාවෙමින් උත්තර දුන්නේය.

  දෙව්සිරි ඔයා යු. ඇන්. පී. ද ශී‍්‍ර ලංකාද. මගේ ප‍්‍රථම ආනන්ද මිත‍්‍රයා ඊළ`ගට ඇසු ප‍්‍රශ්නයෙන් මම උඩ විසි වී ගියෙමි.”

  අපේ මු`ඵ පරම්පරාවම යු. ඇන්. පී. බලකණු නේ. ඒ විතරක් නෙවි ඊළඟ මැතිවරණයේදී කඹුරුපිටියට ඉල්ලන්න කියලා ඩඞ්ලි සේනානායක මහත්තයා අපේ තාත්තට ලියුමකුත් එවලා තියනවා” මම ආඩම්බරයෙන් රෝහණට කීවේ මා තුළ තිබු මන්ත‍්‍රී සිහිනය යටපත් කර ගැනීමට වෙර දරමිනි.

  ආ  ඕක මොකක්ද.  අපේ තාත්තා නම් දැනටම මන්ත‍්‍රීවරයෙක්” කියමින් රෝහණ මගේ හුළං බින්දුවටම බැස්සුවේය.”

අපි අලූත් ළමයි සිය`ඵ දෙනාටම එකිනෙකා හඳුනාගෙන යාලූවන් වීමට ගතවුයේ විනාඩි කිහිපයකි. මගේ අලූත් මිතුරාගේ පුර්ණ නම බැසිල් රෝහණ රාජපක්ෂ බවත් ඔහුගේ පියා බෙලි අත්තේ මන්ත‍්‍රීතුමා බවත් දැන් මොහොතකට පෙර උඩ තට්ටුවට ගිය අයියා ගෝඨාභය බවත් අපි සිය`ඵදෙනාම දැනගත්තේ ඉන්පසුවය.

මා ආනන්ද බෝඩිමේ සිටි වසර අට තුල මන්ත‍්‍රී පුතුන්  18 දෙනෙකු වරින් වර අප සම`ග සිටියහ.  දැන් කාලයේ සමහර මන්ත‍්‍රී පුතුන් මෙන් තාත්තාගේ බල ඌෂ්ණය ඇ`ගට ගත් කිසිම කෙනෙකු ආනන්දයේ සිටියේ නැත.  බැසිල්-ගෝඨාභය අයියා මලෝ ද අතිශයින් නිරහංකාර ළමුන් වුහ.

බෝඩිමේ සිටින තම පුතුන් බැලීමට එන සෑම දෙමව්පියකුම පුතු වෙනුවෙන් කේක්, දොදොල්, මස්කට්, මාස්මෙලෝස් වැනි රස ආහාර ගෙන ඒම පුරුද්දක් විය.  ඒවාට අපි කීවේ ”දොවොල්” කියාය. 

වව්ලූගල වත්තේ ලොරිය කොළඹට එන සැමවිටම මගේ අම්මා කැවුම් කොකිස් අග්ගලා අ`ඵවා වැනි රසවත් දෙවොල් පාර්සලයක්ම එව් විට ඒවා යාලූවන් සම`ග බෙදාගෙන කෑම මගේ පුරුද්ද විය.

බෙලිඅත්තේ මන්ත‍්‍රීතුමාත් තම පුතුන් බැලීමට සැමවිටම පැමිණියේ පුහුල් දෝසි හෝ ටොෆි පාර්සලයක් දෙකකුත් අරගෙනය. පැය බාගයක්ම තම පුතුන් සම`ග සතුටු සාමිචීයේ යෙදෙන මන්ත‍්‍රීතුමා ආපසු යන්නේ කොයිවෙලාවෙදැයි සිතමින් අපි නොඉවසිල්ලෙන් ඇගිලි ගණන් කරන්නෙමු. මන්ත‍්‍රීතුමා කාර් එකට නැගී වංගුව පහු කරන්නත් පෙර කාමර දෙකේ කොල්ලෝ දක්ෂ රගර් ක‍්‍රීඩකයන් මෙන් බැසිල් හා ගෝඨාභය බිම පෙරලාගෙන දෝසි පාර්සල දෙකට වැඩක් දෙති.  අන්තිමේදී ගෝඨා හා බැසිල්ට ඉතුරු වන්නේ දෝසි කුඩු පමණි.

සෑම කුඩා ළමයෙකුගේම ආසාව අයිස්ක‍්‍රීම් කෑමය.  බෝඩිමේ අපේ ප‍්‍රියතම ආහාරය වුයේ එලිෆන්ට් හවුස් අයිස් චොක්ය.  තාත්තාලා අපිව බලන්නට ආ විට ලබා දෙන රුපියල් දෙක තුන පොකට් මනි දවස් දෙක තුනෙන්ම අයිස්ක‍්‍රීම් වලට වියදම් කරන අපි ඉන්පසු කල්පනා කරන්නේ ඊළ`ග අයිස් චොක් එක කන්නට ශත 15ක් හොයාගන්නේ කෙසේද කියායි.  මෙවැනි අවස්ථාවල තමන් ළ`ග තියෙන ළමා පොත්, නවකථා පොත් ආනන්දය ඉදිරිපිට තිබුන පරණ පොත් කඩයට විකුනා ශත 75ක් රුපියලක ලබාගෙන අතිවෙන කම් අයිස් ක‍්‍රීම් කෑ යාලූවන්ද අප අතර සිටියහ.

බැසිල්ට අයිස් ක‍්‍රීම් කන්නට දොළදුකක් හැදුණ අතේ සතේ නැති සමහර දිනවල ඔහු මම ඇදගෙන ගෝඨාභය හමුවෙන්නට යෑම සිරිතක් කරගෙන තිබුනි.  ඈත සිටම අපිව දකින් ගෝඨා අයියා ”ආ මොකද දෙන්නට අදත් බඩගිනි වෙලාද? ආ මෙන්න අයිස්ක‍්‍රීම් කන්න ශත 50ක්” කියමින් අපට කාසියක් දෙයි. ගෝඨාභයට පින් දෙමින් අපි ආනන්ද වැට එහා පැත්තේ තිබුන අකුරැුස්සෙ මාමාගේ පුංචි කඩයෙන් අයිස් චොක්ස් දෙක දෙක කන්නෙමු.

අපේ ඩෝමැටි‍්‍රයේ ඝෝෂාකාරී කැපී පෙනෙන කොල්ලකු වු බැසිල් වාදීහ සිංහයෙකු ද විය.  කාමරේ අපි වැඩිදෙනෙකු යු. ඇන්. පී. කාරයන් වුවත් බැසිල් සම`ග දේශපාලනය ගැන වාද කරන්නට අප කිසිවකු සමත්වුයේ නැත. නමුත් ගෝඨාභය ඊට සහමුලින්ම වෙනස් චරිතයක් විය. ඒ කාලේ අපේ සුප‍්‍රසිද්ධ සිංහල ගුරුතුමා වූ බර්ටි විජේසිංහ මහතා මෙසේ කියයි.”ගෝඨාභයයි බැසිලූයි බෝඩිමේ ඉන්න කාලේ එකිනෙකාට වෙනස්. බැසිල් මහා සටන්කාමියා. කොල්ලෝ එක්ක රණ්ඩු අල්ලන්න කියාපු හාදයා. නමුත් ගෝඨාභය බෝඩිමේ හැදුණේ බෝ පැළයක් වගේ.  කිසිම කාලෙක බෝඩිම ඇතුළේ නම් වැරදි වැඩකට අහු වුණේ නැහැ. එයා නිතරම හිනා වෙවී හිටි යහපත් ළමයෙක් ”

දැන්  ඕස්ටේ‍්‍රලියාවේ SPUR සිංහල සංවිධානයේ සභාපති හා ආනන්ද බෝඩිමේ එවකට හිටි ගුරුවරයෙකු වන රංජිත් සොයිසා මහතා ද එය අනුමත කරයි. ”ගෝඨාභය හතරවන ශ්‍රේණියේ ඉන්න කොට ඉංග‍්‍රීසි ඉගැන්නුවේ මමයි. ඔහු උගන්වන දෙයට හොඳින් ඇහුම්කන් දුන්නා. වෙලාවට ගෙදර වැඩ කරපු ඉතාම නිශ්ශබ්ද චරිතයක්. ඒ හෙමිජ්ජා වගේ හිටි ළමයා කවදා හරි අපේ රටේ රාජ්‍ය නායකයා වෙයි කියලා මට හීනෙකින්වත් හිතුණේ නැහැ. නමුත් අද මට විතරක් නෙවි මුළු ආනන්දයටම ඔහු මහත් ආඩම්බරයක්ග ”

මහින්දයේ සිටි මගේ අයියා නිමල්සිරි හේවාවිදාන ද පසු කලක ආනන්දයේ නමවන ශ්‍රේණියට එක් විය. ඔහු ඇතුළු වූයේ ගෝඨායියා සිටි ඉන්ටර් බී කාමරයටයි. ඒ දිනවල අපේ බෝඩිමේ අයියලා මල්ලිලා සෙට් හත අටක්ම වීය. මේවායේ අයියලාට දඟ වැඩ කරන්නට නිබුණ ලොකුම බාධකය වුයේ පහළ ඩෝමැටි‍්‍ර වල ඉන්න මල්ලිලාය. පොඩි එවුන් අම්මලා තාත්තලාට කේළම් කියන බව දන්නා නිසා ඔවුනට අහු නොවන ලෙස හොර වැඩ කිරීමට අයියලාට බලවත් ප‍්‍රශ්නයක් විය.

අයියලාගෙන් පෑනක් නැති නම් ඉරේසරයක් ඉල්ලා ගන්නට වැනි වුවමනාවක් වූ විට බැසිල් හා මා ඉන්ටර් බී කාමරය යටට වී ”ගෝඨායියේ නිමලයියේ ”කියා කෑ ගසමු. නමුත්  ඔවුන් බැල්කනියට එන පාටක් නැත. අපි නැවතත් ඔවුන්ගේ නම් කියා කෑ ගසන්නෙමු. එවිට බැල්කනියෙන් ඔළුව දමන මාන්නප්පෙරුම ”බැසිල් මල්ලී! ගෝඨායියා නාන්න ගිහින්. නිමල් අයියාත් මූණ හෝදනවා වගේ තව පැයකින් එන්න” කියා අපිව ආපසු යවයි.  අපිත් ”හොඳයි මාන්න අයියේ ” කියමින් ආපසු එන විට ඔහු හිතන්නේ අපි ගුළිය ගිල්ලා කියාය.

නමුත් අපේ අයියලාට වැඩිය අපි ලෝකේ කාපු අය බව මාන්නප්පෙරුම නොදනියි. ගෝඨා අයියා හා නිමල් අයියා මහ ? නාන ජාතියේ බඩු නොවේ. ඒ දෙදෙනාම එවෙලේ සිටින්නේ මරදානේ තෝසෙ කඬේ බව අපි දනිමු.

ගෝඨා අයියා බැසිල්ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් විය.  ඔහු ඉතාමත් නිශ්ශබ්දකාරී බෝඩිම්කාරයකු විය.  ගෝඨා අයියා කිසිවකු සම`ග හයියෙන් කථා කරනවා මා දුටුවේ නැත. නිශ්චල චරිතයක් වු ඔහුගේ ප‍්‍රධාන ගති ලක්ෂණය වුයේ හැම විටම සතුට සිනාමුසු මුහුණින් සිටීමය. එතකදු වුවත් ගෝඨායියා අසාධාරණයට විරුද්ධව සටන් කිරීමට පැකිලූනේ නැත.

දවසක් අපේ ක‍්‍රිකට් පිටියේ සිදු වූ සිද්ධියක් මට තවම මතකය. ගෝතමී පාරේ පල්ලිය පිටුපස ආනන්ද බෝඩිමේ ක‍්‍රිකට් පිට්ටනිය තිබුනි. අපි එයට කිව්වේ ගල්ඔය කියාය. (දැන් එහි ඇත්තේ බාස්කට් බෝල් පිටියයි*.  එහි ක‍්‍රිකට් පිච් තිබුනේ පහක් පමනි.  දිනපතාම මේ පිට්ටනියේ එක ගොඬේ බෝඩිම් කොල්ලෝ ක‍්‍රිකට් මැච් පහක් ගැහුවා නේදැයි සිතන කොට මට දැන් පුදුම සිතේ.

හවස තේ පානය ඉවර වු විගසම අපෙන් කවුරු හරි පණ කඩාගෙන ”ගල් ඔයට” දුවන්නේ සීනියර් ඩෝමැටි‍්‍රයේ අයියා කෙනෙකුට කලින් ගොස් ”මැද පිච්” එක අල්ලා ගැනීමටය.

බෝඩිමේ ඩෝමැටි‍්‍ර හතෙන්ම එක ළමයකු බැගින් මේ මහා ධාවන තර`ගයකට සහභාගී විය.  නමුත්  කනිෂ්ඨ කාමරයක මල්ලියකු මැද පිච් එක අල්ලා ගත් විට පිළිගත් සම්ප‍්‍රදායට ගරු කරමින් සීනියර් අයියලා කළේ වෙනත් පිච් එකක මැච් ගැසීමය.

මේ කියන දවසේ පිච් එක අල්ලා ගැනීමේ ඩියුුටිය පැවරී තිබුනේ මටය. ටී ඉන්ටවල් එකෙන් පසු පණ කඩාගෙන පිට්ටනියට දුව ගිය මම මැද පිච් එකේ බැට් එක තිබ්බේ ජයග‍්‍රාහක ලීලාවෙනි.  නමුත් මා ලූහුබඳිමින් පැමිණි මධ්‍යම සී කාමරයේ හරීන්ද්‍ර පිනිදිය (පසුව උප පොලිස්පති ””ඒයි මල්ලී අද අපේ බිග් මැච් එකක්.   ඕක අපිට දෙනවා” කියමින් මා තල්ලූ කරමින් මැද පිච් එකේ බලය අල්ලා ගත්තේය.

පොඩි කොල්ලකු වු මට මේ අසාධාරණය ගැන හ`ඩනවා හැර වෙන කරන්නට දෙයක් තිබුනේ.  මේ පිච් ධාවන තර`ගයේ තුන්වෙනියාට දුවගෙන ආ ගෝඨා අයියා ට මේ කෙරෙන අගතිගාමී වැඬේ හොඳින් පෙනුනේය.

ඒයි පිනිදිය මල්ලී පල් වැඩ කරන්න එපා ”  කියමින් එතනට ආ ගෝඨාභය  ර්‍ණ මේ පුංචි මල්ලි අපිට කලින් නේ මැද පිච් එක අල්ලා ගත්තේ.  ඒ හින්දා එයාලට එකේ සෙල්ලම් කරන්න දීලා වෙන පිච් එකකට යන්න.”  කියා පිනිදියව  පසෙකට තල්ලූ කර දැම්මේ තරහිනි. ගෝඨා අයියාට පිං දෙමින් අපි එදා ? රිසිසේ ක‍්‍රිකට් ගැහුවෙමු. 

ගල්ඔය කි‍්‍රකට් පිට්ටනියේ අපි සෙල්ලම් කරන කාලයේ සිදුවු රසවන් කථා ලියන්නට මේ ලිපිය ඉඩ මදිය. එක වර කි‍්‍රකට් මැච් හතරක් පහක් ගැසු එම පිට්ටනියේ අපි Field කරේ එක ගොන්නටය. Inter B මැච් එකේ Mid on ස්ථානයේ Field කළ ගෝඨා අයියත් Junior B මැච් එකේ Mid off ස්ථානයේ රැුක සිටි මමත් හිටියේ එකම තැනය.

”කොහොමද මල්ලී තාත්තලා එහෙම ළඟදි ඔයා බලන්න ආවේ නැද්දැයි ” ගෝඨා අයියා සුහදබව දැක්වීම සදහා මාව කථාවට ඇඳ ගනී. මමත් ඔහු සමග ගම් පළාතේ තොරතුරු කථා කරන්න පටන් ගතිමි. දැන් අපි දෙදෙනාටම අපේ මැච් දෙක අමතකය. හිටපු ගමන් සිරි සේනාපති හයියෙන් අහසට ගැසු බෝලය ගෝඨා පැත්තට කැරකී එයි. ”කැච් එක අල්ල ගනී මචං” Fielders ලා ගෝඨාට කෑගසති. නමුත් මගේ පැත්තට හැරි කථා කරමින්  සිටින ගෝඨාට ඒ ඝෝෂාව නොඇසේ. බෝලය ඔහුගේ කන ළගින් වැදී බිමට වැටේ. ගෝඨාගේ කැප්ටන් නිමල් පියසේනට මාර ජුවල්ය. ”ගෝඨා තමුසෙ පිට්ටනියට අවේ බෝල ගහන්නද නැතිනම් පොඩි එවුන් එක්ක කච පචේ දමන්න දැ”යි අසමින් ඔහු ගෝඨාභයට හොදටම බැන වදී. ඒක දකින මට මාර හිනාය.

හොද හොද සෙල්ලම් සිදු වෙන්නේ අපි බැට්කරන විටය. එවිට මැච් එකේ Umpireකම කරන්නේ මුලින්ම බැට් කර අවුට් වී ගිය (මාතලේ උපාලි ස්ටෝස් හිමි*අපේම පිළේ ආනන්ද රාජපක්ෂ යග

හතර වෙනියට බැට් කරන නිහාල් අභයගුණවර්ධන (වැලිගම හිටපු O.I.C දිගින් දිගටම හතරේ පාරවල් එල්ල කරමින් ලකුණු 40ක් ලබා සිටී. ඒ යෝධයා ලේසියෙන් අවුට් වෙන පාටක් නැත. ඊළගට බැට් කරන්නට    අසාවෙන් ඉන්න බැසිල්ගේ රතු කට්ට දැන් පැනලාය. ඔහු දත්කූරු කයි. මගේ සාක්කුවේ සුරක්ෂිතව තිබු ලොලිපොප් දෙකෙන් එකක් බැසිල්ට දෙන මම ඔහුගේ කනට කර රහසක් කියමි.  බැසිල් හෙමින් සැරේ අපේ Umpire ආනන්ද රාජපක්‍ෂ ළඟට කිට්ටු කරයි.

”මචං මේ පොප්සිකල් කාපන් ” කියා ආනන්දට පගාව දෙන ඔහු ”ඔන්න  ඕකට ඉක්මනට අවුට් එකක් දීලා මට බැට් කරන්න ඉඩ දියං.” කියා රහසින් කියමින් එතැනින් මාරු වෙයි. ඊළඟ  ඕවරයේදී ලලිත් චන්ද්‍රදාස  (වෛද්‍ය*  එවු බෝලයක් නිහාල්ගේ කකුලේ වැදී කීපර් අතට යයි. ”හවු ඉස් දැට්” හැමෝම කෑගසති. Umpire ආනන්දට කිසිම සැකක් නැත. Out කියමින් ඔහු ඇඟිිල්ල ඔසවන්නේ ලොලි පොප් එකත් එක්කමය.

”තමුසේගේ ඇස් පොට්ට වෙලාද හලෝ. බෝලෙ වැදුනේ බැට් එකේ නෙවි මගේ කකුලේ බව දැක්කේ නැද්ද? ගිහිල්ලා ඇස් කණ්ණාඩියක් ගන්නවකෝ ” කියමින් නිහාල් බැන බැන පිට්ටනියෙන් ඉවත්ව යයි.   බැසිල් මට ඉඟි කරමින් බැට් එක අතට ගනී. අල්ලපු මැච් එකේ ත්‍සැකා කරමින් සිටින ගෝඨා අයියාට මාර හිනාය.

ඊළඟ හිනායන සිද්ධිය වෙන්නේ ගෝඨාභයගේ ටීම් එක බැට් කරන විටය. ඔවුන්ගේ තුන්වැනියා ප‍්‍රසාද් පුංචිහේවා 32ක් ගසා අවුට් වෙයි.  ඊළඟට බැට් කරන්න ඉන්නේ ගෝඨාභය. නමුත් ඔහු පේන්න නැත. ”

”ගෝඨා ගෝඨා බැටින් වලට වරෙන්” ඔහුගේ සගයෝ කෑ ගසති. එ්ත් ගෝඨා දකින්නට නැත. ”මේ යෝධයා මොන මඟුලක ගිහිල්ලද? ටීම් කැප්ටන් නිමල් පියසේන තරහින් කෑගසයි.

”එනවා මචං. පොඞ්ඩක් හිටපං. මම බිමට බහින කල්” කවුරුත් උඩ බලති.  අපේ අයියා සමග කොස් ගහ මුදුනේ වරකා ගෙඩියක් කමින් සිටි. ගෝඨා කොල්ලන්ගේ බලූ බැනුම් මැද හෙමිහිට බිමට බහී.

බැසිල්, ලලිත් චන්ද්‍රදාස, කරන්නාගොඩ වැනි මගේ සම වයසේ බෝඩිං යහළුවන් ද සරත් වීරසේකර, රාජිත සේනාරත්න හා ෆොන්සේකා වැනි දවස්කෝලයෝ ද (Dayscholars) නිතරම ත‍්‍රිල් එකට ගුරුවරු කෝප කළ දඩබ්බර කොල්ලෝ වූහ.

අපි හය වැන්නේ සිටිය දී පවා ලලිත් හා බැසිල්  හැමදාම ගල් එක්ක පරිප්පුයි ගුල්ලෝ ගහපු පානුයි කන්න බැහැ” කියා බෝඩිමේ කෑම වර්ජනයක යෙදුණ හැටි මට තාම මතකය.

නමුත් ඉතා නිශ්ශබ්ද චරිතයක් වූ ගෝඨා අයියා තමන්ගේ පාඩුවේ හිටියා මිස ගුරුවරු ප‍්‍රකෝප කිරීමේ වැඩ වල යෙදුණේ නැත. නමුත් පාසැල් වෙලාවෙදී ඔහුගේ පන්තියේ කොල්ලන් කළ වීර වැඩක් අපිට ආරංචි වූ දා අපිට හිනාව නවත්ත ගන්නට බැරි විය.

රාජපක්‍ෂ සර් උප විදුහල්පති ධූරය දරණ කාලයේ සීනියර් පන්ති වල ළමයින්ට තරමක නිදහසක් දෙන්නට තීරණය කළේය.  පාඩම් නැති Free Period තියෙන අවස්ථා වල Senior පන්ති වල කොල්ලන්ට පෑනක් පොතක් වැනි අවශ්‍ය දෙයක් ගැනීමට පාසැලෙන් පිට යාමට සර් අවසර දුන්නේය. එසේ යන හැම ළමයෙකුම ආරක්‍ෂක කුටියේ ඇති පොතේ තම නම ලියා යා යුතු බවත් කිසිම කෙනෙකු සතියකට තුන් වරකට වඩා පාසැලෙන් එසේ පිටව නොයා යුතු බවත් ඒ මහතා නියෝග කළේය. මරදානෙන් පොත් පෑන් ගැනීම කෙසේ වෙතත් ඒ පැත්තේ තිබූ සයිවර් කඩ වන්දනා කිරීමට ගෝඨායියාගේ පන්තියේ හා සමාන්තර සීනියර් පන්ති වල ළමයින්ට මෙය කදිම අවස්ථාවක් වීය.

හැමවිටම ඉංග‍්‍රීසියෙන් කතා කරන්න ලියන්නට හුරු වෙන්නැයි රාජපක්‍ෂ සර් දුන්න අවවාද අකුරටම පිළිපදිමින් ඔවුන් මුරකාරයාගේ පොතේ ඉංග‍්‍රීසියෙන් තම නම හා අත්සන යොදා පාසලෙන් පිටවී ගියේ කිසිම විරෝධයක් නොලබාය.

සිකුරාදා දිනය එළඹුණි. ඉංග‍්‍රීසි නොදන්නා මුරකරු ද ඉතා යටහත්ව ලොග් පොත රාජපක්‍ෂ සර්ට භාර දුනි. ලොග් පොතේ සටහන් කර තිබූ ගෝඨාභයගේ පන්තියේ ළමුන්ගේ නම් ටික කියවූ රාජපක්‍ෂ සර්ගේ ඇස් උඩ ගියේය. එහි ලියා තිබුණු විස්තර අනුව එම සතියේ දී සර් අයිසැක් නිව්ටන් හා ශේක්ස්පියර්, හතර සැරයක් දල අයිසන්හවර්,  ශේක්ස්පියර්, මාර්ටින් ලූතර් කිං හා ජෝන් කෙනඩි තුන් සැරයක් ද වින්සන් චර්චිල්, නැපෝලියන් බොනපාට් හා ජෝර්ජ් වොෂින්ටන් දෙසැරය බැගින් ද ආනන්ද ගේට්ටුවෙන් එළියට ගොස් තිබුණි. (”හොද ළමයා ” ගෝඨාභයත් එළියට ගියාද, ගියා නම් ඔහු පොතෙහි ලිව්වේ මොන රටේ ජනාධිපතිවරයාගේ නම දැයි මම නම් දන්නේ නැත.) හොඳටම කෝපයට පත් වූ රාජපක්‍ෂ උප විදුහල්පතිතුමා ගෝඨාභයගේ පන්තියේ ළමයින්ට ලබා දී තිබූ නිදහස වහාම අවලංගු කළේය.

එකළ ගල්ඔය පිට්ටනියේ කොනේ පොල්, කොස්, තැඹිලි, පැපොල් වැනි නොයෙකුත් ගස් වර්ග වලින් පිරුණු පුංචි වනාන්තරයක් තිබුණි. ගෝඨාභයගේ සගයෙකු වූ ප‍්‍රසාද් පුංචිහේවා ගෝඨාභයට සිදුවූ අකරතැබ්බයක් මෙසේ විස්තර කරයි. ” Inter C ඩෝමටි‍්‍රයේ ඉන්න කාලේ අපි ගල්ඔය තිබුන පුංචි අඹ ගහක ඔරුැයදමිැ එකක් නැතිනම් අට්ටාලයක් හැදුවා. Treehouse  හවුස් එක හදලා ඉවර කරපු දවසේ ගෝඨාභයයි අපි තව දහ දෙනෙක් විතරයි ඒකට නැගලා සින්දු කියගා විනෝද වෙලා මැච් එකක් ගහන්න බිමට බැස්සා. ”අපි පොඩි විවේකයක් ගන්නවා” කියලා ගෝඨාභය, සමරකොන් හා සමරතුංග ගහේ ලෑලි උඩ හාන්සි වුණා. අපි මැච් එක සෙල්ලම් කරන්න පටන් ගත්තා විතරයි. ”දඩ බඩ ජර බරාස්” ගාලා මහා ලොකු සද්දයක් ගල්ඔය පැත්තෙන් ඇහුණා. මම දැක්කා අඹ අතු ලෑලිත් එක්ක ඡයා දෙකකුත් බිම කඩන් වැටෙනවා. මැච් පහේම කොල්ලෝ එතන්ට දිව්වා. දෙන්නෙක් ලේ පෙරා ගෙන බිම වැටිලා කෙදිරි ගානවා. නමුත් ගෝඨාභය එතන නැහැ. ඒ පාර අතු අස්සෙන් අපිට ඇහෙනවා කෑ ගහන සද්දයක්. ගෝඨාභය අත් දෙකෙන් අතු දෙකක් අල්ලගෙන මොර දෙනවා ”මාව බේර ගනියෝ” කියලා. ඉතින් මමයි මානප්පෙරුමයි ගන්හේවා කියන යාලූවෙකුයි බොහොම අමාරුවෙන් උඩට ගිහින් ගෝඨාභයව හෙමින් හෙමින් බිමට බාගත්තා. ලේ පෙරා ගෙන බිම වැටුණු දෙන්නා ඉස්පිරිතාලේ ගෙනියන්නත් සිද්ධ වුනා.”   

ආනන්දයෙන් ඉවත් වී බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් වැනි ඉහළම පදවිය දැරුවත් ගෝඨාභය පරණ ගුරුවරු හා යහළුවන් අමතක කළේ නැත. ප‍්‍රාථමික අංශයේ තමන්ට ඉගැන්වූ සෝමා     ගුරුතුමියව හමු වීමට ඔහු නිතර නිතර ගියේය. ආර්ථික වශයෙන් අසරණ බවට දැන් පත්වී ඇති පරණ ගුරුවරුන්ට එතුමා අප‍්‍රසිද්ධියේ තම මුදලින් උදව් කරයි.

මට අවසන් වර ට ගෝඨාභය මුණ ගැසුණේ ලලිත්- පී‍්‍රති රාජපක්‍ෂ යුවළගේ දියණිය ගුවන් නියමු මාදිනී රාජක්‍ෂගේ විවාහ උත්සවයේදීය. ලෝකයේ සිටි දරුණුතම ත‍්‍රස්තවාදී කොටි සංවිධානය පරදවා ශ්‍රී ලංකාව එක් සේසත් කොට මුළු රටේම ගරු බුහුමන් වලට පාත‍්‍රවෙමින් සිටි ආරක්‍ෂක ලේකම්තුමා මා නොදැක්කා වගේ සිටීවි යැයි මා අනුමාන කළෙමි. නමුත් මා සිතුවා වැරදිය. අවුරුදු 50කට පසුවත් මා ඈත සිටම හඳුනාගත් එතුමා මා ළගට පැමිණ දීර්ඝ ලෙස සුහද කතාබහක යෙදුණේය.

ගෝඨාභය සමඟ කොස්ගහට නැග්ග මගේ අයියා නිමල්සිරි අකාලයේ මිය ගිය බව අසා ”අයියෝ දන්නවා නම් මමත් අවමඟුලට යනවා”යි කියමින් එතුමා තම ශෝකය ප‍්‍රකාශ කළේය. එංගලන්තයේ කොටි ඩයස්පෝරාව මර්දනය කළ හැක්කේ කෙසේද යන්න ගැන මගෙන් ඇසීමට තරම් ආරක්‍ෂක ලේකම්තුමා නිහතමානී විය.

එදා රටේ ආරක්‍ෂක ලේකම්තුමා වශයෙන් මට දශක පහකට පසුව හමු වූ ආනන්ද බෝඩිමේ ගෝඨා අයියා අද ශ්‍රී ලංකාවේ පූර්ණ බලැති ජනාධිපතිතුමාය. ගුණගරුක බව, හික්මීම හා විනයක් ඇතුව ආනන්ද බෝඩිමෙන් රටට දායක වූ සීනියර් රූම් එකේ ගෝඨා අයියා ට මේ රටේ 69 ලක්‍ෂයක් ඡුන්දය දුන්නේ එතුමා රටේ දුප්පත් කම නැති කිරිමේ සමානාත්මක සාධාරණ සමාජයක් ඇති කරනු ඇතිය යන බලවත් විශ්වාසයෙනි.

ආනන්ද බෝඩිමේදී ගෝඨා අයියා, බැසිල් ඇතුළු අප සියළු දෙනාම උ දේ 5.30ට නැගිට්ට ගමන් ඇඳ ඇතිරිල්ල ඉතා ලස්සනට හා විනයානුකූලව සකස් කොට මුහුණ සේදීමට පුරුදු වී සිටියෙමු. යහළුවන් අතර බෙදා ගෙන කෑම, වෙලාවට වැඩ කිරීම, නිදහසට බොරු කාරණා නොකොට වරද පිළි ගැනීම, විරුද්ධවාදියාගේ අදහස් ඉදිරිපත් කිරීමට බාධා නොකිරීම, විජයග‍්‍රහණයේදී උදම් නොවීම, පරාජය නිහතමානීව භාර ගෙන ජයග‍්‍රාහකයාට සුභ පැතීම, දුප්පතාට උදව් කිරීම වැනි උතුම් ගුණාංග දහසක් අපි ඉගෙන ගත්තේ ආනන්ද බෝඩිමෙනි.

 රාජ්‍ය සේවයේ උදාසින බව අල්ලස, දුෂණය නින්දිත සරසවි නවක වදය වැනි සමාජ පිළිල මුළුමනින්ම තුරන් කර එතුමා නව ශ්‍රී ලංකාවක් ගොඩනගනු ඇතැයි සිතමින් ජනතාව ගිය වසරේ නොවැම්බර් වල එතුමා අපේ ජනාධිපති වශයෙන් පත් කළ දිනයේ ලොව වටා සිටි ආනන්දීයයන් තරම් අඩම්බරයට පත් වූ කිසිම පිරිසක් නැත. ජාතිය අමතා කළ මංගල කතාවේදි තමන් උගතෙකු හා නැණවතෙකු    කළ පාසැල් මතාව ආදරයෙන් මතක් කළ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය නායකයාද ගෝඨා අයියාය.

බලයට පත්ව වසරකට පසු අද අපේ ගෝඨා අයියා ශ්‍රී ලංකාවේ සර්ව බලධාරී ජනාධිපතාතුමා බවට පත්ව ඇත.

කොරෝනා සටන් මර්දනයට තම පුර්ණ කාලය යොදවන්නට සිදු වීම නිදහසට කරුණක් කොට නොගෙන ජනතාවට දුන් පොරොන්දු එකින් එක ඉටු කිරිම  ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කිරීමට සදහා පදවි ප‍්‍රාප්ත පළවෙනි සංවත්සරයට එළඹෙන මේ මොහොතේ එතුමාට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවායි යන්න ආනන්දියන් වන අපේ ලොකුම පැතුමයි.

බි‍්‍රතාන්‍ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පීී. හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි.

devsiri@hotmail.com.

One Response to “ආනන්ද බෝඩිමේ ගෝඨා අයියා”

  1. dhane Says:

    It is much pleasure to read ආනන්ද බෝඩිමේ ගෝඨාභය අයියා article to recollect memories. I am a old Anandian in 1948 [Principal was Mr L.H Mettandanda] to 1959 [Principal was Mr S.A Wijethilaka] from Deraniyaga. I was a border at “Wilcot” on adjoin Paranawadiya Road from where can hear loud sound of Boarders at Ananda. Our PT teacher and එවකට බෝඩිම් මාස්ටර් වු කර්නල් රාජපක්ෂ මහතාය. Mrs Rajapaksa was a class teacher at that time before she joined Muses College. It was a very proud occasion to see one day morning when Ananda College cadet team won the Herman Loos trophy and marching from Maradana Railway Station to College small ground near primary classes. Students were watching and clapping for the proud winners headed by කර්නල් රාජපක්ෂ මහතා for the first time to Ananda.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress