මේ පිදුරු මිටි මිටි  සහ පුන්නක්කු බාල්දි  බක් මහේ හපුතලේ කන්ද නගින තුරු විතරය්
Posted on February 8th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 මේ දවස් වල  ඇති තරම් පිදුරුය් පුන්නක්කුය් දීල සිංහල ගොනා  තර කරන්නේ  ලබන බක්මහේ හපුතලේ කන්ද නග්ගවා ගන්න බව  පිදුරු කන පුන්නක්කු බොන සිංහල ගොන්නු තේරුම් ගතයුතුය .

හාම්පුතාටත් කන්න නැති එකේ  මෙහෙම ගොනාට දෙන්නේ ගොනා ගොනාට අන්දවන්ඩ  බව සමහර ගොන් මොලවලටත් තේරෙනවා ඇති එහින්ද දෙන තරම් කාපල්ලා  හැබය්  කන්ද ඇ දල දුන්නට පස්සේ  හාම්පුතාගේ හැටි තෙරෙය්. කවදාවත්  මේ හාම්පුතා තමන්ට  බර ඇදපු  උන්ට සැලකුවේ නැති බවත්  තැන කොළ පිට්ටනි පවා  පිට උන්ට දී  බර ඇදපු උන් හාමතේ තියපු විත්තිය  සමර සිංහල ගොන්නුන්ට අමතක ඇති .

ගවමස් කන්න පැ න පැ න ආ කොටින්ට හිතේ හැටියට  මරාගෙන කන්න දී  චූන් එකේ  හිටපු මේ හාම්  පුතා ගේ කාලේ  ගවයින්ට හිටගෙනම  බඩදිය ගියා  බයට . කාපු තනකොලත් දිරවන්නේ නැතුව බඩ ගියාඉස්සර මේ හාම්පුතා කිව්වේ කොටියා හරි බලවත් ගවයෝ බේරන්න ගියොත්  එයාටත් එයාගේ හතරවරිගෙටත් විසුමක් නැතිවෙය් කියලය් .

ඉතින් ගවයොත් හිතුවා  එහෙනම්  ඉතින් ”’අපේ කරුමේම තමය ”’ කියල  මොකක්දෝ වාසනාවකට කොටියා  සෙට්ට පෝච්චි වුන හින්ද  ගවයොත් තප්පුලමින්  අං  හොලවමින්  නිදැල්ලේ තණ  කොළ කන්න පටන් ගත්ත

ටික දවසය් ගියේ  ගවයටත් ඉහට විසේ ගැහැව්වනේ රට තණ  ඕන වෙලා . ඔන්න ඉතින්  මේ ද්‍රෝහී හාම්  පුතත් වේලාවෙන් ප්‍රයෝජන ගන්න  හිතාගෙන  තමන්ට කන්න තියාගත්තු තණ  කොළ  ත්  සේරම මිටි බැඳලා  පරණ පිදුරුය්  පුන්නක්කුය්  බාල්දි පිටින් ගෙනත්  ග  වයට කිව්වා”’ කාපන් රත්තරන් පුතේ  කාපන් .මේවා කාල මට හැමදාම  දරදිය ඇදපන් .

ලබන බක් මහේ  හපුතලේ කන්ද  නැගල  මාව එතෙර කෙරෙව්වොත්  උඹට රජ සැප දෙන්නම් ”” කියල . සමර ගොන්නු හිතන්නේ ” හෙට ‘ මැරුණත් හිතට සැපය්  අද ජොලි කරලා ”’ කියලනේ.  උන් ඉතින් කන්න දෙනවනම් හාම පුතාගේ කකුලුත් ලෙවකය් .. හැබය් ගොනෝ මතක තියා ගනින් ආයෙත් කොටියා පැ න්නදා  ඔය හාම්පුතාම තමය්  කොටියත් එක්ක එකතුවෙලා  උඹේ මස් කන්නේ
                               මේ හාම්පුතා වැඩියෙන්  සලකන්නේ   රට ගොනුන්ට වුනත් වැඩියෙන් මස් කන්න කැමති සිංහල  හරකුන්ගේ.  කොටියත් එක්ක බෙදා හදා ගත්තෙත් සිංහල හරකුන්ගේ මස් .  ඒ හින්දා හපුතලේ නගින කොට හොඳට අන් දෙක මුවත් තියාගෙන ඉඳපන් . උඹට ධීර්ගායුෂ වේවා .         

10 Responses to “මේ පිදුරු මිටි මිටි  සහ පුන්නක්කු බාල්දි  බක් මහේ හපුතලේ කන්ද නගින තුරු විතරය්”

  1. Senevirath Says:

    save mayithree from ranil and chandrikaa .othervise there will be no future for us. why mahinda does not want to join with dinesh and others ? mahinda be careful of nimal siripala

  2. Independent Says:

    Senevi Ayya,
    This “Gon Kathava” does not make sense to me. I suggest “බැටලු හම පොරවා ගත් වෘකයා. ” kathaava is better.

  3. Senevirath Says:

    මලේ
    සිංහලයන්ගේ චන්ද අරගෙන අසින්හලයන්ට කත් අදින රනිල් ගැන දන දැනත් එයාට දරදිය අදින ගොන් සිංහලයන් ලබන බක් මහේ චන්දෙදි වත් කරුණු තේරුම් නොගත්තොත් රට අනතුරේ” මයිත්ත්රී” මාර්ගයෙන් බලය අරගෙන ” ”ද්වේශී ‘ සමග දීග කාමටය් රනිල් හදන්නේ . ගොන් කතා වුර්ක කතා හිවල් කතා කෝකත් ගැ ල පෙ නවාඔය කාටත්

  4. Independent Says:

    අය් යා,
    හොරුන්ට​, මිනීමරුවන්ට​, අමනයින්ට රට වෙනුවෙන් හෝ බුදුසසුන උදෙසා හෝ චන් දය දෙන්නය් සිංහලයාට පොදුවේ බැන වැදීම අපේ බෞද්ධ කමටත් නිගාවකි. ඔවුහු හරි තීරණය ගත් හ​. අනිත්පැත්තේත් ඊටත් වඩා ජඩයින් සිටියත්, ඒ හරි තීරණයයි.
    බක් මහේ කොවුල් හඞ වැනි හොරුන් මිනීමරුවන් අමනයින් බොහෝදුරට අඩු , නව කණ් ඩායමක් බොදු හෙල දැය යලි නගා සිටුවිය හැකි කට්ටියක් සමග එක්වේ යයි මගේ එකම පැතුමයි.

  5. ranjit Says:

    Senevi good that you write in Sinhala but it is good if you write these same words in a Sinhala Newspaper like RIVIRA or LAKBIMA for the poor people to know about their own stupidity for electing the very same people who helped LTTE to take over piece by piece of our land before 2009.

    Stupid Sinhalese will never learn from the past mistakes. They prefer temporary happiness rather than thinking of their future. They believe in Gossips rather than the truth. UNP traitors knows that and they went on branding Rajapksa’s as thieves and they succeeded in their venture. Poor people believe only what they hear nothing else. UNPer’s are famous to make stories and lies. Not even 100 days people have already realized & recognized their mistake for bringing them to power and who were the liars and pretenders. The people of this country should not believe this two faced trio CBK/RANIL/MY3 anymore and should reject them in wholesale in the coming general elections for the good of the country.

  6. Christie Says:

    Namaste: It is India who got Mahinda in 2005 by asking Indian colonial parasites not to vote. This time India asked them to vote and Sorisena won. Jai Hind.

  7. Senevirath Says:

    මලේ අනිත් පැත්තේ සිටින ””ඊටත් වඩා ජඩයින් ” ගැන තමය ලියා ඇත්තේ ඔවුන්ට චන්දය දීම ”’හරි තීරණයක් ” ද අය්යලා මල්ලිලා අතර යම් යම් මතභේද තිබුනත් විරසක කම් තිබුනත් ”’ වතුරට වඩා ලේ ඝනය් ””” වෙලාවට එක ලේ එකට එකතුවෙය් .අපි කවුරුත් පතන්නේ මයිත්ත්රීත් ද්‍රෝහීන්ගෙන් වෙන්වී කාගේ කාගේත් වැරදි හදාගෙන අලුත් පෙරමුණකට එය කියලය් එයටය් මේ වෑයම
    අය්යා නම් අනගාරික ධර්මපාල තුමා ගේ පැත්තේ එතුමා කිව්වනේ අනාවැකියක් ”’ඉංග්‍රීසින්ගෙන් පස්සේ කළු සුද්දෝ රට කරය් ” කියල . ඒ තමය රනිල් චන්ද්‍රිකාල

  8. Senevirath Says:

    රන්ජිත්
    ඉස්සර මම දිවයිනට ලිව්වා එත් දැන් පළකරන්නේ නැහැ සෝම හිගේ හදිවීමකින් යුතු ‘මගේ””ජාතිය පාවාදීම ” නම් වූ ජාතියේ ප්‍රභවය ප්‍රකුර්තිය හා විකුර්තිය විස්තර කරන පොත ගැන විවේචනයක් පල කරවා ගන්න වත් අමාරුවුනා එත් දහස් ගණන් පාඩු ලබමිනුත් මම පොත් ලිව්වා නිකන් දුන්න
    ”’ විමුත්ති මග්ග හෙවත් අපා ගත නොවන මග ”””—ධර්මසිරි සෙනෙවිරත්න — නම් වූ අලුත් පොත සරසවියේ ඇත . එහි කිතුනු හා ඉස්ලාම් ආගම් විසින් ලොව අනෙත් ආගම් හා දර්ශන විනාශ කල අයුරු විශේෂයෙන් ඉස්ලාමිකයන් කරන විනාශකාරී ආගමික ක්‍රියා ගැන පිටු 150 ක පමණ විස්තරයක් ඇත . කියවා බලා මට කියන්න මුද්‍රණ වියදම් වත් පියවා ගැනීමට නොහැකිවුනත් මට කමක් නැහැ හොඳ නම් ප්‍රයෝජනයක් ඇත්නම් මම අංකයක් දෙන්නම් සුලුමුදලකට දෙන්න පුළුවන් බෙදන්න අවශ්‍ය නම් රිවිරට ලියන්න බලන්නම් නලින්ගේ ලිපිත් කපල කොටලය් ඒ ය දාන්නෙත් ඉරිදා දිවයිනෙන් ජනතාවට ””දැක්ම”ක් දුන් නලින්ගේ ලිපි ත් ඉරිදා දිවයිනේ පල කරන්නේ නැත්තේ රටේ කරුමයටය්

  9. Independent Says:

    අයි යා,
    ””ඊටත් වඩා ජඩයින් ”උනාට , රට ජාතිය ආගම තුනම පාතාලයටම අරන් යන ලොක්කා සිටියා නම්, තව අවුරුදු 2 න් අපිට බුද්ධාගමක් ඉතුරු නොවෙන බව මට තදින්ම හා අවංකවම ඒත්තුගෙන තිබිනි.
    කිසිම එකෙකු කියන එකක් නො අසා, තම මතයට​, අන් ආගම් කාරයින්ටත් සලකමින්, ඇමරිකානු සංස්කෘතියේ විධියටම තමා එන්න් එන්න්ම නැඹුරු වුනේ.
    කොටි සමග යුධ්ධ කර හෝ දිනන්න පුලුවන් උනත්, මෙවැනි සමාජයක් බිහිකිර්‍රිමෙන් සිංහලයාට කවදාවත් ගොඩ එන්නට බැරි උගුලකට ඉතාම කිට්ටුකරමින් තමයි ඔහු හිටියේ.

    බුද්ධාගම නැති නැතිකරන්න්ට අන් ආගම් කාරයින්ට නොහැක​. කවදා හෝ නැති වන්නේ ඊට සමාන ලෙස ඇවිත්, විනය විනාශ කිරීමේ අලුත් ක්‍රමයක් , ක්‍රමයින් හඳුන්වාදීමෙන්‍ ය​.

    කුඩු ජාවාරම​, එතනෝල් ජාවාරම​, කොටි ජාවාරමට වඩා භයානකයි. ඔබ ඉන්න ඕස්ට්‍රේලියාවේ වැද්දන් නැතිඋනේ මරාදැමීන්ම පමනක් නොවේ. මත් ද්‍රව්‍ය හා මද්‍යසාර උන්ට පුරුදුකර වීමෙනි. අධර්මිශ්ට පාලනය පැරදවීම ජඩයින් හෝ යොදා ගැනීම හරි යයි කියන්නේ ඒකයි.

  10. Independent Says:

    අයි යා,
    කලු සුද්දෝ දෙවර්ගයකි. පළමු කට්ටිය රනිල් වැනි අයයි, පරණ සිට එන අය සහ අලුතින් පොහොසත්වූ “සුලු කද්දෝයි”. මේ දෙවෙනි වරිගය වඩාත්ම භයනකය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress