පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීමට අග්‍රාමාත්‍යතුමාගෙන් පරිසර ඇමතිට සුදු සඳුන් පැළයක්
Posted on April 15th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (16) ට යෙදෙන පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන් නිවසේ දී අද (15) දින  ප්‍රදානය කළේය.

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයේ පැළ සිටුවීම හෙට (16) දින පූර්වභාග 6.40 නැගෙනහිර බලා සිදු වේ.

මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණුකොළපැලැස්ස පිහිටි  නිවස කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වේ.

මෙයට සමගාමීව රට පුරා පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය ඉටු කිරීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress