මහින්ද නම්  වන මට  අවසාන වශයෙන්  කීමට ඇත්තේ මෙපමනය්
Posted on January 7th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 වසර තිහක් තිස්සේ  මරණ බියෙන් මුසපත්ව  දොට්ට පිලට බහින්න බයේ බැරුව  ගැහෙමින් සිටි  ලංකා වාසීන්ට  බියක් හැකක් නැතිව  ඉන්නට ඉඩ ලබා දුන්නේ මමය් . චන්ද්‍රිකා   ර ටෙන් කොටසක් වසර දහයකට ප්‍රභාකරන්ට  දෙන්නට   සුදානමින් සාම තවලම්  සුදුනේලුම්  වැනි  රට පාවාදෙන  මගෝඩි වැඩවල යෙදෙමින්  බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ  ව්‍යාපෘති රට තුල දියත් කර  රටේ උරුමක්කාරයන් පාවාදෙනවිට  රනිල් කලේ  ප්‍රභා සමග හොර ගිවිසුම් ගසා  බු ද්ධි අංශය  සහ මුලින්ම විනාශ කිරීමය්

  මිලේනියම් සිටි පාවාදීම වන්නක් වෙන රටක  සිදුවුයේ නම් එය කල  අය  වෙඩිතබා මරා දමනු ඇත.  එහෙත් මේ රටේ  මිනිස්සු  ඔවුන් නායකයින් ලෙසින් බාර ගනිති . ඔවුහු මම රටේ මුදල් ගසා කාවෙයය් මට චෝදනා කරති  හරි මම මුදල් ගසා කාවායය් හිතමු . රනිල් කාවේ මුළු රටම නොවෙය ද.  චන්ද්‍රිකා දුටු ගැමුණු කතන්දර පවා ඉගැන්වීම තහනම් කර  තමන්ගේ දරුවන්  සිංහලය බෞද්ධයන්  පවා  පිළිකුල් කරන තත්වයට හැදුවාය  

        දුවත් පුතාත්   සිංහලයන් වීම ගැන  ලජ්ජාවෙන් හඬන තත්වයට හැදු  ඇය   රටේ  ම දරුවන්ට කරන්න හැදුවේ ත් එයමය. මුළු රට ම  අධිරාජ්‍යවාදීන් ට නතුකිරීමට ය උත්සාහ කලේ අම්මාගේත් තාත්තාගේත්  පක්ෂයේ ප්‍රතිපත්ති  නි න දිත ලෙස පාවා දෙමිනි පක්ෂයේ ජාතික වාදී ප්‍රතිපත්ති  වෙනස් කර ෆෙඩරල්  ක්‍රමයකට  රට ගෙනයාමට ය කටයුතුකලේ  කතෝලික ඒජන්තයෙකු වන  විජය කුමාරතුංග   සමගය

 රටේ වාසනාවට දෙන්නාම බලයෙන් ඉවත්විය  පැරදිය නොහැකියය් කී කොටි  වසර තුනෙන් සමුලඝාතනය කරන්නට මම නොවිදිනා දුක් වින්දෙමි  රනිල් ගේ කොටි ගිවිසුම නොතිබුනානම්   කොටි මෙතරම් බලවත් නොවන නිසා  උන් පරදන්නට මට  මාස හයක් වත් යන්නේ නැත .  බටහිරයන්ද ඉන්දියාවද  එජා පය හා මාක්ස් වාදීන්ද  යුද්ධය වෙලාවේ මට නොකළ හිරිහැරයක් නොකළ නින්දාවක් නැත. මම මගේ ජීවිතය ගැනවත් නොහිතා යු කොටි සමුල ඝාතනය කරන්නට කටයුතුකලේ  මගේ රටවැසියන්  විඳින දුක බලා ඉන්නට බැරි නිසය් . අනුරුද්ධ  රත්වත්තේ යුද්ධ කරන විට ඔහුව වැලක් වු වේ  චන්ද්රිකාය්. පොලිස් භටන් 600ක්  කොටින්ට බිලිදුන්නේ එජා පයය්

                                                         මගේ මිත්‍රවරුනි දරුවන් පාසල් ගොස් ගෙදර එනතුරු   ගැහි ගැහී සිටි හැටි  ඔබට දැන් අමතකද  රැකියා  වට යන අඹුසැමියෝ  බස් දෙකක  වෙන්වෙලා ගියේ දරුවන්ට එකෙක් හෝ ඉතුරු වෙන්නට  නේද.  කොළඹ පිපිරුණා බෝම්බ ගණන මතකද  ශ්‍රීමහා බෝධිය දළදා මාලිගාව  අරන්තලා ඝාතන  වැනි විනාශයන් මතකද  . මේවා දැක දැක  එතෙක්   බිබී හිටපු හතරවරම් කෙලපු පාලකයින් මෙන්  මමත් හිටියානම්  ඔබට යන කලදවස මොකක්ද  .  රටවැසියන් විඳින මෙදුක දැක  හදවතේ ගිනි පත්තුවුන එකම නායකයා මමය්  මිත්‍රවරුනි . අනිත් උන් වගේ මමට ඉන්න තිබුනා  රට ගැන ඔබගැන නොහිතුවා නම්  එහෙනම්  මට දන්ගෙඩියට යන්නවෙන්නේ නැහැ . බටහිරයන්ට ඕනදේ  කළා නම්  ඔබේ   විනාශය මතින්  මට නොබෙල් ත්‍යාගයත්  ලැබෙන්න තිබුනා  .

                                            ඉතින් මිත්‍රවරුනි 2009  න්  පස්සේ බෝම්බ පිපිරුනේ නැහැ නේද  .  මගේ කකුලෙන් නොඅද්දා නම්  මේ කලාවගේ දහගුණයක් වැඩ කරන්න තිබුනා  දේශ ද්‍රෝහීන්   හඳුනා ගෙන  උන්ට  තාන්න  මාන් න දී මා ළඟ ගස් බැඳ තියා ගන්න  මට සිදුවුනේ  උන් ට මගේ ඇති ලැදියාව නිසා නොවෙය්  උන් කරන හොරකම් වලට දඬුවම් දුන්නා නම් උන් දේශද්‍රෝහීන් එක්ක එකතුවී  රජය පෙරලා නැවත කොටින්ට බලය ලබා දෙන බව මම දැනගෙන හිටියා  තමන්ගේ  මතිමතාන්තර වලට  විරුද්ධ වුනත් උන්  මාලඟ හිටියේ  සැපසම්පත් නිසා පළාත් සභා වලට  පොලිස් හා ඉඩම් බලතල නොදී ඉන්න  මම උන් කැමතිකරවා ගත්තේ  තාන්න මාන්න දීලය්

උතුරත් නැගෙන හිරත් යලි වෙන්කිරීමට ත් උන් විරුධ්ධ්ය්  එත්  මම උන්ගේ කටවල්  වහල තියා ගත්තේ  උන්ට ජරාව දීලය් . නැත්නම්  මගේ රටට මොකද වෙන්නේ  උන් යන්නේ වාසි පැත්තට  මම තවත් බලවත් වුනදාට  මේ හොරු එලවන්න පුළුවන් . මම මෙතෙක් මුන් නිසා  හුඟ දෙනෙකුගෙන් බැනුම් ඇහුවා  නින්දා වින්දා  එකට කමක් නැහැ  මගේ රට බෙරුනානේ . ඉදිරියේ දී කරන්න ඕනදේ මම දන්නවා හැබය්  හොරු එලවල පාලනය ගෙනයන්න තරම්  බලය මට අවශ්ශය් චීනය  නැත්නම්  මෙලාකටත් ඉන්දියා ව  අපිව ආක්‍රමණය කරලා දෙගොල්ලම  ශේප්  එකේ තියා ගන මම රට කරවන්නේ  හරිම අමාරුවෙන් . තැන නොදුන්නම අයින්වෙලා යන උන් නිසා තත්වය භයානකය්. ප්‍රධාන නගරය  පිරිසිදු කරලා ලස්සන කරලා  තියාගන්න කටයුතු කරන කොටත්  අකමැති මිනිස්සු මේ රටේ ඉන්නේ  කාපු  කාම දිරවන්නේ නැතුව බයටම  බඩ ගිය කාලේ  අමතකවෙලා  දැන් සමහරු අහනවා මම මොනවදේ රටට කලේ කියල . මට වෙලාවකට දුකත් හිතෙනවා  මම ජීවිතේ පරදුවට තියල තීරණ ගත්තේ මේවා අහන්නද කියල හිතෙන කොට  .  මම මැරෙන්න පෙර ඔබට සව්භාග්‍යමත් රටක්  බිහි කර දෙන්න ම්  බය වෙන්න එපා හැබැය්  ඒ ටික කරන්න  මට ඔබගේ සහය  අවශ්ය්.. විශ්වාසය  තැබිය  හැක්කේ  කොටි විනාශ කල මමද නැත්නම්    කොටින්ට ආවඩු  රනිල්  හා චන්ද්‍රිකා ද  කොටි බලවත්  වුනොත්  මට වඩා අමාරුවේ වැටෙන්නේ  දුප්පත්  සිංහල   යන් බව  මතක  ගන්න  ඉදිරියට  රට ගෙනයනවාද  පස්සට යනවාද  තීරණය ස තුය් ඔබ  හැමට තෙරුවන්  සරනය් . 

5 Responses to “මහින්ද නම්  වන මට  අවසාන වශයෙන්  කීමට ඇත්තේ මෙපමනය්”

  1. Dr.K Says:

    සැබෑ සිංහලයිනි අවදිවවූ: ඔබ ගලවා ගත් ඔබේ ස්වෛරීත්වය අරක්ශාකරදුන් නායකයට කෘතගුණ සලකන්න.

  2. ranjit Says:

    Mr.president you are not alone in this fight we are all there with you to the end. We know the traitors although they were there with you. Be strong and be truthful to the nation.Remove all the bad guys from your team without any fear. As long as you and your brothers stay together as a strong unit no one can destroy you. Treat the Sinhala race well and safeguard the Buddhist religion and holy places. Wake up Sinhalese to protect the nation and our great leader who saved us from hell. Long live Mahinda.

  3. lokubanda Says:

    For those who have been canvassing against Mahinda, do they honestly believe that Maithree is a better choice? Did they ever wonder who is actually sponsoring Maithree? Besides, what wrong has Mahinda deliberately done to the country and its people? If Mahinda is defeated by any means, then that will only show how disrespectful the voters are. But most Colombians are a different lot altogether!

  4. S.A Says:

    සුදනන්සේ යහපාලනය ඇතිකිරීමටත්, දූෂණය නැතිකිරීමටත් මොරදෙති. ඉතා කෙටි මතකයක් ඇති ඇතැම් මෝඩ පිරිස් ඔවුනට හුරේදමන ආකාරය ඉතා සoවේගජනයකය..
    කුරිරු යුද්ධයෙන් රට ගලවා ගැනීමට නායකත්වය දුන් මිනිසාට බොරු චෝදනා නගමින් චරිතඝාතනයේ යෙදෙන තමාගේම සිහින ලොවකසිටින ගුණමකුවන්ගේ සිතුම් පැතුම් යම්හෙයකින් ඉටුවුවහොත් උනුනට ඔවුනට හුරේදමන මෝඩ පිරිස් වලට වෙන්නේ තමාගේම නාසය කපාගැනීම වැනිදෙයකි.
    මේ අවස්ථාවේදී මහින්දට ඡන්දය නොදෙන පාහරයින් සැබවින්ම දේශද්රෝහීන් වෙති.

  5. Ananda-USA Says:

    Embala Sinhalayeni!

    Apey Mau Bima Deshadrohingen Rakeemata Obey Chandaya Mahinda Rajapaksa Janadhipathi Uthumata Ada Denna!

    Adaa Ohuta Chandaya Nodunnoth, Heta Apey Aadaraneeya Rata Yalith Yatath Vijithayakata Pariwarthana Wu Kala Obata Andaa Walapenna Wei!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress