Re: Unicode Sinhala-Ahangama Sinhala
Posted on February 7th, 2015

රුවන් වීරසිංහ

චන්ද්‍රසිරි විජයවික්‍රම මහතාණනි,

කරුණාකර මගේ මෙම පිළිතුරත් ඔබ කියන වෙබ් අඩවියේ පළ කරන්න. මන්ද මෙය මේ කාරණය පිළිබඳව මම ලියන අවසාන ලිපියයි. ඒ මන්ද කිවහොත්, ඔබ මම කියන කාරණා දැනුවත්වම විකෘති කරන බව මට පෙනෙන නිසා මෙම කථාව මින් ඉදිරියට ඵලක් නැති බැවිනි.

මෙහි එක් උදාහරණයක් ලෙස ඔබගේ පිළිතුරේ ඔබ මෙසේ පවසා ඇත: “ඔබගේ ලිපියේ ඔබ, ජයන්ත අහංගම මහතාට ඒ දිනවල උදව්කලා යයි කිව්වත්, ඔබගෙන් ඔහුට කිසිම උදව්වක් නොලැබුණ බව ඔහු මට දැන්වූයේය”. කරුණාකර මගේ ලිපියේ මම ප්‍රකාශ කල දේ නැවත කියවා බලන්න: “එහෙත්, එම මහතාට 2006 සිට සෑහෙන වෑයමකින් පිළිතුරු සැපයූ අයෙක් හැටියට…”. ඔබටත්, ජාත්‍යන්තරව සම්මත වූ ප්‍රමිතියක් පිළිබඳව, මෙසේ මගේ කාලය තවදුරටත් ගෙවීම නිෂ්ඵල කාර්‍යයකි.

මගේ අවසාන උත්සාහය හැටියට මම මෙය හැකිතාක් සරලව කියන්නම්: ඔබ කියන මේ අහංගම ‘සිංග්‍රීසි’ ක්‍රමය, ඇත්තෙන්ම encoding ක්‍රමයක් වත් නොවේ. එය නිකම්ම transliteration ක්‍රමයක් පමණි. මෙවැනි ක්‍රම අන්තර්ජාලයේ බහුල වශයෙන් ලබා ගත හැක. මගේ සිසුන්ට මෙවැනි ක්‍රම නිර්මාණ කිරීම සතියක assignment එකක් පමණි! ඔබ පවසන Mozilla Firefox Extension වල ‘sinhala’ වචනය search කලොත් ඔබට මෙවැනි transliteration ක්‍රම දුසිමක් වත් සෙවිය හැක – අවාසනාවකට ඔබ මිතුරු අහංගම මහතාගේ ක්‍රමය මේවා අතරින් අවසාන ස්ථානයේ වත් නැත!

අහංගම සහ ඔබ පවසන සියළුම ‘වාසි’ මෙම මෙවලම් වලද ලබා ගත හැක. ඊටත් වැඩිය වාසි ඇති, ඕනෑම application එකකම පහසුවෙන් transliterate කල හැකි මෙවලමක් අවශ්‍ය නම්, ගූගල් IME මෙවලම මෙතැනින් බාගත කරන්න: http://www.google.com/intl/si/inputtools/ එසේත් නැත්නම්, මෙතැනින් බාගත නොකර අත්හදා බලන්න: http://www.google.com/intl/si/inputtools/try/ ඔබ කියූ උදාහරණද try කරන්න: ‘ammaa’ ටයිප් කල විට ‘අම්මා’ – වදිනවනේද? මෙය භාවිතා කිරීමට වෙන කිසිම අතුරු මෙවලමක් වත්, මුදල් වත් අවශ්‍ය නොවන බවත් සලකන්න.

ඉතින් මීට වඩා මෙය ලේසි විධියකට කියන්නවත්, මීට වඩා කාලයක් මේ වෙනුවෙන් යොදන්නවත් මට කාලය නැති වීම ගැන පසුතැවිලි වෙමින්, ඔබ දෙපලට ඔබ ගෙනා චෝදනා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ශක්තියත් ලැබේවා යයි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙමි.

මීට,
රුවන් වීරසිංහ

Ruvan Weerasinghe, PhD.
University of Colombo School of Computing
Colombo 00700,
Sri Lanka.

Web:    http://www.ucsc.lk
Phone:  +94112158953; Fax:    +94112587239

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress