ශ්‍රී ල නි පක්‍ෂය නායකයන්ට ඉදිරියෙන් 
Posted on February 18th, 2015

නලින් ද සිල්වා 

අද (2015 පෙබරවාරි 18) නුගේගොඩ පැවති රැස්වීම දශක දෙකකට පමණ පසුව එහි වැඩිම ජනකායක් සහභාගි වූ රැස්වීම විය. එ ජ නි සංධානයේ පක්‍ෂ කිහිපයක් එක්විමෙන් සංවිධානය කරන ලද එම රැස්වීමට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂවල රැස්වීමක් යැයි කිව හැකි ය. අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්‍ෂය ද, සැබෑ විපක්‍ෂය ද යනුවෙන් විපක්‍ෂ දෙකක්  වෙයි. ආණ්ඩුවේ විපක්‍ෂ නායකයා නිමල් සිරිපාල වෙයි. ඒ විපක්‍ෂයේ සංවිධායක ජෝන් සෙනෙවිරත්න ය. සැබෑ විපක්‍ෂයේ නායකයා දිනේශ් ගුණවර්ධන වන අතර සංවිධායක විමල් වීරවංශ වෙයි. 
ශ්‍රී ල නි පක්‍ෂයෙ අති විශාල බහුතරය සැබෑ විපක්‍ෂය සමග වන බව පැහැදිලි ය. සාමාන්‍ය පාක්‍ෂිකයන්ගේ හා අනුගාමිකයන්ගේ සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් දක්වා තත්ත්වය එබඳු ය. එහෙත් එය වැඩියෙන් ම දක්නට ඇත්තේ සාමාන්‍ය පාක්‍ෂිකයාගේ මට්ටමේ ය. අඩුවෙන් ම දක්නට ඇත්තේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතර ය. නුගේගොඩ රැස්වීමට බස්නාහිර පළාත් සභාවේ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් ඉතා විශාල බහුතරය සහභාගි වූ අතර පාරලිමේන්තු මැති ඇමතිවරුන් ඒ ප්‍රතිශතයෙන් දැකගත නො හැකි විය. එසේ වුවත් ශ්‍රී ල නි ප ඇමතිවරු (ඔවුහු තවමත් ඇමතිවරු වෙති. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නීත්‍යානුකූල ව පත්වූවක් නො වේ) යම් පිරිසක් රැස්වීමට සහභාගි වූහ.
ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වභාවය අනුව එය පහත සිට උඩට ක්‍රියාත්මක වන පක්‍ෂයකි. අද පක්‍ෂයේ පහත මට්ටම සම්පූර්ණයෙන් ම ඇත්තේ සැබෑ විපක්‍ෂය සමග ය. එහෙත් උඩ නායකත්වයේ කිහිප දෙනකු ඇත්තේ ආණ්ඩුවේ විපක්‍ෂයේ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති බලතලවල පිහිටෙනි. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු සභාපති වූයේ ද විධායක ජනාධිපති බලතල යොදාගනිමින් මිස පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව  නො වේ. පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව නම් පක්‍ෂයට සභාපති කෙනකු නැත. 
හිටපු සභාපති මහින්ද රාජපක්‍ෂ මහතා තම දේශපාලන ජීිවිතයේ කරන ලද ලොකුම වරද කරමින් පක්‍ෂ සභාපතිකමින් ඉල්ලා අස්විය. ඉන්පසු මෛත්‍රිපාල සිරිසේනට පක්‍ෂයේ සභාපති වීමට කිසිම අයිතියක් නො තිබිණි. පසුගිය ජනවාරි මුල නිමල් සිරිපාල ද ඒ බව දැන සිටියේ ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූයේ ශී්‍ර ල නි පක්‍ෂයෙන් හෝ ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නො වේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වීමට පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එහෙත් ඔහු විධායක බලතල යොදා ගනිමින් පක්‍ෂ සභාපතිවරයා විය.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනට ලැබුණේ මූලික වශයෙන් එ ජා ප, දෙමළ හා මුස්ලිම් ඡන්ද ය. ශ්‍රී ල නි ප ඡන්ද  ලැබුණේ මහින්ද රාජපක්‍ෂට ය. ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ වටා මිස මෛත්‍රිපාල සිරිසේන වටා නො නො වේ. නුගේගොඩ රැස්වීමෙන් හෙළි වූ ප්‍රධාන කරුණ නම් ශ්‍රී ල නි ප සාමාන්‍ය සාමාජිකත්වයට හා සංධානයේ බොහෝ පක්‍ෂවලට මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා ලෙස අවශ්‍ය බව ය. මහින්ද රාජපක්‍ෂ රැස්වීමට පණිවුඩයක් එවමින් කියා සිටියේ රැ්ස්වීමේ අභිලාෂයන්ට තමන්ට පිටු පෑ නොහැකි බව ය. තමන් රැස්වීමේ දික්කරන දෑත් තරයේ වැළඳ ගන්නා බව ද පණිවුඩයේ සඳහන් විණි. 
අද මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ සමග සීතල යුද්ධයක යෙදී සිටින බව පැහැදිලි ය. රනිල්ට අවශ්‍ය එ ජා ප කැබීනට් මණ්ඩලයකි. රනිල් ආරක්‍ෂක රාජ්‍ය ඇමති ලෙස තම බෑණා කෙනකු වන රුවන් විජේවර්ධන පත් කළේ ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන විධායක බලතල යොදා රුවන් බෑණාගේ බලතල කපා දමා ඇත. රජිව් විජේසිංහ සිද්ධිය ද ඇතැම් විට දුර දිග යා හැකි ය. මෛත්‍රිපාලට රතන හිමියන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබෙයි. රනිල්ට බටහිරයන්ගේ සහාය ලැබෙයි. බටහිරයන් හා ඉන්දියාව බොහෝ විට එකට සිටියත් ඇතැම් ප්‍රශ්නවල දී විරුද්ධ මත දරයි. 
මෛත්‍රිපාලට රනිල් සමග කරන යුද්ධයේ දී රතන හිමියන්ගේ සහාය පමණක් ප්‍රමාණවත් නො වේ. දින සියය කිනම් ආකාරයකින් නමුත් ගෙවී ගියත් යම් අයුරකින් මැතිවරණයෙන් එ ජා ප ජයගතහොත් රනිල් ආණ්ඩුවේ එක ම බලධාරියා වනු ඇත. මෛත්‍රිපාල ජනාධිපති බලතල සහිත ව වුවත් එහි දී අසරණ වනු ඇත. ඔහුට අල්ලපු අත්ත මෙන් ම පයගහපු අත්ත ද නැති වනු ඇත.
ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකයන්ට මෙන් ම මෛත්‍රිපාල සිරිසේනට ද ආරක්‍ෂාව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමෙනි. මෙහි දී පක්‍ෂ නායකත්වය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකත්වය අනුගමනය කිරීම ය. එය පක්‍ෂ සම්ප්‍රදායට විරුද්ධ නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයේ ද රටේ ද ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ල නි පක්‍ෂයට ගතහැක්කේ එක් මගක් පමණකි. ඒ මහින්ද රාජපක්‍ෂට සංධානයේ අගමැති අපේක්‍ෂකන ලෙස තරග කරන ලෙස ආරාධනය කිරීම ය. 
නලින් ද සිල්වා 
2015 පෙබරවාරි 18

10 Responses to “ශ්‍රී ල නි පක්‍ෂය නායකයන්ට ඉදිරියෙන් ”

  1. Podda Says:

    පිට රටක ඉන්න නිසා රැලිය බලන්න පුළුවන් වුනේ අද (19 දා) පත්තර වලින්. මහා ජනකායක් පැමිණ සිටි බව පින්තුරවලින් දැකලා අතිශය සන්තෝෂයට පත්වුණා. විමල්, දිනේෂ්, ගම්මන්පිල වැනි අනාගත නායකයින් අපට ලොකු ආඩම්බරයක් සහ ශක්තියක්. ඔබ හැමට ජයවේවා. අපි ඔබ සමගයි.

  2. Senevirath Says:

    සජීව විකාශය යු ටියුබ් මගින් දැක්කා දිනේෂ් සහ විමල් ගේ කතා හොඳට තිබුනා හරිම සතුටුය් මම මීට පෙර දවසක් කිව්වා වගේ සාලි අසාද්‍ය වෙලා දැන් කියනවා මේක බෞද්ධ කොඩි ගත්තු ජාතිවාදී රැස්වීමක් කියලබෞද්ධ කොඩි නම් ආගම් වාදී වෙන්නඕන ගොන්වහන්සේ අසාද්යම තමයය් . ජාතික කොඩිය එසේව්වොත් එකත් ජාතිවාදේද ඔසවන්න ඕන මුස්ලිම් කොඩියද මේ රැස්වීම් මාළාව රට හැමතැනම ගෙනයා යුත්ය්. මේ රැස්වීම ගැන රනිල් ගේ විග්‍රහය කියවන්න මම බලාගන ඉන්නේ

  3. Christie Says:

    Namaste: “මෛත්‍රිපාලට රතන හිමියන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබෙයි. රනිල්ට බටහිරයන්ගේ සහාය ලැබෙයි. බටහිරයන් හා ඉන්දියාව බොහෝ විට එකට සිටියත් ඇතැම් ප්‍රශ්නවල දී විරුද්ධ මත දරයි.” Thank you Nalin, I am very happy to see that people are seeing that Indian imperialists are directly involved with the affairs in the island. Rtanaya and Champikaya was in Australia before the prez election. I am sure they met the god brother of Eelam there. The god father passed away about ten years ago, he was unlucky to see the wiping out of his troops. Jai Hing

  4. ranjit Says:

    Sex maniac Champakaya & Rathanaya were both traitors to Buddhism and to the country. They were both paid agents of the west. I don’t think people of this country can be fooled by these two hypocrits anymore. People knows the truth and people knows which way the country is heading. If we don’t bring back our former President Mahinda Rajapksa back to politics and given him the drivers seat don’t think any more of your beloved country because those UNP thugs will hand over half of the country to Tamils & Muslims with the advise of Americans,Europeans and Indians before long.
    Already they are moving towards that goal. Just beware of these local and Foreign Tigers who are planning everything with the blessings of Ranil and his gang of thugs.

  5. Ananda-USA Says:

    Piyadigama,

    You could be my valued friend who penned exquisite Sinhala poems at both Defencewire and SriLankaDefenceForum.

    Unfortunately, “Fukumar Thutmoses” now dubbed “Ado Yakko Facebook Lorenzo” by me, also knows everything I know about you and your beautiful Kaviyas. Even though he is a relative NOVICE in Internet hacking, he does not have to be the “War-Games Expert” without “portfolios” that he has declared himself to be, to easily extract your poems from the Archives of SriLankaDefenceForum and present them here under a new LankaWeb handle as “Piyadigama”.

    Both of us are very aware of the DIRTY TRICKS played by the Eelamists in the past. Therefore, before I accept you as my old friend, let me ask you to verify your identity by sending me an email on this subject, mentioning the Piyadigama LankaWeb blog handle and your old blog handle at SriLankaDefenceForum, from the SAME email address that you used under your old blogging handle. OK?

    As you well know, even in those days, Ado Yakko “Facebook” Lorenzo was characterized by his EXTREME VIEWS which if adopted, would have brought Sri Lanka and its Patriotic Government into INTERNATIONAL DISREPUTE. As you know, these proposals were resisted by me and several others. As you aware, those views included white-vanning of opponents without prosecution in the courts, ethnic-cleansing, using EXTREME weaponry without regard to civilian casualties, and many other DEVIOUS methods … all in the name of Patriotism. He has CONTINUED to ADVOCATE those strategies, adding to it the engineering of a coup-de-etat by the military against the MR/UPFA GOSL, altough recently in his support of Yahapalanaya he has become the quintessential CHAMPION “Human Rights”, “Democracy” and “Anti-Corruption”, which is why I call him a DIABOLICAL EELAMIST HYPOCRITE! I have resisted HIS EXTREME PROPOSALS before he started on his Yahapalanaya drive at LankaWeb as well, for in my view NO END JUSTIFIES CRIMINAL MEANS.

    After having DONE HIS VERY BEST to UNDERMINE & OUST the MR/UPFA GOSL from power, Ado Yakko “Facebook” Lorenzo is NOW continuing to execute a complex KOLAM dance here with an entire TEAM of AVATARS in tow, to MISLEAD & DIRECT Patriots over a CLIFF that would DESTROY Sri Lanka and ENABLE the CREATION of an EELAM. His favorite ploy to drag Patriots into the net is that he would support MR again if he REPEALS the 13A! Should we TRUST this SNAKE AGAIN, I ask, and fall into the same deep pit in mid-day that we fell into in the pitch darkness of mid-night?

    Judging ALL of his POST-WAR ACTIVITIES I have CONCLUDED that he was an EELAMIST all along, a MOLE who BURROWED DEEP INTO THE FABRIC OF THE PATRIOTIC COMMUNITY, to EMERGE at the CRITICAL MOMENT to STAB THEM IN THE BACK. OAOAsithri, whom you know well, has also come to the same conclusion.

    The OUSTER of MR was a SEVERE SETBACK for Sri Lanka’s Sovereignty, Territorial Integrity and Economic Growth that now threatens to CREATE an EELAM in Sri Lanka and RESTORE the Sri Lankan Anti-National and Foreign Neo-Colonial Forces attempting to DIVIDE & ENSLAVE Sri Lanka. “Facebook” Lorenzo has been helping that effort to the BEST of his ability, and is now trying hard to ensure that an MR-led UPFA does not emerge VICTORIOUS in the upcoming General Elections to rescue our Motherland from the grip of its ENEMIES …. AGAIN.

    When Ado Yakko “Facebook” Lorenzo’s AVATARS are found out and banished with their SHEEPSKIN cloaks trailing in the dust, NEW AVATARS are inserted into LankaWeb trying various ALTERNATIVE TACTICS to CONTINUE the program to mislead and misdirect patriots ahead of the CRITICAL upcoming General Election. As in the past, he uses his BAND of AVATARS to shore up his arguments and carry on debates with them in a MUTUAL ADMIRATION SOCIETY consisting solely of he, himself, his creations, and his lapdog followers. This is a strategy we have seen him REPEATEDLY deploy in the past as well.

    In a moment of MISGUIDED EGOTISTICAL BOASTFUL BRAVADO, that is characteristic of him, Ado Yakko “Facebook” Lorenzo has COMPLETELY DISCREDITED himself by ADMITTING and TAKING CREDIT at LankaWeb for the BAG OF DIRTY TRICKS he used to DISCREDIT & UNDERMINE MR in the Presidential Election.

    If you are trying to “Rehabilitate” Lorenzo in my eyes … please be aware that it is an ABSOLUTELY WASTED effort. I do not make such DECISIONS LIGHTLY and WITHOUT CAUSE; but when I do, it is VERY UNLIKELY that I will change my mind. ONCE BITTEN; TWICE SHY!

  6. Ananda-USA Says:

    Ado Yakko “Facebook” Lorenzo” Piously Proclaims ….

    “A TYPICAL TAMIL!

    “Untruthfulness comes as naturally to a Tamil as mother’s milk “. – William Sabonadiere, 1866”

    BULLSHIT! This is a Racist Comment against Tamils with which Ado Yakko “Facebook” Lorenzo hopes to REVIVE his TATTERED credentials as a PATRIOT! Tamils are NO LESS or NO MORE untruthful than other people! This is plainly ANOTHER EXAMPLE of his DEVIOUS EXTREMIST STRATEGIES … to curry favor with LankaWeb readers thinking they are as RACIST and AS DEVIOUS as HE IS!

    MORE HYPOCRISY from the failed “War-Games” DISINFORMATION EXPERT! More EXTREME PRONOUNCEMENTS to BURROW DEEP INTO THE PATRIOTIC WOODWORK!

    BEGONE … BUGGER OFF …. without DISCREDITING LankaWeb with your EELAMIST EXTREMISM!

  7. Leela Says:

    Ananda-USA
    I am beginning to understand your point Ananda.

    For a long time, I assumed Lorenzo must be a Catholic because of the name. But I wasn’t sure whether he is Tamil or Sinhala. To tell you the truth, it didn’t bother me for he seemed to be an avowed patriot. Anyway, I realized Lorenzo is Tamil when he happened to post a comment in fluent Tamil in response for a comment by a Tamilian subscriber. One other point, Lorenzo never wrote a comment in Sinhala. So in the back of my mind, I concluded that the man must be a half baked Tamil. Most half baked Tamils that I knew were UNPers. But Lorenzo is on the opposite; he had shown all the signs of an MR supporter. For that reason even when Lorenzo sided with My3, I thought he has joined the pod of his kind. But I have never thought the bugger has been a mole all this time. Thank you for exposing the bugger.

  8. Dr.K Says:

    දයාබර ලේකකයනි, ලංකා වෙබ් අඩවි පාටකයන් සහ අදහස් දක්වන්නනි ,

    හිටපු ජනාදිපති මහින්ද රාජපක්ස නැවතත් පෙරමුණෙහි පිහිටුවා රටේ ස්වෛරීත්වය හා අකණ්ඩත්වය ආරක්සා කිරීමට දියත්කර ඇති මේ මහා කර්තව්‍යදී එතුමා පිටුපස එක හඬින් පෙළගැසී ඉදිරියට එන ශ්‍රී ලංකා නිදහස් පක්ස සාමාජිකත්වයට හිමිවිය යුත්තේ අසමසම ප්‍රණමයකි.

    එය එසේවුවත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකවන අසික්කිත හා වනචාරී දේසපාලනය හමුවේ කිසිදු දේසපාලන පක්ෂයකට ගැතිකම් නොකර අපක්සපතිව සිටින එහෙත් තම මවුබිමට පනමෙන් ආදරය කරණ ජනතාවද මහින්ද රාජපක්ස හා ගෝටාබය රාජපක්ස නම් යුගපුරුසයන්ගේ නැවත පැමිණීම අපේක්ෂා කරනබවත් ඊට පුර්ණ සහාය දෙනබවත් අමතක නොකලයුතුය.

  9. SA Kumar Says:

    Leela
    But I have never thought the bugger has been a mole all this time- How do you come to that conclusion ?
    For me He is Tamil Burgher who must have been POW in VP’s camp for a period small period any release He worked with Doucles D .

    This is my pure assumption as I follow his every comments for a long period in LW. I may be wrong .

  10. Indrajith Says:

    There is no other leader to match Mahinda
    An interview with Dinesh Gunawardena
    February 19, 2015, 12:00 pm

    “President Sirisena’s political career has been in the SLFP except for the past few months. If you give him the benefit of the doubt, he is an SLFP thinking man. He has taken over the presidency of the SLFP and he has a moral commitment to that party now.”

    MEP parliamentarian Dinesh Gunawardene was one of four party leaders who organised the meeting in Nugegoda last Wednesday with a view to bringing Mahinda Rajapaksa back into politics. That meeting drew a crowd never before seen at a political meeting held in Nugegoda despite the fact that Mahinda Rajapaksa was not scheduled to appear on the stage. In this interview, Gunawardene speaks to C.A.Chandraprema on why Mahinda Rajapaksa is the only viable prime ministerial candidate for the UPFA at the next parliamentary election.*

    Q. President Maithripala Sirisena himself has characterised the attempt that you and three other UPFA coalition leaders are making to bring Mahinda Rajapaksa back into politics as an attempt to split the SLFP. How would you respond to that?

    A. The fact that Mahinda Rajapaksa got 5.8 million votes cannot be forgotten by any realistic politician. Those votes were cast in Mahinda’s favour against Maithripala Sirsena and the UNP. So there is a political division whether one likes it or not. Mahinda Rajapaksa remains the most popular political leader in the country today. The people who were with the UPFA are with Mahinda Rajapaksa and he is still the leader of the patriotic and progressive forces.

    Q. Usually when a political leader is defeated, he is shunned by the public and it takes years for him to recover. But, this time around things seem to be different.

    A. Mahinda Rajapaksa brought an end to terrorism which four previous presidents failed to do. That is a matter that people cannot forget. President Sirisena’s partners today laughed at the war even when it was reaching the final days.

    Under Mahinda’s rule economic development also was given a new impetus. Despite criticism from certain quarters, there was genuine growth in the country and living standards improved. He also was the leader of the common man and he brought tremendous change to the lives of the rural folk. He stood up to the international powers in the defence of the motherland. It is etched in the people’s mind that there is no other leader to match Mahinda. Thousands of people go to see him in his village daily – a phenomenon that has never occurred before.

    Q. Champika Ranawaka was saying that this unending stream of visitors to Tangalle and Medamulana is organised by the racketeers who benefitted from the Rajapaksa regime and that they provide buses for people to go and see Mahinda and that there is ‘organised weeping’ there.

    A. Those are petty minded remarks. People have to travel obviously by bus and van. This is not organised by anybody. People in the villages organise pilgrimages on their own and they have been going to see Mahinda in the same way. I have seen a similar phenomenon of people going to see a defeated leader – though certainly not on the same scale – when Mrs Bandaranaike lost in 1977 and again in 1981 when she lost her civic rights.

    Q. The unmentioned factor appears to be that Mahinda clearly won the majority of the Sinhala vote whereas president Sirisena was elected on the margin provided by Tamil and Muslim votes. The majority of the Sinhala people still consider Mahinda their leader. That seems to be a factor that nobody is talking about openly but is nevertheless a patent reality.

    A. Yes, Mahinda is the most popular political figure if you take out the votes of the north and east.

    Q. President Maithripala Sirisena as the leader of the SLFP, will have to think of some way to win the parliamentary election which is due in a few months or he will be held responsible for the SLFP’s defeat.

    A. President Sirisena’s political career has been in the SLFP except for the past few months. If you give him the benefit of the doubt, he is an SLFP thinking man. He has taken over the presidency of the SLFP and he has a moral commitment to that party now. The majority of the opposition does not want to go in for a political coalition with the UNP. This is a deep political difference. You can’t just say overnight. We are now united, forget everything else. Things just don’t happen that way. If the president dissolves parliament in April as has been promised, he will have to work with the SLFP and the UPFA to get a comfortable majority in parliament. The UPFA has more than double the number of MPs as the UNP. If you take Mahinda Rajapaksa’s vote, the trend is very clear.

    The country is now committed to the abolition of the executive presidency. So the prime minister will be in a strong position if we go through with the constitutional amendments. If they don’t make the amendments, people will further reject them for giving false promises. SLFPers all over the country want Mahinda Rajapaksa to return to politics.

    Q. If by some chance president Sirisena did not make Mahinda the prime ministerial candidate, what would the prospects of the UPFA be?

    A. I don’t think a decision on that matter will be made in haste because Mahinda remains the most popular leader of the UPFA. All over the country there is only one cry – Mahinda must come back. Mahinda has not uttered a word against the UPFA or disassociated himself from the SLFP. People are asking Mahinda to lead the UPFA at the parliamentary election.

    Q. If we look at the pledges made by the new government, we are hearing less and less about the abolition of the executive presidency. Now the only talk is about removing some of the powers of that position.

    A. They are now well behind the schedule given in their 100 day programme of action. They have put out discussion papers on which no serious discussion has started as yet. There are issues among the parties in the government. They have been preoccupied with flexing their muscles as for example by getting rid of the chief justice the wrong way. That happens to governments that don’t have a proper vision. It is said that you can win an election but to manage thereafter is the real challenge. They have won giving various promises but thereafter what? There is only about 60 days left to complete their programme. Making constitutional amendments is not something that can be done overnight.

    Q. The current parliament can sit for another two years. But we have been hearing people saying that the next election as well will be held under the current proportional representation/preference vote system because there isn’t enough time to change the electoral system. In fact the new government put electoral reform on the back burner from the very first week after the presidential election.

    A. Before the election we heard a lot about electoral reform and people were saying that the Dinesh Gunawardena Select Committee report will be implemented. But after the election they have deviated from that vision. Now, they are apparently saying that the proportional representation system should be retained because even, it would be the best option for the UNP and all its partners. Only the TNA is not worried about changing the electoral system. Ven Maduluwawe Sobitha Thera, the former president Chandrika Kumaratunga, and the former CJ Sarath N Silva all pledged that electoral reform would be the first step that they would take. It’s sad that when people come into power they think only of their narrow interests.

    Q. Though it is said that Maithripala Sirisena did not get many Sinhala votes, he himself came on TV and pointed out that in places like Maharagama and Kaduwela which the UPFA used to win with huge margins, the gap between the UPFA and the rest had narrowed to next to nothing. So Sirisena did get a lot of Sinhala votes even though Mahinda Rajapaksa got still more. Why was the gap so narrow in your view?

    A. There has definitely been a drop in the UPFA vote. But you must remember that the UPFA was contesting alone against everybody else – the UNP, TNA, the Muslim parties, the JHU all combined. Despite this, if you do an electorate by electorate analysis, the vote has very clearly not been with Sirisena.

    Q. In your view, will the margin of the UPFA increase or decrease at the next parliamentary election?

    A. It will increase because of a factor that is not discussed openly. There was an organised effort to destabilise the UPFA from within. Some people deliberately crippled the election campaign of Mahinda Rajapaksa. Posters were not put up on time, canvassing was not done, leaflets were not distributed. The culprits are now known.

    There was an internal conspiracy against him by certain individuals. That factor will be absent at the next parliamentary election.

    Q. Both before and after the elections, various allegations of corruption and wrongdoing were made against Mahinda Rajapaksa. Do you think this would have made a permanent dent on his support base?

    A. Various allegations were made even against Mrs Bandaranaike, Hector Kobbekaduwa and others. But the people did not abandon those leaders. Already most of the allegations against Mahinda Rajapaksa have been found to be baseless and they have boomeranged on the government. There was a good analysis by Mr S.Piyasena which said that after elections all governments have been accused of corruption but the veracity of those allegations were never proved.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress