‘පොලීසියෙන් එද්දී ශෂී වීරවංශ ගෙදරින් පැන යයි’ – ලංකාදීප… විමල්ගේ පිළිතුර මෙන්න..
Posted on February 21st, 2015

lanka C news

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී  වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩුවෙල පිහිටි නිවසට ගියද ඇය නිවෙස අතහැර පලාගොස් ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරන බව පවසමින් එම පුවත්පත් වාර්තාව සදහන් කරන්නේ වීරවංශ මහත්මිය සැගවී සිටින බවට සැකකෙරෙන නිවාස කීපයක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන් පරීක්ෂාවට ලක් කළද එම කිසිදු නිවසක ඇය නොසිටි බවයි.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකට පිළිතුරැ දෙමින් මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ මෙසේය.

‘මම වාර්තාව සම්පූර්ණ අසත්‍යයක්. නුගේගොඩ රුස්වීම පැවති දා සවස පොලීසියෙන් බත්තරමුල්ලේ මගේ කාර්යාලයට හා නිවසට පැමිණ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට මගේ බිරිදට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිනෙන ලෙස දැනුම් දී තිබුනා. මගේ බිරිද දින කිහිපයක සිට අසනීප තත්වයෙන් රෝහල්ගතව සිටියේ. මේ වන විටත් ඇය සිටින්නේ රෝහලේ. ඒ බව අප නීතීඥයෙකු මාර්ගයෙන් වෛද්‍ය වාර්තාද සහිතව පොලීසියට දැනුම් දී ප‍්‍රකාශයක් ලබා දීම සදහා වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඇය නිවස අතහැර පලාගොස් හෝ සැගවී නෑ. පොලීසියට අවශ්‍ය නම් රෝහලට පැමිණ ඇයගෙන් ප‍්‍රකාශයක් ගැනීම සිදුකල හැකියි.

මේ සිදුවන්නේ අප ඉටුකරන භූමිකාවට එරෙහි ප‍්‍රති මෙහෙයුමක්. නුගේගොඩ රැළියෙන් පසු එය තීව‍්‍ර කරලා. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට ඉතා සමීප ඥාතීත්වයක් සහිත ලංකාදීප පුවත්පත දිගු කාලයක සිට පවත්වාගෙන එන සිය කීර්තා නාමය මේ ආකාරයේ පහත් දේශපාලන උවමනාවන් වෙනුවෙන් පාවිච්චි වීම ඉතා කණගාටුදායකයි

2 Responses to “‘පොලීසියෙන් එද්දී ශෂී වීරවංශ ගෙදරින් පැන යයි’ – ලංකාදීප… විමල්ගේ පිළිතුර මෙන්න..”

  1. Christie Says:

    Namaste: Maithree palanayak: pliganna …Jai Hind. There are lots of Indians in the island almost 20% but not many complaints about corruption out of around 2000only about one or two. Emperor is on track. Jai Hind

  2. ranjit Says:

    Nimal fear none and take your fight to the end,we are all with you because you always fought for the rights of the people and for the Motherland which we cannot easily forget. You are a brave man and we salute you for what you did during the war and what you are doing now to bring back our great hero Mahinda Rajapksa.

    Truth will prevail at the end and the traitors will go to hell.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress