Former president Chandrika Bandaranaike addressing the killer of my father as Mr.Prabhakaran – Sajith -Video
Posted on January 5th, 2015

The UNP deputy leader Sajith Premadasa expresses his ideas about the former president Chandrika Bandaranaike addressing the killer of his father as ” Mr. Prabhakaran”.Please view the video

‘‘මගේ පියා ඝාතනය කළ මිනීමරුවාට ‘මිස්ටර් ප්‍රභාකරන්’ කියා අමතන අය සමඟ එකට සිටීම ලැජ්ජාවක්’’

තම පියා ඝාතනය කරන ලද ප‍්‍රභාකරන්ට හිටපු ජනාධිපතිපතිනිය විසින් ‘මිස්ට ප‍්‍රබාකරන්’ යයි ඇමතීම ගැන එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අදහස් පල කරයි.

මිනීමරු ප්‍රභාකරන්ගේ ඝාතනයට ලක්වූ එජාප නායකයන්ට අගෞරව නොකර අශුද්ධ සන්ධානයෙන් ඉවත් වෙන්න

සජිත්-නවීන්ගෙන් හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඉල්ලයි

මිනීමරු ප්‍රභාකරන් වෙතින් ඝාතනයට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට අගෞරව කිරීමේ පාප කර්මයට හවුල් නොවී වහාම චන්ද්‍රකා – මංගල – මෛත්‍රී අශුද්ධ සන්ධානයෙන් ඉවත්වී ඔවුන්ගේ බෙදුම්වාදී දේශපාලන න්‍යාය පත්‍රය පරාජයට පත් කරන ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක මහත්වරුන්ගෙන් මෙන්ම සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා ලෙස තමා ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා පවසයි.

තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කළේ වේලුපිල්ලේ ප්‍රභාකරන් බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නොබියව කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතාට තමන්ගේ ගෞරවය හා ස්තුතිය පුද කරන බව ද හෙතෙම පැවසීය.

හිටපු ජනාධිපතිතී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මිනීමරු ප්‍රභාකරන් මහත්මයකු ලෙස සඳහන් කර තිබූ අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට ශක්තියක් තිබීම තමන් බෙහෙවින් අගය කරන බවද ඇමැතිවරයා පවසයි.

ඇමති තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ (5) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය. එම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සජිත් ප්‍රේමදාස මහතා රැස්වීමක් අමතමින් කර ඇති ප්‍රකාශයේ හඬපටයක් ද මෙම මාධ්‍ය හමුවේදී තිස්ස අත්තනායක මහතා මාධ්‍යවේදීන්ට ඇසීමට සැලැස්වීය.

ඒ මහතා මෙසේද පැවසීය. චන්ද්‍රිකා මෛත්‍රී මංගල හවුලේ ඡන්ද ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට මුල් තැනක් දුන් ඡන්ද ව්‍යාපාරයක් නොවේ. එම ඡන්ද ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේ නායකයන්තුන්වැනි තැනට ඇද දැමූ එකක් බව මා මෙයට පෙරත් සඳහන් කළා. මෙම ඡන්ද ව්‍යාපාරයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කරන කාර්ය භාරය කුමක්ද?

ඒ මහතා හම්බන්තොට තිස්සමහාරාමයට සීමා කරලා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක කරූ ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ මහත්වරුන්ට කාර්යභාරයක් පවරා නැහැ. සජිත් ප්‍රේමදාස කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් එළියට ගැනීමට හැකියාව තිබෙන නායකයා. ඒත් විපක්ෂ හවුලේ ඔහුට තැනක් නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යාන්ත්‍රණයේ ස්විච් එක ඕෆ් කර ඇති බව දැන් ඔප්පු වෙලා. විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දීම සඳහා යාප‍නයේ පැවති රැලියකදී හිටපු ජනාධිපතිතී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලේ පිපාසයෙන් පෙලුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදියකු වන වේලුපිල්ලේ ප්‍රභාකරන් මහත්මයකු ලෙස ගෞරවයෙන් සිහිපත් කර තිබෙනවා.

මේ ප්‍රකාශය ගැන මංගල සමරවීර මහතා දෙවිනුවර පැවති රැස්වීමකදී සඳහන් කර තිබුණේ ප්‍රභාකරන්ට චන්ද්‍රිකා මහත්මයකු ලෙස ප්‍රකාශ කළේ එතුමියගේ තිබෙන සිංහල බෞද්ධකමත් වැදගත්කමත් නිසා බවයි.

ජනාධිපතිවරණය පෙනි පෙනී යාපනයට ගොස් ප්‍රභාකරන්ට මහත්මයකු ලෙස ගෞරව කිරීමටත්, සමරවීර මහතා එය සාධාරණීකරණය කිරීමටත් හේතුව බෙදුම්වාදී ත්‍රස්තවාදියකුට වලංගුභාවය ලබා දුන් මෛත්‍රී හවුලේ ඇති බෙදුම්වාදී දේශපාලන න්‍යාය පත්‍රයයි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය කතාවෙන් ප්‍රභාකරන් ඉහළට ගෙනාවේ වෙන කිසිවකට නොව දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව ඉටු කිරීමටයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ මහර ආසන සංවිධායක තුෂාර හේමචන්ද්‍ර මහතා- එක්සත් ජාතික පක්ෂය විනාශ වීම කාටවත් වළක්වන්න බැහැ. චන්ද්‍රිකා – මංගල – මෛත්‍රී හවුල වෙනුවෙන් අද ගමත් වැඩ කරන්නේ නැහැ. රටත් වැඩ කරන්නේ නැහැ. මේ අයගේ වැඩපිළිවෙළ නිසා අපට වැඩ කළ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

රට විනාශ කරන චන්ද්‍රිකා – මංගල – මෛත්‍රී එක්ව සෑදීමට යන සිහින ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡන්දය පාවිච්චි නොකරන ලෙස මා එජාප ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමති ඩලස් අලහප්පෙරුම, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

he Presidential election campaign by Chandrika Bandaranaike Kumaratunga and Mangala Samaraweera in support of Common Opposition Candidate Maithripala Sirisena has intentionally sidelined important figures in the UNP, Health Minister Tissa Attanayake said.

Addressing the media at the SLFP headquarters yesterday, Attanayake said the campaign organisers ignored persons such as Sajith Premadasa, Karu Jayasuriya and Daya Gamage.

“Sajith Premadasa is a well known politician and he has the capability to conduct election campaigns islandwide but Chandrika and Company have refused to take notice of him and restricted him to Tissamaharama,” he said.

The UNP is not active at present and the so called supporters of Sirisena have let down the party to the third level, he added.

Attanayake said Kumaratuga addressed the late LTTE leader as ‘Mr Prabhakaran’ at a rally held in Jaffna.

She addressed Prabhakaran with respect to draw Tamil votes. The LTTE under the leadership of Prabhakaran destroyed the country and many prominent leaders. They refer to Prabhakaran with so much respect being aware of all what he did to the country and its citizens, the minister said.

Premadasa himself admits that his father was murdered by the LTTE and today he is in favour of LTTE supporters. “I believe that Sajith will realise the truth that Chandrika and others are working to the agenda of the Tamil Diaspora to fulfill the dreams of Prabhakaran,” he added.

Attanayake emphasised that there is no future for UNP supporters under a Sirisena regime.

“UNP supporters should vote for President Mahinda Rajapaksa at the forthcoming election,” he said. Responding to a question raised by a journalist, Provincial Councillor Udaya Gammanpila said that they should not compare Karuna Amman with Prabhakaran. Kumaratunga addressed Prabhakaran with respect to cement her alliance with the TNA.

He said Karuna Amman joined the government realising the truth and changed his perspectives to safeguard the country, but Prabhakaran was acting against the government and the people till the end.

“We are aware of the activities carried out by the JVP in the past.

There are JVP representatives in Parliament as well.

We have no reason to arrest former JVP leader Somawansa Amarasinghe as is the wish of Common Candidate Sirisena towards Karuna Amman and KP. People have the right to choose their supporters and we cannot continuously brand them as terrorists.”

Youth Affairs and Skills Development Minister Dullas Alahapperuma said KP and Karuna Amman supported the government to win the war. They should be respected for bringing freedom to the country. Nelson Mandela of South Africa and Yasser Arafat of Palestine were branded as terrorists but today they are respected by the people after the liberation, he said.

Meanwhile, Mahara UNP organiser Thushara Hemachandra yesterday pledged his support for President Mahinda Rajapaksa.

– See more at: http://www.dailynews.lk/?q=political/unp-stalwarts-sidelined-campaign-tissa#sthash.FSRzXcIg.dpuf

2 Responses to “Former president Chandrika Bandaranaike addressing the killer of my father as Mr.Prabhakaran – Sajith -Video”

  1. Christie Says:

    India, Indian colonial parasites, and vermin never supported UNP from its start going back to the days of DSS, Sir John and other founding members. Indian interests always supported the Socialists of the island and then SWRD father of Chandrika.

  2. ranjit Says:

    People should not worry about this Un-Patriotic woman. Once she told channel 4 that she and her children were ashamed to call themselves Sri Lankans so why we worry about this shameless woman. Reject her for good and forget about her completely. She is a ugly wicked drunken woman who ruined our country for twelve long years. She is an agent of LTTE Diaspora and the western gobels. Why we trust a woman like that to be a leader in our country? Are we so stupid?

    Be calm and be alert and vote for the “BETEL” on 8th and help to build our country together. Vote for Mahinda true Sinhala patriot who supports one Sri Lanka for all Sri Lankans.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress