ආසනෙත් පරාද නිමල් සිරිපාලට දිනන්න බෑ.. දිනන්න නම් මහින්ද ඕනෑ – වෙල්ගම [Video]
Posted on February 23rd, 2015

තමන්ගේ ආසනයත් පැරදුනු නිමල් සිරිපාලද සිල්වාට අගමැති තරඟයකින් දිනන්න බැරි බවත් ශ‍්‍රිලනිපය ජයග‍්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කල යුතු බවත් හිටපු ඇමති කුමාර වෙල්ගම මහතා පවසයි.

2 Responses to “ආසනෙත් පරාද නිමල් සිරිපාලට දිනන්න බෑ.. දිනන්න නම් මහින්ද ඕනෑ – වෙල්ගම [Video]”

  1. Christie Says:

    Namaste: India wants to divide the Sinhala majority and they have succeeded with the last president election and will continue to do so. Jai Hind

  2. Indrajith Says:

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එල්ල වී ඇති විදේශ ගමන් බලපත‍්‍ර සම්බන්ද චෝදනා අසත්‍ය බවට තහවරු කරන ලේඛණ අධිකරණයට ඉදිරිපත් කල බව ඇය වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෝ පවසති.

    එම නීතීඥ කණ්ඩායමේ නීතීඥ කපිල ගමගේ මහතා පවසන්නේ වීරවංශ මහත්මිය විදේශ ගමන් බලපත් දෙකක් භාවිත කර ඇති බවට එල්ල වන චෝදනාව මුළුමනින්ම අසත්‍ය බවත් කලිවන් පැවති බලපත‍්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දී දෙවැන්න ලබාගෙන ඇති බවයි.

    ඒ බව තහවුරු කරන ලේඛණයක්ද ඔහු ඉදරිපත් කලේය.

    උපන් දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන්ද එල්ල වී ඇති චෝදනාවද බැහැර කරන නීතීඥවරයා මෙය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත අනුව සකසන ලද විදේශ ගමන් බලත‍්‍රයක් බවත් එම වරද නැවිරදි කරන ලෙස ඉල්ලා සැකකාරිය විසින් දැනට කලකට පෙර එම දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබුනද එය සිදුව නැති බවයි.

    ඒ සම්බන්ධයෙන් වූ ලේඛණද ඔහු මාධ්‍ය වෙත ඉදිරිපත් කලේය.

    මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාද සඳහන් කරන්නේ පොලීසිය පරීක්‍ෂා කරන්නේ ඇයට එල්ල වී ඇත්තේ විදේශ ගමන් බලපත් දෙකක් භාවිතා කිරීමේ චෝදනා නොව අවධිමත් ලේඛණ භාවිතා කරමින් විදේශ ගමන් බලපත‍්‍රයක් සෑදිම බවයි.

    ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාරත්මේන්තුවද වගකිව යුතු බවත් ඒ ගැන පරීක්‍ෂණයක් කල යුතු බවත් ඔහු පවසයි.

    දෙරණ රූපවාහිනිය සිද්ධිය වාර්තා කල අයුරු…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress