පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අයවැය විවාදයේ කළ කථාව.
Posted on February 10th, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා

ගරු සභාපතිතුමියනි,

අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටත් විනාඩි 10 කට වඩා කථා කරන්න කාලය දුන්නේ නැහැ, මන්ත්‍රීවරු වැඩිනිසා. දැන් අපි විපක්ෂයේ ඉන්නේ. විපක්ෂයේත් දැන් ආණ්ඩු පක්ෂයට වඩා මන්ත්‍රීවරුන් වැඩි නිසා දැනුත් ලැබෙන්නේ විනාඩි 8 යි. ඉතින් මගේ අදහස් ඉතා කෙටියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.

මුදල් ඇමතිගේ ප්‍රකාශයේදී කිව්වා සන්ධාන රජය කාලේ කුඩු සිටුවරු, කැසිනෝකාරයෝ, එතනෝල් රජවරු දරුවන්ගේ අනාගතය අඳුරු කළා, බොහෝ අහිංසක ළමයින් කැසිනෝ කාරයන්ගේ කපටි උපක්‍රම වලට අහුවුනා කියා. එහෙනම් දැන් ඔවුන් බලයට ආවට පස්සේ ඇයි දැන් කැසිනෝ තහනම් කරන්නැත්තේ? අපි කවදාවත් කැසිනෝ වලට බලපත්‍ර දුන්නැහැ. බොහෝ කාලයක් තිස්සේ පැවත එන කැසිනෝ ඒ විදිහටම කරගෙන යන්න දුන්නා. නමුත් දැන් ඒ කැසිනෝ සමාගම් වලින් රු.මි.1000ක් ගානේ අය කරන කොට ඔවුන් බලපත්‍ර ඉල්ලුවොත් ඒවා දෙනවාද? රු.බිලියනයක් ගෙවලා කැසිනෝ පවත්වාගෙන යන්න ඉඩ දෙනකොට දැන් දරුවන්ගේ අනාගතය අඳුරුවෙන්නේ නැද්ද? අහිංසක ළමයි, එදා කිව්වා වාගේ, කැසිනෝ කාරයින්ගේ කපටි උපක්‍රම වලට ගොදුරුවෙන්නේ නැද්ද? එහෙනම් මේ කරන්නේ ජනතාව රැවටීමක් නේද?

අපි චීනෙන් ආධාර ගත්තා තමයි. චීනේ අපට උදව් කළා නමුත් චීනය කවදාවත් අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැහුවේ නැහැ.
නමුත් අද ඇමෙරිකාවේ අතිරේක රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ලංකාවට ඇවිත් කියනවා There is much to be done in Sri Lanka කියලා. As if she doesn’t know what we have already done in Sri Lanka. We have crushed the most ruthless terrorist organization in the word where as they still couldn’t even punish the Talibans with all there sophistications.

අද ඇමෙරිකාව ලෝකෙට ඩොලර් ට්‍රිලියන 60ක් ණයයි. මානව හිමිකම්/මාධ්‍ය නිදහස ගැන කතාකරන ඇමෙරිකාව අද ඩ්‍රෝන් ඔත්තු ගුවන් යානා 30,000 ක් ගුවනේ තියාගෙන තමන්ගේ රටේ අය මොනාද කරන්නේ කියලා බලා ඉන්නාවා. රටේ ආර්ථිකය ගෙනියන්නේ සමාගම්වලින්. එහෙම රටක් අපිට කියනවා There is much to be done කියලා.

අපි ආසියානු රටක්. චීනය/රැසියාව අපට සහයෝගය දෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්ති/විදේශ ප්‍රතිපත්ති සකස්විය යුත්තේ ආසියානු සංස්කෘතියට අනුව මිසක් ඇමෙරිකානු/යුරෝපීය සංස්කෘතියට අනුවා නොවේ.

රාජ්‍ය සේවකයින්ට පඩි වැඩි කරන එක හොඳයි. රු. 10,000 කින් නොවේ රු. 20,000 කින් වැඩි කරනවානම් අපි තවත් සතුටු වෙනවා. නමුත් දැන් ඉස්සෙල්ලා දෙන්නේ 5000යි ඒකෙනුත් අපි දුන්න 3500/ අඩු කරලා 1500/ ක් දෙනවා කියලා තමයි ආරංචි. කොහොමවුනත් රු. 10,000 කින් පඩි වැඩිකරන්න, රාජ්‍ය සේවකයෝ 14 ලක්ෂක් සිටින නිසා අවශ්‍ය වන රුපියල් බිලියන 170 ක් පමණ සොයාගන්නේ කොහොමද කියලා පැහැදිලි නැහැ.

අගමැතිතුමා කියනවා සූර සරදියෙල් වගේ ඇති අයගෙන් අරන් නැති අයට දෙනවා කියලා. සරදියෙල් කළේ අපේ සම්පත් හූරා කෑව සුද්දන්ගෙන් ඒවා කොල්ලකාලා දුප්පත් අය අතරේ බෙදලා දීම. හැබැයි අන්තිමේ ඒ සුද්දෝම ඒ සරදියෙල් ව එල්ලලා මැරුවා. අපේ අගමැතිටනම් එහෙම ඉරනමක් අත්නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.

ඇති අයගෙන් ගන්නත් යම් ක්‍රමයක් තියෙනවා. වැවක සොරොව්ව වහලා ඇළවේලි හදලා පොඩි කුඹුරු වලට වතුර යැව්වොත් වැවේ වතුර හිඳිලා කාටවත් වතුර නැතිවෙනවා. සොරොවව්ව ඇරලා තියන්න ඕන. මෙතන දීත් වෙන්නේ ඒ සමාගම් තව ව්‍යාපාරය දියුණු කරන්න, තවත් රැකියා උත්පාදනය කරන්න ආයෝජනය කරන්න ඉතිරි කරගත් මුදල් සියල්ලම උදුරා ගත්තොත් ඒ ඇති අයත් නැතිවෙලා අන්තිමේ අපෙ රටේ ඉතිරිවෙන්නේ නැති අය පමණයි.
ඒකේ ප්‍රතිඵලය දැනටමත් පැහැදිලි. අද වන කොටත් කොටස් වෙලඳපොල බැහැලා. ඩොලර් එක නැගලා. 

අපි දහම් පාසල්/පෙර පාසල් ගුරුවරියන්ට රු. 2500ක් දෙන්න යෝජනා කළා. අද මේ රජය දෙන්නේ රු. 200ක් පමණයි. ඒ කියන්නේ සුමානෙට රු. 50/යි. ඉරිදාට දහම් පාසලේ උගන්නලා ගෙදර යනකොට ඒ මුදලින් මාළුපාන් ගෙඩියක් කකා යන්න පුළුවන්. නමුත් අපි ධර්මාචාර්ය විභාගය සමත්/ අවුරුදු 10ක් උගන්නලා තියන අයට රජයේ ගුරු පත්වීම් දෙන්න ක්‍රියාකළා. 

හිටපු ජනාධිපති තුමාට රු.මි. 9593 ක් වෙන් කළා අපි ඒකෙන් මුදල් අඩුකළා කියලා මේ රජය ජනතාවට ඉතා වැරදි පණිවිඩයක් දෙනවා. ගැසට් පත්‍රයකින් හිටපු ජනාධිපති යටතේ ආයතන ගණනාවක් තිබ්බා. අද ඒ ආයතන අඩු කරලා. නමුත් ඒවා වෙනත් අමාත්‍යාංශ යටතට අරගෙන. ඒ නිසා කිසිම මුදල් ඉතිරියක් වෙලා නැහැ. මොකද ඒ ආයතන තවම ඒලෙසම තියෙන නිසා.

හිටපු ජනාධිපති ඩොලර් මිලියන 16ක පුද්ගලික ගුවන් යානයක් මිලදී ගන්න ඇණුවුම් කළා කියලා කියන එකත් අමූලික බොරුවක්. ඒක Air Bus Industry එකෙන් Offer කරපු Complimentary Kit එකක් පමණයි ඒක අරගෙනත් නැහැ. යුරෝපීය ගුවන් බස් කර්මාන්තය පගා දෙනවාද? බ්‍රිතාන්‍ය මහකොමසාරිස් පවා ඒ ගණුදෙනුවහි තිබෙන විනිවිද භාවය ගැන ප්‍රශංසා කර තිබෙනවා. මේ වගේ බොරු කියලා හිටපු ජනාධිපතිතුමා අපහාස කරන්න එපා කියලා මා කියනවා.
ඊයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ගම්පහ VIP කුටියක් ගැන කථාකරලා කියනවා හිටපු ජනාධිපති අපේ රටේ අහිංසක ජනතාවගේ මුදලින් කෝටි 200ක් වියදම් කරලා VIP භාවනා කුටියක් හදනවා කියලා. මේක ඉතින් ස්වර්ණවාහිනියෙත් දානවා. නමුත් මෙහෙම කුටියක් හදන්නේ තායිවානයේ ගරු බෝදාගම චන්දිම නායක හිමියන්ගේ පුද්ගලික වියදමින් ප්‍රදේශයේ ජනතාවට. මේ වගේ අපේ හිටපු ජනාධිපතිතුමාට නිකරුනේ අපහාස කරන්නේ ඇයි?
අද යාපනයේ දෙමළ ජනතාව ප්‍රභාකරන් වීරයෙක් කියලා එයාට මල් මාල දාලා පහන් පත්තු කරලා ගෞරවය කරනවා. ඒ ම්ලේච්ඡ ඝාතකයා විනාශ කරලා රටේ ජනතාවට ජීවත් වීමේ නිදහස ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අද කුමන්ත්‍රණකාරයෙක්, හොරෙක්, වංචා කාරයෙක් කියලා අපේ සිංහලයෝ අද කියනවා. මේ වගේ කුහක/ගුනමකු සිංහලයන් අපේ රටේ සිටීම ගැන මා කනගාටු වෙනවා. ඒවගේම ඒ අභූත චෝදනා එහෙම්මම ගෙඩි පිටින් විකාශනය කරන කුහක/ගුනමකු/ රූපවාහිනි නාලිකා අපේ රටේ තිබීම ගැනත් මා දුක් වෙනවා.

13 Responses to “පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අයවැය විවාදයේ කළ කථාව.”

  1. Leela Says:

    කාලෙකින් අහපු බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඉස්තරම් කතාවක්.

    මහින්දට හොරා හොරා හොරා කියල මිනිස්සු අන්දල චන්ද කඩා ගන අාණ්ඩු පිහිටවපු වන් ෂොට් වගේ උන් කියනව උෟත් හොරු සමග හෙලුවෙන් කියල බොරු බයිල කියනවා. එක්කො හොරකම් කල එවුන් අල්ලලා හොරකම් ඔප්පු කරන්න ඔිනෑ නැත්නම් කටවහගෙන ලාබෙට පාරවල් හදල වැඩ කිඩ පෙන්වන්න ඔිනෑ. පෙනෙන විදියට රනිල්-චන්ද්‍රිනා-සිරිසේන රෙජීමයට දෙකම කොරන්න බැහැ. ජෙප්පො නම් හැමදාම කොලේ විනාසෙ එදා ගල් කටස් උස්සගන අද ෆයිල් උස්සගන. මහින්ද රටට සාමය ගෙනල්ල අායෝජනයට ඉතිරි කරපු සල්ලි එජාපෙ හැත්ත බුරුත්ත ඊලඟ වන්දෙ බලාගෙන කොරන්න බැරි පඩි වැඩි කිරීමක් කොරල මුලු අාර්තිකයම අනාගන. කහ ගාගන පාන් කාලා කොත්තමල්ලි බොන්න තමයි ඉදිරියේදි වෙන්නෙ. නැත්නම් උලුඳු වඩේ කන්න අැහැකි. පොඩි රබර් සහ තේ ඉඩම් හිමියන්ට මහින්ද දීපු සහතික මිලත් අද ලැබෙන්නෙ නැහැ. මිල අඩුවේගන යනව. ඉතින් කොහොමද එ්වයෙ වැඩ කරන උන්ට අය වැයෙන් වැඩිකලැයි කියපු 2500 දෙන්නෙ. මේ යන විදිහට ඊලඟ චන්දෙට වීරසේකර මංත්‍රි තුමාල එක්කහු වෙලා මහින්ද ඉස්සර කොරොත් මුලු ලංකාවම ගොඩ.

  2. Charles Says:

    Thank you and congratulations for that excellent speech. We want more of such speeche in the Parliament for us to go through this terrible period of non-government with UNP at helm.

  3. dingiri bandara Says:

    It is so sad that the people seem to have forgotten the fearful conditions under which they lived before the the military wing of the ruthless terrorist group which the interested parties said could not be defeated , was eliminated within the shores of the country( they have gone underground in other countries)and the extent to which the country was developed This of course did not give an open passport to commit the alleged corruption that need to be proved. What people saw was the behavior of the offspring of the president and the actions of people like Merwin Silva, Sajith Vas and many more.
    The real corruption in Sri Lanka started after 1977 and with the executive presidency of JR. The people are aware of the rest.
    Before investigation of the previous regime who can do no harm at the moment, the new regime must first investigate the allegations against the Presidents brothers, Ravi Karunanayake,present governor of the central bank because they still can do harm because they are in power and clear them if they allegations are proven to be not be baseless.

  4. Geeth Says:

    @ DB,
    Why don’t we see the name of P. B Jayasundara in the list, the well known thief? It seems people have forgotten him. Current administration might have received orders from the west not to touch him. These are the ones who got orders from IMF and World Bank to pull the rug under the feet; and successfully derailed the course of the MR administration and made it to be so unpopular.

  5. Independent Says:

    Good point from Geet. Where is PB Jayasundara ? Champika repeatedly said this is the key man connected to MR.

  6. Senevirath Says:

    කුමා මල්ලී (සරත්) ඔබ දේශපාලනයටත් කලාවටත් ඉතිහාසයටත් එකසේ දක්ෂය . දේශය රැකීමේ යුධ්ධයෙදී විශේෂයෙන් දක්ෂ විය මහින්ද ඔබවැනි අ ය ලගින් අසුරුකලයුතුව තිබුනත් ඔහු ගසාකන්නන් ලඟට ගත්තේ ජාතිකවාදීන් ඈත්‍ කරමිනි හමුදාවේ සිටියදීත් සිටියදීත් ඔබ බෞධ්ධයන්ගේ සුබසිධ්ධිය සඳහා විශාල මෙහෙයක් කල බව අපි දනිමු . මහින්ද ගේ වැරදි හදාගෙන නැවතත් ජාතික බලවේගයක් ලෙස ඉදිරියට එන්න

    සෙනේ අය්යා

  7. Independent Says:

    The fact is this “complementary kit” is worth $16 million. We are not children to believe that $16 million was given free. It could have been easily negotiated to reduce prices without the ” complementary kit ‘”, even 1 million reduction is money, where as this “kit” will only cause further losses to the airline due to fixing and dismantling and other delays.

  8. NeelaMahaYoda Says:

    Independent

    I don’t know how much you were involved in purchasing millions worth of goods. Looks like you don’t. In my 40 years’ experience in London with major multinational construction companies, I have come across many many instances where additional kits were offered as part of the deal. That can be add-ons like this or spare parts or some time extended warranty. So don’t comment on something you are not sure of. As I can remember they have ordered three or four air buses in completion with the European supplier.

  9. Independent Says:

    NMY,
    My experience is the same as you but in a different country.
    I am sure you agree, higher the dollar value, more the bargaining power.
    Do you remember during Emirates’s part ownership time, hangers came free with new aircrafts were stolen by Emirates ?

    I remember just buying a $100000 worth printing machine for the company and I could bargain so much that the sales manager admired by capability of bargaining saying he had never seen such aggressive negotiation in his life. Without personal “greed” you can do amazing things. This word “GREED” governs the world.

    Anyway, they say they stopped this kit and got some credit line to buy spare parts. (Even if that is 1 million, that is a better deal).

  10. NeelaMahaYoda Says:

    Independent

    Oh please don’t quote Champika Ranawaka.

    He is like Chameleon who can change colours according to its environment.

    First he was with JVP (revolutionary group) with shot guns in hand and after betraying all his friends to the fate of burning tires he escaped, change his outer appearance with full white attire pretend to be with full of compassion to suit JHU.

    In the JHU he betrayed the very first man who started JHU.

    Then he joined UPFA, he was well into corruptions and underhand deals and stayed there without a single meek until MR decided to go for the next presidential election.

    Then he was not sure of MR’s victory and immediately betrayed him and jumped off to Sirisena group. During final negotiation he never bargain to eradicate corruptions while he was with MR.

    Now suddenly he found a catch phrase “corruption” in his vocabulary and keep on batting to ensure MR could not come out of the mess and secure his ministerial position in the next government.

    If he get a chance he will not even hesitate to sell off the whole country for a handful of dollars.

  11. Christie Says:

    “Independent Says:

    February 10th, 2015 at 12:52 pm

    Good point from Geet. Where is PB Jayasundara ? Champika repeatedly said this is the key man connected to MR.”.

    P B Jayasundara was in the island helping balance the figures of Ravi’s budget. He was involved in the number balancing nothing to do with policy matters. This government could not find a man to do such a simple task. So he was called to help.
    Others have spoken about Champika the great. He and his mate were in Australia and I am sure to work out deals with Indians.

  12. Christie Says:

    Namaste: This issue with the VIP kit has to be explained. Mahinda gang would have used it if they were in power or by any other politician. It is an essential part in modern civil aviation. If any of us got the money we could ask to travel in this kit by paying Air Lanka the fare they quote for this facility. There are plenty of people who would use this kit like wealthy passengers who wants to travel in luxury. It is like seats in a van, you put them on when you want them. Different goods and different industries operates differently. Jai Hind

  13. ranjit Says:

    Thanks Admiral for your courageous speech in Parliament. We cannot hear or see speeches like this anymore because Jarapalana thugs and T.V.channels friendly to them control the media nowadays and they black out everything related to the previous Govt.

    Some of our ungrateful stupid Sinhalese do not want good Education,Carpeted roads, Highways, New schools,Hospitals or Peace they are more interested in their stomachs and salary increments. Like some politicians they too think of themselves only not about others or their future.

    No previous Govt has acted like this before. If anyone want’s to investigate the previous Govt for corruption they should start with current Ali Babas first. They have more Horas than the previous.

    This whole thing was planned by Americans. They helped to rig the votes in the North. They threw millions of dollars to this election supporting MY3 and the clan of traitors. They helped thru the internet to change the voting pattern. Americans have never done anything good to any country in the the world except destroying in the name of Democracy. Our stupids cannot understand why they came to love us suddenly.Why they come in batches to advise our foolish politicians in the current Jarapalana Govt. When the stupids realized the truth it will be too late.Already we can see the changes happening in the North although they promised that they will not do anything to harm the sovereignty of the state. Tamils and the Diaspora is in happy mood and dreaming to have their own territory very soon and also the Muslims in East. I hope people like Admiral will stand tall and fight these evil minds for the sake of our country and the future.

    If President Sarkosy in France can come back why can’t our great leader His Excellency Mahinda Rajapksa cannot come back to serve the people of Sri Lanka and take our country forward. He and Gota both should be in politics for many years to come. They are strong,They are kind,They are workaholics and have backbone to tell the white pigs to mind their own business. Before these American pigs do something nasty to our Motherland with the help of Tamils,Muslims and Diaspora and also our own local traitors we the Sinhalese who loves our Motherland truly must get united and fight together to get rid of all these vultures in the current Jarapalana Govt.It’s a must if we need to save our country of Birth.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress