ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අවුරුදු දෙසීයයි
Posted on February 18th, 2015

නලින් ද සිල්වා

ඉතිහාසයේ කියැවෙන ආකාරයට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අදට (2015 පෙබරවාරි 18) අවුරුදු දෙසියයක් පිරෙයි. මහින්ද රාජපක්‍ෂ ඉංගිරිසින්ට භාරදීමට ඇතැමුන් සැරසෙන්නේ කවදා ද? කෙසේ වෙතත් අද නුගේගොඩ පැවැත්වෙන රැස්වීම එය වැළැක්වීම සඳහා පමණක් නො වේ. ඔහු නැවතත් රාජ්‍ය නායකයා බවට පත්කර ගැනීම සඳහාත් ය. එහෙත් එයට ශ්‍රී ල නි පක්‍ෂයේ සහාය අවශ්‍ය වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය නොමැතිව ඒ කළ නො හැකි ය. වාසනාවකට ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වභාවය අනුව ම පක්‍ෂය යනු ඉහළ නිලතල දරණ අය නොවන බව අපි දනිමු. අනෙක් අතට පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ කටයුතු කරන, සංධානය බිඳ ගෙන ගිය, අවුරුදු පහළොවක් පමණ ක්‍රියාකාරී දේශපාලනයේ නොසිට හිඩැසක් දැක එය පිරවීමට එන, අයට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉඩක් ලැබේ යැයි ද සිතිය නො හැකි ය.
කවුරු කෙසේ කීවත් ඉතිහාසය ඒ ආකාරයෙන් ම නැවත නැවතත් සිදු නො වේ. අපට ඓතිහාසික සිදුවීම් අතර යම් සමානකම් දැකිය හැකි නමුත් අසමානකම් ද ඇති බව මොහොතකටවත් අමතක නොකළ යුතු ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දුර්වලකම් තිබී ඇත. එහෙත් මේ දුර්වලකම් ඇති කළෝ කවරහු ද? 1815 දී ඉංගිරිසින් මෙරට පාසල් ඇතිකර නො තිබණි. ඇතැම් විට ඇමරිකන් මිෂනාරිවරුන් යාපනයේ පාසලක් දෙකක් ඇතිකර තිබෙන්නට ඇත. එහෙත් ඉංගිරිසින්ට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තබා කොළඹ රාජකීය විද්‍යාලයවත් ඇතිකිරීමට තරම් කාලයක් නොතිබිණි. පොළොන්නරුවේ රාජකීය විද්‍යාලය ඇතිවීමට තිබුණේ ඉන් අවුරුදු එකසිය පනහකට පසුව ය. පාසල කුමක් වුවත් ලැබෙන්නේ බටහිරයන්ගේ අධ්‍යාපනයකි.
එහෙත් ඒ වන විටත් මෙරට ඉංගිරිසින්ගේ ඒජන්තයෝ ඔත්තුඔරකැවෝ  මෙරට සිටියෝ ය……. කේම්බ්‍රිජ් උපාධිධාරී ජෝන් ඩොයිලි ඔවුන්ගේ නායකයා විය. එකල සිවිල් සේවය නොතිබුණත් ඔහු  එහි පුරෝගාමියෙක් විය. රජු දුසිරිතට පෙළඹවීමත් ඔහු රදළ නායකයන්ගෙන් ඈත්කර ඔවුනොවුන් කෙටවීමත් ඩොයිලි හා සගයන්ගේ කාර්යභාරය විය. රජුට විරුද්ධව නොයෙකුත් කටකතා පතුරවනු ලැබිණි. එකල මුහුණක් නැති මුහුණු පොත් නොතිබුණත් මුහුණක් නැති කටකතා ප්‍රචාරකයෝ සිටියහ. අද කටකතා සයිබර් අවකාශයෙහි පැතිර යයි. ප්‍රචාරය කෙසේ සිදුවුවත් කටකතා යනු කටකතා ම ය.
රදළ නායකයෝ රජු කෙරෙහි බිඳුණහ. ඔවුහු රජුට විරුද්ධ ව නැගී සිටියහ. ඉංගිරිසින්ගේ ආධාරයෙන් රජවීමට ඇතැම් නායකයෝ බලා සිටියහ. ඒ සියල්ලෝ ම එකතු වී රජු ඉංගිරිසින්ට භාරදුන්හ. මාර්තු දෙවැනි දා ඉංගිරිසිහු ගිවිසුමක් මගින් රට අත්පත් කරගත්හ. රදළ නායකයන්ට ලැබුණු රජකමක් ද නැත. අපට රජෙක් නැති විය. කංකුනාවේ හාමුදුරුවෝ අ්නේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ ආදී වශයෙන් කවි ලියූහ. 
එකළ වෙල්ලාලයන් සිටිය ද ක්‍රියාකාරී දේශපාලනයෙහි දෙමළ ජාතිවාදයක් නො වී ය. දෙමළ ජාතිවාදය 1833 දී නිල වශයෙන් ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබිණි. එය දෙමළ බෙදුම්වාදය බවටත් පසුව දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විණි. ඉංගිරිසිහු දෙමළ ජාතිවාදය සිංහල ජාතිකත්වයට විරුද්ධ ව යොදා ගත්හ. චන්ද්‍රිකාට හා රනිල්ට අවශ්‍ය වූයේ දෙමළ ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කීිරීම නොව ඉංගිරිසින්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී ඊනියා සාමයක් පවත්වාගෙන යෑම ය. ඔවුන්ට දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම පිළිබඳ හැඟීමක්වත් නො වී ය. අද ඇතැම් ඇමතිවරුන් හා ඇමතිනියන් රනිල් ඊනියා යුද්ධයට තිත තබා සාමය ඇතිකිරීමට උත්සාහ ගත්තේ යැයි කියන්නේ ඊනියා සටන් විරාම ගිවිසුම් මගින් උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජතිවාදයට පාවා දීමට කටයුතු කිරීමට ය. 
මහින්ද රාජපක්‍ෂගේ දේශපාල නායකත්වයෙන් 2009 දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. එය බටහිරයන්ට විරුද්ධව ගොස් කෙරුණකි. තවමත් දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට ඇත. රනිල්ටවත් චන්ද්‍රිකාටවත් මෛත්‍රීපාලටවත් එය කළ නො හැකි ය. මහින්දට එය කළ හැකි ය. එබැවින් ඉංගිරිසින්ගේ පාසල්වල ඉගෙන ගත් අයට අද මහින්ද ඉංගිරිසින්ට (බටහිරයන්ට) පාවා දීමට අවශ්‍ය වෙයි. ඔවුන්ට රජකම අවශ්‍ය නැති බව කීවත් බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ සුවච කීකරු සේවක සාමාන්‍ය මිනිසුන් ලෙස සිටිමින් ජනාධිපතිකම් අගමැතිකම් කිරීමට අවශ්‍ය වෙයි. මහනුවර රදළයන්ට සිද වු පරිදි ඔවුන්ට ද කිසි දිනෙක රජකමක් තබා ස්වාධීන ජනාධිපතිකමක්වත් අගමැතිකමක්වත් නො ලැබෙනු ඇත. ඔවුන්ට කුමක් සිදුවූවත් අපට කමක් නැත. එහෙත් ඒ මගින් අප අපේ ස්වෛරීභාවය නැතිකර ගත යුතු නො වේ.
සයිබර් කටකතා මගින් බොරු  බේගල් පතුරවා ඊනියා මහින්ද රෙජිමය පැරදවීමට බටහිරයෝ සමත්වූහ. අපි මහින්ද බටහිරයන්ට පාවා දීමට බටහිරයන්ගේ නියෝජිතයන්ට ඉඩ නොදෙමු යැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවා දී වසර දෙසියයක් ගතවන අද දිනයේ දී තීරණය කරමු. 
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 18

8 Responses to “ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අවුරුදු දෙසීයයි”

  1. Dr.K Says:

    බටහිරයන්ගේ නියෝජිතයෝ ජනතාව මුලාකිරීමට යොදාගත් දින සීයේ පොරොන්දු තටාකයේ කරවටක් ගිලී තව ටිකදිනකින් ඒ තටාකයතුලම මියදෙනු ඇත. දැනටමත් රජයේ සේවකයන්ට පොරොන්දුවූ පඩි 10,000 වැඩි කිරීම දීමනාවක් වසයෙන් 5,000 ට සිමකිරිම නිසා රජයේ සේවකයන් රැවටී ඇතිබව තේරුම්ගෙන ඇත. ජනතාව මහින්දව පරාජය කිරීමට යම්තරමකින් හෝ දායක වුවත් මහින්දව බටහිරයන්ට බාරදීමට කිසිසේත් දායක නොවනු ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ස සාමාජිකයන්ගේ කොඳු නාරටි කඩාදමා ඔවුන්ගේ කරපිටින් එක්සත් ජාතික පක්ස සාමාජිකයන්ටත් එපාවිසිටි රනිල්ව අගමැති කරමින් චන්ද්‍රිකා , චම්පික , රවිකරුණා සහ මංගල නම් වෛර මණ්ඩලයේ පදයට නටන රූකඩ ජනපති වශයෙන් කටයුතු කරන මෛත්‍රිපාල කෙරෙහි සැබෑ සිංහලයන්ගේ ප්‍රසාදය ගිලිහි ඇත.

    මේ මොහොත වනවිට මහින්දත් කල මෝඩකම් නිවැරදි කරගෙන තමා වටා ඉඳගෙන අංචි අදින තක්කඩියන්ට වඩා පොදු ජනතාවගේ හඬට හා ඔවුන්ගේ හදගැස්මට අනුව කටයුතු කිරීමට සුදානම් වෙතොත් ඔහුව තම නායකයා වසයෙන් නැවතත් බාරගන්නා දිනය ඉතා ඉක්මනින් එලබෙනු ඇත.

  2. ranjit Says:

    Dear Professor we can write pages over pages about the Sinhala traitors we had in this land for centuries. The current traitors were no different than the old. Americans will pay millions to keep their Tie Coat man in power therefore we must make a good plan to oust him and send him to gallows for treason.

    How can a man who lost 29 times became the Prime Minister without a vote? How can he appoint a non citizen as the Central Bank Governor? How can anyone dismiss a sitting CJ without Parliament approval? Why they don’t investigate the tape conversation Rajitha had regarding a coup? Why not investigate Champka’s Photo gimmick of Lester James Pieris? What about Wattala assault case involving the Police Minister John Amaratunga? Why not investigate Ravi’s money laundering case involving Rajaratnam who is in American jail? We are waiting for the answers from these UNP thugs.

    Please my countrymen don’t allow Mother Lanka to cry again or to see blood allover. May God helps us to bring back our true son of Motherlanka the one and only his excellency Mahinda Rajapksa as head of state to save our Sinhala land from traitors within and outside. Sinhalaya Nagitiyaw!!!!!!!!!!!!!!

  3. Christie Says:

    Namaste: Nalin I wish you have read some history of Ceylon in the period when the Dutch possessions were kept by the British after the end of the Franco Dutch war. 1792-2015 is a long time and are you aware that the British brought in Tamil Vellars from the Malabar Coast to administer the Dutch possessions and the Dutch holdings were administered from Madras from 1792-96. These administrators and Sepoys were the first to come to the island under the British. Then they brought in coolies to build roads. They build new roads and were well prepared to fight the Sinhales in Kandy. King has no choice because of the British had Sepoys to help the British soldiers. They cleaned and loaded the guns for the British.(Mohandas Karamchand was a Sepoy as he helped British in war against the Zulus) That is how the British-Indian Empire was born and it was not a British Empire as British like to call it . We blame ourselves and fight among ourselves. It is the same story since then. Jai Hind

  4. Leela Says:

    මෙෙත්‍රිපාල සිරිසේනව ජනාධිපති ලෙස පත් කර ගත්තෙ එජප, ටිඑන්එ් සහ මුකො පක්‍ෂ වල පාක්‍ෂිකයන්. මගේ ගනන් හැදීමෙ හැටියට සිරිසේන ගැන හොඳට අහල තියන හොඳට දන්න සිංහල බෞද්ධයො එයාට චන්දෙ දුන්නෙ 39.28%යි. නමුත් මෙෙත්‍රිපාල සිරිසේන කියන නම අහල නැති උතුරෙ සහ නැගෙනහිර දෙමළු සහ නැගෙනහිර හම්බයො 85%කට වැඩිය පැනල සිරිසේනට චන්දෙ දුන්න. දකුණෙ ඉන්න දෙමළු සහ හම්බයොත් එ් ප්‍රතිශතයෙන් ම සිරිසේනට චන්දෙ දුන්න. එ් යහපාලනය ගෙනෙන්නට නම් නෙවෙයි, තම තමන්ගෙ දේශපාලන අවශ්‍යතාවයන් ඉදිරියට ගන්නයි. දෙමළු සිරිසේනට චන්දෙ දුන්නෙ ඊලමට පාර කපා ගන්නයි. හම්බයො සිරිසේනට චන්දෙ දුන්නෙ නසරිස්තානෙට පාර කපා ගන්නයි. විග්නේශ්වරන්ල කරන වැඩ කිඩ වලින් එ්ක අද වෙනකොට ජවිපෙටත් තේරිලා නම් අපි වගේ අයට පෙනෙන ‘වෙන්න යන පැහැදිලි චිත්‍රය’ ගැන කුමන කතාද?

    ශ්‍රිලනිප පාක්‍ෂිකයන් 57.5 ලක්‍ෂයක් චන්දෙ දුන්නෙ සිරිසේන විරුද්ධව කියන එකයි මෙතන වැදගත්ම කාරනය. අද මධ්‍යස්ථ අයට ලොකුම විහිලුව වෙලා තියෙන්නේ විරුද්ධවාදීින් පත්කරගත්ත ජනාධිපති එයා අතහැර දමපු ශ්‍රිලනිප නායකයා වීමයි. සිරිසේන කියන්නෙ ශ්‍රිලනිප නායකත්වය එයා බලෙන් ගත්තෙ නැහැ කියලයි. හොඳයි සිරිසේන වටෙන් ගොඩෙන් විජිතමුනි වගේ අවස්ථාවාදියො ටිකක් දමල මහින්දගෙ අත කැරකෙව්වෙ නැද්ද. කමක් නැහැ, කොහොම හරි ශ්‍රිලනිප නායකත්වය සිරිසේන බාර ගත්තනෙ. ඉතින් සිරිසේන අවංක නම් දැන් කලයුත්තේ ශ්‍රිලනිප නාය යෑම වලක්වන එකයි. කැඳ හැලි යහපාලනය නැතුව ශ්‍රිලනිප තුල නියම ‘යහපාලනය’ ක්‍රියාත්මක කිරීමයි.

    අද ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගෙ අවශ්‍යතාවය රනිල් බලයට එන එක වලක්වන එකයි, රට බේරා ගත් වීරයන්ව බටහිර කල්ලියෙන් බේරා ගන්න එකයි. මහින්ද ශ්‍රිලනිප නායකත්වය රටේ ජනපති සිරිසේනට බාර දුන්නෙ එ්කටයි. නමුත් දැන් අපිට පෙනෙන හැටියට සිරිසේනලාට සහ සිරිපාලලාට ශ්‍රිලනිප අාරක්‍ෂා කරන්න ඔිනෙත් නැහැ අාරක්‍ෂා කොරන්නත් බැහැ. නැත්නම් බුලත් කොලෙත් සන්ධානෙ පක්‍ෂත් අතහැරල රාජිත චම්පික වගේ අවස්ථාවාදී දෙපත් නයි ශ්‍රිලනිප තනතුරු වලට දාන්න හදයිද, දානවද? උන් හැමදාම කොලේ තමන් හිටපු පක්‍ෂ කඩල බිඳල අළුත් එකකට හේත්තු වෙන එකයි.

    මොන වැරදි තිබුනත් අද දවසෙ ශ්‍රිලනිප පාක්‍ෂිකයින් බලාපොරොත්තු වෙන දේ කරන්න පුළුවන් මහින්දට විතරයි. අලුත් නායකයො හොයාගන ටෙස්ට් කොරගන්නකොට කෝච්චිය ගිහින් තියෙයි. එ්කයි දිනේෂ්ල වීරවන්සල මහින්දව ඉස්සරහට ගන්න හදන්නෙ. එ්ක තේරෙන්නෙ නැත්තෙ විජිතමුනිල වගෙ අවස්ථාවාදීන්ට සහ මර්වින් වගේ හොර මැරකම් වලට කොටු වෙච්ච එවුන්ට සහ හිරුණිකා වගේ පුද්ගලික න්‍යාය පත්‍ර අැති අයට පමණයි. එනිසා ඉස්කෝලෙ යන කාලෙ ගියාට පස්සෙ කවදාවත් රැලි වලට නොගිය මමත් තව දෙන්නෙක් එක්ක ගියා මහින්ද අගමැති කොරන 18 වනදා (අද) නුගේගොඩ තිබිච්ච රැලිය බලන්න.

  5. Indrajith Says:

    රැළියට ජන ගඟක්‌

    “මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද” තේමාව යටතේ ඊයේ (18දා) සවස නුගේගොඩ පැවැති ජනහමුවට පැමිණි අතිවිශාල ජනතාවගෙන් කොටසක්‌.
    ඡායාරූප- කමල් බෝගොඩ, කමල් වන්නි ආරච්චි

    අනුර බාලසූරිය, සිරිමන්ත රත්නසේකර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දේශපාලනයට පැමිණිය යුතු යෑයි ඉල්ලා සිටිමින් ඊයේ (18 වැනිදා) සවස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී “මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද” තේමාව යටතේ පැවැති ජනහමුවට අතිවිශාල ජනතාවක්‌ සහභාගිවී සිටියහ.

    නව රජය බලයට පත්වී මාසයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයක්‌ එක්‌ව සංවිධානය කළ පළමු රැස්‌වීමට මෙවැනි අතිවිශාල ජනතාවක්‌ සහභාගි වීම කැපී පෙනෙන සිද්ධියක්‌ බව දේශපාලන විචාරකයෝ පවසති.

    ජාතික නිදහස්‌ පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක වාසුදේව නානායක්‌කාර, මහජන එක්‌සත් පෙරමුණ නායක දිනේෂ් ගුණවර්ධන යන හිටපු ඇමැතිවරුන් සහ පිවිතුරු හෙළ උරුමය නායක සහ හිටපු බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්විණි.

    මෙම රැස්‌වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු ඇමැතිවරුන් කිහිප දෙනෙක්‌ද පළාත් සභා මැති ඇමැතිවරුන්ද පළාත් පාලන ආයතන නියෝජිතයෝ රැසක්‌ද කලාකරුවෝ හා බහුජන සංවිධාන නියෝජිතයෝ රැසක්‌ද සහභාගි වූහ.

    මෙම රැස්‌වීමේ ප්‍රධාන වේදිකාවට බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගොඩවීමද විශේෂ සිද්ධියක්‌ විය. රැස්‌වීමට සහභාගි වූ ජනතාව අත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපය සහිත පුවරු සහ ජාතික කොඩිය බැගින්ද තිබුණි.

    රැස්‌වීමට සහභාගි වූ අතිවිශාල ජනකාය ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අවට සහ අසල ගොඩනැඟිලිවලද රැස්‌ව සිටීම නිසා ඊයේ සවස එම ප්‍රදේශය එකම හිස්‌ගොඩක්‌ බවට පත්ව තිබුණි. මෙම අතිවිශාල ජනකාය නිසා නුගේගොඩ ස්‌ටැන්ලි තිලකරත්න මාවතේ වාහන ගමනාගමනයද තාවකාලිකව අත්හිටුවීමට පොලිසියට සිදුවිය.

    මෙම රැලියට සහභාගි වූ සියලු දෙනා එක හඬින් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවය.

    වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන යන හිටපු ඇමැතිවරුද හිටපු පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල, මොරටුව නගරාධිපති සමන් චන්ද්‍රලාල්, ප්‍රවීණ දේශපාලන විචාරක දයාන් ජයතිලක, දක්‍ෂිණ ලංකා ප්‍රධාන අධිකරණ සංඝනායක පල්ලත්තර සුමන ජෝති නාහිමියන්ද මෙම රැස්‌වීම ඇමැතූහ.

  6. Podda Says:

    පිට රටක ඉන්න නිසා රැලිය බලන්න පුළුවන් වුනේ අද (19 දා) පත්තර වලින්. මහා ජනකායක් පැමිණ සිටි බව පින්තුරවලින් දැකලා අතිශය සන්තෝෂයට පත්වුණා. විමල්, දිනේෂ්, ගම්මන්පිල වැනි අනාගත නායකයින් අපට ලොකු ආඩම්බරයක් සහ ශක්තියක්. ඔබ හැමට ජයවේවා. අපි ඔබ සමගයි.

  7. Ananda-USA Says:

    Piyadigama,

    You could be my valued friend who penned exquisite Sinhala poems at both Defencewire and SriLankaDefenceForum.

    Unfortunately, “Fukumar Thutmoses” now dubbed “Ado Yakko Facebook Lorenzo” by me, also knows everything I know about you and your beautiful Kaviyas. Even though he is a relative NOVICE in Internet hacking, he does not have to be the “War-Games Expert” without “portfolios” that he has declared himself to be, to easily extract your poems from the Archives of SriLankaDefenceForum and present them here under a new LankaWeb handle as “Piyadigama”.

    Both of us are very aware of the DIRTY TRICKS played by the Eelamists in the past. Therefore, before I accept you as my old friend, let me ask you to verify your identity by sending me an email on this subject, mentioning the Piyadigama LankaWeb blog handle and your old blog handle at SriLankaDefenceForum, from the SAME email address that you used under your old blogging handle. OK?

    As you well know, even in those days, Ado Yakko “Facebook” Lorenzo was characterized by his EXTREME VIEWS which if adopted, would have brought Sri Lanka and its Patriotic Government into INTERNATIONAL DISREPUTE. As you know, these proposals were resisted by me and several others. As you aware, those views included white-vanning of opponents without prosecution in the courts, ethnic-cleansing, using EXTREME weaponry without regard to civilian casualties, and many other DEVIOUS methods … all in the name of Patriotism. He has CONTINUED to ADVOCATE those strategies, adding to it the engineering of a coup-de-etat by the military against the MR/UPFA GOSL, altough recently in his support of Yahapalanaya he has become the quintessential CHAMPION “Human Rights”, “Democracy” and “Anti-Corruption”, which is why I call him a DIABOLICAL EELAMIST HYPOCRITE! I have resisted HIS EXTREME PROPOSALS before he started on his Yahapalanaya drive at LankaWeb as well, for in my view NO END JUSTIFIES CRIMINAL MEANS.

    After having DONE HIS VERY BEST to UNDERMINE & OUST the MR/UPFA GOSL from power, Ado Yakko “Facebook” Lorenzo is NOW continuing to execute a complex KOLAM dance here with an entire TEAM of AVATARS in tow, to MISLEAD & DIRECT Patriots over a CLIFF that would DESTROY Sri Lanka and ENABLE the CREATION of an EELAM. His favorite ploy to drag Patriots into the net is that he would support MR again if he REPEALS the 13A! Should we TRUST this SNAKE AGAIN, I ask, and fall into the same deep pit in mid-day that we fell into in the pitch darkness of mid-night?

    Judging ALL of his POST-WAR ACTIVITIES I have CONCLUDED that he was an EELAMIST all along, a MOLE who BURROWED DEEP INTO THE FABRIC OF THE PATRIOTIC COMMUNITY, to EMERGE at the CRITICAL MOMENT to STAB THEM IN THE BACK. OAOAsithri, whom you know well, has also come to the same conclusion.

    The OUSTER of MR was a SEVERE SETBACK for Sri Lanka’s Sovereignty, Territorial Integrity and Economic Growth that now threatens to CREATE an EELAM in Sri Lanka and RESTORE the Sri Lankan Anti-National and Foreign Neo-Colonial Forces attempting to DIVIDE & ENSLAVE Sri Lanka. “Facebook” Lorenzo has been helping that effort to the BEST of his ability, and is now trying hard to ensure that an MR-led UPFA does not emerge VICTORIOUS in the upcoming General Elections to rescue our Motherland from the grip of its ENEMIES …. AGAIN.

    When Ado Yakko “Facebook” Lorenzo’s AVATARS are found out and banished with their SHEEPSKIN cloaks trailing in the dust, NEW AVATARS are inserted into LankaWeb trying various ALTERNATIVE TACTICS to CONTINUE the program to mislead and misdirect patriots ahead of the CRITICAL upcoming General Election. As in the past, he uses his BAND of AVATARS to shore up his arguments and carry on debates with them in a MUTUAL ADMIRATION SOCIETY consisting solely of he, himself, his creations, and his lapdog followers. This is a strategy we have seen him REPEATEDLY deploy in the past as well.

    In a moment of MISGUIDED EGOTISTICAL BOASTFUL BRAVADO, that is characteristic of him, Ado Yakko “Facebook” Lorenzo has COMPLETELY DISCREDITED himself by ADMITTING and TAKING CREDIT at LankaWeb for the BAG OF DIRTY TRICKS he used to DISCREDIT & UNDERMINE MR in the Presidential Election.

    If you are trying to “Rehabilitate” Lorenzo in my eyes … please be aware that it is an ABSOLUTELY WASTED effort. I do not make such DECISIONS LIGHTLY and WITHOUT CAUSE; but when I do, it is VERY UNLIKELY that I will change my mind. ONCE BITTEN; TWICE SHY!

  8. Raj Says:

    Ananda-Usa, I first thought Lorence is Tamil, now I know he is a UNP sinhala guy. He gets paid by Mangala. Why I say he is not a Tamil as he claimed. is because he has admitted he can’t write in Tamil. Do you know of any Tamil who can’t read or write Tamil. He is a paid employee of Mangala. He has several other aliases as well as you have worked out. Having said that from what he says it is apparent that he is an old guy in his seventies or even eighties, and fully retired somewhere, like Brian Senevirath.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress