අයිතිකරුවකු හෝ භාරකරුවකු හෝ නැතිවිම
Posted on March 10th, 2015

-වෛද්‍ය කේ. සුරන්ප්‍රිය යුතුකම සංවාද කවය

නව රජය විසින් රට තුළ ඇතිකරන්නේ යැයි පැවසූ වෙනස සිදු වෙමින් තිබෙන්නේ ද? මෙය විමසා බැලීමට මේ ඉතාමත් ම සුදුසු කාලය බව පෙනේ. මේ රට යන ආකාරය හරිද, වැරදිද යන්න සම්බන්ධයෙන් සංවාදයක් දැන් සිදු වෙමින් තිබේ. සමාජය තුළ ඉතා පැහැදිලිවම තහවුරු වී ඇති කරුණක් ලෙස අපට පෙනී යන්නේ කිසිවකු විසින් අපේක්ෂා නොකළ අවිනිශ්චිත, ආගන්තුක පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බවයි.

තිගැස්ම

රටේ ජනතාව අතරත් මාධ්‍ය වලිනුත් කතා බහට ලක්වුනු වඩාත් ජනප්‍රිය මාතෳකාව වූයේ අයවැයයි. මෙවර ඉදිරිපත් කළ අයවැය අන්තර්කාලීන එකක් වුවත් එය පූර්ණ අයවැයක් බවට තදින් ප්‍රකාශ කරන්නට යෙදුනි. රජයක් විසින් ඉදිරිපත් කෙරුණු අයවැයකට ඉතාම කෙටි කලක් තුළදී මෙතරම් අතපසු වීම් සිදු විනැයි තමන් විසින්ම පිළිගන්නට යෙදුනු වෙනත් අයවැයක් මෑත ඉතිහාසයේ අපට දැක ගන්නට තිබුනේ නැත. එජාපයේ ම සමහර ඇමතිවරුන් විසින් මේ බව ප්‍රසිද්ධ මාධ්‍යයන්ගෙන් පිළිගන්නා ලදී. හයිබ්‍රිඩ් වාහන බද්ද සහ සුපිරි ආදායම් බද්ද මේ අතර ප්‍රධාන වේ. මේවා රජය විසින් යෝජනා කරන ලද ප්‍රධානම ආදායම් උපයා ගැනීමේ යාන්ත්‍රණයන් වන කල්හි එහි වැදගත්කම ඉතා වැඩිය. බැංකු ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ ඇතිවී තිබෙන තිගැස්මත්, ඔවුන් පවතින ආර්ථික වැඩ පිළිවෙල  දෙස බලන උපහාසාත්මක දැක්මත් දැන් ප්‍රචලිතය. එජාපය සතුව ඇතැයි පැවසූ මහා ආර්ථික කළමනාකරණ හැකියාවම හුදෙක් මවා පාන ලද ව්‍යාජයක් මිස, කිසිසේත්ම ප්‍රායෝගික භාවිතාවක් නොවන බව දැන් ඉතාමත් පැහැදිලිව විදහා දක්වා ඇත.

ජනතාවට ලබා දෙන්නට යෙදුනු සහන පවා හුදෙක් මැතිවරණයක් ඉලක්ක කොට ගෙන දෙන ලද ඒවා මිස දිගු කාලීනව පවත්වා ගෙන යාමට නොවන බවට විශ්වාසයක් ජනතාව අතර දැනටමත් ඇතිවී තිබේ.

සැර රනිල්

රනිල් වික්‍රමසිංහ තමාගේ ඒකාධිපති ස්වරූපය කිසිවකුගේ ප්‍රශ්න කිරීමකින් තොරවම ක්‍රියාත්මක කරමින් තිබේ. ඔහු විසින් තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි  ඒකාධිපති බලය පතුරුවා ඔවුන් හීලෑ කර ගෙන  ඇත්තේ ව්‍යවස්ථාමය අගමැති බලයකින් නොවේ. ඔහු ඉතා පහසුවෙන් එජාප ව්‍යවස්ථාව මගින් එය සිදු කර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇමතිවරු පත් කිරීමේදී ඔහු ක්‍රියා කළ ආකාරය දැනටම අර්බුදයකට මඟ පාදා ඇත. අදාළ ක්ෂේත්‍රය සඳහා වන පරිනත භාවයට වඩා තම පෞද්ගලික රුචියට මුල් තැන දීම, එයටත් වඩා එම විෂයට පත් කරන ලද පුද්ගලයින් තෝරා ගැනීම දෙස බලන විට ද, අධ්‍යාපනය වැනි ඉතා වැදගත් විෂයක් කෙරෙහි වන ඔහුගේ සහ එජාපයේ තක්සේරුව දැන් සිදු වන දෑ දෙස බැලීමේදී කදිමට මැන ගත හැක. දෙමව්පියන් ගෙන් මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍ර ලේඛනය බොහෝ දෙනෙකුගේ මුවඟට සිනහවක් නැංවූ කරුණක් වූයේ එහිවූ අපරිණත විහිලු ස්වභාවය වුවත්, ඊට වඩා හරබර යමක් මොවුන්ගෙන් බලාපොරොත්තු වීම එයටත් වඩා විහිලුවකි. සාමාන්‍ය පෙළ ගණිතය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයත් පසුව එය අස් කර ගැනීම ද අපරිණත දේශපාලනයයි.

මෑතකදී රනිල් වික්‍රමසිංහ විසින්, නම් සඳහන් කරමින්ම මාධ්‍යවේදීන්ට සිදු කළ තර්ජනය සුලු කොට තැකිය හැකි නොවේ. මේ සැබෑ රනිල් වික්‍රමසිංහ හඳුනා ගැනීම කිසිසේත්ම ප්‍රමාද නොකළ යුතුය. මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව රටේ ජනතාව ඉතා අවධානයෙන් සිටිය යුතුය. ඔහුගේ එම තර්ජනය යහපාලනයේ කොටසක් බවටද ඔහු එදා ප්‍රසිද්ධියේ වහසි බස් දෙඩුවේය. හීලෑ වී සිටින චම්පිකත්, අනුර කුමාරත් තම යහළු අගමැතිගේ මේ හැසිරීම පිළිබඳව කිසිවක් හෝ පවසනවාද යන්න අප විසින් තව දුරටත් බලා සිටිය යුතු වෙමු. තවත් සතියක් පමණක් ඔහු විසින් එම මාධ්‍යවේදීන්ට කල් ලබා දෙන බව ඔහු විසින් ප්‍ර කාශ කරන්නට යෙදුනි. දකුණේ එම සිංහල මාධ්‍යවේදීන් විසින් ජාතිවාදය ඇවිස්සීම සහ වසර දහයක් තිස්සේ ඔහුට එරෙහිව ක්‍රියා කිරීම රනිල්ගේ එම තර්ජනයට හේතුව ලෙස ඔහු විසින් සඳහන් කරන ලදී. මෙය ඉතා භයානක වන්නේ උතුරේ ද්‍රවිඩ පුවත් පත් වල පළ වන කිසිම දෙයක් කිසි ලෙසකින් හෝ වාරණය නොවන වටපිටාවකය. දකුණට වල්බූරු නිදහසක් අනවශ්‍ය බවත්, උතුරට ඕනෑම වල්බූරු නිදහසක් තිබුනාට කමක් නැති බවත් මේ මගින් අදහස් කරන බව පෙනේ. මේ ලෙස කරුණු සිදු වුව හොත් රට පත් විය හැකි භයානක තත්වය කෙරෙහි අප සැමගේ විශේෂ අවධානය යොමු විය යුතුය. අගමැතිවරයාගේ මේ හැසිරීම වහාම පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය යුතුය. ජෝන් අමරතුංගට එරෙහිව විශ්වාශභංගයක් ගෙන ඒමට සිදුවූ සිද්දිය සම්බන්ධයෙන් ද ඔහු ප්‍රකාශ කළේ එය සුඵ දෙයක් ලෙසය. එයිනුත් නොනැවතී පාර්ලිමේන්තුව විසිරුවන බවටද තර්ජනය කරන ලදී. මොවුන්ගේ මේ යහපාලන මායාව අනාගතයට ප්‍රක්ෂේපනය කොට වටහා ගැනීමට අප විසින් තවත් ප්‍රමාද නොකළ යුතුය. යහපාලනය යැයි තමන් රැවටීමකට ලක්ව ඇතැයි ජනතාව විසින් දැන් දැන් සාකච්ඡා කරමින් සිටින බව රහසක් නොවේ.

ජනපති කොයිබට?

නව ජනාධිපතිවරයා නිසඟයෙන් ඔහුට හිමිව තිබෙන ඌණ පෞරුෂය සහ තවත් අනෙකුත් අඩුපාඩු කම් නිසා සාපේක්ෂව බල රහිත පුද්ගලයකු ගේ තත්වයේම පැවතීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. එලෙසම අනෙක් අතට සාමාන්‍ය පෘතග්ජන ස්වභාවයට එහා ගිය තරමේ මුසාබස් දෙඩීමෙන් පෙන්නුම් කරන්නේ වඩා සාහසික පළිගැනීමේ හැසිරීමකට වුව ඔහු යොමු විය හැකි බවක් නොවේද? මේ මෑතකදී උපහාසයෙන් යුතුව සුජීව සේනසිංහ විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ආපන ශාලාවට පැමිණියත් කිසිවෙකු හෝ ඔහු එහිදී ගනන් නොගන්නා ලද බවයි.

ඔහු විසින් මේ පවසන සත්‍යය රූපවාහිනියේ වරින් වර පෙන්වන සමහර රූප රාමු වලින් ද පැහැදිලිව පෙනේ. ඔහු රැස්වීම් වලදී හෝ ජනතාව ඉදිරියට යන කවර අවස්ථාවකදී හෝ සිය අත ඔසවා කරන ආචාරයට හිමිවෙන  දුර්වල ප්‍රතිචාරය, හිටපු ජනාධිපතිවරයාට දැනුදු හිමිවන දැවැන්ත ප්‍රතිචාරය හා සැසඳීමේදී වටහා ගත හැකිය. එවැනි දර්ශන දෙස බලා සිටින කවරෙකුට හෝ හැඟී යා හැක්කේ, ජනතාව එවන් අවස්ථා වලදී මේ තමා ඉදිරියෙන් යන්නේ කුමන්ත්‍රණයකින් බලයට පැමිණි අයෙකු නොවේදෝ යි  සිතමින් ඔහු දෙස බලා සිටින බවය. මෙම දුර්වල ප්‍රතිචාරය වත්මන් ජනාධිපතිගේ සිත යම් පමණකට හෝ කඩා වැටීමකට හේතුවනු ඇති බවට සැකයක් නැත. මෙවැනි ජනාධිපතිවරයකු යටතේ, යහපාලනය කෙසේ වෙතත් වැඩි ඒකාධිපතිත්වයකට සහ දැඩි මර්ධනයකට සූදානම් වීමට අපට සිදු වුවහොත් එය පුදුමයක් නොවනු ඇත.  සිරිසේන ජනාධිපතිවරයා වෙත ආරෝපනය කර තිබූ නිර්මල ගැමි සාධාරණ චරිතය මහා ව්‍යාජයක් බවත්, ඔහුද තවත් එක් දේශපාලඥයකුට වඩා කිසිසේත්ම වෙනසක් නොමැති බවත් දැන් ජනතාව වසින් වටහා ගෙන ඇතුවාට සැක නැත.

නිවට බහුතරය

මේ සියළු අවාසනාවන්ත වටපිටාව තුළ වඩාත්ම ඛේදවාචකයක් වී ඇත්තේ බහුතර බලයක් සහිතව නිවටුන් වී සිටින නිමල් සිරිපාල ඇතුලු පිරිසගේ නිර්ලජ්ජිත ක්‍රියා කලාපයයි.  නිමල් සිරිපාල ඇතුලු පෙරමුණේ ඉහළ තලයේ අයට කවර තත්වයක් යටතේ හෝ අනාගත රජයක තනතුරු ගැනීමට ඉඩ පාදා ගැනීම පිණිස වන ව්‍යාපෘතියක් ලෙස ඔවුන්ගේ මෙම හැසිරීම තේරුම් ගත හැකිය. පාර්ලිමේන්තුවේ ප්‍රේක්ෂකයන් වීමට ඉඩ ඇති පෙරමුණේ බහුතර පසු පෙළ මන්ත්‍රීවරුන් විසින් ඉක්මණින්ම වටහා ගත යුත්තේ, ප්‍රමාද වීමෙන් රටට සිදුවිය හැකි විනාශය බරපතල බව සහ එය පසුව නිවැරදි කිරීමක්ද කළ නොහැකි බවය.

ශ්‍රීලනිප යෙහි ඇති කරන ලදැයි පැවසූ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඉතා කදිමට ප්‍රදර්ශනය වෙමින් තිබේ. ශ්රීලනිප  මන්ත්‍රී කණ්ඩායම තම ඡන්දය වත් ලබා නොදුන්,තම පක්ෂය හැරදා ගොස් එජාපය හා එක්ව තමන්ට එරෙහිව ප්‍රතිවාදීව තරඟ වැදුණු පුද්ගලයා සමඟම එකතු වී, ඔහු ලවාම තමන් ව රූකඩ ලෙස, නිවට ලෙස හසුරුවා ගනු ලැබීම කවර නම් තත්වයක් යටතේ හෝ වටහා ගත හැකි ද? මෙය සත්‍යම වශයෙන්ම සිදුවිය හැකි ද? මේ සිදු වන්නේ කුමක් ද? ඔවුනට දැන් තමනට රිසි ලෙස තම පක්ෂයේම අනුශාසකයෙකු මුල් කොට ගෙන පැවැත්වෙන රැස්වීමකට හෝ සහභාගි වීම පක්ෂ විනය නාමයෙන් තහනම් වී ඇත. ශ්රීෂලනිපය එජාපය සමඟ සභාග ආණ්ඩුවක් සෑදීමට ආයාචනා කර ඇත. මෙය නම් කිසි දිනෙක කිසිවෙකු හෝ සිහිනෙන් පවා අපේක්ෂා නොකළ තත්වයකි. මේ සිරිසේන පක්ෂ නායකයා විසින් හිටපු පක්ෂ නායකයාට වඩා පිරිසිදු ලෙස පක්ෂය හසුරුවන ආකාරයයි! මේ පක්ෂ නායකයාම රටේ ද නාමිකව හෝ නායකයා වන කළ, මහා විනාශයකට රට ඇදී යාමට පෙර මේ පුද්ගල චර්යාවන් හඳුනා ගැනීම සිදු විය යුතුය. එසේ නොමැති වුව හොත් ශ්‍රීලනිපය  බරපතල ලෙස දෙකඩ වීම වළක්වා ගැනීම අසීරු වනු ඇත. රටේ ජනතාව විසින් උපකල්පනය කරන ලද යහපාලනය මෙය නොවන බවත්, එය මෙතරම් ඉක්මනින්ම වටහා ගැනීමට තරම් කරුණු කාරණා දැන් ඇස් පනා පිටම ප්‍රදර්ශනය වෙමින්ද තිබේ.

කැඳ හැළිය සජීවීව

කබීර් හෂීම් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී අපූරු ප්‍රකාශයක් මෑතකදී සිදු කරන ලදී. එය එජාප ස්ථාවරයම බවට සැකයක් නැත. විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දින සියය තුළ ඉදිරිපත් වුවත්, එය සාකච්ඡා කොට සම්මත කර ගැනීමට කල් මදි වීමට ඉඩ ඇති බවටත්, එසේ වුව හොත් එම වෙනස් කිරීම් නොමැතිව මැතිවරණයකට යාම සිදුවනු ඇති බවත් ය. රාජිත මාධ්‍යය ප්‍රකාශකයා මෙයට හාත්පසින්ම වෙනස් වූ මතයක් ප්‍රකාශ කරයි. මේ අතර ශ්‍රීලනිපය අද පත්වී ඇති අසරණ තත්වය මනා ලෙස විදහා දක්වන අවස්ථාවක් ලෙස මැතිවරණ සංශෝදනය මුවාවෙන් එය දින සියයකට වඩා වුවත් කල් දැමීමට සිය එකඟතාවය පළ කිරීම දැක්විය හැකිය.  රතන ස්වාමීන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරණු දැකිය හැකිය. අනුර කුමාර ශ්‍රීලනිපයට පහර දෙමින්, වක්‍රව රනිල් ගේ මතයම නියෝජනය කරන බව පැහැදිලිව පෙනේ. යහපාලන ලියැවිල්ලේ ඇති කරුණු සම්බන්ධයෙන් වූ මහා සුපිරිසිදු මතය දැන් එතරම් නොවැදගත් තවත් සුපුරුදු දේශපාලන ප්‍රකාශයක් පමණක් බව කිසිදු විරෝධයකින් තොරවම සමාජගත වෙමින් තිබේ. රාජිත කැබිනට් මාධ්‍යය ප්‍රකාශකයා සහ අනෙකුත් ඇමතිවරුන් එකිනෙකාට පරස්පර මත ප්‍රකාශ කරමින් සිටිති. කවුරු කවුරුත් තමන්ට රිසි ලෙස තීරණ ගන්නා බවත් ඒවා තමන්ට ඕනෑ පරිදි ප්‍රකාශ කිරීමටද පසු බට නොවන බවද පෙනේ.

බලාපොරොත්තු වූ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ යහපාලනයක් හෝ අප අත්විදින්නේ නැත. යහපාලනය සම්බන්ධයෙන් මහා ඝෝෂාවක් නැගූ උගතුන්”, කලාකරුවන්” දැන් ඉතා ලජ්ජා සහගත ලෙස සැඟව සිටිති. රටේ මේ ඇතිවී ඇති අස්ථාවර භාවයට මඟ විවර කළ සියලු දෙනාම මෙයට පිළිතුරු දිය යුතු ය. කවර තත්වයන් යටතේ හෝ මේ කුමන්ත්‍රණයට පෙර අපට ස්ථාවර රටක් තිබුණි. දැන් සිදුව ඇත්තේ ඉදිරියේ දී සිදුවන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගත නොහැකි අවිනිශ්චිත රටක ජීවත් වීමටය. මෙය අප කවුරුවත් ප්‍රාර්ථනය කරන ලද තත්වය නොවේ.

අපි අපගේ රට වහාම ගලවා ගැනීමට මැදිහත් විය යුත්තේ අස්ථාවර නොවන රටක කිසිදෙයක් සිදු නොවන නිසාය. රටේ සියලුම ජනතාව නැවත වරක් එකාවන්ව නැගීසිටිය යුතුය.

-වෛද්‍ය කේ. සුරන්ප්‍රිය
යුතුකම සංවාද කවය

3 Responses to “අයිතිකරුවකු හෝ භාරකරුවකු හෝ නැතිවිම”

  1. ranjit Says:

    DR every word of your article is true. Most people have realized by now their mistake by bringing this Yamapalanaya to power.When will our stupid people think of their country of birth first rather than their greedy stomach? They believed the lies of these traitors than the man who saved our Motherland. People should know by this time who were the actual traitors to our Motherland from their past activities. Chandrika/Ranil both were rejected once for their crimes against our people. They supported LTTE terrorism and collaborated with our enemies in the West and the Indians and again people has given them a chance to do what I sincerely cannot understand. They shouldn’t be in power after all what they did to our Motherland before 2005. They were responsible for many deaths and corruption in the country. Most of the current Ministers were involved in corruption and the current Prime Minister was responsible for the killing of our Intelligence unit members and having torture chambers in Batalanda. These are not people who cares about the country they were all criminals who were having vast amount of wealth stacked in foreign banks etc. We must investigate them first rather than harassing and intimidating innocent people. These rowdies do not respect the people but treating the previous President and Ministers like garbage which is not acceptable for a decent society.

    I hope the the citizens of this country will use their brains and at the same time think of their future and use their valuable vote to change this crooked Govt in the next General elections. It’s a must if not we will be in far more danger situation than last time. No time to think just act quickly as possible.Join the Nugegoda movement to save our Motherland.

  2. Christie Says:

    Namaste: “රටේ සියලුම ජනතාව නැවත වරක් එකාවන්ව නැගීසිටිය යුතුය.”. The problem is the majority of the island nation is not united. That is the non Indians of the island. The Indian minority was in control since 1956 until 2005. The Indian minority has been in control of all aspects of the life of majority during this period. Then they are back now with vengeance and the last nail of the coffin is not far. The Emperor is coming and it will be the end soon. Jai Hind.

  3. Geeth Says:

    රනිල්ගේ ජනාධිපති සිහිනය නමැති ඇජෙන්ඩාවේ, මෙවර ජනාධිපති ගේ අභාවප්‍රාප්ත වීම අඩංගු වෙලා තියෙන්න ඇති කියන එක මට හිතෙනවා. මොකද එයා විපක්ෂ නායක වීමේ අජෙන්ඩාවේත් එවැනි අභාවප්‍රප්තවීම් තුනක් තිබුනනේ. දැන් කොටින්ව එලියට දාන එකේ බලාපොරොත්තුව, දකුණ ඇවිලෙනකොට උතුරත් අවුලවන්නත්, ප්‍රධානපෙලේ දේශපාලන ඝාතන වැලක ආරම්භය සැපයීමටත්, ඝාතන වල චෝදනාව දාන්න තැනක් තියෙන්න ඕනත් නිසා වෙන්නත් පුළුවන්. වව්නියාවේ පොලිසියට වෙඩි තියපු එක RAW එකේ වැඩක් වෙන්ඩ පුළුවන්. එහි අරමුණ ත්‍රස්තවාදය තවමත් තියෙනවා කියන පණිවිඩය සමාජයට දීමයි. ඊගාවට තව බෝම්බ දෙකක් තුනක් තැන තැන වල පුපුරවයි. ඒ කරන්නෙ දේශපාලන ඝාතන වලට පසුබිම හදන්ඩ යි. එක RAW වැඩක් නම්, අපි බලාපොරොත්තු වෙන්ඩ ඕන ටාගෙට් එක රාජපක්ස කියල. ඒක විග්නේස්වරන් හා කොටින්ගේ වැඩක් හරි එහෙම නැතිනම් MI6 හරි CIA හරි වැඩක් නම් අපි බලාපොරොත්තු වෙන්ඩ ඕන ටාගෙට් දෙකක් තියනවා කියල. එකක් රාජපක්ස, අනික මෛත්‍රී.

    මතක තියාගන්ඩ ඕන ප්‍රධානදේ තමයි, ලොකු ලේ වැගිරීමක ලකුනු හැම පැත්තෙන්ම පේනවා. මේක වලක්ක ගන්න එක තමයි ප්‍රශ්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress