ජනපති, අගමැති ඇතු`ඵ රජයේ අවධානයට: භූමදානය ආගමික නියමයක් ද? වෙන යමක් ද?
Posted on November 22nd, 2020

විමල් පටබැඳිගේ
(ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

ජනපති තුමනි, මේ උත්සාහය උපදෙස් දීමට නො වේ. ඔබගේ අවධානය සඳහා කොරෝනා වසංගතය නිසා බොහෝ දෙනෙකුට අමතක, නො සිතන කරුණක් ගැන සටහනක් තැබීමට ය.

එයට පෙර මේ කරුණ ද සටහන් කිරීම සුදුසු ය’යි සිතමි. දිවයිනේ අට දිසාවේ ම රට වැසියන් 69 ලක්‍ෂයක් තමන්ගේ කැමැත්ත ප‍්‍රකාශිතව ම පළ කොට රටේ, රටවැසියාගේ ආරක්‍ෂාව, පැවැත්ම සහ සංවර්ධනය වසර පහකට ඔබට භාර දී ඇත. ඒ වගකීම නිසි ලෙස ඉටු කිරීමට ඔබට සහාය කරගැනීමට, කොට්ඨාශ මට්ටමෙන් කැමැත්ත ප‍්‍රකාශ කොට අගමැති ඇතු`ඵ කණ්ඩායමක් තෝරා පත් කොට ඇත. ඒ කණ්ඩායමේ සියලූ දෙනාගේ ම යුතුකම සහ වගකීම ජනතා පරමාභිලාශය ඉටු කිරීම සඳහා සැලසුම් කිරීමට, තීන්දු තීරණ ගැනීමට සහ කි‍්‍රයාත්මක කිරීමට ඔබට සහාය වීම ය. ඔවුන්ට ඔබට ඉහළින් කි‍්‍රයා කිරීමට හෝ එරෙහි වීමට කොට්ඨාශවල ජන කැමැත්ත දී නැති අතර ඔබට ද කොට්ඨාශවල ජනතා නියෝජනය බැහැර කිරීමට රටේ ජනතාව කැමැත්ත පවරා නැත. ඔබ සැමට ජනතාව බලය පවරා ඇත්තේ රටේ සමස්ථ ජනතාවගේ පරමාභිලාශය, පරමාධිපත්‍යය එකසේ නියෝජනය කිරීමට ය.

දේවානම්පිය තිස්ස රජුට දුන් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ඔවදන සිහියට නැෙග්. ‘ඔබ මේ භූමියේ අයිතිකරුවා නොව භූමියේ, රටවැසියාගේ, සතාසීපාවාගේ සහ ගහකොළ, පරිසරයේ භාරකාරයා ය.’ ඔබ රටේ ජනතාව තෝරා පත් කරගත් විධායක භාරකාරයා (එග්සෙක්‍යුටිව් ට‍්‍රස්ටී* ය. ඔබගේ අගමැති, ඇමතිවරුන් ඇතුඵ ආණ්ඩුවේ සාමාජිකයන් සහ විරුද්ධ පක්‍ෂ නියෝජිතයන් ද ඇතු`ඵව දියවන්නාවේ සියලූ දෙනා වසර පහකට පත් කරන ලද සහකාර භාරකාරයෝ (ඇසිස්ටන්ට් ට‍්‍රස්ටීස්* ය. සියලූ දෙනා රටේ සමස්ථ ජනතාවගේ පරමාභිලාශය, පරමාධිපත්‍යය රැුකීමේ යුතුකම සහ වගකීම දරණ භාරකාරයෝ ය.

මළ සිරුරක අවසන් ගමන
මියගිය අය එය නො දනී. 88/89 කාලයේ මෙන් පරණ ටයරයෙන් ද? ගංගා දිගේ ද? දණින් පහළින් ද? කර උඩින් ද? නො දනී. එය මොන විධියකට වුවත් මළමිනියට වගේ වගක් නැත. එය තීන්දු කරන්නේ ජීවත් වෙන අය ය. ශිෂ්ට සමාජයේ එය රටට, ජනතාවට, අනාගතයට අවැඩක්, විපතක් නො වෙන ආකාරයට විය යුතු ය.

දැනට වසර විසිපහකට තිහකට පමණ පෙර වයඹ පළාතේ ගම් පෙදෙසක විශාල පිරිසක් හදිසියේ ම වසූරියට ගොදුරු වී මිය ගිය බව සහ කොළඹ රෝහලේ දී මියගිය වසූරියට බිලි වූ කාන්තාවක වැළලීම සඳහා මළ සිරුර ගම් ප‍්‍රදේශයට ගෙන යන අතර ම`ගදී දියපහරකින් නාවා පිරිසිදු කිරීමේ ‘‘ආගමික සම්ප‍්‍රදාය’’ ඉටු කිරීම නිසා ඒ අතරමග ගම් පෙදෙස වසූරියට ගොදුරු වීමට හේතුව ලෙස සොයාගත් බව මතකයට එයි.

කොරෝනා ගින්න (කෝවිඞ් 19* ලෝකය ම බිලිගෙන ඇත. ඒ අස්සේ තම තමන්ගේ ‘සුරුට්ටු’ පත්තු කරගන්නට දගලන ජනහිතකාමී, උතුරාගිය ආගමික භක්තියෙන් පිරුණු උත්තමයෝ ද එමට ය. සමහරුන්ට දෙවියන් ළගට එනතෙක් හෝ ළ`ගට යනතෙක් මළමිනිය මිහිදන් කිරීමට අවශ්‍ය ය. ඊට අමතරව සමහරුන්ට මළමිනිය දේශපාලන ඒදණ්ඩකි. ඒ සඳහා ඔවුන් ද මළ සිරුර කරට ගෙන මිහිදන් පෙරහරේ පෙරමුණේ ඇත.

කතිරයෙන්, මල්ටිබැරල්වලින් හෝ සවුදි කඩුවෙන් කොරෝනා සමග සටන් කළ නො හැකි නිසා සියලූ රටවල පාලකයෝ සෞඛ්‍ය උපදෙස්, මගපෙන්වීම්, නිර්දේශ කි‍්‍රයාත්මක කරති. ඉන් බාහිරව කැබිනට් තීන්දු හෝ පාර්ලිමේන්තු තීන්දු ගැනීම හෝ තනි දේශපාලන තීන්දු තීරණ ගැනීම හෝ කි‍්‍රයාත්මක කිරීමට යාම සියතින් ගෙල සිඳගැනීම කි.

කොරෝනා වසංගතයේ පළමු රැුල්ලේ දී සෞඛ්‍ය නිර්දේශ, උපදේශ සහ විද්‍යාත්මක මග පෙන්වීම් අනුව වසංගතයට බිලිවූවන්ගේ සිරුරු කිසි ම වාර්ගික, ආගමික හෝ උස්මිටිකම් භෙදයකින් තොරව පිළිස්සීමට ගත් තීරණයට පටහැනිව වැළලීම සඳහා මුස්ලිම් ලබ්දික ආගමික සහ දේශපාලන කණ්ඩායමක් කළ ඉල්ලීම නිසා රටේ සහ ජනතාවගේ ශුභසිද්ධිය සහ ආරක්‍ෂාව වෙනුවෙන් ගනු ලැබූ ප‍්‍රතිපත්තිමය තීරණය වෙනස් නො වීම පැසසිය යුතු ය. පළමු රැුල්ලට වඩා දස ගුණයකින් පමණ වැඩි දෙවෙනි රැුල්ලේ දී හිටපු සහ හිටින මුස්ලිම් මැති ඇමතියන්, ආගමික සංවිධාන සහ එන්.ජී. ඕ. කුලීකරුවන් ‘‘මිනී වැළලීමේ ආගමික අයිතියක්’’ වෙනුවෙන් යළි කඩු අමෝරාගෙන ඇත.

මොහොමඞ් තුමා මුස්ලිම් මළ සිරුරු වැළලිය යුතු ය’යි නියම කොට නැත. ‘ආගමික අයිතියක්’ විකුණන පිරිස ඒ බව ස`ගවති. මළමිනී වැළලීමට ඉල්ලීම උතුරායන ආගමික භක්තිය නිසා විය නො හැකි ය. එය ‘රැුවුල ගිනිගත් විට සුරුට්ටු පත්තු කරගැනීමට’ ද එහාට ගිය යටි අරමුණකි. මළමිනිය දේශපාලන ඒදණ්ඩක් ලෙස ගැනීමකි. මළමිනියේ අන්තවාදී දේශපාලනය කි. පුදුමය නම් ආණ්ඩුවේ අධිකරණ ඇමති ද ඒ වෙනුවෙන් නැගී සිටීම යි.

රටේ ජනතා නියෝජිතයන්, ආගමික, වෛද්‍ය විද්‍යාඥයන්, සමාජ සංවිධාන සහ ජනතාව මළමිනී වැළලීම නිසා සිදු විය හැකි, විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කොට ඇති අනාගත ජාතික ව්‍යසනයන් පිළිබඳව අදහස් පළ කරන විට ආණ්ඩුවේ අධිකරණ ඇමති ‘ජාතික ලැයිස්තු මන්තී‍්‍රතුමා’ මුස්ලිම් මළමිනී වැළලීම, භූමදානය වෙනුවෙන් ඉතා උනන්දුවෙන් පෙරමුණ ගෙන පෙනී සිටීම රටට රජයට බරපතල ප‍්‍රශ්ණයකි. කොට්ඨාශ නියෝජනයක් හෝ නැති, ජාතික නියෝජනයක් දැරිය යුතු, විශේෂයෙන් ම ආණ්ඩුවේ අධිකරණ ඇමැති තනතුරේ සිටින, මධ්‍යස්ථ මත දැරිය යුතු ඔහු අන්තවාදී කණ්ඩායමක නියෝජනයක් වෙනුවෙන් පෙනී සිටීම සහ රටේ ජනතා ශුභසිද්ධිය නො තකා ඒ වෙනුවෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිරීම ජනපති, අගමැති ඇතු`ඵ ආණ්ඩුව අපහසුතාවයට සහ මහ ජනතාවගේ අප‍්‍රසාදයට බිලි කිරීම කි.

ජන මතයට විහිඵ කිරීම ‘කොරෝනාවට බිලි වූ මුස්ලිම් අයගේ් සිරුරු භුමදාන කිරීමට කරන ඉල්ලීම අසාධාරණ නැත.’, ‘ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කොට ඇත.’, ‘එයට එරෙහිව කෑගැසීම දේශපේ‍්‍රමය නො වේ.’ (කොරෝනා මළමිනී වැළලීම දේශද්‍රෝහී වෙන හැටි දැක්වීමට අවස්ථාව නො වේ.*, ‘බහුතර මතය නිවැරදි නො වේ. සුඵතර මතය වැරදි නො වේ.’ ආදි ලෙස අධිකාරී ප‍්‍රකාශ කරමින් අධිකරණ ඇමති රටේ 93% ක ජනමතයට එරෙහි වී, කොරෝනා ‘‘මළමිනියේ දේශපාලනය’’ කරන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම සමග පෙරමුණ ගැනීම ආණ්ඩුවට මිනීවළ කැපීමකි. (බහුතර මතය සහ සුඵතර මතය ගැන ඔහුගේ ප‍්‍රකාශය 2019 ජනපතිවරණයේ 69 ලක්‍ෂයකගේ මතයට සහ 2020 ඡුන්දයේ 2/3 ජන මතයට විහිඵ කිරීමක් වැනි ය.*

කොරෝනා වසංගතයට වසර බොහෝ ගණනකට පෙර මළ සිරුරු මිහිදන් කිරීමේ ආගමික සිරිතට මුල් තැන දෙන කතෝලික ජනතාව අති බහුතරය වෙන බටහිර රටවල, විද්‍යාත්මක පර්යේෂණ කළ විද්වතුන් විශාල පිරිසක් මළ සිරුරු මිහිදන් කිරීම නිසා මිහිකතට, මිනිසාට, සතා සීපාවාට, ගහකොළට සහ පරිසරයට දීර්ඝ කාලීනව සිදුවෙන අනේක විධ විපත් පිළිබඳව පොත් දුසිමකට වඩා පළ කරමින් පැහැදිලි කොට ඇති බව අධිකරණ ඇමැති නො දන්නවා විය නො හැකි ය. කොරෝනා මළමිනිය ‘‘දේශපාලන ඒදණඩක්’’ කරගැනීමට කරුවක් වීම ගැන ඇමති අලි සබ්රිට හිරිකිතයක් නැතිවා වාගේ ය.

පුරාවිද්‍යා විමර්ශණ මගින් දිවයිනේ විවිධ පළාත්වලින් සොයාගෙන ඇති නවශිලා යුගයට අයත් මානව සොහොන්වලින් එදා මළ සිරුරු ආදාහනය කරන ලද බව හෙළිවීම පමණක් නොව අද තාක්‍ෂණික සමාජයේ මිනිසාට වඩා එදා දිවයිනේ අපේ මුතුන් මිත්තන් කෙතරම් බුද්ධිමත් ව කටයුතු කළේ දැ’යි තහවුරු වෙයි.

චෙල්වනායගම්, ජී.ජී. පොන්නම්බලම් වැනි අයගේ කි‍්‍රයා නිසා ‘විශ්වාස කළ හැකි දෙමළ මිනිසුන් දෙදෙනෙකි. ඒ පින්තූරයේ සිටින දෙමළ මිනිසා සහ මියගිය දෙමළ මිනිසා ය.’ යනුවෙන් ජන වහරට එකතු වී ඇති කථාව සනාථ කරන ‘‘නායකයන්‘’ දැනුදු උතුරේ ඇත. එමෙන් ම මුස්ලිම් දේශපාලකයන් ‘පින්තූරයේ සිටින මුසල්මානුවා විශ්වාස කළත් මියගිය මුසල්මානුවා විශ්වාස කළ නො හැකි ය.’ යන කථාවක් අ`ඵතින් ජන වහරට එක් කරමින් ඇත. අලි සබ්රි ද එයට දායක වෙමින් සිටියි.

වැළලීමේ පිළියම සදාකාලික විනාශයක්
දියවන්නාවේ හරඹ දක්වන අය ‘බෙහෙත් බිව් ගො`ඵවන්’ ලෙසින් සිටිනු පෙනේ. ඒ අතර පරිසර ඇමති මිනී වළවල් සඳහා සුදුසු බිම් සොයමින් තලේමන්නාරම ¥පත සුදුසු ලෙස දැක ඇත. මන්නාරම හෝ තලේමන්නාරම ¥පත හෝ දිවයිනේ පොළොව සුදුසු නැති බව විෂය පිළිබඳ විද්වතුන් පැහැදිලි කොට ඇත. මන්නාරම දිස්ති‍්‍රක්කය තුළ හෝ දිවයිනේ අන් කිසි පෙදෙසක කොරෝනා මළ සිරුරු වැළලීමට උතුරේ දේශපාලන සංවිධාන ද එරෙහිව සිටියි. (එය ජාතිවාදී පදනමිනි.* කොළඹ සිට තලේමන්නාරම ¥පතට කොරෝනා මළමිනී ගෙනයන විට, එදා වතු වගාවට දකුණු ඉන්දියාවේ සිට තලේමන්නාරම සහ උතුරුමැද පළාත හරහා කන්ද උඩරටට ඉන්දියානු කුලීකරුවන් වහලූන් ලෙස ගෙන ඒම නිසා මග දෙපස ගම් දනව් වසූරියට බිලි වී විනාශ වී ජන ශූන්‍ය වී පාලූ ගම් බවට පත් වූ බව අමතක කළ යුතු නැත.

හෙට දවස ගැන අප නො සිතන දේ
අපේ රට ප‍්‍රමාණයෙන් ව. සැ. 25,332 කි. අයර්ලන්ත ¥පතේ භූමි ප‍්‍රමාණයට ආසන්න ය. එක්සත් රාජධානියේ ස්කොට්ලන්ත ප‍්‍රදේශයේ භූමි ප‍්‍රමාණය හා සමාන ය. මිනිස් කි‍්‍රයාකාරකම් සහ මුහුදුකෑම වැනි ස්වාභාවික විපත් නිසා දිවයින ක‍්‍රමයෙන් කුඩා වෙනවා මිස විශාල වෙන්නේ නැත. භූමියෙන් 1/3 ක් වන දුර්ග වේ. ගංගා, ඇල දොළ, ජලාශ සහ ගිරහෙල් බැහැර කළ විට වසර කීපයකින් කෝටි දෙකහමාර ඉක්මවා යන ජනතාවට නිවාස, ආහාර සම්පාදනයට, ?කියා ස්ථාන කර්මාන්ත, සෞඛ්‍ය ආදි අවශ්‍යතා සඳහා ඇති භූමි ප‍්‍රමාණය කෙතරම් කුඩා දැ’යි සිතා ගැනීමට අපහසු නැත. තව වසර දසකයකින් දෙකකින් පමණ ජනගහණය කෝටි තුනක් ඉක්මවනු ඇත.

අපට උගන්වන කොරෝනා පාඩම අනුව රටේ ජනතාවගේ පැවැත්ම සඳහා මුහුදු වළල්ල වටා සිට ගෙන ‘‘කොළපත්’’ අල්ලා ගෙන සිටීම තකතිරු වැඩක් වෙන නිසා වගා කළ හැකි සෑම බිම් අ`ගලක් ම වගා කිරීමට, ස්වයංපෝෂිත වීමට හැකි සෑම දෙයක් ම නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම සහ උනන්දු වීම අගනේ ය.

දේව නිර්මාණ වාදය විශ්වාස කරන හින්දු, කතෝලික, කි‍්‍රස්තියානි ආගමික ජනයා ද මූලික වශයෙන් මළමිනී භූමදාන කිරීමේ සම්ප‍්‍රදාය අනුගමනය කරති. සිංහල බෞද්ධ සහ ඇතැම් හින්දු භක්තික පිරිස් අඩුවැඩි වශයෙන් ආදහනය සහ භූමදානය අනුගමනය කරති. ඔවුන් කොරෝනා අතරේ මිනී වළවල් ඉල්ලන්නේ නැත. ජනතාව ඉදිරියේ ‘එක ම රටක්. එක ම නීතියක්.’ යනුවෙන් ශපථ කිරීම මුස්ලිම් අන්තවාදීන්ට කෙසේ වෙතත් රටේ අධිකරණ ඇමැතිට අමතක වීම රජයට රටට ගුණදායක නැත. රටේ ජනගහණය සහ වර්ධනය අනුව නුදුරු අනාගතයේ අවශ්‍ය වෙන අඩුම ගණනේ අඩි අටේ පහේ හයේ (8‘×5‘×6‘* මිනී වළවල් කෝටි දෙකහමාරක් සඳහා රටේ භූමිය වෙන් කිරීම ඵලදායක දැ’යි අප සිතා නැත.

හෙට ඉපදීමට සිටින දරුවන්ට, අනාගත පරපුරට හිසට සෙවනක් තනාගැනීම, කුසට අහරක් නිපදවා ගැනීම, ශරීර සුවතාවය රැුකගැනීම සඳහා තිබෙන දිනෙන් දින කුඩාවෙන භූමිය, ජීවත්වෙන මිනිසාට යහපතක් නො වෙන, විපත් උදාකරන මළමිනී වැළලීමට එක් එක් අයගේ උවමනාවට වෙන් කළ විට තව තවත් කුඩා වෙන බව අප සිතා නැත. මළ මිනිස්සු මිනී පිට්ටනියේ, සොහොන් බිමේ සින්නක්කර අයිතිකරුවෝ ය. මළ මිනිසුන්ට දේවාශීර්වාද ලබා ගැනීමට ඒ තුළ පල්ලි, කෝවිල් ගොඩ නැගෙයි. සමහර විට කනත්ත සීමාවට යාබදව පල්ලිය ගොඩනැගේ. සීමාවෙන් පිටත සිටිමින් ‘කනත්ත භාරකරු’, ‘සොහොන් පල්ලා’ රජයේ භාරකාර වගකීම දරයි. සජීවී මිනිසුන්ට ශරීර සුවතාවය සඳහා ‘මිනී පිටිටනියේ’ කී‍්‍රඩා කිරීමට හෝ නො හැකි ය.

තලේමන්නාරම කනත්ත කාල බෝම්බයක්
තලේමන්නාරම සුදුසු දැ’යි සොයා බැලීමට ද පෙර වැඬේ ඉක්මන් කිරීමට දෝ මුස්ලිම් කණ්ඩායම තනි මතයට එහි සුදුසු බිම් ද තෝරාගෙන ඇත. කොරෝනාවෙන් මියෙන ඔ`ඵවිල මුස්ලිම් සිරුර තලේමන්නාරමේ වැළලීමට උනන්දු වීම පුදුම සහගත ය. රහස කුමක් ද? තලේමන්නාරම ¥පත මුස්ලිම් සොහොන් බිමක් කළ විට එහි අනිවාර්යයෙන් ම පල්ලියක් ද ගොඩනැගීමට මුදල් ගලනු ඇත. සොහොන් බිමේ වැඩට සහ පල්ලියේ යාඥාවට ගමක් බිහි වෙනු වැළැක්වීම දවල් සිහිනයකි. එය මුස්ලිම් අන්තවාදීන්ට රජය විසින් ම නීත්‍යනුකූලව සින්නක්කර හිමිකම පවරන ලද මුස්ලිම් බිමක් වෙයි.

එය මුස්ලිම් ආගමික අන්තවාදීන්ගේ ඉතාමත් ආරක්‍ෂිත තිප්පොළක් වෙනු ඇත. සිංහල බෞද්ධ, කතෝලික, කි‍්‍රස්තියානි, හින්දු ජනයාට ‘‘නෝ ගෝ ෂෝන්’’ එකකි. ඉතා මෑතක පාස්කු ඉරිදා බෝම්බ කරුවන් පැවැත් වූ පුහුණු කඳවුරු සහ ආයුධ ගබඩා වනාතවිල්ලූව ප‍්‍රදේශයෙන් සොයාගත් බව අමතක කළ යුතු නැත. ‘ඉබ්බ් දියට දාන්න කථා කරන විට ඇන්නෑවේ’ කීවලූ! දකුණු ඉන්දියාවේ කේරළයේ පකිස්ථානයේ බංගලාදේශයේ මුස්ලිම් අන්තවාදීන් අමන්දානන්දයට පත් වෙනු ඇත. එය අපේ රටේ සහ ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදී මෙහෙයුම් මධ්‍යස්ථානයක් වෙනු ඇත. ව්‍ය.ව. 14 වෙනි සියවසේ සිට 16 වෙනි සියවස වෙනතෙක් මලබාර් මුස්ලිම් සහ යාපනේ මුල් කරගත් දකුණු ඉන්දීය හින්දු මුහුදු කොල්ලකරුවන්ගේ බල ප‍්‍රදේශය වූ මේ සාගර කලාපය 21 වෙනි සියවසේ මුස්ලිම් අන්තවාදීන් රජ කරන සාගර කලාපයක් වීම වැළැක්වීම ජනාධිපති සහ අගමැති ඇතුඵ දියවන්නාවේ සියලූ දෙනාගේ ම වගකීමකි. රටට දැයට සමයට ‘‘දේශපාලන ආදරයක්’’ පමණක් ඇති අයට ‘වතුර බේසමේ කිඹුලන් දැකීම’ ලෙස මේ කාල බෝම්බය නො සලකා ‘අඳ ගොඵ බිහිරි වෘතය’ සමාදන් වීමට හැකි වෙනු ඇත.

දැනට සති කීපයකට පෙර රාජ්‍ය නිලධාරීන් මහජනතාවට පොදුවේ අයිති නැගෙනහිර පළාතේ රජයේ ඉඩමක සංවර්ධන කටයුතු කිරීමට සූදානම් වෙනවිට, අනවසරයෙන් ඉඩමට ගවයන් දැමූ අය ඒ ඉඩම් තමන්ගේ ගවයන්ගේ තණබිම් බව කියමින් විරුද්ධ වී සංවර්ධනයට හරස් වූ බව අමතක කළ යුතු නැත.

භූමදානය කිරීමේ ‘‘අවමගුල් සිරිත’’ අනාගත මිනිස් පරපුරට, රටේ අනාගත දරු දැරියන්ට, සතා සීපාවන්ට, ගහකොළට, පරිසරයට ඇත්ත වශයෙන් ම අවමගුලක් වීම වැළැක්වීම අද රටේ සහ ජනතාවගේ භාරකරුවන් (ට‍්‍රස්ටීස්* වෙන ජනපතිට සහ අගමැති ඇතු`ඵ දිවන්නාවේ සියලූ දෙනාට ම පැවරී ඇති අනුල්ලංගණීය වගකීමකි. සුරක්‍ෂිතතාව තහවුරු කිරීම සඳහා සෑම ප‍්‍රාදේශීය සභා කොට්ඨාශයක ම ආදාහනාගාර ඉදි කරවා මළමිනී වැළලීම, භූමදානය සම්පූර්ණයෙන් ම නවත්වා ආදහනය කිරීම ව්‍යවස්ථාපිත නීතියෙන් අනිවාර්ය කිරීම අවශ්‍යයෙන් ම කළ යුතුව ඇත.

භූමිය ගැන සිතා නැති දේ
කොරෝනා ‘භූමදානය’ කිරීම හා සම්බන්ධයක් නැතත් රටේ භූමිය පිළිබඳව අප අමතක කොට හෝ නො සිතා ඇති වෙනත් යමක් අවධානය සඳහා සටහන් කිරීම අවශ්‍ය ය’යි සිතේ.

ආරම්භයේ සිට ජනතාව රටේ භාරකරුවන් ලෙස තෝරා පත් කරගනු ලැබූ පාලකයන් තමන් භාරකාරයන් බව අමතක කොට රටේ ඉඩම් තමන්ට ලැබුණු පරම්පරා බූදලයක් ලෙස සලකා විදේශිකයන්ට පවා විකුණා පවරා දී ඇත. භාරකාරත්වය අපයෝජනය කොට ඇත. කරමින් ඇත. අනාගතයේ ජීවත් වීමට බිම් අ`ගලක් නැති පරම්පරාව ඉඩම් සඳහා අවි අමෝරා නො ගනිත් දැ’යි සිතා නැත. පොදු ඉඩම්වල අවසර ඇති හෝ අනවසර පදිංචිකරුවන්ට මුදලට පැවරීමට, විකීමට හැකි ලෙස ‘‘සින්නක්කර ඔප්පු’’ දීම නතර කොට ඒ වෙනුවට පවුල තුළ පැවරුම් කරුවෙකු නැති නම් ආපසු රජයට හිමි වෙන ලෙස ඉඩම් භුක්තිවිඳීමේ අයිතිය පැවරීම සුදුසු බව සිතා නැත.

‘දේශපාලන කීර්තිය’ සඳහා විවිධ නම් යොදා ‘පෙට්ටි නිවාස’ ඉදිකිරීම සඳහා ‘‘ගම්’’ බිහි කිරීමට පොදු ඉඩම් පර්චස් දහය පහළොව කැබලි කොට හිමිකම් ඔප්පු දීම වෙනුවට කඳුකරයේ වතු ආශි‍්‍රතව සහ සෙසු ගම්බද ප‍්‍රදේශවල මහල් නිවාස ගොඩනගා නිවාස සැපයීමට අප සිතා නැත. ගම්බදින් පැමිණි අයට නගරවල අහස් කුඵණු වැනි මහල් නිවාස වල වාසය කිරීමට හැකි නම්, දැනට ද කඳුකරයේ සහ ගම්බද මහල් තුන හතරේ නිවාස තුළ වාසය කිරීමට හැකි නම් පොදුවේ කඳුකරයේ සහ ගම්බද අයට නො හැකි වීමට හෝ අකැමැති වීමට සාධාරණ හේතු තිබේ දැ’යි සොයා බලා නැත. සැලසුම් කොට නැත. ලයින්කාමරේට, ‘පැල්කොටේට’ වඩා එය නො වටී ද? අගනුවර ‘පැල්පත්’ (මුඩුක්කු* වාසීන් අද මහල් නිවාසවල ‘ගෞරවණීය’ ජීවිත ගත කරන්නේ නැති ද? ඒ පිළිවෙත කඳුකරයට සහ ගම්බදට පුඵල් කිරීම අවැඩක් නො වෙනු ඇත.

තවත් යමක් සටහන් කළ යුතුව ඇත. රබර් වගා ඉඩම් සහ පොල් වගා ඉඩම් පමණක් නොව මුඩු ඉඩම් (ප‍්‍රයෝජනයට නොගන්නා ඉඩම්*, ගොඩ කළ පුරන් කුඹුරු පවා පර්චස් දහය, පහළොව වශයෙන් කැබලි වෙන් කොට පාරවල් ලකුණු කොට අලෙවි කිරීම නවත්වා මහජන යහපත සඳහා හැකිතාක් භූමිය ඉතිරි කොට අහස ප‍්‍රයෝජනයට ගෙන නිවාස තනා සංවර්ධනය කොට අලෙවි කිරීමට ‘‘ලෑන්ඞ් සේල්’’කරුවන්ට නියම කිරීමට තවත් ප‍්‍රමාද විය යුතු නැත.

කුමන හේතුවක් නිසා හෝ ජනතාවට පොදු රජයේ ඉඩම් පමණක් නොව පෞද්ගලික අයිතිය ඇති ඉඩම්, නිවාස දේපල විදේශිකයන්ට විකිණීම වැළැක්වීම සහ පුරවැසියන්ට පමණක් ඉඩම් හිමිකම තහවුරු කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විධිවිධාන සැලසීම අවශ්‍ය ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress