රිවිරට වරදියි
Posted on February 13th, 2015

නලින් ද සිල්වා 

පෙබරවාරි 13 වැනි දා රිවිර පුවත්පතෙහි මහින්ද නැති රට ෆෙඩරල්කරණය වෙන එක වළක්වන්න බෑ යනුවෙන් පළ වු පුවත සම්බන්ධවයි. ඒ පුවත පළකිරීම පිළිබඳ ව පුවත්පතටත්, ඒ වාර්තා කිරීම පිළිබඳ ව අදාළ ජනමාධ්‍යවේදිනියටත් පළමුව ස්තුතිය පළකරමි. එහෙත් අවාසනාවකට එහි වැරදි අඩංගු වෙයි. එයින් කිහිපයක් පහත සඳහන් වෙයි.
ඇයට අනුව මා මෙසේ කියා ඇත. අපට විරුද්ධව ඉන්න බළසේනා මොන විපක්ෂය තිබුණත් මේ බළසේනා නිසා තමයි මහින්ද පැරදුණේ. මං මේ බලසේනා කියන්නේ සියලු ආකාරයේ බළසේනාවලට”. මෙයින් ගම්‍ය වන්නේ බලසේනා නිසා මහින්ද රාජපක්‍ෂ පරාජය වූ බව ය. මම එසේ නො කීවෙමි. බලසේනාවලට එතරම් දෙයක් කිරීමට නො හැකි ය. එහෙත් පරාජයට ඔවුන් ද සුළුවෙන් වුවත් දායක වී ඇති බව ප්‍රකාශ කළෙමි.
පුවත්පතෙහි පළ වී තිබූ වාක්‍යයක් මෙසේ ය. දෙමළ ජාතිවාදය වෙනුවෙන් අපි පෙනී හිටින්න අපි කැමැතියි ඕන වෙලාවක.” මෙවැන්නක් මා සිහිනයෙන්වත් කියන්නේ නැත. මා කියා සිටියේ දෙමළ ජාතිකත්වයට (මෙය ජාතිකවාදය නො වේ. මෙහි දී යොදාගත ව තිබූ නිවැරදි වචනය ජනවාර්ගිකත්වය යැයි සිතමි) විරුද්ධ නැති නමුත් බටහිරයන් සිංහල ජාතිකත්වයට විරුද්ධව යොදා ගන්නා දෙමළ ජාතිවාදයට අප විරුද්ධ බව ය.
මෙහි සඳහන් වන්නේ ජනමාධ්‍ය ප්‍රබන්ධයකි. මම විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමට පත්වුණේ 2014 ජූලි මාසයේ. එතැනදී අපි තීරණයක් ගත්තා. විශ්ව විද්යාල ප්රවේශයට එක වසරකදී ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අයකුට යම් යම් ආර්ථිකමය, පෞද්ගලික හෝ අසනීප යන කාරණා පදනම් කරගෙන තම ප්රවේශ කාලය වසරකට දෙකකට දීර්ඝ කරගන්න පුළුවන් කියලා එවැනි ඉල්ලීම් වසරකට 200ක් එනවා. එතැනදී එක ශිෂ්යාවක් තමන්ටත් ඒ අවස්ථාව ඕන කියලා කියා තිබුණා. මේ දැරිවිය සුදුසුකම් ලබපු කෙනෙක්. මමත් ඒ සටහන දැක්කා. ඇය උසස්පෙළ සමත්වූ වර්ෂය මට මතක නැහැ. ඇය සුදුසුකම් ලැබූ යම් හේතුවක් නිසා ප්රවේශ කාලය කල් ලබාගත් අයෙක් නිසා ඒ අවස්ථාව ලබල දෙන්න හිටියේ. මේ ගැන තීරණයක් ගන්න මට කිසිම කෙනකුගෙන් බලපෑමක්වත් ඉල්ලීමක්වත් ලැබුණේ නැහැ.
ඒත් පත්තරකාරයෝ මට දිගට හරහට ගහන්න ගත්තා”.
2014 ජූලි මාසයෙන් පසු ගත් තීරණයක් ගැන මෙහි සඳහන් වෙයි. එය මුළුමනින් ම වැරදි ය. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට පිළිගත හැකි හේතු නිසා තම ප්‍රවේශය වසරකින් දෙකකින් පමා කිරීමට ඉඩ දීමට ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබුණේ වසර ගණනාවකට පෙර ය. වසරකට එවැනි ඉල්ලීම් දෙසියයක් පමන ලැබෙන බව දැනගැනීමට එවැනි තීරණයක් අවුරුද්දකට වඩා ක්‍රියාත්මක විය යුතු ය. මා ඉතා පැහැදිලිව කියා සිටියේ නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකාරකයකුගේ සටහනක් සහිත ඉල්ලීමක් මා ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු වීමට පෙර එක් ශිෂ්‍යාවක විසින් එවා තිබූ බවත් කොමිසම ඇගේ ඇතුළත්වීම පමා කිරීමට අවසර දී තිබූ බවත් ය. ඒ තීරණය අදාළ ශිෂ්‍යාව විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නොව ප්‍රවේෂයට සුදුසුකම් ලබා සිටි ඇයට ඇතුළත් වීම පමාකිරීම සම්බන්ධයෙන් බව මම කීවෙමි. සම්බන්ධීකාරකගේ සටහන මෙහි දී කිසිම සාධකයක් වී නොමැති බවත් මෙවැනි ඉල්ලීම් වසරකට දෙසියයක් පමණ ලැබෙන බවත් කී මම සටහන හේතුවෙන් ඇය ප්‍රවේෂය පමා කිරීමට නුසුදුස්සියක බවට පත්නොවන බවත් ප්‍රකාශ කළෙමි. මේ ගැන තීරණයක් ගත්තේ මා නො වේ. ඇයගේ ඇතුළත් වීම පමා කිරීමට කොමිසම තීරණය කර තිබුණේ 2014 ජූලි මාසයට කලින් ය. පත්තරකාරයො මට ගහන්න පට්ගත්තා යන්න අමූලික බොරුවකි. මට කිසිවකු පෞද්ගලික ව පහර දී නැත. මා මෙහි දී අවධාරණය කර සිටියේ ජනමාධ්‍යයෙහි පුවත පළ වුයේ ප්‍රවේෂය කල් දැමීමක් ලෙස නොව නාමල් රාජපක්‍ෂගේ ලියුමකට ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමක් ලෙස ය.
පුවතෙහි පළ වූ නිවැරදි කරුණු අතර මෙය ද වූ බව ප්‍රකාශ කළ යුතු ය. ජනමාධ්ය හසුරුවන පඩියත් නිසා අපට ඒ අවස්ථාව දුන්නේ නැත්තේ. ඔබතුමන්ලා මොන විදියට මේවා වාර්තා කළත් ප්රවෘත්ති කර්තෘවරු මේවා සංස්කරණය කරලා එයාලට ඕන විදියට මේක දමනවා. මේ රටේ ප්රවෘත්ති කර්තෘලා සතපහකට වැඩක් නැහැ. අපි යවන ඒවා දුන්නොත් එයාලට ඕන විදියට. අපිට වඩා දස දහස් ගුණයක උගත් කියා එයාලා හිතන්නේ. ඒ මිනිස්සු අපි කියන දේ අහන්නෑ.” මෙහි දුන්නොත් යන්න දාන්නෙත් යනුවෙන් නිවැරදි විය යුතු ය.
කෙසේ වුවත් වඩා වැදගත් ම කාරණය වාර්තා වී නැත. මා කරුණු සහිත ව පෙන්වා දුන්නේ මේ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන බවත් තවමත් අගමැති දි මු ජයරත්න මහතා බවත් ය. එමෙන් ම මොහාන් පීරිස් මහතා තවමත් අගවිනිසුරු බවත් ආණ්ඩුව කියන ආකාරයට ඔහු අගවිනිසුරු නොවේ නම් එහි තර්කානුකූල අන්තය වනුයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති නොවන බවත් යැයි මම කීවෙමි.
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 13.

6 Responses to “රිවිරට වරදියි”

  1. ranjit Says:

    Professor I am a fan of yours. I always admire you and I like very much when you come on Doramadalawa programme with Hasantha. When you and Prof.Carlo Fonseka is there together in Doramadalawa it was fabulous and interesting. We need people like you in this country. Fearless patriots who always speaks the truth and stand by your words.

    After my hero the President Mahinda Rajapksa lost the election I stopped listening to local News and reading news papers.The reason for that is because I hear only Yahpalana lies and revenge talks from their agents from morning till evening nothing else. Those days we used to see development work and opening ceremonies on daily basis around the country and something useful to the public but now it’s different.All development work has been stopped and nothing new except sweet talks by the Yahapalana politicians. While Sinhalese kill each other in the city the International community silently creep in to Northern and Eastern territory and poison the minds of Tamils and Muslims. Now the North and East is open to any terrorist or terrorist movement. Who is there to monitor or question? Our media is silent about these because they are all paid agents of this Yahapalanaya. They too want only the head of Mahinda Rajapksa who was responsible for freeing our Motherland from the most ruthless terror organization in the world. Most of these shit media outlets were financed and owned by Tamils and close associates of UNP & the Govt. They are talking about free media nonsense! We have a dictatorship Govt now. They do everything by force. Raid houses,Temples,Lands,Establishments,Schools even toilets. Yakage Palanaya by Jarapalanaya. 100 days are more than enough not anymore please.

  2. Christie Says:

    Namaste: We talk about a girls entrance to Uni, probably to do a useless course. Take the Indians, I remind the readers when I refer to Indians they include Tamils of all breeds; they get in to the best Uni courses here, those miss out go to study in the West and those miss out that will go to India. Few Sinhalese like Anura Bandaranayake were also privileged to be part of the Indians. Jai Hind

  3. Indrajith Says:

    ‘මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද රැලිය’ 18 දා

    “මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?” යන මැයෙන් ලබන 18 වැනිදා පස්‌වරු 3.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී ජාතික රැලියක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    ජාතික නිදහස්‌ පෙරමුණ, මහජන එක්‌සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ මෙම රැලිය සංවිධානය කර ඇත.

    මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් රැසක්‌ මෙම ජාතික රැලිය ඇමතීමට නියමිතය.

    ඉකුත් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලු ජන කොටස්‌ වෙත මෙයට සහභාගි වන්නැයි එම පක්‍ෂ ආරාධනය කරයි.

  4. Senevirath Says:

    ජාතිකවාදය හා ජාතිවාදය යන දෙකේ වෙනස තවමත් 75% ක් දන්නේ නැත මහින්ද මෙවා මුලදී දන සිටියේත් නැතකෙසේ හෝ ජාතිවාදීන්ගේ බලවත් උත්සාහය නිසා ජාතික වාදයේ කොනක් පමණක් අල්ලා ගැනීමට මහින්දට හැකිවීම නිසා” යුද්ධය ” හරියට කළේය හරියට නොකලා නම් තමාටත් මැරුම් කන්නට වෙන බව ඔහුට අන්තිමේ තේරුම් ගියේය . ප්රභා මැරී රටට සාමය උදාවිය එහෙත් මහින්ද නියම ජාතිවාදියෙක් නොවීම නිසා ත් ඔහෝ ඇසුරු කල පජාතිකයන් නිසාත් කලයුතු බොහෝ දේ ඔහු කලේ නැත .13 හා පළාත් සභා අහෝසි කළා නම් රනිල් බලයට පත්වීම ගැන මේ තරම් ම බියට පත්වීමට අපට සිදු නොවේ දැන් නම් ඇ ඟේ ලේ වතුර වී ගෙනයය් රටට කුමක් වේද

  5. Independent Says:

    සෙනෙවි අය් යා,
    “මහින්ද නියම ජාතිවාදියෙක් නොවීම නිසා…….”
    මෙතන “ක​” ඔබට මිස් උනා යයි සිතමි.

    ඔය වචන දෙකට Independent තවත් වාදයක් එක් කිරීමට කැමතියි. එය නම් ඉතාම වැදගත් “අවජාතිකවාදයයි”. 99% දෙශපාලකයෝ වැටෙන්නේ ඔය වාදයටයි. මුන්ට රටක් නැත​. පිටරටක පුරවැසි බව ගැනීමට මුන් උපන් බිම උපතින් ලැබූ ජාතික උරුමය වීසිකර දමති. මුන්ට ඕනෑ බටහිර සැප ලංකාවේ විඳීමටය​. එපමණක් මය​.

    ඉතින් අපේ ජනපති තුමාට උනේ ඔය වාදයට වැටීමයි.

  6. Senevirath Says:

    ස්තුතිය් මල්ලි ක මිස් වෙලා —- මහින්ද නියම ජාතික වාදියෙක් —යනුවෙන් නිවැරදි විය යුතුය්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress