ජාතික ආණ්ඩුවක් කුමකට ද?
Posted on February 23rd, 2015

නලින් ද සිල්වා

පසුගිය දා කටුනායක පැවති ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක දී ජාතික ආණ්ඩුවක් ඇති කර මැතිවරණය අවුරුද්දකින් කල් දැමිය යුතු ය යනුවෙන් යෝජනාවක් සම්මත වී ඇතැයි වාර්තා වෙයි. ඊනියා ජාතික ආණ්ඩුවේ වැදගත් ඇමතිධුර ශ්‍රී ල නි පක්‍ෂයටත් හිමි විය යුතු යැයි නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර ඇතැයි ද ඒ සමග වාර්තා වෙයි. අලුතෙන් පත් වු සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයාගේ පුත් ඩිලාන් පෙරේරා ඕනෑම ඇමති ධුර කිහිපයක් භාර ගෙන ජාතික ආණ්ඩුවට එකතු විය යුතු බව කියා ඇතැයි ද සඳහන් වෙයි. මේ විවිධ පුද්ගලයන්ට තම තමන්ගේ න්‍යාය පත්‍ර මිස රටක් ජාතියක් ගැන හැඟීමක් නැති බව පැහැදිලි ය.

 

ජාතියක් ගැන හැඟීමක් නැති වුව ද ඔවුහු ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට  කතා කරති. ජාතික ආණ්ඩුවක් එක් පක්‍ෂයකට හෝ පක්‍ෂ කිහිපයක සංධානයකට හෝ සීමා නො වේ. එය ප්‍රධාන පක්‍ෂ සියල්ලේ ම ආණ්ඩුවකි. මේ පිහිටුවීමට යන ජාතික ආණ්ඩුවේ පක්‍ෂ කවරේ ද? එ ජා පක්‍ෂය හා මෛත්‍රිපාල සිරිසේන සභාපතිත්වය දරණ ශ්‍රී ල නි පක්‍ෂය හැරුණු විට ජාතික ආණ්ඩුවක හවුල් කාරයන් වන වෙනත් පක්‍ෂ කවරේ ද?   

 

ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුත්තේ ජාතික අවශ්‍යතාවක් ඇති විට ය. පිටරටක් සමග යුද්ධයක් ඇති අවස්ථාවක ජාතික ආණ්ඩුවක් පිහිටුවිය හැකි ය. එසේත් නැතහොත් පොදු ජාතික න්‍යාය පත්‍රයක් සකසා එය ක්‍රියාත්මක කිරීමට ජාතික ආණ්ඩුවක් පිහිටුවිය හැකි ය. ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදින් පරාජය කිරීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත හැකිව තිබිණි. එහෙත් එ ජා පක්‍ෂය අඩුම තරමෙන් මානුෂීය මෙයෙවුම්වල යෙදුණු හමුදාව ධෛර්යමත් කරන අන්දමේ ප්‍රකාශයක් නිකුත් නො කළේ ය. ඔවුහු ඒ වෙනුවට හමුදාව හෑල්ලවට ලක් කළහ. 

 

එදා එසේ ක්‍රියා කළ එ ජා පක්‍ෂයට අද ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වී ඇත්තේ දෙමළ ජාතිවාදයේ ඉල්ලීම් තව තවත් දීමට බව පැහැදිලි ය. උතුරේ හා නැගෙනහිර හමුදා කඳවුරුවලින් ඉතා විශාල ප්‍රමාණයක් පසුගිය ආණ්ඩුව ආපසු ජනතාවට දී ඇති නමුත් තවමත් අධි ආරක්‍ෂිත කඳවුරු පවත්වාගෙන යන ඉඩම් වෙයි. වත්මන් ආණ්ඩුව මේ ඉඩම්වලින් අක්කර දාහක් පලාලේ කඳවුරු භූමියෙන් ජනතාවට යැයි කියමින් ආපසු භාර දී ඇත. මෙය පලාලේ කඳවුර ආරක්‍ෂිත ව පවත්වාගෙන යෑමට එරෙහි වූ ක්‍රියාවකි. 

 

පසුගිය දා රාජකීය විදුහලේ තමන් පිළිගැනීමේ උළෙලකට සහභාගි වූ රනිල් කියා සිටියේ තමන්ට අවශ්‍ය මුලු පාර්ලිමේන්තුව ම ආණ්ඩුව බවට පත් කිරීම බව ය. මේ අතර රනිල් පුවත්පත් දෙකකට හා එහි කතෘවරුන්ට තර්ජනය කර ඇත්තේ ඒ පුවත්පත් ජාතිවාදය අවුස්සන බවක් කියමිනි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ රනිල් විපක්‍ෂයක් නැතිකර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යන බව ය. එය ඉතා මර්දනකාරී ආණ්ඩුවක් වනු ඇත.

 

රනිල්ගේ ප්‍රතිපත්තිවලට දැනටමත් ජනතාවගේ විරෝධය පළ වී ඇත. නුගේගොඩ රැසිවීම මහින්ද අගමැති කිරීම සඳහා සංවිධානය කරන ලද්දක් පමණක් නො වේ. රනිල්ගේ විජාතික ප්‍රතිපත්තිවලට ද එරෙහි ව පවත්වන ලද රැස්වීමකි. ්

 

රනිල්ට විග්නේස්වරන් මහ ඇමති අවශ්‍ය වෙයි. එමෙන් ම දෙමළ නිදහස් සංධානය ද අවශ්‍ය වෙයි. ආණ්ඩුව දැනටමත් බටහිරයන් සමග දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී ඇත. එහි දී ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කරන බවට එකඟතාවකට පත් වී ඇත. 

 

අද මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් ඇති ශ්‍රී ල නි පක්‍ෂයට අවශ්‍ය මහින්ද ගෙදර යැවීමට සහාය දී ඇමති ධුර කිහිපයක් ලබා ගැනීම පමණකි. ඒ ඇමති ධුරර භාර ගැනීම සඳහා ඩිලාන් පෙරේරා වැනි මන්ත්‍රීවරු ද සිටිති. වැඩිකල් නොගොස් ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකත්වය රනිල්ගේ නායකත්වයෙන් ඇති ආණ්ඩුවකට පක්‍ෂය ද පක්‍ෂයට ඡන්දය දුන් ඡන්දදායකයන් ද පාවා දෙනු ඇත. එය ඉතා භයානක ප්‍රතිඵල රටට අත්කර දෙනු ඇත. 

 

ජාතිවාදී යැයි කියමින් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන රනිල්ට අවශ්‍ය බටහිරයන්ගේ හා ඉන්දියාවේ බහට අවනත වී දෙමළ ජාතිවාදයේ ඉල්ලීම් ලබා දීමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණ ද දෙමළ ජාතිවාදය පරද්දා නැත. දෙමළ ජාතිවාදය පරාජය කරන තුරු රටේ ආරක්‍ෂාව ගැන ඉතා සෙවිල්ලෙන් සිටිය යුතු ය. අධිආරක්‍ෂිත කලාපවල ඉඩම් බෙදාදීමට වඩා රටේ ආරක්‍ෂාව වැදගත් වෙයි. එහෙත් රනිල් වික්‍රමසිංහට අවශ්‍ය දෙමළ ජාතිවාදයට කප්පන් ගෙවීම ය. එහි දී ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා විරුද්ධ පක්‍ෂය නැති කිරීමටත් තම කප්පන් ප්‍රතිපත්තිය විවේචනය කරන රිවිර හා දිවයින වැනි පුවත්පත් දරුණු පාලනයකට යටත් කිරීමටත් ඔහුට අවශ්‍ය වෙයි.  නිමල් සිරිපාලලා මේ වැඩ පිළිවෙළට එක පයින් කැමති වනු ඇත. 

 

මේ පිහිටුවීමට යන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියාවෙන් රට  ගලවා ගෙන දෙමළ ජාතිවාදය පරාජය කරන ජාතික ආණ්ඩුවක් නොව බටහිරයන්ට හා ඉන්දියාවට යටත් ව දෙමළ ජාතිවාදයට කප්පන් ගෙවන විජාතික ආණ්ඩුවකි. දිවයිනට හා රිවිරට තර්ජනය කරන රනිල් යාපනයේ පළවන දෙමළ ජාතිවාදයට පක්‍ෂපාති පුවත්පත් පළ කිරීමට විරුද්ධ නැත. රනිල් ජාතිවාදය, ජාතික ආණ්ඩුව යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි පළමුව ජනතාවට ප්‍රකාශ කළ යුතු ය. 

 

නලින් ද සිල්වා

 

2015 පෙබරවාරි 23

6 Responses to “ජාතික ආණ්ඩුවක් කුමකට ද?”

  1. Senevirath Says:

    සිරිපාලත් ඩිලානුත් පක්ෂය රනිල්ට පාවාදෙනවා සිකුරුය ශ්‍රීලනිපයේ සිටියත් කාගේ කාගේ හැටිත් දැන් බලාගන්න පුළුවන් වෙය සිංහල බෞධයිනි අවදිවවූ රට අනතුරේ ජවිපෙත් කියන්නේ ජාතික ආණ්ඩුවක් අනවශ්‍ය බවය් දිනුවට පස්සේ ඕන කෙනෙක් එකතුවෙය් කියලය් එයාලත් කියන්නේ එත් ශ්‍රීලනිපයේ සමහරුන්ට ඇමතිකම් ලොකුවෙලා මුන් මිනිස්සුදබල්ලෝ බලල්ලුද හරි හමන් බෞද්ධයෝ නම් හරි හමන් භික්ෂුන් නම් මුන්ගේ පස්සේ යන්නේ නැහැ . මොකෝ දැන් බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ හෙම කතා නැත්තේ

  2. Independent Says:

    ප්‍රශ්නය ඇත්තේ “ජාතික ආණ් ඩුව​”, “යහපාලනය​” වැනි නිර්මල මූලධ්‍ර්ම වල නොව​, මේ වචන කුලියට ගනිමින් සම්පූර්ණ යෙන්ම ඊට විරුද්ධ්ව කටයුතු කිරීමට තරම්ම අබෞද්ධ වූ කාලකන්නියන් හෙල බොදු සටන පාවාදීම නිසාය​.

    මෙයවත් තේරුම් ගැනීමට තරමට තන්හාව අඩූවන භාවනාවක් ඔබතුමන් ලාට කරන්න බැරිද ?

  3. Christie Says:

    Namaste: Tamils are part of the Indian Empire be it Singapore or any Indian colony from Fiji to Guyana. Any subject of the colonies have no right to be equal with the colonists. The privileges enjoyed by colonists are to be continued. Jai Hind

  4. ranjit Says:

    I do not have words to describe these dirty politicians in both sides who are fighting each other to keep their places of power without thinking of the country or it’s people. They are low class beggars with no vision or backbone to stand up alone. They know in their hearts that they are wrong in everything they do but just keep quite to keep the power they got by luck and enjoy it as much as possible.

    I hope and pray that the majority who voted for this Jarapalanaya will come to their senses and change it in the next General election before they hand over the North and East to Tamils & Muslims. Already they have raised their heads and boasting about their achievements to date. They are waiting till their God Father Modi comes to town to complain against the Sri Lankan Govt. These Tamil & Muslim traitors to the land should be expelled for treason. They cannot dictate to us and tell us what to do instead they must respect and obey the rules of this country. We have to educate the people from grass root level the danger we will have in the future if this Jarapalanaya continues. Sinhalese wake up.

  5. NAK Says:

    MY3 is using his position as president and chairman of SLFP to force the officials of the SLFP to tag along with his agenda knowing fully well that it is against the wishes of the people.
    Siripala together with Dilan will say yes to anything that postpone the elections until last possible day. they both know they have come to the end of their political life.
    MR must now come out and arrest this slide before it passes the point of no return while it is certainly true that Ranil has struck the panic button

  6. Senevirath Says:

    ජාතික ආණ්ඩුවක් අවශ්‍ය අපි අකමැති අගමැති වීමටත් රට බටහිරයන්ට පාවාදීමටත් ය රනි ල්ට උතුරේ දෙමලුන්ගේ කිසිම දෙයක් ජාතිවාදීනහ සිංහලයෝ තමන්ගේ රට රක ගැනීම තමය ජාතිවාදී වෙලා තියෙන්නේ පත්තර කාරයෝ නොවෙය සක්කිලි වැඩ කරන්නේ රනිල් තමය සුද්දන්ට හැමදාම සක්කිලි වැඩකලේ . සක්කිලි පමණක් නොවෙය පක්කලි වැ ඩ ත් කලේ .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress