NFF files complaint against Rajitha at Bribery Commission -MEGA DEAL මෙන්න.. ඇමති රාජිතට බිලියන දෙකක, නැවු අටක දුෂණ චෝදනා.. පැමිණිල්ල මෙන්න…
Posted on March 3rd, 2015

March 4, 2015 at 12:01 am | lanka C news

MEGA DEAL මෙන්න.. ඇමති රාජිතට බිලියන දෙකක, නැවු අටක දුෂණ චෝදනා.. පැමිණිල්ල මෙන්න…‘යහපාලනය අරඹා ඇත’ කියන පණිවිඩය මේ මිනී මෝරාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග අරගෙන පෙන්වන්න    
– ජානිපෙන් යහපාලන ආණ්ඩුවට අභියෝගයක්මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි අද(03) ජාතික නිදහස් පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට, කැබිනට් ප‍්‍රකාශක, රාජිත සේනාරත්නට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජාතික නිදහස පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලගිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

‘අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ආවේ මේ ආණ්ඩුව බිහි කිරීමෙහිලා මූලික වැඩ කොටසක් කරපු වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම, කැබිනට් ප‍්‍රකාශකවරයා ලෙසත් කටයුතු කරන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට. ඔහු ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලේ සිය ධීවර අමාත්‍ය බලය අසාධාරණ හා අයුතු ලෙස පාවිච්චි කරමින් කරමින් මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම පිළිබඳවයි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ.

මේ මහා දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. දූෂණ එවකට ධීවර අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න මහතා ස්වකීය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අනුරාධ සෙනෙවිරත්න නැමැත්තා හරහා රුපියල් මිලියන 2000ක්(බිලියන 02) වටිනා මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත තම අමාත්‍ය බලය අයුතු ලෙස යොදාගෙන තමන් සතු කරගෙන තිබෙනවා.

ඒ විතරක් නොවෙයි ඒ සඳහා නීතිවිරෝධී ආයතනයක් පිහිටුවලා තිබෙනවා. 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන උල්ලංගනය කරමින් ‘බ්ලූ ඕෂන් ෆිෂරි පුද්ගලික සමාගම’ නමින් තමයි එම නීතිවිරෝධී ආයතනය පිහිටුවා තිබුණේ. එම ආයතනයට රුපියල් මිලියන 400ක් වටිනා ධීවර යාත‍්‍රා 08ක් රේගුවට බදු වංචා කරලා ගෙන්වලා තිබෙනවා. මේ ධීවර යාත‍්‍රා යොදාගෙන මේ රටේ ධීවර ජනතාවට වසර ගණනාවක් නෙළා ගැනීමට තිබූ රුපියල් බිලියන 02ක්, රුපියල් මිලියන 2000ක්, රුපියල් 20,000ක් වටිනා ධීවර සම්පත් රාජිත සේනාරත්න මහතා කොල්ල කාලා තිබෙනවා.

රාජිත සේනාරත්න මහතා මීට ඉහතදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අයථා ගනුදෙනුවක් කරලා ඊට අධිකරණයෙන් වරදකරු වෙලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය පවා අහිමි වූ අයෙක්. ඒ වගේම ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගත් රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපි ඊනියා යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වින‍්‍රමසිංහ මහත්තයාගෙන් වගේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ඉල්ලනවා.

ඒ විතරක් නොවෙයි ඊනියා යහපාලන ආණ්ඩුවේ උත්තරීතර ජාතික විධායක සභාවේ සාමාජික, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට අපි කියනවා, ‘හාල්මැස්සෝ අල්ලමින් බොරුවට කෑමොර දෙන්න එපාෟ අපි අරගෙන ආවා මිනී මෝරෙක්ව අල්ලස් කොමිසමට. මහත්වරුනි, මෙතැනින් පටන් ගන්න තමුන්නාන්සේලාගේ යහපාලනය පෙන්වන එක. ඒක තමුන්නාන්සේලාගේ ‘ගෙදරින්ම’ පටන්ගන්න කියලා’’

අල්ලස් හො දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලෙහි අඩංගු කරුණු සැකෙවින් මෙසේය.

5,327 Viewers

3 Responses to “NFF files complaint against Rajitha at Bribery Commission -MEGA DEAL මෙන්න.. ඇමති රාජිතට බිලියන දෙකක, නැවු අටක දුෂණ චෝදනා.. පැමිණිල්ල මෙන්න…”

  1. Christie Says:

    Namaste: Most of the fish exports specially Tuna to the West are in the hands of Indian exporters of the island and they under invoice and the excess money is stacked in overseas accounts. Indian trawlers hauling our fish at the moment and how much are the payments received by the respective people of the good governance? Jai Hind.

  2. ranjit Says:

    Dentist better answer these allegations. You say HORA to others now who is the real HORA answer my dear Dath Dostarayo.

    Fish folks were protesting those days for this reason and nobody bothered or took action about it because you acted like a thug assaulting poor fish folk when they visited your Ministry to complain and now the truth has come out so better be ready to answer.

    This is not the only HORA in Jarapalana but many are out there who are well known thieves. MR is suffering today because he was reluctant to take action against those thieves in the first place. They took advantage of his kindness and tried to put all the blame on him for the downfall of the previous Govt. I hope and pray that the judgement will be Guilty in this case and he be sent to jail for good. I like to see him in a cage for insulting and harassing innocent people as if he is 100% clean.

  3. Susantha Wijesinghe Says:

    THIS IS THE SCOUNDREL WHO TOLD BEFORE THE ELECTIONS THAT:-

    **** I WILL REMOVE MAHINDAS TEETH ONE BY ONE****

    RANJIT!!! The Karmic Law will catch up with this bugger, sooner than expected. Sure, you will see him in a cage.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress