චිං චිං ගේ පුත්තු 1 කොටස
Posted on July 14th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න  විසිනි

ප්‍රවේශය ——
පිටරටක සිටියද  සිංහලේ යන වචනයත් ඒ  හා බැඳී  ඇති වෙනත් දේ ගැනත්  ඇල්ම බැල්ම අයගේ දැනගැනීම සඳහා  නැවත නැවත ඉස්මතු කලයුතු දෑ  බොහෝය . ඉහතකී …… පුත්තු  අපට කර ඇති අනවින කොඩිවින ගැන පිටරට සිටින ඔබ තබා ලංකාවේ වැඩි දෙනෙකුත්  දන්නේ නැත. විභාග වලට නියමිත  පොත් මිස වෙන කිසිවක්  නොකියන විට දැනගන්නේ කොහොමද ?  පාසලේ මොකා  මොනවා ඉගැන්වුවත්  හොඳ  සිංහල මාපියෝ නම්  ගෙදරදී  අපේ  උරුමය ගැන කියාදෙති. පාසල් අධ්‍යාපනය  බඩවියත  රැකගැනීමටත්  අපේ උරුමය  වැදගත් මිනිසෙකු වීමටත් අවශ්ෂ්‍ය බව වැදගත් මා පියෝ දනිති , මේවා නොදත්  පුබ්බෝරුවන්ට   ආචාරි මහාචාරි කලු සුද්දන්ගේ  වචන දේව භාෂිත වේ.

පිටරට සිටින සමහර  අ  යට  සිංහල කියවීම ව අපහසු විය හැක. එනිසා ප්‍රතිචාරද අඩු විය හැක. එහෙත්  මම ඉංග්‍රීසියෙන් ලියන්නට බයවෙමි . සිංහල  බැ රිවුවද   ලජ්ජා නොවන සමහර සිංහලයෝ ද  ඉංග්‍රීසි අකුරක් හෝ වැරදුනොත් මාව පතුරු ගසනු ඇත. මේ ‘ මහ ත්වරුන්ට’       දො o  ගියවිට  ”’  ඉංග්‍රීසි බැරි නම් රෑ   ඉස්කෝලේ පලයන්… උඹට බැරි නම්  වෙන කාට හරි කියල ලියව ගනින්…”’  ආදී වශයෙන්  බැ න අඬ  ගසනු ඇත.ඉතින්  නුපුරුදු දීගයට වඩා පුරුදු කනවැන්දුම මට හොඳය . මුන්  සුද්දගේ කාලයේ සිටි රෙද්ද අස්සේ මහත්වරුන්ගේ   පුත්තු විය හැක. කළු සුද්දන්ට ඉංග්‍රීසි භාෂාව  යනු තවත් එක භාෂාවක් පමණක් නොවේ. එය මහත්වරුන්ගේ භාෂාවකි. පූජනීය භාෂාවකි. ක්‍රිකට් යනු උන්ට මහත්වරුන්ගේ ක්‍රීඩාවකි.එසේ වන්නේ කෙසේද කියා නොදනිතත්  සුද්දා  එසේ කියා ඇති නිසා එයම  කියති . එතකොට අනිත් ක්‍රීඩකයෝ  මොක්කුද .? ගොවිතැන  මහත්වරුන්ගේ රැ කියා වකිය්   මුන් කවදාවත්ම නොකියති. මෙතෙක් පැවති  හා පවතින සියලු ආණ්ඩු ත් සලකන්නේ   මෙවන් මහත්වරුන්ටය.  මහොෂද පඬි තුමා””  ගොවියා පුත්”” ය. ඒ අපට මිස  මේ මහත්වරුන්ට  නොවේ . කේවට්ට මහත්තයා එදා ගොවියා පුත්  යනුවෙන් කීවේ නිග්‍රහ පිණිසය . කුරිරු ප්‍රභාකරන්  වික්‍රම බාහුට  මහත්තයෙක් විය . තමන්ට පුරුදු   වෙඩි මහසැ රය  අතහැර දැන් හීන්සැ රයට මාරුවී  තමන් සද්ද නොකර  සැඟවී  ගෝලබාලයන් ලවා  අපට පහර දෙන  එකෙක් ඇත    .  මේ      “‘  ඌ “”    ගැනය් . ඌ ත්  මහත්තයෙකි . අළු යට සැඟවී ගිනි පුපුරු ඇති බව  දුහුනන් දැනුම් සඳහා   දැන්වීම මගේ අභිප්‍රා ය  ය්. 1995 දී පමණ    ත්‍රිශූලය  පත්තරේට මම   ” ඌ ” ගැන ලිව්වෙමි .  වත්මන් පරපුරේ දැනගැනීම සඳහා2010 දී  නැවත  මේ ගැන ජාතික පත්තරේකට  ලියා යැව්වත් පල කලේ නැත . වත්මන් රජයටත් මේ පුද්ගලයා සම්බන්ධ නිසාවිය හැක  නොඑසේ නම්  ඔහුගේ බටහිර දැනුම් ආධිපත්ත්ය  හමුවෙ මාධ්‍ය ය  යටවී ඇති නිසා විය හැක. 

මෙය කියවා  මේවා නැවත නැවතත්  හෙළි කල යුතුද නැත්ද   යන්න ඔබම තීරණය කරන්න. හැකිතරම් අනුන් දැනුවත් කරන්න. ආර්ථික , දූ ෂණ   භීෂණ  වැනි කරුණු පමණක් නොව  අපි මේවාත් හොදින් දැනගත යුතු වෙමු.ඔබේ අදහස් දන්වන්න.

ජයදේව උයන්ගොඩ කලක්  J .V .P සාමාජිකයෙකි. එහිදී    ඌ මහත්තයා  නමින්  හැඳින්වුන ඔහු  ඉන් ඉවත් වී  ඉසුරු සොයා යන්නට වූ  යේ  පැරණි  වං  හුං   අකා මකා ,දර්ශන , මතවාදයන්ද වෙනස් කරමිනි. අව සානයේ නැවතුනේ කුරුඳු  වත්තේය .

ඇ දුරු    මහැ දුරුකම්   ලැබුවේය. දෙමල ත්‍රස්තයන්ට කත අදින දේශපාලන පක්ෂ හා  සබඳ කම් පැවැත්විය. ඔවුන්ගේ  උපදේශක යකුද විය..ඉන්  නැවතුනේද  . ප්‍රභා මරා දැමු මහින්දගේ රජය සමගද දැන් ලෙන්ගතුය.මහින්ද චින්තනයේ ලොකුම අඩුපාඩුව නම් සර්පයින් අඳුනා  ගැනීමේ  ක්‍රමවේදයේ  ඇති උනතාවය් .. මහින්ද විසින් කිරි පෙවූ දයාන් ජයතිලක  මහින්දට දෂ්ට කළේය. .ජාතික චින්තනයේ නම් මේ ක්‍රමවේදය පැහැදිලිව මෙසේ දැක්වේ<“”විෂ ඝෝර සර්පයා දැක නාරු ඩයා  මෝඩයා . “””‘. උයන්ගොඩ වල් තිබෙන තරමට  කසල ගොඩවල්ද  වැඩිවේ . උයනේ ඇති කසල ගොඩවල්  මගින්  වී ෂ  මදුරුවන් බෝකර  මුළු මහත් ජාතික දේ හයම ලෙඩ කරවය්/  ජාතිකත්වයේ නම් දැන් ඩෙංගු මදුරුවාටත් බෙහෙත් හොයා ගෙන ඇතත්  ඒ බෙහෙත් පාවිච්චි කිරීමට මහින්ද චින්තනය එතරම් උනන්දුවක් නැත. එහෙයින් වත්මන්  නගරාලන්කාරක  උයන්පල්ලා වන    ගෝඨාභය  හෝ  මේ උයන්ගොඩ වල් “” කලමනා  කරණය “” කල යුතුය. ‘කලමනා  දෙය” .ඔහු දනිතිය් සිතමි. අපි දැන් මේ විෂ මදුරුවන් ගැන කිය වමු. 

…. ඉතිරිය පසුවට ….
   

One Response to “චිං චිං ගේ පුත්තු 1 කොටස”

  1. Nanda Says:

    “එහෙත් මම ඉංග්‍රීසියෙන් ලියන්නට බයවෙමි . ……….සිංහල බැ රිවුවද ලජ්ජා නොවන සමහර සිංහලයෝ ද ඉංග්‍රීසි අකුරක් හෝ වැරදුනොත් මාව පතුරු ගසනු ඇත.” – translates to..

    “I am afraid of writing in English. Certain Sinhalese, even though not shying lack of Sinhala proficiency will bash me up if I got a single letter of English wrong.”

    – very true. But on Lankaweb , thanks to people like SA Kumar aka Andy Lingam aka Lingam Andy people will still respond to you disregarding wrong English. Therefore NO NEED TO be scared. Broken English is the best to express Sinhala ideas.
    Having said that I have seen some people correct the slightest typing mistake they make.

    සිංහලයෝ සුද්දා ගේ ඉඞිරිස් වැරැද්දීමට ලජ්ජා නොවියයුතුය​. I remember Sunil Vijaypala Ayya campaigned to get rid of Capitals in English. Did not work.
    Where is Sunil Ayya ? Making money in Sri Lanka ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress