ඔෂ්විට්ස් කඳවුර
Posted on February 7th, 2015

 වෛද්‍ය රුවන් එම් ජයතුංගගේAuschwitz කවිය​ ඇසුරෙනි   අනුවාදය වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර. 

රිදුම් දෙයි මහද
පය ගැටෙන
වාරයක් වාරයක් පාසා
මේ ඔෂ්විට්ස් කඳවුරු බිම….

 ගෙවී ඇති මුත් බෝ කල්
හැඟෙනුයේ තවමත්
ඊයේ පෙරේදා මෙනි…..

 ගෙන ආවේ මා මෙහි
පවුලේ අන් අය ද සමගිනි…..
මව…….පියා……
සහ සිඟිති නැගණිය ද……

 රාත්‍රී තුනක් දිගු
වෙහෙසකර ගමනක් වීය එය
හරක් පටවන
දුම්රියක
කිටි කිටියේ තද බදව
මරන්නට ගෙනි යන
හරකුන් සේ ම
තද බද ව…..

 කොතරම් තද බද වී ද එය
අත පය බැඳ දැමුවාක් වැන්න
නොබැන්ද ද…..

 මා සිඟිති නැගණිය
පිපාසිතව දිය උගුරක් ඉල්ලා හඬන විට
දිය උගුරක් ද
කුඩා පාන් කැබැල්ලක් ද ඈට දුනිමි
අනතුරුව ඈ
මා ඇලයේ හිස හොවා නින්දට වන්නීය…
නමුදු මම
මුළු ගමන පුරාවට ම
අවදියෙනි….

 දුම්රිය තැනක නැවතුනි….. 
හැරුනි දොරවල්…..
පිලිගැනීමක ලකුණකුදු නොමැති
නැවතුමක…..
භටයින් පැමිණියේ
අත
තුවක්කු පමණක් ගෙන නොව
බල්ලන්ද රැගෙන ය……
S S හමුදාවේ
මරණයේ හිස” නම් අනු ඛණ්ඩය……
සුබ නොපැතී කිසිවකුටත්
ඔවුන්……

 වරක් දුටු සැනින් 
අණ දෙන්නන්
කියවා ගත හැකි විය
මට
ඔවුනගේ ඇස්……..
මට ඔවුන්  පෙනුනේ
ජීවිත් වන මළ මිනී සේ ය
සිනහවක් තබා
වචනයකුදු නොදොඩන….

 එය ශීත සමයයි….
මා ශීතලෙන් වෙවිළූ……
මා
ළය පුරා
ගැඹුරු හුස්මක් අරගතිමි
යටි සිත මට මිමිනුවේය…….
ඔබ
මරණයේ බිම්කඩට පැමිණි ඇත….

 අණ දෙන්නා පැමිණ විට
වෙන් වන්නට සිදු විය අපට
සමහරුන් ට වැඩ කඳවුර…..
සමහරුන් ට ගෑස් කුටිය….

 මවට ද පියාට ද
සිඟිති නැගණියන්ට ද
උරුම වූයේ ගෑස් කුටිය ය……
මට සදා වේදනාව ය……
අනුකම්පා විරහිතව…….
සිඟිති නැගණියට පවා……
ගෑස් කුටිය………!

සැනෙන් ඔවුනගේ අළු
කඳවුරේ සැම අත ම විසිරින…

 ගණන ගැන හැඟිමක් නොමැතිව
මූසල දීර්ඝ රාත්‍රීන් පහන් කළෙමි……
ඒ හැම රැයක ම
මගෙන් උදුරා ගත්
මව පියා…
සිඟිති නැගණිය සිහි වින….

 වැඩ… වැඩ… වැඩ….
සෑම දිනකම
නොනවත්වා එක දිගට
වැඩ… වැඩ… වැඩ….
හැම දවසම බොහෝ සේ දිගු විය…
කුසට
අවැසි අහරින්
අඩක් පමණක් ලබමින්
ඒ සෑම දිගු දිනකම තිබුණේ
වැඩ…
වැඩ…
වැඩ……

 

අහේනිය සහ ශීතල……..
පහරදීම් සහ භීතිය……..
නින්දා කිරීම් සහ වධ බන්ධන…….
සෑම දිනකම
අත් විඳි
මරණයේ භීතිය……

 

පැතුම්සහගත බවක
සලකුණක්වත් නොතිබුණි……..
ගැලවීමක සේයාවකුදු……
තිබුණේ නම් මගක්
නිදහස වෙත හැකි
ඒ මග වැටී තිබුණේ
විදුලිය කැවූ වැට මතිනි……

 

අවෑමෙන්
වසර ගණනක්
අසන්නට ලැබුණි කට කතා
යුද්ධය නිමාවන බව ගැන
රතු හමුදා
බර්ලිනය දෙසට එනයුරු ගැන

ප්‍රාර්ථනාවේ කට කතා…..
යුද්ධයේ අවසාන දින වල
නාසීන්
තව තවත් වියරු වැටින

ජෝෂුවා නම් කීවේ
උරුම කර දේවි යැයි සැමට ම
මරණය…….
හතලිස් පහේ
ජනවාරි විසි හත……
කඳවුර රතු හමුදාවන් අතට……

එහෙත් ඒ වන විට
අපි හැමෝම
ඇවිදින ඇටසැකිලි බඳු විය……
ඔවුන් අප වෙත සැපයීය…..
අහර ද……
පැන් ද……
සියල්ලට ම වැඩි වටිණ
නිදහස ද…..

ඒත් සමගම දුන්
යුද්ධයේ නිමාවේ පණිවිඩය…….
හැම දෙනම පාහේ
පුදුමෙනුත් පුදුමයට පත් වුණි….

එහෙත්මා සිතුවිලි පමණක්
හිරි වැට්ටවීය ඉන්…….
නිදහස ලැබුණු ඒ දින
මරණු බැරි වී
ඉතිරි කළ වුන්
වෙන්ව ගියහ දසත…….

බොහෝ අය සිය නිවෙස් වලට…….
එහෙත් මම
කොහි යම් ද…..?
මට පවුලක් නොවුනි……

ඔවුන් මගේ පවුල උදුරාගත් බැවිනි…….
ජෝෂුවා සමග මම ගියේ
ශාන්ත බාබරා වෙත ය……
යුද්ධයෙන් බොහෝ කලකට පසුව

බොහෝ කලකට පසුව
නැවත මම ඔෂ්විට්ස් වෙත ආමි
එහෙත් මෙවර ආවේ
සිරකරුවකු ලෙසින් නම් නොවේ……

සාක්ෂිකරුවකු වශයෙනි……
මේ භීම භූමිය……
ඔවුන් මා ළබැඳි සැමගේ
දිවි තොර කළ

භීම භූමිය……..
මා මගේ මවු පියන්
සහ සිඟිති නැගණියන්
සිහි කළෙමි

මේ බිමේ
ගෑස් කාමර චිමිනියේ කවුළු අතරින්
ස්වර්ගයට යන ලද්දාහුය ඔවුහු…….
මට ආයුබෝවන් වත්
නොකියාම
ස්වර්ගයට යන ලද්දාහුය ඔවුහු…….

 

සුන් බුන් නෙත ගැටුණු විට
ගෑස් කාමරයේ
ජෝෂුවාගේ අත
තදින් මිරිකුනේ නිතැතිනි…….

මේ මගේ ළබැඳියන්
මැරූ තැන…….
මට දැනුනේ නෂ්ටාපේක්ෂාවකි….
හැඬුමට නොවිනි කඳුළක්
මා නෙත….

 

මේ බිමේදී මට
විවිධ හඬවල් ඇසෙනු දැනුනි…..
මිලියනයකුත් භාගයක්
ගැහැණුන් හා පිරිමින් ගේ
හා
ළමා ලපටින්ගේ

නාසීන්ගෙන් මැරුම් කෑ…….
ඒ සියල් හඬ අතුරින්
මා සිඟිති නැගනියගේ හඬ ද
පැහැදිලිව මට ඇසින……

සාරා……
ස්තුතියි ආවාට……
අපිව බලන්නට……
මම
මගේ ඇස් තදින් වසා ගතිමි……

මට තනි වෙන්නට අවැසි විය…….
කිව හැකිද නුඹලාට……..
ඇයි නුඹලා අපිට මෙසේ කළේ…….
ඇයි…………..?
ඇයි…………..?

 

හැකි නම් හඬ නගන්නට
ලෝකෙට ම ඇසෙන්නට
ඇත්තේ වචන කිහිපයයි කීමට……
කිසි දිනක නැවතත් ඉඩ නොදෙනු
එවැන්නකට……
කිසි දිනක නැවත…….
කිසි දිනක නැවත…….

 

 

One Response to “ඔෂ්විට්ස් කඳවුර”

  1. Christie Says:

    Namaste: Think of the thousands of non Indians massacred by the Indian terrorist arm trained, armed, financed and branded Tamil Tigers by India and the Sinhala terrorists who were financed by India. The victims were never forewarned but were blown up, shot or beheaded. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress