නව ආණ්ඩුක්රම විවස්ථාවට යෝජනා
Posted on November 30th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර

කුමන රජයක් බලයට පත්වුවද මෙම කරුණු 17 සිංහලේ රාජධානියේ අනුල්ලන්ඝනීය හා වෙනස්කළ නොහැකි රාජ්ය ප්රත්පත්ති වශයෙන් සදාකාළිකවම පැවැතිය යුතුය.

1 මේ රට යලිත් සිංහලේ රාජධානිය වශයෙන් නම්කළයුතුය

ක්රිස්තු පූර්ව 543 සිට ක්රි. ව. 1972 දක්වා වසර 2515 තිස්සේ අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ   රාජධානිය වශයෙන් නම් කළයුතු. එසේම මේ රට සිංහල ජාතියේ අයිතිහාසික මාතෲභූමිය ලෙසද ප්රකාශයට පත් කළ යුතු අතර මේ රටේ සිටින සියලුම සුළුජන කොටස් හෝ වෙන කිසිවෙකුට එය විවාදයට භාජනය නොකළ යුතු හා සාකච්ඡා කළ නොහැකි කරුණක් වශයෙන්ද ප්රකාශ කොට විවස්ථා ගතකළ යුතුය.

(සියලුම අයිතිහාසික හා සාහිත්ය මූලාශ්රයන් මේ රට හඳුන්වා ඇත්තේ සිංහලේ, සිංහලද්වීප, සීහල දීප, ත්රි සිංහලේ,  ලක්දිව හෝ ලංකාව ලෙසය. දකුණු ඉන්දියාවේ පුරාණ මලයාලම් ජනයා පමණක් එය ඊලම් ලෙස හඳුන්වා ඇත. ඉන් ඔවුන් අදහස්කළේ සින්හලයින්ගේ රට යන්නමය. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් ඉන්ග්රීසීන්ට භාරදුන්නේද සිංහලේය. ඔවුන් Ceylon ලෙස එය පරිවර්තනය කරන ලදි, එහි අර්ථයද සිංහල ජනයාගේ භූමිය යන්නමය. එබැවින් රටේ මුල් නම නොපමාව යථා තත්වයට පත් කළ යුතුය. සින්හළේ හා ලංකාව යන දෙකම ඉතා අතීතයේ සිටම මේ රට හැඳින්වීමට භාවිතා කර ඇත. 1972 ආණ්ඩුක්රම ව්යවස්ථාව ශ්රී ලංකාව ජනරජයක් ලෙස නම් කරන ලද අතර අද එය ජාත්යන්තරව ශ්රී ලංකාව ලෙස හැඳින්වෙයි. මහජන එකඟතාවයකින් පසුව අවශ්ය නම් එය සිංහලේ හෝ ශ්රී ලංකාව ලෙස හැඳින්විය හැකිය. (කෙසේ වුවද එසේ කරන්නේනම් සින්හලේ යන නාමය වරහන් තුල යෙදිය යුතුය. මන්ද එය මේ රටේ ජාතිය හා බැදුණු අනන්ය නාමය බැවිණි . ලන්කා යන්න මද්යයේ පිහිටි, ලස්සණ රට  යන තෙරුම් ඇති විශේෂණ පදයක් පමණක් වන බැවිණී එවිට මේ රට සියලුම භාෂාවලින් සිංහලේ හෝ ශ්රී ලංකාව ලෙස හැඳින්විය යුතුය. ඊලාම්, ඉලන්කෙයි හෝ කලිස්තාන් වැනි වෙනත් අපබ්රන්ශ නම්වලින් එය හැඳින්වීම රාජද්රෝහී ක්රියාවක් ලෙස ප්රකාශයට පත් කළ යුතුය).

2 ජාතියේනම සිංහල” වියයුතුය

ක්රිස්තු පූර්ව 543 සිට 1972 දක්වාම මෙම රටේ ජාතියේ නම සිංහල විය. 1815 වනතුරුම මේ රටේ ජාතිය හදින්වූයේද සින්හල වශයෙනි. ද්රවිඩයන් හා මුස්ලිම්වරුන් මේ රටේ එවකටත් සිටියද කිසිදිනක ඔවුන් ජාතීන් වශයෙන් කිසිම තැනක හන්දුන්වා නැත. එමනිසා මින් පසුවද ඔවුන් සුළු ජන කොටස් ලෙස මිස කිසිවෙකු විසින් ජාතීන් වසයෙන් නොහැඳිවිය යුතුය. ඔවුන් සුළු ජන කොටස් මිස ජාතීන් නොවේ. ඔවුන් සුළුජාතීන් වශයෙන් පරිවර්තනය කොට  තිබීම මෙම අර්බුධයට හේතුවන්නට ඇත. තවද දෙමළ මිනිසුන්ට දකුණු ඉන්දියාවේ අවශ්යනම් ජාතියක් වසයෙන් හඳුවාගත හැකි අතර මුස්ලිම් කියා ජාතියක් ලෝකයේ කිසිම රටක නැති බවද මෙහිදී පෙන්වා දිය යුතුව ඇත. එසේ තිබියදී මේ රටේ පමණක් මුස්ලිම් ජාතියක් සිටින්නේ කෙසේද? තව දුරටත් ලෝකයේ ඔනෑම රටක සිටින්නේ එක් ජාතියක් පමණක් බවද මෙහිදී පෙන්වාදිය යුතුව ඇත.එමනිසා මේ රටේ පමණක් කිසේත්ම ජාතීන් කීපයක් සිටිය නොහැක.

මේ නිසා මින් පසු මේ රටේ සියළුම ජාතියකටම, සෑම ජාතියකටම සියළුම හා සෑම ජාතින්ට වැනි වචන දේශපාලකයින් ඇතුළු සියළුදෙනාම ප්රකාශ කිරිම සහ භාවිතය වහාම නතර කළයුතුය. මන්ද එසේ කිරීමෙන් මේ  රටේ ජාතින් කීපයක් සිටින බව ගම්යවන  නිසාය.

3 මේ  රටේ රටවැසියන් (පුරවැසියන්) සිංහලවිය යුතුය. ඒ සිංහලේ වැසියන් යන අරුතිනි.

ඉතිහාසය පුරාම මේ රටේ රටවැසියන් (පුරවැසියන්) හඳුන්වා ඇත්තේ සිංහල ලෙසය. සිංහලේ පුරවැසියන් වීමට කැමති අය සිංහල භාෂාව ඉගෙන ගත යුතුය, සිංහල නම් ගත යුතුය, ඔවුන්ගේ මුල් රටට ඇති පක්ෂපාතිත්වය අතහැර දමා 1947 දී බුරුමය කළාක් මෙන් ස්වදේශික සිංහල නම් ගත යුතුය. සිංහල සමාජය සමඟ සම්පුර්ණයෙන්ම අන්තග්රහණය විය යුතුය. මෙම අවශ්යතාවයන්ට අනුකූල නොවන අයට සිංහලේ පුරවැසිභාවය ලබා නොදීය යුතුය.

 රටවැසියන් දෙයාකාර වියයුතුය

 අ) පරම්පරාවෙන් රටැවැසියෝ (භූමිපුත්රයෝ) 1815 ට පෙර සිංහලේ පදින්චිව සිටි අයගෙන් පැවත එන්නන්

ආ) ලියාපදිංචි වීමෙන් රටවැසියෝ.රටවැසිභාවය සම්බන්ධව මහනුවර ප්රඥප්තියේ (2019) අන්ක 7 හි දක්වා ඇති කොන්දේසි වලට යටත්ව, මෙහි ඇතුළත් කර ඇති ඇමුණුම 1 සහ 11 හි සඳහන් කොන්දේසි පිළිගෙන ලියාපදිංචි වූ  අයද මේ ගණයට ඇතුළත් ය.

4 බුද්ධාගම මේ රටේ රාජ්ය ආගමලෙස නැවතත් ප්රකාශ කළයුතුය

ක්රිස් පූර්ව 307 සිට 1815 දක්වාම මේ රටේ රාජ්ය ආගම වූයේ බුද්ධාගමය. එමනිසා බුද්ධාගම රාජ්ය ආගම ලෙස ප්රකාශයට පත්කළ යුතුය. අනෙකුත් සියළු ආගම් ඇදහිමෙ පූර්ණ නිදහස තහවුරුකළ යුතුය. එසේ උවද ඒවා ප්රසිද්ධියේ ප්රකාශයට පත් කිරීමට, ඉගැන්වීමට හෝ ප්රචාරය කිරීමට කිසිදු අයිතියක් නොමැත. මේ රටේ ඉතිහාසයේ ආරම්භයේ සිට 1815 දක්වා පැවතියේ එම තතවයය. අතීතයේ දී මෙන්ම  සමකාලීන කාලවලදී පවා ‘අනෙක් සියලුම ආගම්  කුඩා ශාඛා පමණක් බවද බුද්ධාගම  ප්රධාන ගස ලෙස පිළිගෙන ඇති බව අගරදගුරු මැල්කම් ප්රනාන්දු රදගුරුමන් ද ප්රකාසකළේය.,මේ අනුව බුද්ධාගම මේ රටේ රාජ්ය ආගම ලෙස නීතිගත කිරීමට කිසිදු භාදාවක් නැත. 1987 ආණ්ඩුක්රම විවස්ථාවේ 10. සහ 14 (E) මේ අනුව පරිච්චින්න කළයුතුය.  

එසේම මේ රටේ අයිතිහාසික සන්ස්කෘතික අනන්යතාව ආරක්ශා කිරීම සඳහා රටපුරා සෑමතැනකම තිබෙන පවුරානික සින්හල බෞද්ධ පුරාවස්තු සන්රක්ශනයකොට ආරක්ශා කළයුතු අතර ඒවාට හානි පමුණුවන පුද්ගලයින්ට විරුද්ධව දැඩි දඳුවම් ලබාදිය යුතුය.

5. 1815 දක්වා තිබුණුපරිදි මුළුරටේම සියලුම රටවැසියන්ට එක් නීතියක් කළයුතුය.

 50 මෙම කොන්දේසි වලට එකඟ වීමට සූදානම් නැති කිසිම පුරුෂයෙක් හෝ ස්ත්රියක් මේ රටේ පුරවැසියෙකු වීමට හෝ ජාතික දේශපාලනයට පිවිසීමට හෝ රාජ්ය සේවයට පත් කිරීමට සුදුසු නොවන බැවින්, එවැනි කිසිදු පුද්ගලයෙකු රාජය යටතේ කිසිම තණතුරකට තෝරා පත්කර නොගත යුතුය.

(මේ එක් එක් කාරණය පිළිබඳ විස්තර සඳහා කරුණාකර මහනුවර ප්රඥප්තිය 2019 අදාළ කොටස් බලන්න).

සම්ප්රදායික දේශීය නීති මත පදනම්ව, භූමිපුත්රයින්  විසින් රටට අව්ශ්ය නිති සම්පාදනාය කළයුතුය. ඊට සමගාමීව රට ජාතිය බෙදීම සඳහා ලන්දේසීන් සහ බ්රිතාන්යයන් විසින් මේ රටට හඳුන්වා දුන් තේසවළමෙයි (මලබාර් වැසියන් සඳහා නීතිය) සහ  මුස්ලිම් නීතිය (මුස්ලිම්වරුන් සඳහා) වැනි ජනවාර්ගික නීති අහෝසි කොට තහනම් කළයුතුය. දැනට පවතින ක්රමයේ විහිළුව වඩාත් කැපී පෙනෙණුයේ දේශයේ භූමිපුත්රයින්වූ සින්හළයින්ගේ ගේ වසර දහස් ගානක් පැවෙති ස්වදේශීය නීතිය ඉවත්කොට ඒ වෙනුවට ඔවුන් පමණක් රෝම ළන්දේශි හා ඉන්ග්රීසි නීතියට යටත් කිරීමයි. නීතිය කාටත් සමාන වියයුතු අතර නීතියේ ආධිපත්ය ඉදිරියේ සියළුදෙනාම සමාන විය යුතුය.

 6 මේ රටේ රාජ්යභාෂාව සින්හල වියයුතුය.

ක්රිස්තු පුර්ව 543 සිට 1815 දක්වා මේ රටේ පැවති රාජ්ය භාෂාව සිංහලය. අදටත් රටේ මුළු ජනගහනයෙන් 75% පිරිසක් සින්හල නිසාද, 100%  පිරිසක් සින්හල කථා කරන නිසාද මේනිසා කිසිවෙකුට අසාධාරනයක් සිදු නොවේ. අනෙක මේ සින්හල රටේ රාජ්ය භාෂාව සින්හල නොකරන්නේ නම් එය අපි කරන්නේ හඳේදැයි මම අසම්.   ස්වදේශිකයන්ගේ භාෂාව එනම් සිංහල නොදන්නා කිසිවෙකුට මේ රටේ සම්පූර්ණ රටවැසිභාවය ලබා  නොදිය යුතුය.

7 එක් රටක්, එක් ජාතියක්, එක් ජාතික ධජයක් සහ එක් ජාතික ගීයක්

මෙකී නියමයන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ඇතුළත් කළ යුතුය. ජාතික ගීය ගායනා කළ යුත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දක්වා ඇති පරිදි සිංහල භාෂාවෙන් පමණි. (මෙය එක් ජාතියක් ලෙස එක්සත්කම හා දේශප්රේමය වැඩි දියුණු කර ශක්තිමත් කරනු ඇත)

මේ රටේ ජනාධිපති,අගමැති, ත්රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති සෑමවිටම සම්මුතියෙන් හා නීතියෙන් සිංහල බෞද්ධයන් පමණක් වියයුතුය.               

9 දිවයිනතුළ ඇතිභූමිය, ජලය හෝ වෙනත් කිසිදු ජාතිකස ම්පතක් කිසිදු විදේශීය රටකට හෝ විදේශීය ආයතනයකට නොවිකිණිය යුතුය.

(මෙම සියළු තත්වයන් ම 1815 දී උඩරට ගිසුමේ සම්මුතියෙන් මේ රට ඉන්ග්රීසීන්ට භාර දෙන අවස්ථාවේ දී පැවති බැවින් මේ කොන්දේසි පැනවීමෙන් මෙම රටේ භූමිපුත්රයන්ගේ නීත්යානුකූල අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීම හැර අන් කිසිවක් මින් සිදු නොවේ. 1818 නොවැ. 21 දිනැති බ්රවුන් රිග් ආණ්ඩුකාරයා විසින් ගේ ඒකපාර්ශවිකව පණවන ලද රාජකීය ප්රකාශණයෙන් නීතිවිරෝධී ලෙස බ්රිතාන්යයන් විසින් උල්ලන්ගණය  කරනණු ලැබුවද, උඩරට ගිවිසුම අනුව අදද රටවල් දෙකක් අතර  ඇතිකරගත් ගිවිසුමක් වශයෙන් වළන්ගුය. මේ රටේ නිදහස අර්ථවත් කිරීම සඳහා මෙම කොන්දේසි 1948 දී යථා තත්වයට පත් කළ යුතුව තිබුණ නමුත්  එසේ නොකළද 1815 ට පෙර මේ රටේ සියලුදෙනාම එම පද්ධතිය තුළම ජීවත් වූ බැවින් මෙම කොන්දේසි අද පැනවීම අභියෝගයට ලක් කිරීමට දෙමිළ හෝ මුස්ලිම්වරුන්ට නොහැකිය. අද ඔවුන් භුක්ති විඳින සියලු අයිතිවාසිකම් ඔවුන්ට ලබාදී ඇත්තේ රටේ භූමිපුත්රයින්වූ සින්හලයින්ට එරෙහිව ඉන්ග්රීසීන් ක්රියාවට නන්ග්වනලද දැඩි මර්දනය යටතේය)

10 සිංහල ජනයාටද තමන් කැමති ඕනෑම ප්රදේශයක ජීවත්වීමේ අයිතිය තිබියයුතුය

 දෙමළ හා මුස්ලිම් ජනයා දැනට භුක්ති විඳින ආකාරයට සිංහලයින්ටද මේ රටේ ඕනෑම  තැනක ඉඩම් මිළදී ගැනීමට,පදින්චි වීමට, පන්සල් හා සිද්ධස්ථාන වැනි ආගමික ආයතන ගොඩනගා ගැනීමට අයිතිය තිබිය යුතුය. යමෙක් මෙම කොන්දේසිය ප්රතික්ෂේප කරන්නේනම් ඔවුන් ඉන්දියාවේ හෝ අරාබියේ තම මව්බිම් බලා පිටත්ව යා යුතුය. මන්ද මේ රට ඔවුන්ගේ මාතෲ භූමිය නොවන නිසාය. මේ රටේ  භුමිපුත්රයින් වන සින්හලයින්ට හැර වෙනත් කිසිම සුලු ජනකොටසකට අයිතිහාසික මාතෲ භූමි මෙහි නැත.

11 රටේ සම්පත් සීමිත බැවින් දැඩි ජනහන ප්රතිපත්තිය ඇතිකිරීම සහ බහුවිවාහ තනම්කිරීම

12 ජනවාර්ගිකත්වය,ආගම,කලාපය හෝ මේ රටට කිසිසේත්ම නොගැළපෙන ෆෙඩරල්, ටීඑන්ඒ, ටෙලෝ, එ.එල්.එම්.එස්, ටී.සී සහ ඊ.පී.ආර්.එල්.එෆ් නිබෙදුම්වාදී, ආගම්වාදී. හා දේශපාලන මතවාදී වශයෙන් මේ රටට නොගැළපෙන සියලුම දේශපාලන පක්ෂතහනම්කළයුතුය.  ජේ.වී.පී. වැනි මාක්ස්වාදී පක්ෂවල පවා දේශපාලන මතවාද මේ රටට කිසිසේත්ම නොගැලපෙන පමණක් නොව අතිශයින්ම විනාශකාරී බැවින් තහනම් කළයුතුය, ශ්රී.ල.නි.ප, එ.ජා.ප.,කො.ප., හා ල.ස.ස. වැනි පක්ෂ මේ වන විටත් මිහිදන් වී හමාර බැවින් ඒ ගැන කථා කිරිමෙන් පළක් නැත.

13රාජ්යසේවයට බඳවාගැ ජනවාර්ගික අනුපාතයන්ට අනුකූලව සිදුකළයුතුය (කරුණාකර විස්තර සඳහා මහනුවරා ප්ර ter ප්තිය 2019 සහ සියපනාතා බලන්න)

14 රටේ ඔනෑම ප්රදේශයක දෙමළ මුස්ලිම් තනි ජනවාර්ගික ජනපදකරණය තහනම්කිරීම සහ රජයවිසින් පිහිටවණුලබණ සියළුම නවජනපදවල මිශ්රව පුරවැසියන් පදින්චිකිරීම

15 දේශපාලානඥ්යින්ට මෙන්ම සියළුම රාජ්ය නිලධාරීන්ට විශේෂ සුදුසුකම් හා ආචාර ධර්ම මාලාවක් නියම කිරීම හා රාජද්රෝහී, දේශද්රෝහී වරද කරන්නවුන්ට දැඩි දන්ඩුවම් ලබාදීම සහ සාමාන්ය පුර වැශියෙකුට නැති කිසිම විශේෂ වරප්රසාදයක් ඔවුන්ට නොදීම

16 සින්හල බෞද්ධ සන්ස්කෘතියේ මහා විනාශයට හේතුවී ඇති මැද පෙරදිග වහල් සේවය සඳහා කාන්තාවන් යැවීම තහනම් කිරීම සහ ඔවුන්ට ඒ වෙණුවට මේ රටතුල රැකියා අවස්ථා ලබාදීම

17 මේ රටේ අයිතිහාසික අනන්යතාව ආරක්ෂා කිරීම සඳහා උතුරු නැගෙනහිර අතුලු සෑම ප්රදේසශයකම තිබෙන පවුරානික බෞද්ධ සිද්ධස්ථාන  නැවත සන් රක්ෂනයකොට එවාට පුරාවිද්යාත්මක සාක්ෂි අනුව රජදවස තිබුනු සම්පූර්න භූමි ප්රමාණයන් නැවත ලබා දී සන් රක්ෂනය කළයුතුය.

නව ශ්රීලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවක්

නව ශ්රීලංකා ආණ්ඩුක්රම යවස්ථාව සකස්වියයුත්තේ පහතසඳහන් අයිතිහාසික පදනම මතය.

1 අයිතිහාසික වශයෙන් මේ රට අවම වශයෙන් ක්රි.පූ 543 සිට මේ දක්වා අඛණ්ඩව සිංහල ජාතියේ සාම්ප්රදායික නිජබිම ලෙස සහ ක්රි.පූ 307 සිට සිංහල බෞද්ධ රාජ්යක් වසයෙන් මේ දක්වා පැවතීම.

2 සිංහල බෞද්ධයන් යනු මෙම දූපතේ අද්විතීය සිංහල බෞද්ධ ශිස්ඨාචාරය ආරම්භකළ, ගොඩනැගූ හා පෝෂණය කළ අයයි.

3.පළමුව, ක්රි.පූ 543 ක්රි.ව.12 වන සියවසේදී ම්ලේච්ඡ මාඝ ආක්රමණිකයින් විසින් අනුරාධපුර, පොලොන්නරු ශිෂ්ටාචාර විනාශ කරන තුරු එය පුරාණ හා   මධ්යකාලීන ලෝකයේ හොඳම ශිස්ඨාචාර අතර ශ්රේණිගතව තිබිණ. අණතුරුව පැමිණි සෑම විදේශ ආක්රම්ණයකින්ම මේ රට බේරාගත්තේද සින්හළයින්මය.

දෙවනුව, පෘතුගීසි, ලන්දේසි සහ බ්රිතාන්ය ආක්රමණිකයින් විසින් 1505 සිට 1948 දක්වා වසර 443 ක්තිස්සේ සිදුකරණ ලද සියලුම ආක්රමණ වලට ජීවිත පරිත්යාගයෙන් මුහුණ දී රට හා ජාතිය බේරාගත්තේද සින්හළයින්ය. 

4.විශේෂයෙන් 1818 ඌව සහ 1848 මාතලේ නිදහස් සටන්වලදී බ්රිතාන්යයන්ට එරෙහිව නැගිටීම්.

අනාගත  පරම්පරාව සඳහා මව්බිම ආරක්ෂා කිරීම සඳහා සතුරන්ට එරෙහිව සටන් කිරීමේ දී ඔවුන්ගේ සියලු ඉඩම කඩම් අහිමි  වූයේය. මේ සෑම යුද්ධයකදීම ආක්රමණිකයාට මුහුණ දී සිය මව්බිම ආරක්ෂා කිරීම සඳහා දසදහස් ගණනින් යුද්ධයෙන් මිය ගියේද සිංහල බෞද්ධයින්මය. මෙම ආක්රමණිකයන් විසින් සිදුකරන ලද කුරිරු හා ම්ලේච්ඡ හිංසාවන්ගේ දීර්ග ලැයිස්තුව අතර, අත්අඩංගුවට ගත නොහැකිවූ සියලු දෙනාට මරණ බියෙන් දුවන සතුන්ට මෙන් වෙඩි තබා මරා  දැමීම, එසේ මැරූවන් පවා නැවත ප්රසිද්ධ ස්ථානවල එල්ලා තැබීම, ඔවුන්ගේ සියළුම කෙත්වතු, ගෙවල්දොරවල්, අටුකොටු  සහ ගම්දනව් පිටින් ගිනිතබා විනාශකිරීම, ස්වදේශිකයන්ගේ සියලු සතුන් මරා ආහාරයට ගැනීම සහ ජනතාවගේ සහ විහාර දේවාල ඉඩකඩම් සියල්ල බලහත්කාරයෙන් අත්පත්කරගැනීමෙන් සින්හලයින් නැගෙනහිර සහ උතුරුමැද වනාන්තරවලට පන්නා දැමීම මෙම ආක්රමණිකයන් විසින් සිදුකරන ලද කුරිරු අපරාධ පිළිබඳ උදාහරණ කිහිපයක් පමණි.

මේ සෑම යුද්ධයකදීම දෙමළ සහ විශේසයෙන්ම මුස්ලිම් වරුන් ගත්තේ ආක්රමණිකයාගේ පැත්තය. සින්හල නායකයින්ට විරුද්ධව ඔත්තු සැපයීම, වරායවල සිට රට තුලට ගොනුන් පිටින් සුද්දන්ගේ අවි ආයුධ සහ බඩුමුට්ටු ප්රවාහනය කිරීම විශේසයෙන්ම කරන ලද්දේ සින්හලයින්ගේ අනුග්රහයෙන්ම ඉඩකඩම් ලබාගෙන රටතුල විවිධ ප්රදේශවල පදිචිව සිටි සින්හල අපගෙන්ම යැපුණු  එසේම අපේම ගැහැණුන් පවා විවාහකරගෙන සිටි රටේ අභ්යන්තරය පිළිබඳ ඉතා හොඳින් තොරතුරු දැනගෙන සිටි මුස්ලිම් වරුන්ය.

5 1815 මාර්තු 2 වනදින උඩරටගිවිසුමේ දක්වාඇතිපරිදි 1815 දී බ්රිතාන්යට පවරාදුන් රටේ නම සිංහලේය.

ටැප්රොබේන් සහ සෙරෙන්ඩිබ් හැර සෙසු 23 කට වැඩි සෙලාන් වැනි නම් සියල්ලෙන්ම අදහස් කළේ සිංහල ජනයාගේ දේශය යන්නමය. ඊලාම් යන දෙමළ වචනයේ තේරුමද සිංහලයන්ගේ දේශයමය. මෙයින් පැහැදිළිවම පෙනී යන්නේ, ඉතිහාසය පුරාම මෙම භූමිය හඳුන්වා ඇත්තේ සින්හලයින්ගේ රට වශයෙන් බවය. ළන්කාව යන අපරනාමය පැරැණි භාරතීයයන් විසින්, ලස්සණ රට, භූ මද්ධ්යයේ පිහිටි රට හා දිවයින යන අරුතෙන් තබන ලද්දකි.

6 ක්රි. පූ. 2 වන සියවසේසිට ක්රි. ව. 1948 දක්වා පළමුව දකුණුඉන්දියානු ආක්රමණිකයින්  සහ ඉන් පසුව පෘතුගීසීන්,ඕලන්දකාරයින් සහ ඉන්ග්රීසීන්ට එරෙහිව  වසර දහස්ගානක් තිස්සේ නොනවත්වා සටන්කළ සිංහල බෞද්ධයන් මේ රටේ ශිෂ්ථාචාරයේ  නිර්මාතෘවරුන්වූ අතර 1505 සිට 1948 දක්වා  බ්රිතාන්ය ආක්රමණිකයන්ගෙන් තම මව්බිම ආරක්ෂාකරගැනීම   සඳහා දසදහස් ගණනක් සටනේදී මියගගියේද ඔවුහුමය.

විශේෂයෙන්ම 1818 ඌව සහ 1848 මාතලේ නිදහස් සටන් වලදී බ්රිතාන්යයන්ට එරෙහි අභීතව සටන්කොට මතු පරම්පරාව සඳහා මව්බිම ආරක්ෂා කිරීම සඳහා  සටන් කිරීමේ දී ඔවුන්ගේ ජීවිත මෙන්ම සියලු ඉඩම්කඩම්ද ඔවුන්ට අහිමිවිය.

7 මේ කිසිම ජාතික සටනකදී කිසිම දෙමල හෝ මුස්ලිම් මිනිසෙක් සින්හලයින්ගේ පැත්ත ගත්තේ නැත   

ඒ වෙනුවට ඔවුන් (වශේෂයෙන් මුස්ලිම්වරුන්) ගත්තේ සතුරාගේ පැත්තය.

ප්රවාහනය කිරීමෙන් සහ ස්වදේශික සිංහලයන්ට විරුද්ධව ඔත්තු සැපයූ මුස්ලිම් වරුන් ඔවුන්ගේ පූර්ණ සහාය ලබාදුන්නේ සුද්දන්ටය. 1665 දී පෘතුගීසීන් විසින් බටහිර වෙරළ බඩදී මුස්ලිම්වරුන් අමානුෂික ලෙස සමූළඝාතනාය කළ අවස්ථාවෙදී දිවි ගලවා ගත් අය මහනුවර රජු වෙත පලාවිත් ඔවුන්ව බේරාගන්නා මෙන් සින්හලේ රජුගෙන් ඉල්ලා සිටි අවස්ථාවෙ නැගෙනහිර පානම්පතුවේ ඔවුන් පදින්චි කොට ආරක්ෂා කරණ ලද්දේ සිංහලේ රජු විසිනි. අද අග්නිදිග ලන්කාවේ වෙනම අරාබි රාජ්යයක් ඉල්ලා සින්හලයින්ට විරුද්ධව යුධ වැදී සිටින්නේ උන්ගෙන් පැවත එන මේ අකුර්තඥ මිනිසුන්ය.

8 මුල් දේශපාලන උද්ඝෝෂන ගයේදී දෙමළ විද්වතුන් පවා මේ රටේ  අනන්ය සිංහල  බෞද්ධ ශිෂ්ථාචාරය ගැන ලියාඇති අතර මෙය ඉතිහාසයේ ආරම්භයේ සිටම සිංහලයන්ගේ දේශය බව එකහෙලාම පිළිගෙන ඇත. එසේම සින්හලයින් මේ දූපත්රාජ්යයේ සුවිශේෂී ශිෂ්ටාචාරයේ නිර්මාතෘවරුන් බව පිළිගත්තේය.

පොන්නම්බලන් අරුණාචලම් සිය Sketches of Ceylon History” නමැති ග්රථයේද (1906) ආනන්ද කුමාරස්වාමිගේ සම්භාව්ය මධ්යකාලීන සිංහල කලා (1905)  නමැති කෘතියේද  මේ රටේ ශිෂ්ඨාචාරය ගැන ඔවුන් විසින් දක්වා ඇති ප්රශස්ත අදහස් බලන්න. මෙවැනි ශ්රේස්ඨ දෙමළ ශ්රී ලාංකිකයන් පැවසූ දේ වර්තමානයේ සිටින දෙමළ ජාතිවාදයෙන් අන්ධ්වූ දෑස් ඇති සම්බන්දන්, විග්නේශ්වරන් සහ සුමන්තිරම් වැනි දෙමළ අන්තවාදී ජාතිවාදීන්ට මෙම පොත් කියවා ඔවුන් මේ රටේ සිටිය යුත්තේ කොතැනදැයි සොයා බැලීමට මම ආරාධනා කරමි. ඒ වෙනුවට අද ඔවුන් සියල්ලෝම අනුගමනය කරන්නේ මැලේසියානු ජාතික දෙමළ කතෝලික  චෙල්වනායගම් නමැති උන්මත්තක සින්හල විරෝදියාය. ඔහු මේ රටට සංක්රමණය වී ඇත්තේ (1903 දී පමණ) 4 හැවිරිදි පිරිමි ළමයෙකු ලෙසය.  පසු කලෙක ඉලන්කයි තමිල් අර්සුකච්චි අදහසෙහි පියා වූ (1947) ඔහු මේ රටේ නූතන දෙමළ ජාත්වාදයේ මෙන්ම අන්තවාදයේද සීයාය.

9 ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කේ.ඉන්ද්රපාල මහතාසිය ආචාර්ය උපාධි නිබන්ධනය වූ ශ්රිලන්කාවේ ද්රවිඩ ජනාවාස (1965) කෘතියෙන්   නිගමනයකළේ 13 වන සියවස වනතෙක් මේ රටේ අභ්යන්තරයේ දෙමළ ජනාවාස කිසිවක් නොතිබුණුබව සහ  ඒවා පටුවෙරළතීරයකට පමණක් සීමාවූ බවය.

මා මෙහි කතා කරන්නේ 1965 දී සිය ආචාර්ය උපාධි නිබන්ධනය ලියූ ඉන්ද්රපාල ගැන මිස එල්ටීටීඊ තුවක්කු ඉදිරියේ දී ලිවූ ඔහුගේ ශ්රී ලංකාවේ ද් රවිඩයන් (300 බී.සී.-1200 ඒ.ඩී.) කෘතියේ මෑතකදී පැවසූ දේ නොවේ: –

10 මේ රටේ සිටින සියළුම දෙමළ හා මුස්ලිම් සුළුජන කොටස් ඉතිහාසයේ පසුකාලවලදී වරින්වර ඉන්දියාවෙන් හෝ අරාබිකරයෙන් මේරට ටපැමිණි සංක්රමණිකයන්ගෙන් හෝ සුද්දන් විසින් 1505 ට පසු මෙහි ගෙනඑනලද ඔවුන්ගේ වහලුන්ගෙන් පැවතඑන්නන්වේ..

 ඔවුන්  එක්කෝ වෙළඳුන්, ආක්රමණිකයන්, යටත් විජිත බලවතුන්ගේ වහලුන් හෝ නීතිවිරෝධී සංක්රමණිකයන් ය. කෙසේ වුවද මුල් ආක්රමණිකයන්ගෙන් පැවත එන අය ඉතා අල්පය. පෘතුගීසි, ලන්දේසි සහ බ්රිතාන්යයන් විසින් 1505 න් පසු උතුරු හා නැගෙනහිරට  විශාල වශයෙන් දකුණු ඉන්දියානු  ද්රවිඩයන් වහලුන් ලෙස ගෙන එන ලදී. වසාන කාණ්ඩය වන්නේ 1840 න් පසු බ්රිතාන්යයන් විසින් ඔවුන්ගේ කෝපි සහ තේ වතු වල වැඩ කිරීම සඳහා  ගෙන එන ලද වතු ද්රවිඩයන් ය. එබැවින් ඔවුන් 1948 දී පිටත්ව යන විට බ්රිතාන්යයන් විසින් අතහැර දමා ගිය බ්රිතාන්ය පුරවැසියන් ය. 1954 නේරු කොතලාවල ගිවිසුම අනුව දේශයේ භාෂාව සහ ඉතිහාසය ඉගෙන ගෙන ස්වදේශික සිංහලයන් සමඟ අන්තග්රහනය වීමෙන් පසු ඔවුන් මේ රටේ පූර්ණ පුරවැසියන් බවට පත්වන තුරු මේ රට ඔවුන්ගේ මව්බිම ලෙස හැඳින්වීමට නීත්යානුකූල අයිතියක් ඔවුන්ට නැත.

අභාග්ය වන්නේ මේ කිසිවෙකු මේ රට සිංහලයන්ගේ දේශය ලෙස නොපිළිගැනීමයි. ඒ වෙනුවට දෙම්ලුන්ට අවශ්ය වන්නේ මෙම භූමියෙන් උතුරු නැගෙනහිර පලාත් දෙක වෙන්කොට  ස්වාධීන හා ස්වයං පාලන තනි දෙමළ කලාපයක් පිහිටුවා ගැනීමයි.අනෙක් අතින් මුස්ලිම්වරුන්ගේ දොළදුක මුළු රටම  මුස්ලිම් රාජ්යක් කර ගැනීමයි. එල්ටීටීය සහ ඔවුන්ගේ හිතවතුන් වැනි සමහරු වසර 30 ක් තිස්සේ සිංහලයන්ට එරෙහිව යුද්ධ කළේ උතුරු නැගෙනහිර පලාත් දෙක පමණක් අල්ලා ගැනීමටය. මේ අවාසනාවන්ත තත්වය ගැන 1948 ටේ සිට මේ රට පාලනය කළායයි කියන දේශපාලකයින් සියළුදෙනාම රිජුවම වගකිව යුතුය.

මේ අනුව මෙම යෝජනාවළියෙහි  අඩන්ගු කිසිදු කරුණකට විරුද්ධවීමේ නීත්යානුකූළ අයිතියක් මේරටේ ජීවත්වන් කිසිදු  සුළුජන  වැසියෙකුට නොමැතිබව  සක්සුදකසේ පැහැදිළිබව පෙන්වාදියයුතුය.

පසුවදන                                  

මේ රටේ වාසය කරණ දෙමළ, මුස්ලිම් සහ සෙසු සියලුම අන්තවාදීන් නූතන යුගයේ ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨ තම පුත්රයෙකු වන අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් තුමන්ගේ ප්රඥාවන්ත ප්රකාසයෙන් පාඩමක්   ඉගෙන ගත යුතුයයි  මම සිතමි..එතුමෝ පැවසුවේ මේ රටේ බුද්ධාගම විශාල ගසවන  අතර අනෙකුත්  සියලුම ආගම් යනු එහි කුඩා ශාඛා පමණි’ කියාය. මගේ මතය අනුව මෙය මෙතෙක් ශ්රී ලාංකික සමාජයේ ඕනෑම සම්භාවනීය ආගමික නායකයෙකු  විසින් ශ්රී  ලන්කාවේ සමාජය පිලිබඳ  කරන ලද විශිස්ඨතම ප්රකාශයයි. මේ රටේ ජනවාර්ගිකත්වය සම්බන්ධයෙන් ද එයම පැවසිය හැකිය. ඒ අනුව මම එය මෙසේ සටහන් කරමි.”මේරටේ සිංහලජාතිය විශාලතර ගස වන අතර අනෙක් ප්රජාවන් සියල්ල  එම යෝධ  ගසේ කුඩා අතුපමණි”. මේ රටේ දෙමළ මුස්ලිම් මිනිසුන්ද මේ බව පැහැදිළිව වටහාගත යුතුය. එ එසේම මේ භූමියේ ඒ යෝධ සින්හල ගසේ අත්තක පිළිලක් වී මුල්ගස මරාගෙන අලුත් ගසක් වීමට උත්සාහ නොකළ යුතුය.

මේ සින්හල රටේ සදකාලික සන්හිඳියාව සහ සාමය ඇතිවන්නේ මෙන්න මේ යථාර්තය දෙමළ සහ මුස්ලිම් ජනයා තේරුම්ගත්දාට හෝ ඔවුන්ගේම අයිතිහාසික මාතෲභූමි වලට ආපසු ගියදාට පමණි. එසේ නොකොට මේ විකල්ප දෙකම බහැරකොට සටනින්ම ජය ගැනීමට තවමත් අදහස් කරන්නේනම් ඒ වූ කලී ඉර හඳ පවතිනාතුරු කිසිදාක සිදු නොවන දවල් සිහිනයක් පමණක් බව ඉස්තිරවම්  ඔවුන් තේරුම් ගත යුතු බව් මම ඉඳුරාම කියමි.

සින්හලත් නොවන,බෞද්ධත් නොවන සින්හල දේශපාලනඥයින්, අන්තවාදී හා ජාතිවාදි මෙන්ම ආගමික උන්මත්තකයින් වන දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයින්, දේශද්රෝහී රාජ්ය නොවන සංවිධානවල, කොලොම්බියානු සිංහල දේශපාලනඥයින් සහ ඊනියා ජාත්යන්තර ප්රජාව යන සිංහල විරෝධී කණ්ඩායම් පහට ද මෙම සර්වකාලීන යථාර්ථය තේරුම් ගත නොහැකි බව අපි දනිමු.

දෙමළ මුස්ලිම් ජනයා සිංහල ජනතාව සමඟ රණ්ඩු නොවී මේ රටේ සින්හලයාගේ පරම ජන්ම අයිතිය පිළිගෙන එකට ජීවත් වීමට ඉගෙන ගත යුත්තේ ඇයි? මේ දේශයේ සැබෑ භූමිපුත්රවරුන් කවුරුද?  ඒ’යෝධ සිංහල ගසේ පරපෝෂිත ශාක පමණක් වන ‘දෙමළ හා මුස්ලිම් යන කුඩා පරපොෂිත සාක ප්රධාන සින්හල ගස සමඟ සැසඳිය හැකිද. ඒ යෝද සිංහල ගස මරා දැමීමට අරගල කරන පරපෝෂිත අතු මහගස වීමට උත්සාහ කිරීම සාධාරණ්ද යන ප්රස්න විවුර්තව  ඇසිය යුතුය.

මේ සංක්රමණිකයින්ට මෙම යථා තත්වය පිළිගැනීමටත්, ස්වදේශික සිංහලයන් සමඟ සුහදව ජීවත් වීමට හෝ එසේ කිරීමටත් නොහැකිනම් ඔවුන්ගේ මව්බිම් කරා පිටත්ව යාමටත් දැන් කාලය පැමිණ ඇත. මෙම අභීත පණිවිය මේ කළහකාරි සුළු ජනකොටස් වෙත රිජුව හා නොබියව ප්රකාශකළ හැකි සින්හල බෞද්ධ නායකු අප සොයාගත යුතුය.

අද මේ රටට අත්යාවස්යව ඇත්තේ සුළුජන චන්ද භීතිකාවෙන් නොපෙළෙන, සුළුජන චන්ද නොමැතිව ඔනෑම චන්දයක් ජයගත  හැකි බව තේරුම්ගත්, තම තමන්ගේ නියම තත්වය නොදැන ඒ ගැන අධි මානසිකත්වයෙන් හා අධ් තක්සේරු උන්මාදයෙන් පෙළෙන උග්ර ජාතිවාදි හා ආගම් වාදී දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයින්ට මෙම පණිවිඩය නොබියව, රිජුව ප්රකාශකොට, එසේත් නැතිනම් දෙමළ මුස්ලිම් දේසපාලනඥ්යින්ගේ නියම පාට දෙමල හා මුස්ලිම් සාමාන්ය ජනතාවට පැහැදිළිකොට දී ඔවුන් දිනාගත හැකි එසේම සියලුම සුළුජන  කොටස් වලට මේ රටේ හිමි නියම භූමිකාව ප්රකාශකළහැකි  කොන්ද පණඇති දේශප්රේමී සින්හල බෞද්ධ ජන නායකයෙකි.

මා ඉහතින් දැක්වූ සින්හල බෞද්ධ විරෝදී පන්චවිධ කණ්ඩායම් වලට මැල්කම් රන්ජිත් කාඩිනල් තුමන්ගේ ලොවක් වටිණා ඒ ප්රශස්ථ ප්රකාශය තේරුම් ගැනිමට හැකිවූදාට මේ රටේ වාර්ගික හා ආගමික ගැටුම් නියත වශයෙන්ම අවසානය දකිනු ඇත. අනතුරුව යලිත් මේ  සින්හලේ රාජධානියට සාමය සතුට හා සව්භාග්ය උදාවී සියළු දෙනාම සතුටින් ජීවත් වෙන ආසියාවේ ස්චර්ගය බවට මේ දිවයින විරුදාවළි ලබණු ඇත.

මෙම සන්දේශයෙහි ඇතුලත් කරුනු පිළිගෙන ඒවා පිලිපැදීමටත් මේ රටතුල වෙනම රාජ්යන් ඉල්ලා මෙ භූමියේ භූමි පුත්රයින් වන සින්හලයින්ට හා ඔවුන්ගේ පරමාධිපත්තියට අභියෝගයක් නොවී සාම්කාමීව සහයෝගයෙන් හා රටේ නීතියට අවනතව සිටින ඔනෑම කෙනෙකුට කිසිම සින්හලයෙක් විරුද්ධ වෙතැයි මම කිසිසේත්ම් නොසිතමි.

ආචාර්ය සුදත් ගුනසේකර,

අන්ක. 21 ගැමුණු මාවත,

හන්තාන පෙදෙස,

මහනුවර.

2019 අගෝස්තු 27. Email:gunasekarasudath@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress