”2014 ජාත්‍යන්තර ලියෝ සමුළුවේ විශේෂ කතිකයෙකු සඳහා ආසියාවට පිරිනමා ඇති එකම අවස්ථාව ශ්‍රී ලංකාවේ ධනුෂ්ක රාමනායකට”Leo Dhanushka Ramanayake, The only Asian to be invited as Guest Speaker at the Leo Global conference 2014 in Toronto Canada.”
Posted on July 2nd, 2014

Ministry of Technology & Research

කැනඩාවේ, ටොරොන්ටෝ නුවර පැවැත්වෙන 2014 ජාත්‍යන්තර ලියෝ සමුළුවේ ප්‍රධාන පැනල සාමාජිකයෙකු සහ විශේෂ කතිකයෙකු ලෙස ජාත්‍යන්තර ලියෝ උපදේශක කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජික ධනුෂ්ක රාමනායක මහතා තෝරා පත්කර ඇත. විශේෂ කතිකයෙකු සඳහා ආසියාවට පිරිනමා ඇති එකම අවස්ථාව ධනුෂ්ක රාමනායකට හිමිවී ඇත. පසුගිය වසරේ ජර්මනියේ හැම්බර්ග් නුවර පැවති 2013 ජාත්‍යන්තර ලියෝ සමුළුවේ ප්‍රථම ආසියාතිකයා ලෙස ප්‍රධාන පැනලයට සුදුසුකම් ලැබූ ධනුෂ්ක රාමනායක මේ වසරේ පළමු ආසියාතික විශේෂ කතිකයා වශයෙන් කටයුතු කිරීම සුවිශේෂී වේ. 2014 ජාත්‍යන්තර ලියෝ සමුළුවට සහභාගීවීම සඳහා ධනුෂ්ක රාමනායක මහතා හෙට(01) දින අළුයම දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

ලබන ජුලි මාසයේ 04 වනදා පැවැත්වෙන  2014 ජාත්‍යන්තර ලියෝ සමුළුව සඳහා රටවල් 48 ක වයස අවුරුදු 16 – 30 අතර වූ තරුණ සාමාජිකයන් 500 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇත. ලොව පුරා තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළු, ලියෝ සංවිධානය විසින් ක්‍රියාත්මක සමාජ මෙහෙවර, සිය සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරකම් සහ සංවිධාන ව්‍යුහයේ ඉදිරි වෙනස්කම් පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනීමට නියමිතය. ලොව පුරා සාමාජිකයන් 27 දෙනෙක් පමණක් නියෝජනය කරන උපදේශක කාරක සභාව නියෝජනය කරමින් ධනුෂ්ක රාමනායක සිය දේශනය පවත්වනු ලබයි. එහිදී උපදේශක කාරක සභාවේ මෙහෙයුම් ක්‍රියාවලිය, ඉදිරි සැළසුම් සහ ලෝකය අපේක්ෂා කරන තරුණ නායකත්වය පිළිබඳව හෙතෙම සිය දේශනයේදී පැහැදිළි කිරීමට නියමිතය. සමුළුවට අමතරව ජාත්‍යන්තර පරිපාලන නියෝජිතයන් සහ උපදේශක කාරක සභා නියෝජිතයන් අතර පැවැත්වෙන ප්‍රධාන සාකච්ඡාව සහ වැඩමුළුව ජුලි මස 03 වන දා සවස 2.00 ට ටොරොන්ටෝ නුවර මෙට්රෝ ටොරොන්ටෝ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. 

ලොව පුරා රටවල් 148 ක ලියෝ සමාජ 6582 ක් පවතී. එහි සමස්ථ සාමාජිකත්වය ලෙස තරුණ තරුණියන් 168,000 කට වඩා වැඩියෙන් සේවය කරයි. ලොව විශාලතම ජාත්‍යන්තර තරුණ සංවිධානය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද නම්කර ඇති මෙම සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ චිකාගෝ නුවරය. 

2005 වර්ෂයේ කොළඹ වෑකන්ද ලියෝ සමාජයේ සාමාජිකයෙකු ලෙස එක්වන ධනුෂ්ක රාමනායක, 2011 වසරේ ශ්‍රී ලංකාවේ පවතින ලියෝ දිස්ත්‍රික් 06 හි, 306 ක‍1 ලියෝ දිස්ත්‍රික්කයේ සභාපතිත්වයට තේරී පත් විය. 2012 වසරේ ලියෝ දිස්ත්‍රික් 06 හිම නායකත්වයට පත්වෙමින් විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති සංවිධාන කරමින් සමස්ථ ශ්‍රී ලාංකේය ලියෝ සාමාජිකයන්ට නවමු අත්දැකීමක් ලබාදීමට කටයුතු කළේය. ඊට සමගාමීව 2012 වසරේදී ජාත්‍යන්තර ලියෝ සංවිධානය විසින් ඔවුන්ගේ විධායක උපදේක කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද ධනුෂ්ක රාමනායක තෝරා පත්කර ගන්නා ලදි. 

කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ධනුෂ්ක රාමනායක මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේද සේවය කරයි. රයිගම් ආයතනයේ ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ හෙතෙම වර්තමානයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරයි. 

Leo Dhanushka Ramanayake, The only Asian to be invited as Guest Speaker at the Leo Global conference 2014 in Toronto Canada.

The annual Leo Club Program Global Conference is due to be held in Toronto Canada from the 4th of July and Past Multiple President of Leo Multiple 306 Sri Lanka Leo Dhanushka Ramanayake has been invited to address the forum as a Guest Speaker and he is the Only Asian to be invited in such a capacity. This year the forum is to be represented by members from 48 countries around the world with a number of 500 Leos and Leo Dhanushka is due to leave the Island on the 1st July.

At present he is the Leo Club Program Advisory Panelist for the Constituent VI which comprises India, South Asia and Middle East,

He served in the Capacity of a resource Personnel at the panel Discussion Last year held in Hamburg Germany.

The Leo club program is established in 148 Countries worldwide with 6582 Leo Clubs inclusive of 168000+ memberships within the age group of 12 to 30, and the United Nation have recognized the Leo Club Program as the world’s largest youth service organization and the head office is situated at Chicago, Illinois, USA.

Leo Dhanushka Embraced the Leo Club program as a member of the Leo Club of Colombo Wekanda in the year 2005, and he became district president of the leo district 306 C1 in the year 2011/2012 and he continued on by becoming the Number 1 Leo of the Country by being the Multiple president of the Leo MD 306 Sri Lanka in the year 2012 /2013 and he was selected to serve the Lions Clubs International as a Leo Club Program Advisory Panel member for a term of two years from 2012.

He is a bright student of Isipathana College Colombo and was the Head Prefect of the College in the year 2004, he is also a teacher at the Sri Vajiragnana Dhamma School Maharagama. He commenced his professional carrier as an creative executive at the Kingdom of Raigam and at present he is the Media secretary for the ministry of Technology and research under Minister Hon. Patali Champika Ranawaka.

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress