රනිල් අස්වෙයි ද?
Posted on March 10th, 2015

නලින් ද සිල්වා

අප්‍රියෙල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියොත් රනිල් වික්‍රමසිංහ අස්විය යුතු යැයි අනුර කුමාර දිසානායක හෙවත් එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ විය ඉක්මවූ නායකයා කියයි. එමෙන් ම කබීර් හෂීම් පාරට බැසීමට කතා කරයි. ඒ සියල්ල පසුපස රනිල් වික්‍රමසිංහ ද තමා අස්වන බව කියන්නේ යැයි කටකතා පැතිර යයි. ඒ කටකතා ඇත්ත වුවත් නැතත් රනිල් අස්වෙයි ද යන ප්‍රශ්නය මෛත්‍රීට (මෛත්‍රීපාලට) වැදගත් ය.
 
එය අවසාන වශයෙන් තීරණය කෙරෙන්නේ රනිල් විසින් නොව මෙරට බ්‍රිතාන්‍ය හෙවත් ඉංග්‍රීසි මහා කොමසාරිස් කාර්යාලයෙනි. අප කිහිප වතාවක් ම කියා ඇත්තේ මේ වකවානුවේ මෙරට දේශපාලනය තීරණය කෙරෙන්නේ මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කෙරෙන්නේ ද නැද්ද යන්න මත ය. අන් සියල්ල , මහාබැංකුවේ සිදුවිණි යැයි කියන මහාපරිමාණ මුදල් ගණුදෙනුව හා අදාළ යහදූෂණය (යහපාලනයෙන් කෙරෙන දූෂණය යහදූෂණය වෙයි), දින සියය, වැඩ සියය, ආදීය ද්විතීයික ප්‍රශ්න වෙයි. ඒ ඇතැම් ප්‍රශ්න පවා අවසානයේ දී මහින්ද ඉවත් කෙරෙන්නේ ද යන්න සමග බැඳී ඇත.
 
ව්‍යවස්ථා සංශෝධනය, ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවීම ආදිය ද මහින්ද ඉවත්කිරීම, ඔහුට දඬුවම් කිරීම සමග බැඳී ඇත. රනිල් ඉංග්‍රිසි මහා කොමසාරිස්ට අවනත වී හෝ නොවී හෝ අස්වුවහොත්, ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ කුමක් ද? රනිල් අස්වුවහොත් එහි තේරුම අප්‍රියෙල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ය. රනිල්ලාගේ අවාසනාවකට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල ඇත්තේ අගමැතිට නොව ජනාධිපතිට ය. 
 
මෛත්‍රිපාල ට අප්‍රියෙල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් නැත. ඔහු ජනාධිපති ධුර කාලය හදිසි ව්‍යවස්ථා සංශෝධනයකින් අවුරුදු පහකට සීමා නොකළහොත් අවුරුදු හය ම ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.  ව්‍යවස්ථා සංශෝධනය ගැන ද මෛත්‍රිපාලගෙන් හා රනිල්ගෙන් කියැවෙන්නේ කතා දෙකකි. මෛත්‍රිපාලට හා ඉන්දියාවට අවශ්‍ය දේ කියන රාජිතට අනුව ආණ්ඩුව ජනාධිපති බලතල කප්පාදු කරන අතර මැතිවරණ ක්‍රමය ද සංශෝධනය කිරීමට තීරණය කර ඇත. 
 
එහෙත් රනිල්ගේ සිතැඟි දන්නා එ ජා ප මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ්ට අනුව ආණ්ඩුව එවැනි තීරණයක් ගෙන නැත. ආණ්ඩුව කිනම් තීරණයක් ගත්තේ දැයි දැනගැනීමට අපට සෘජු ක්‍රමයක් නැත. එහෙත් රනිල් හා මෛත්‍රී යන නායකයන් දෙදෙනා නම් දැනට පැහැදිලි තීරණවලට පැමිණ ඇත. විදේශීය තානාපති කාර්යාලවල උපදෙස් අනුව ඒ තීරණ වෙනස් විය හැකි බව පමණක් අපි දනිමු. ඒ කෙසේ වෙතත් රනිල් අස්වුවහොත් මෛත්‍රිපාලට ගත හැකි පියවර රාශියක් වෙයි. 
 
මෛත්‍රිපාලට අවශ්‍ර නම් රනිල් වෙනුවට පර්ලිමේන්තුවේ වැඩි බලයක් ආකර්ෂණය කළ හැකි පුද්ගලයකු අගමැති ලෙස පත්කර ආණ්ඩුව ගෙන ගිය හැකි ය. ඒ සඳහා සුදුසුම පුද්ගලයා කවු ද? ඒ අන් කිසිවකු නොව මහින්ද රාජපක්‍ෂ ය. එහෙත් පැහැදිලි ව ම මෛත්‍රීපාල හා ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකත්වය වෙනත් හේතු දක්වමින් එයට විරුද්ධ වනු ඇත.  ඒ මේ රටේ ඛෙදවාචකය ය. ශ්‍රී ල නි  පක්‍ෂයේ නිල ලත්/නොලත් සියලු සාමාජිකයන් එකතු වී මහින්ද රාජපක්‍ෂ ආපසු ගෙන ඒමට තීරණය කළ යුතු ය. ඒ සඳහා පක්‍ෂ නායකයන්ට බල කළ යුතු ය. 
 
එසේ නොකරන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට ඇති හිතවත් කමක් නිසා නොව පෞද්ගලික පළිගැනීම් සඳහා ය. ශ්‍රී ල නි ප නායකයන් පෞද්ගලික සිතුම් පැතුම් ඉටු කර ගැනීමට ගොස් රට පාවාදීමට සූදානම් බව පෙනේ නම් කළ යුත්තේ ඔවුන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දේශපාලනයෙන් ඉවත් කිරීම ය. රනිල්ලා මෙන් ම මෛත්‍රිපාලලා ද දේශපාලනයෙන් හැකි ඉක්මනින් විශ්‍රාම ගැන්වීම රටට වැඩදායක ය.  ඔවුන් මෙහෙයවනු ලබන්නේ විජාතික බලවේග විසිනි.  
නලින් ද සිල්වා
2015 මාර්තු 10

 

3 Responses to “රනිල් අස්වෙයි ද?”

  1. Leela Says:

    නලින් දේශප්‍රේමියෙකි. ඔහු කියන දේ අප බුද්ධියෙන් විමසා පැහැදිලිව වටහා ගත යුතුය.

    සිරිසේනට චන්දය දුන් අති බහුතරය ඔහුගේ අනුගාමිකයන් නොවේ. ඔවුන්ට සිරිසේන යනු මහින්ද ඉවත් කිරීමේ ඉත්තෙක් පමනි. මගේ ගනන් හැදීමට අනුව සිරිසේනට චන්දය දුන් අයගෙන් 3%ක් පමන ජවිපෙට චන්දය දෙන්නන්ය. 20% ක් පමණ පා වෙන චන්දය. 25%ක්ම ටිඑන්එ් වැනි ජාති වාදී සහ මුකො වැනි අාගම්වාදි පක්‍ෂ වලට චන්දය දෙන්නන්ය. 50%ක් පමණ සම්ප්‍රදායික එජාපයට චන්දය දෙන්නන්ය. මහින්ද විරෝධි ශ්‍රිලනිප පාක්‍ෂිකයන් වන ඉතිරි 2% පමණක් සිරිසේන ගේ අනුගාමිකයන් විය හැක. එනිසා ශ්‍රි ලංකාවේ පත් වූ දුර්වලම විධායක ජනාධිපති සිරිසේන බවට තර්ක විතර්ක අවශ්‍ය නැත.

    රනිල් හිතන්නේ අය වැයෙන් මහ බැංකුව දන්සැලක් කර මහ ජනතාව ගොනට අන්දා අැති නිසා පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපෙට පහසු ජයක් අත්කර ගත හැකි බවය. අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීමට හැක්කේ මනාප ක්‍රමයට තබන ඉක්මන් චන්දයකින් බවත් අැම්ඩන් කෙනෙක් වන රනිල් දනී. මහ මැතිවරණයට ප්‍රථම ජනාධිපති සතු විධායක බලය කොල්ල කා ගැනීමත් අගමැති රනිල්ගේ වැඩ සටහනේ කොටසක් බව ජයම්පතිලාගේ ව්‍යවස්ථා සංශෝධන ලැයිස්තුවෙන් පෙනේ.

    පාර්ලිමේන්තුව විසුරවා නවක මංත්‍රි වරුන්ගෙ පැන්ෂොන් නැති කොරනවා යයි ඔවුන් බයකර සුළුතර කල්ලියක් රට පාලනය කරයි. ඔවුන් විසින් රටේ සංවර්ධනය පූර්ණ කාලීන හොරු සෙවීමකට මාරු කර ගන අැත. මුදල් අැමති කම විනිමය වංචා චෝදනා ලත් අයෙකුටත් මහ බැංකුව සිංගප්පූරු හොරෙකුට බාර දී අැත. මුලු රටම විලම්බිතයක් කර අැත. සෝපිත දෙවියන් බාර ගත් දින 100 යේ බාරය වැඩ 100 ක බාරයකට හරවා ගන අැත්තේ සිරිසේනගෙ අළුත් පඬුරකට විය යුතු නිසා සිරිසේන රනිල් හවුලේ මධු සමය ඉවර වී ගන යන බව නම් පැහැදිලිය. හෙනගෙඩි අාතුරයන් ගේ පඬුරු වෙනුවට තමන්ට අවනත කර ගත හැකි අාතුරයෙක්ගෙ පඬුරු බාර ගැනීම සෝපිත දෙවියන්ගේ කාලෝචිත ක්‍රියාවක් බව නම් කිව යුතුමය.

    සිරිසේන හිතන්නේ තමන් දැන් ශ්‍රිලනිප සභාපති නිසාත් සිරිපාල වැන්නන් තමන්ගෙ මතය සමග නිසාත් ජනාධිපති හැන්ද තමන් අත නිසාත් මහින්දට ලැබුන චන්ද ලක්‍ෂ 57.6 ම දැන් ඔහුගේ ගිනුමේ කියාය. සිරිසේන කෙසේ වෙතත් සිරිපාල නම් කුඩාකල සිටම රටේ වෙදෙක් බව දන්නා නිසා ජාතික අාණ්ඩු මතින් හෝ චන්දය කල් දැමීම ඔවුන්ගේ අැඟට ගුන බව දන්නවාට මට නම් සැකයක් නැත.

    ජනතාව සිටින්නේ මහින්ද වටාද සිරිසේන වටාද යන්න ශ්‍රිලනිප මංත්‍රිවරු දනී. අප්පච්චි මලා දැන් වල දාන්න ඔිනෑ යයි කිවූ අයත් මහින්ද මහත්තයා සමාවෙන්න යයි ලඟදී කීවේ එනිසා විය යුතුය. නමුත් දින 60 ට විධායක ජනාධිපති බලයෙන් සිරිසේන මොලේ කොලොප්පන් කර ගැනීම සහ චන්ද්‍රිකා සමග මහින්දට කැපීම සහ මංත්‍රි සහාය නැතිව තමන් නිකමෙක් බව අමතක කිරීම නම් ශ්‍රිලනිප ට භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි. එ් මගෙ අදහසයි.

  2. Senevirath Says:

    මහින්දට ශ්‍රීලනිපයෙන් එන්න නොදෙන බව ස්තිරය් . එනිසා හොඳම දෙය මහින්දගේ ආශීර්වාදය ඇතිව මහින්ද විසින්ම ගෝඨා ව ඉදිරිපත් කිරීමය් . සාමාන්‍ය ය යුද්ධය දිනීමේ ගව්රවය වැඩියෙන් දෙන්නෙත් ගෝඨා ටය මහින්ද ගැන කල කිරුන අයත් ගෝඨා කමතිය් . සියලු දෙනා ගොතාබාහය ට බල කලයුතුය් .

  3. Geeth Says:

    ලීලරත්න,
    මචං මාර අනලිසිස් එකක්නේ ඔයා දීල තියෙන්නේ. සමහර වෙලාවට ඔයා කතා කරන්නේ Dr. නලින් වගේමයි. මචං කිව්වට අමනාප වෙන්ඩ එපා. මොකද, මචං කියන වචනේ සිංහලේ ට ඇවිත් තියෙන්නේ macho හා machismo කියන පුරුෂයා හා පෞර්ෂය කියන පෘතුගීසි වචන වලින්. කොහොම උනත් මචං කියන වචනේ ගංජ කාරයන්ගේ සහ පච්චා කාරයන්ගේ වචනයක් බවට පත්වෙලා තියෙන්නේ නම් ගංජ සහ පච්චාත් මුලින්ම ආවෙත් පෘතුගීසි කාරයින් සමග වීම නිසයි.

    ලීලාගේ තර්කය සමග මම එකඟයි.

    රනිල් නම් අස් වෙන්නේ නැහැ. කොහොම වෙතත්, රනිල්ගේ ජනාධිපති සිහිනය නමැති ඇජෙන්ඩාවේ, මෙවර ජනාධිපති ගේ අභාවප්‍රාප්ත වීම අඩංගු වෙලා තියෙන්න ඇති කියන එක මට හිතෙනවා. මොකද එයා විපක්ෂ නායක වීමේ අජෙන්ඩාවේත් එවැනි අභාවප්‍රප්තවීම් තුනක් තිබුනනේ. දැන් කොටින්ව එලියට දාන එකේ බලාපොරොත්තුව, දකුණ ඇවිලෙනකොට උතුරත් අවුලවන්නත්, ප්‍රධානපෙලේ දේශපාලන ඝාතන වැලක ආරම්භය සැපයීමටත්, ඝාතන වල චෝදනාව දාන්න තැනක් තියෙන්න ඕනත් නිසා වෙන්නත් පුළුවන්. වව්නියාවේ පොලිසියට වෙඩි තියපු එක RAW එකේ වැඩක් වෙන්ඩ පුළුවන්. එහි අරමුණ ත්‍රස්තවාදය තවමත් තියෙනවා කියන පණිවිඩය සමාජයට දීමයි. ඊගාවට තව බෝම්බ දෙකක් තුනක් තැන තැන වල පුපුරවයි. ඒ කරන්නෙ දේශපාලන ඝාතන වලට පසුබිම හදන්ඩ යි. එක RAW වැඩක් නම්, අපි බලාපොරොත්තු වෙන්ඩ ඕන ටාගෙට් එක රාජපක්ස කියල. ඒක විග්නේස්වරන් හා කොටින්ගේ වැඩක් හරි එහෙම නැතිනම් MI6 හරි CIA හරි වැඩක් නම් අපි බලාපොරොත්තු වෙන්ඩ ඕන ටාගෙට් දෙකක් තියනවා කියල. එකක් රාජපක්ස, අනික මෛත්‍රී.

    මතක තියාගන්ඩ ඕන ප්‍රධානදේ තමයි, ලොකු ලේ වැගිරීමක ලකුනු හැම පැත්තෙන්ම පේනවා. මේක වලක්ක ගන්න එක තමයි ප්‍රශ්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress